මහින්ද_ශ‍්‍රිලනිප_නායකත්වය_අතහරී

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    මහින්ද_ශ‍්‍රිලනිප_නායකත්වය_අතහරී

    ‘ඔබ සැමට සුබ අනාගයක්’ – මහින්ද ශ‍්‍රිලනිප නායකත්වය අතහරී… මෛත‍්‍රීට බාරදෙයි..:(
    January 16, 2015 at 2:33 pm | lanka C news
    ‘ඔබ සැමට සුබ අනාගයක්’ – මහින්ද ශ‍්‍රිලනිප නායකත්වය අතහරී… මෛත‍්‍රීට බාරදෙයි..
    අද දිනයේ සිට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය බාරදුන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු විසින් මෙසේ සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

    අප ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ධූරය අද සිට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙමි. මා මෙම තීරණය ගනු ලබන්නේ අඩසියවසකට ආසන්න කාලයක් පුරා සාමාජිකත්වය ද නායකත්වය දක්වා නොයෙක් නිලයන් ද දරමින් අතිමහත් කැපකිරීමක් කොට රැකබලාගත් ගොඩනැගූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවී යාමේ අනතුරට මුහුණ දෙනු දැකීමට තිබෙන බලවත් අකමැත්ත නිසාය. අප මාතෘභූමිය සේම එය ආරක්ෂා කර ගැනීමට ද ගොඩනැගීම සඳහා ද ඉවහල් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත්ව තබාගැනීම එයට ආදරය කරන අප සැමගේ වගකීමය. එබැවින් නව නායකත්වය ද විධායක මණ්ඩලය ඇතුළු සමස්ත නිලයන් ද පක්ෂයේ සේම මුළුමහත් දේශයේම අභිවෘද්ධිය වෙනුවෙන් පක්ෂය මෙහෙය විය යුතුය.

    පාක්ෂිකයන්ගේ ආරක්ෂාව ද පක්ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ වගකීම කෙරෙහි ද ඔබ සියලුදෙනාගේ අවධානය යොමු වන බව මට විශ්වාසය. එසේම පසුගිය ජනාධිපතිවරණයේදී මා වෙත ඡන්දය ප‍්‍රකාශ කළ පනස්හත්ලක්ෂයක් ඉක්ම වූ සමස්ත මහජනතාවගේ ප‍්‍රාර්ථනා හා අභිලාෂයන් වෙනුවෙන් ඉදිරියටත් මම දැඩිව පෙනීසිටින බව මේ මොහොතේ තවදුරටත් අවධාරණය කරමි.

    පසුගිය කාලය පුරා මා වෙත ලබාාදුන් සහයෝගය වෙනුවෙන් ඔබසැමට හෘදයාංගම ස්තූතිය පුද කරන්නට ද මෙය අවස්ථාවක් කොට ගනිමි.

    ඔබ සැමට සුබ අනාගතයක් !
    තෙරුවන් සරණයි!
    මහින්ද රාජපක්ෂ

    මට දුක අර මෝල ඉහේ වැදිලා කැගැහපු පනික්කියයි , ගෙම්බන්පිලයයි ගැන. අහෝ සංසාරේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    මා වෙත ඡන්දය ප‍්‍රකාශ කළ පනස්හත්ලක්ෂයක් ඉක්ම වූ සමස්ත මහජනතාවගේ ප‍්‍රාර්ථනා හා අභිලාෂයන් වෙනුවෙන් ඉදිරියටත් මම දැඩිව පෙනීසිටින බව මේ මොහොතේ තවදුරටත් අවධාරණය කරමි.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ ටික??? රනිල් bump
    මට කියන්න තියෙන්නෙ මේකයි.එක්සත් ජාතික පක්ෂයේ මමත් කැපී පේන චරිතයක්.පක්ෂයට යම් බලපෑමක් කරන්න පුලුවන් කෙනෙක්.
    ඒක අමතක කරමුකො.
    යූන්පි එකේ අපිට ඕන වුනේ මේ රටට වින කරන පවුලක් පරාදය කරන්න.ඒක මේ වෙනකොට අපි ඉෂ්ඨ කරලා තියෙනවා.දෙවැනි එක යහ පාලනය.ඒ කියන්නේ මේ දින සියයේ වැඩ පිලිවෙල එක්සත් ජාතික පක්ෂයේ සංකල්පයක්.එමගින් විධායක ජනාධිපතිධූරය නිෂ්ක්‍රීය කර ඉන් පසු නීතිය සාධාරනත්වය සහිත යහ පාලනයක් ඇති කිරීමයි.මේක දැන් අපිට වඩාත්ම පහසුයීඉ මෛත්‍රිපාල මැතිතුමා ශ්‍රිලනිප නායක්ත්වය ලබා ගැනීමයි.ඒ වගේම දේශපාලනයෙන් ඉවත් කල යුතු චරිත ගැන අපේ එකඟතාවයක් තියෙනවා.සොරුන්ට ජඩයන්ට එරෙහිව නීතිමය පියවර ගැන එකඟතාවයක් තියෙනවා.මේ සේරම දින සීයක් ඇතුලත සම්පූර්ණ කල යුතුයි.දින සීයකින් ජීවන මිල අඩු කර වැ‍ටුප් වැඩි කිරීම කල යුතුයි.මේවා සම්පූර්න කල පසු මීලඟ මැතිවරණය ජය ගැනීම අභියෝගයක් ලෙස එක්සත් ජාතික පක්ෂය දකින්නේ නෑ.මොකද කවුරු දිනුවත් ඉදිරි පස් වසරට ජනපති මෛත්‍රී.අගැමති රනිල්.මේක ජාතික තලයේ ආන්ඩුවක්.මෙමගින් රට දිනවීම තමයි අපේ පැතුම.
     
