මහින්ද_ශ්‍රිලනිප_නායකත්වය_අතහරී
‘ඔබ සැමට සුබ අනාගයක්’ – මහින්ද ශ්‍රිලනිප නායකත්වය අතහරී… මෛත්‍රීට බාරදෙයි..
January 16, 2015 at 2:33 pm | lanka C news

අද දිනයේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය බාරදුන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු විසින් මෙසේ සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ධූරය අද සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙමි. මා මෙම තීරණය ගනු ලබන්නේ අඩසියවසකට ආසන්න කාලයක් පුරා සාමාජිකත්වය ද නායකත්වය දක්වා නොයෙක් නිලයන් ද දරමින් අතිමහත් කැපකිරීමක් කොට රැකබලාගත් ගොඩනැගූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවී යාමේ අනතුරට මුහුණ දෙනු දැකීමට තිබෙන බලවත් අකමැත්ත නිසාය. අප මාතෘභූමිය සේම එය ආරක්ෂා කර ගැනීමට ද ගොඩනැගීම සඳහා ද ඉවහල් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත්ව තබාගැනීම එයට ආදරය කරන අප සැමගේ වගකීමය. එබැවින් නව නායකත්වය ද විධායක මණ්ඩලය ඇතුළු සමස්ත නිලයන් ද පක්ෂයේ සේම මුළුමහත් දේශයේම අභිවෘද්ධිය වෙනුවෙන් පක්ෂය මෙහෙය විය යුතුය.
පාක්ෂිකයන්ගේ ආරක්ෂාව ද පක්ෂය තුළ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීමේ වගකීම කෙරෙහි ද ඔබ සියලුදෙනාගේ අවධානය යොමු වන බව මට විශ්වාසය. එසේම පසුගිය ජනාධිපතිවරණයේදී මා වෙත ඡන්දය ප්‍රකාශ කළ පනස්හත්ලක්ෂයක් ඉක්ම වූ සමස්ත මහජනතාවගේ ප්‍රාර්ථනා හා අභිලාෂයන් වෙනුවෙන් ඉදිරියටත් මම දැඩිව පෙනීසිටින බව මේ මොහොතේ තවදුරටත් අවධාරණය කරමි.
පසුගිය කාලය පුරා මා වෙත ලබාාදුන් සහයෝගය වෙනුවෙන් ඔබසැමට හෘදයාංගම ස්තූතිය පුද කරන්නට ද මෙය අවස්ථාවක් කොට ගනිමි.
ඔබ සැමට සුබ අනාගතයක් !
තෙරුවන් සරණයි!
මහින්ද රාජපක්ෂ
මට දුක අර මෝල ඉහේ වැදිලා කැගැහපු පනික්කියයි , ගෙම්බන්පිලයයි ගැන. අහෝ සංසාරේ.

its ok baby.. දැන් පලයන්