ශ්‍රීපාදස්ථානය නවීකරණය කළ දානපතියාගෙන් &
පසුගිය සමයේ කරන ලද ශ්‍රී පාද ස්ථානයේ නවීකරණ කටයුතු පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් එල්ලවූ විවේචන පිළිබඳව පැහැදිලි කිරීමක් එම කටයුත්තට මූලිකත්වය ගෙන කටයුතු කළ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති, තුසිත විජේසේන මහතා විසින් එවා ඇත.
1994 වර්ෂයේ සිට කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, ගලබොඩ ඥානිස්සර පොඩි හාමුදුරුවන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි තුසිත විජයසේන මහතා තම ධන පරිත්‍යාගයෙන් ශි්රපාදස්ථානය සංවර්ධනය කිරිම සදහා යෝජනාවලියක් සකස් කර තිබුනද එය කි‍්‍රයාත්මක කිරිම විවිධ හේතුන් නිසා ව්‍යර්ත විය.
අනුරාධපුර ජයශි්ර මහා බෝධිය, කතරගම කිරිවෙහෙර, මහ නුවර ශි‍්‍ර දළදා මාළිගාව, තිරියාය ගිරිගඩු සෑය ආදි පුජනීය ස්ථාන රාශියක සංවර්ධන ව්‍යාපෘතින් උදෙසා සිය පුර්ණ අනුග්‍රහය හා මෙහෙයවිම සිදු කළ විජයසේන මහතා මෙම දැවැන්ත කාර්ය්ය සදහා දායක වුයේද හුදෙක්ම අවංක හා පිරිසිදු චේතනාවෙනි.
2012 වසරේ නොවැම්බර් මස 26 වන ඉල් පෝය දින තුසිත විජයසේන මහතා සමග හිටපු බස්නායක නිලමේ සුනිල් ශාන්ත විරසේකර මහතා, විදුලි බල මණ්ඩලයේ රත්නපුර කාර්යාලයේ ඉංජිනේරු මහත්වරුන්, ඉදිකිරිම් ක්ෂෙත්රයේ ප්රවිණයන්, ලක්ෂපාන යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරිතුමා ඇතුළු පිරිස අවාරේ ශි‍්‍රපාද කරුණා කරන්නට විය. මේ ගමනේදි අදාල ඉදිකිරිම් ස්ථානගත කරන ආකාරයත් වෙනස් කලයුතු අංග, අවශ්‍ය කරන භාන්ඩ ප්‍රමාණයන් තිරණය කිරිම හා මුලික මිණූම් කටයුතුද සිදුකරන ලදි. එවකට තිබුන දෙලොස් මහේ පහන, ඝන්ඨාර කුළුන අභාවයට ගොස් ඇති අයුරුද, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු වු ශි්රපාදස්ථානයේ සලපතල මළුව ටෙරාසෝ සහ ටයිල් අතුරා එහි පෞරාණික බව විනාශ කර ඇති අයුරුද, අක්‍රමවත්ව ඇති විදුලි අලෝක පද්ධතිය හා අකි‍්‍රයව පැවති අකුණු සන්නායක පද්ධතියද නිරික්ෂණය කෙරුණි.
එම නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව එකි නිරික්ෂිත කරුණු මුල් කරගනිමින් ශී්රපාදාස්ථානාධිපති අති පුජ්‍ය බෙන්ගමුවේ ධම්ම දින්න නාහිමියන් මුණු ගැසුණු තුසිත විජයසේන මහතා මෙම සංවර්ධන ව්‍යපෘතිය පිළිබද නැවත සාකච්ජා කරන ලදි. එහිදි විජයසේන මහතා
01. පොළොන්නරු යුගයේ මහ විජයබා රජතුමා විසින් කරවා තිබු සහ ඉන් පසු කළක විවිධ ශාසන ලැදි පුද්ගලයින් විසින් ප්රතිසංස්කරනය කරන්නට යෙදුනු සලපතල මළුව හා ඒ වටා ඇති පැති බැමි ක්‍රමවත් ලෙස කළුගලින් නිර්මාණය කිරිමටත්
02. ශි්රපාදාස්ථානාධිපති නාහිම්යන්ගේ අදහසකට අනුවසම්පුර්ණයෙන්ම කළුගලින් නිර්මාණය කරන ලද දොලොස් මහේ පහණක්, කොප්පරා පහණක් ඉදි කිරිමටත්
03. එම පහන් වටා බැදි අලංකාර පෞරානික සංස්කෘතියට ගැලපෙන අකාරයට කළු ගලින් හා වටිනා දැවයෙන් යුතු ආවරණ සහිත ඉදිකිරිම් දෙකක්ද
04. කළුගලින් නිමවන ලද පෞරාණික කැටයම් සහිත වු ඝණ්ඨාර කූළුනක්ද
05. පස් ලෝ මිශී්රත සුවිශේෂි තාක්ෂණය සහිතව අති ප්රවිණ ඝන්ඨාර නිශ්පාදකයෙකු විසින් නිමවන ලද ඝන්ඨාරයක්ද
06. විශේෂයෙන් සැලසුම් කර විදේශයෙන් ආනයනය කරන ලද ඉතා අඩු විදුලි බල පිරිවැයකින් යුතු අති නවිනතම විදුලි අලෝක පද්ධතියක් සවිකිරිමටත් තම සම්පුර්න දායකත්වය ලබා දිමට තිරණය කරන ලදි.
2012 දෙසැම්බර් මස 16 වන දින යෙදුනු සුභ මොහොතින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කල අතර මෙම කර්ත්යව උදෙසා අවශ්‍ය සියලූම ඉදිකිරිම ද්‍රව්‍ය වැලි, ගඩොල්, සිමෙන්ති, සලපතළ මළුවේ ඇතිරිම උදෙසා විශේෂයෙන් නිර්මානය කරන ලද කළුගල් ඇතුළු උඩ මළුවේ සේවය කරන 50 කට අධික සේවකයින් සදහා අහාරපාන, බෙහෙත් ආදි සියලූම භාන්ඩ ගෙනයන ලද්දේ අවට වතුවල සේවය කරන ද්‍රවිඩ කම්කරුවන් සහ සිවිල් ආරක්ෂක බලකායේ සෙබලූන් විසිනි. දිනකට ශ්‍රමිකයින් 100 දෙනෙකු පමණ බැගින් 5000 කට අධික ශ්‍රමිකයින් පිරිසක් මේ සදහා දිවා රාති‍්‍ර සේවයේ යොදන ලදි.
තවද ශි‍්‍ර ලංකා යුද හමුදාවේ ලක්ෂපාන අනුඛන්ඩය හා නල්ලතන්නි පොලිසිය මෙම කටයුතු අධික්ෂණය කරමින් සහයෝගය දක්වන ලදි. තවද මෙම ව්‍යාපෘතිය පුරාවටම පුරා විද්‍යා කොමසාරිස්තුමා සහ එම දෙපාර්තමෙන්තු නිලධාරින් විසින් ශි‍්‍රපාද සංවර්ධන ව්‍යාපෘතිය කරගෙන යාම සදහා උපදෙස් හා මගපෙන්විම ලබා දෙන ලදි.
ශ්‍රමිකයින් මගින් ගෙනයාමට අපහසු කළුගලින් නිමවන ලද කැටයම් සහිත ඝන්ඨාර කුළුනේ කොටස්ල කිලෝ 500කට ආසන්න බරකින් යුක්ත ඝන්ඨාරයල දොලොස් මහේ පහන හා එහි මධ්‍ය පිත්තල ආවරණය, කොප්පාරා පහන හා එහි මධ්‍ය පිත්තල අවරණයල දොලොස් මහේ පහනට හා කොප්පරා පහනට ඉහලින් සකසන වහලය වෙනුවෙන් සකස් කරන ලද කැටයම් සහිත දැව කඳන් ඇතුළු අමුද්‍රව්‍ය ශි්රලංකා ගුවන් හමුදාවෙ හෙලිිකොප්ටර් යානා ආධාරයෙන් ශි‍්‍රපාද පද්මයට ඉහලින් පියාසර නොකරමින් උඩ මළුව වෙත ගෙන යන ලදි. ඒ සදහා ඉතා විශාල මුදලක් වියදම් කරමින් නල්ලතන්නියේ ලක්ෂපාන කි‍්‍රඩාංගණයේ සිට පුරා දින 10 තිස්සේ ඝණ මිදුම හා අයහපත් කාළගුණික තත්වයන් මග හරිමින් දැවැන්ත මෙහෙයුමක් මගින් සාර්ථකව සිදු කෙරිනගඒ සදහා භාන්ඩ ප්‍රවාහනය කරන දැවැන්ත දැල් පවාශී්රලංකා වරාය අධිකාරියෙන් විශේෂයෙන් නිෂ්පාදනය කර මිලදි ගැනිමට සිදු වින.
මෙම අවස්ථාව දේශිය හා ජාත්‍යන්තර වශයෙන් රූපවාහිනි නාලිකාවල ප්‍රචාරය විමත් සමගමෙම දැවැන්ත අභියෝගය ජයගත් ශි්රලංකා ගුවන් හමුදාවට ඉහල පිලිගැනිමක් ලැබුනු අතර, ශි්රපාදස්ථානය පිළිබද විදේශිකයින්ගේ අවධානයද වැඩි වන්නට විය
වසරකට අධික කාලයක් තිස්සේ එල්ල වු අනෙක විද කාළගුණික දුෂ්කරතා මධ්‍යයේ සියලූම ඉදිකිරිම් කටයුතු සාර්ථකව නිම කල මෙම ව්‍යාපෘතිය 2014 පෙබරවාරි මස 07 වන දින අති උත්කර්ශවත් ලෙස විවෘත කල අතර මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අති ගෞරවනීය මහනායක උඩුගම බුද්ධරක්ඛ්ත නාහිමියන් හා මල්වතු පාර්ශවයේ අනු නායක නියංගොඩ විජිත සිරි හිමියන්ද ශි්රපාදස්ථානාධිපති අතිපුජ්‍ය බෙන්ගමුවේ ධම්මධ්න්න යන නාහිමි වරුන්ගේ මුලිකත්වයෙන් 500කට අධික භික්ෂූන් වහන්සේලා පිරිසක්ද සහභාගි වුහග තවද එවකට රජය නියෝජනය කරමින් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශි‍්‍රපාද මහ මළුවේ උත්සවය පැවැත්වෙන අවස්ථාවේදි ගුවනේ සිට හෙලිකොප්ටර් අධාරයෙන් පුෂ්පෝපහාර දැක්විම සිදුකරන ලදි.
එමෙන්ම රාජ්‍ය ආරක්ෂක හා නාගරික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එම මැතිණියත් ති‍්‍රවිධ හමුදාපති වරුන් හා කැන්ඞ් සිටි සෙන්ටර් කාර්ය මණ්ඩලයද මේ අවස්ථාවට සහභාගි වන ලදි. මෙම උත්සව අවස්ථාවේදි පැරනි රජ දරුවන් ශි‍්‍රපාද පද්මයට වතාවත් ඉටුකල ආකාරය අනුව යමින් තනි රත්තරනින් නිමවන ලද කිරිපිඩු පුජාකරන බදුන් කට්ටලයක්ද ශි්රපාදස්ථානය වෙත පුජාකරන ලදි
මැතක සිට මෙම ව්‍යපෘතිය ඈදා ගනිමින් තොරතුරු නිසි අධ්‍යයනයකින් තොරව විවිධ පුද්ගලයින් විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වැරදි මාධ්‍ය සංස්කෘතියක් භාවිතා කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව පෙනියයි. ඉතාමත් සුලූතර පිරිසක් විසින් එල්ල කරන එම චෝදනා සදහා පිලිතුරු පහත පරිදි වේ
01 ශි‍්‍රපාද සංවර්ධන ව්‍යාපෘතියේ දායකත්වය
මෙම ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවේ සිට අවසාන විවෘත කිරිමේ උත්සවය දක්වාම සම්පුර්න මෙහෙයවිම සිදු කරනු ලැබුවේ තුසිත විජයසේන මහතා පමණි. එමෙන්ම ඒ මහතාට අයත් කැන්ඞ් සිට් සෙන්ටර් ආයතනයේ කාර්ය්ය මන්ඩලයත් මේ ව්‍යාපතිය සංවිධානය කිරිමේදි සුවිශේෂි දායකත්වයක් දැක්වුහ.
තවද අවස්ථා කිහිපයකදි ශ්‍රම අනුග්‍රාහය දැක්වු ශි්රලංකා යුධ හමුදාව සහ නල්ලතන්නිය පොලිසිය ඉතා ගෞරවයෙන් සිහිපත් කලයුතුය.