    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    අයියෝ රනිල් මේ මැක්කයි වුනේ.

    browse.php
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මට කියන්න තියෙන්නෙ මේකයි.එක්සත් ජාතික පක්ෂයේ මමත් කැපී පේන චරිතයක්.පක්ෂයට යම් බලපෑමක් කරන්න පුලුවන් කෙනෙක්.
    ඒක අමතක කරමුකො.
    යූන්පි එකේ අපිට...................... ආන්ඩුවක්.මෙමගින් රට දිනවීම තමයි අපේ පැතුම.

    Well good lck :)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට කියන්න තියෙන්නෙ මේකයි.එක්සත් ජාතික පක්ෂයේ මමත් කැපී පේන චරිතයක්.පක්ෂයට යම් බලපෑමක් කරන්න පුලුවන් කෙනෙක්.
    ඒක අමතක කරමුකො.
    යූන්පි එකේ අපිට ඕන වුනේ මේ රටට වින කරන පවුලක් පරාදය කරන්න.ඒක මේ වෙනකොට අපි ඉෂ්ඨ කරලා තියෙනවා.දෙවැනි එක යහ පාලනය.ඒ කියන්නේ මේ දින සියයේ වැඩ පිලිවෙල එක්සත් ජාතික පක්ෂයේ සංකල්පයක්.එමගින් විධායක ජනාධිපතිධූරය නිෂ්ක්‍රීය කර ඉන් පසු නීතිය සාධාරනත්වය සහිත යහ පාලනයක් ඇති කිරීමයි.මේක දැන් අපිට වඩාත්ම පහසුයීඉ මෛත්‍රිපාල මැතිතුමා ශ්‍රිලනිප නායක්ත්වය ලබා ගැනීමයි.ඒ වගේම දේශපාලනයෙන් ඉවත් කල යුතු චරිත ගැන අපේ එකඟතාවයක් තියෙනවා.සොරුන්ට ජඩයන්ට එරෙහිව නීතිමය පියවර ගැන එකඟතාවයක් තියෙනවා.මේ සේරම දින සීයක් ඇතුලත සම්පූර්ණ කල යුතුයි.දින සීයකින් ජීවන මිල අඩු කර වැ‍ටුප් වැඩි කිරීම කල යුතුයි.මේවා සම්පූර්න කල පසු මීලඟ මැතිවරණය ජය ගැනීම අභියෝගයක් ලෙස එක්සත් ජාතික පක්ෂය දකින්නේ නෑ.මොකද කවුරු දිනුවත් ඉදිරි පස් වසරට ජනපති මෛත්‍රී.අගැමති රනිල්.මේක ජාතික තලයේ ආන්ඩුවක්.මෙමගින් රට දිනවීම තමයි අපේ පැතුම.
    මගේ එකම පැතුම එදත් අදත් හෙටත් පොනිල් නැමති අවජාතක බල්ලාට මේ රටේ මීළඟ විධායක බලය හිමිවන තැනැත්තා වෙනු දැකීම නොවේ... රනිල් නමැති පිස්සු පුසා , රට කොටියට ලියපු එකා.. යකෝ දින 100 k වෙනකල් රට හොදන් තිබ්බොත් හොඳයි... පොනිල් ගැන අපිට කියන්න එපා...:growl: its ok baby.. දැන් පලයන්:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මා වෙත ඡන්දය ප‍්‍රකාශ කළ පනස්හත්ලක්ෂයක් ඉක්ම වූ සමස්ත මහජනතාවගේ ප‍්‍රාර්ථනා හා අභිලාෂයන් වෙනුවෙන් ඉදිරියටත් මම දැඩිව පෙනීසිටින බව මේ මොහොතේ තවදුරටත් අවධාරණය කරමි.
    සුභ අනාගතයක්... තව මාස තුනකින් මෛත්‍රී යුගයක් තුල සුභ අනාගතයක්...:lol: