DSLR ට සමුදෙන්න කාලය ඇවිත් – Light Field Camera වල ආගමනය
තාක්ෂණය දිනෙන් දින යාවත් කාලීන වෙනවා... දැන් බොහෝ දෙනා ඡායාරූප ගැනීම සඳහා යොදාගන්න DSLR කැමරා මෙන් නොව Lytro Illum මඟින් “ජීව මාන ඡායාරූප / Living Pictures” ඡායාරූප ගැනීමට හැකියාව ඇත. එනම් කැමරාවේ Lenses, Sensors, විශේෂිත මෘදුකාංග හා 3D තාක්ෂණය යොදාගනිමින් ඡායාරූපයක් වඩාත් තාත්වික ඡායාරූප ගැනීමට මේ නව කැමරාවට හැකියාව ඇත.
“ජීව මාන ඡායාරූප / Living Pictures” වල විශේෂත්වය වන්නේ ඡායාරූපය ගැනීමට පසුවත් විවිධ සංස්කරණ වලට ලක්කල හැකි වීමයි. මේ නව Lytro Illum කැමරාවෙන් ඡායාරූප ගැනීමේ දී දිශා පිළිබඳ දත්ත, වර්ණ, වර්ණ තීව්‍රතාවය සහ ආලෝක කිරණ යොමුවීම පිළිබඳ දත්ත වැඩ ප්‍රමාණයක් ඡායාරූපය සමඟම සටහන් වන නිසා නරඹන්නන්ට ඡායාරූපයේ Focus Point එක වෙනස් කිරීම, Depth of Field වෙනස් කිරීම හා ත්‍රිමාණ ආකාරයෙන් නැරඹීම සිදු කළ හැකියි. මීට පෙර පැවති DSLR තාක්ෂණය හරහා ඡායාරූපය ගැනීමෙන් පසුව මේ වෙනස්කම් කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ අනුව මින් මතුවට නියමිත කාලය, ආලෝකය, දිශාව බලා ඡායාරූප ගැනීම වෙනුවට සම්පූර්ණ සිදුවීම capture කර පසුව සංස්කරණයට දැන් අවස්ථාව උදාවී ඇත.
නමුත් මේ තාක්ෂණය නිසා ඡායාරූප ගැනීම වඩාත් පහසුවන බැවින් ඒ පිළිබඳ දැනීමක් හෝ පළපුරුද්දක් තිබීම අනවශ්‍ය දෙයක් කියා කෙනෙකු සිතන්නට පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් සමඟ කලාව වියැකී යන ලෙසකින්ද කෙනෙකු තර්ක කරන්නට පුළුවනි. ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක කලාවත්, පළපුරුද්දත් එක් වූ විට මෙතෙක් නොවූ විරූ අපූරූ නිර්මාණ කළ හැකි වනු ඇති බවයි අපගේ මතය.