මෙහිදි තුසිත විජයසේන මහතා විසින් සේවා සපයාගත් සිවිල් ආරක්ෂ බලකායටත් ව්‍යපෘතිය පුරාවටම උඩ මළුවට භාන්ඩ රැගෙන ගිය සියලූම ශ්‍රමිකයින්ටත් ශි්රලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් මගින් කල භාන්ඩ ප්‍රවාහනයේදි එම සේවාවන් ලබා ගැනිම වෙනුවෙන් නියමිත පරිදි මුදල් ගෙවිම සිදු කල අතර මෙම සියලූම කාර්යන් සදහා සහභාගි වු දහසකට අධික කාර්ය්ය මණ්ඩලය සදහා අහාර නවාතැන් පහසුකම් ඇතුලත් සියලූම පහසුකම්ද සපයා දෙන ලදි.
02 පැරණි ඝණ්ඨාරය හා දොලොස් මහේ පහන සොරකම් කල බව පැවසිම
නව දොලොස් මහේ පහන ස්ථාපිත කිරිමට ප්‍රථම එහිතිබුනේ කුඩා පිත්තල පහණක් වන අතරඑහි පහල කොටස අබලන් තත්වයේ පැවැතිනග නව දොලෙස් මහේ පහන හා ඝන්ඨාර කුළුන ස්ථාපිත කිරිමෙන් අණතුරුව එම පැරණි පහන හා ඝන්ඨාරය ඒ ස්ථානයෙම ස්ථාන ගත කල අතර වර්ථමානයේ ශි්රපාදස්ථානය කරුණා කරන ඕනැම කෙනෙකුට එවා දැක බලා ගත හැකිය
03 දොලොස් මහේ පහනා පුපුරා යෑම
මෙම ව්‍යාපෘතිය සිදු කිරිමෙන් අණතුරුව එය දැකබලා ගැනිමට අති විශාල ජනකායක් එනම් ලක්ෂ 40 කට ආසන්න පිරිසක් ඉතා කෙටි කාලයක් තුලදි ශි්රපාදස්ථානය කරුනා කර තිබු අතර එය මෑත ඉතිහාසයේ සිදු වු වැඞ්ම වන්දනාකරුවන්ගේ පැමිණිමයි. සති අන්තයේ පැමිනෙන අධික වන්දනා කරුවන් පාලනය කිරිම මේ නිසා දැඞ් අසිරු කටයුත්තක් වියග මෙසේ පැමිනෙන පිරිස් දොලොස් මහේ පහන තුලට කොප්පරා දමා දැල්විම නිසා හටගත් දැඩි උෂ්ණත්වය හේතුවෙන් දොලොස් මහේ පහනේ ගලින් කරන ලද උඩ කොටස පමණක් පුපුරා ගොස් ඇති අතර නුදුරු දිනකදිම එය යථා තත්වය පත් කිරිමට මේ වන විටත් සියල්ල සැලසුම් කර ඇත.
කවුරුන් කෙසේ කිවත් මෙම ව්‍යාපෘතිය සිදු කලේ ශි්රපාදස්ථානය උදෙසා වු අතිශය ගෞරවයකින් හා භක්තියකින් මෙන්ම කැපවිමෙනිගමෙම ව්‍යාපෘතියට සම්බන්ද සියලූම පිරිස් මාස ගනනාවක් තිස්සේ ශි‍්‍රපාද මහමළුවේ සහ පහල නල්ලතන්නියේ නවානැන් ගනිමින් දැඞ් මීදුම හා ශිතල මධ්‍යයේ මෙම අසිරු කර්ත්‍යවය සංවිධානය කර මෙහෙයවිම සිදු කල අතර මේ ව්‍යාපෘතිය පුරාවටම නිර්මාශිකව පේවි කටයුතු කරන්නටද විය.
මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස ශි්රපාදස්ථානයේ උඩ මළුවේ සිදුව් ඇති බව එහි කාරුණා කරන ඕනැම කෙනෙකුට හේතු සාධක ඇතිව අදද දක්නට ලැබේගඒහෙයින් ශි්රපාදස්ථානය වෙත නොගොස් අසත්‍ය ප්‍රචාර කරමින් සත්‍ය තත්වය විකෘති කරන පුද්ගලයන් පිළිබද කනගාටුව වන අතර ශි්රපාදස්ථානය කරුනාකර සත්‍ය තත්වය වටහාගන්නා ලෙස මෙයින් දන්වා සිටි.