අපෙන් සමුගත් දඟකාර පුංචි සමනලී...
අපෙන් සමුගත් දඟකාර පුංචි සමනලී...
ඇස් පිරෙන සිනාවෙන් වත කමල සරසගෙන...
මුතු දසන් පිරි මුවෙන් කෙලි කවටකම් දොඩන...
ගෙමිදුලේ සෑම තැන දුව පනින දඟකරන...
නුඹේ මේ නිසල බව බෑ තවම අදහන්න....
පුංචි බෝනික්කො ටික නුඹ එදා හැඩ කෙරුව...
රෝස පැල,පිච්ච පැල නුඹෙ දෑතෙ සුව වින්ද...
නුඹ එක්ක සින්දු කිව් කුරුලු කිරිලියන් රැල...
කෝ කොහෙද සැගවිලද නෑනේ අද දැකගන්න...
පුංචි නුඹ මුල් වරට දුටු එදා මතක් වෙයි...
හෙට දවස සුබ වෙන්න පැතුව මං සත්තමයි...
ඒ පැතුම් බිඳ දමා නුඹ ගියේ යන්නමයි...
නුඹෙ මතක ගොනු කරන් ඇස් තෙමෙයි ඇත්තමයි...

අපි දන්න අවු:17 ක ගෑණු ලමයෙක් බෙල්ලේ වැල දාගෙන මැරිලා...ඒක මට දැනුනු විදිහ තමයි...