Light Field Camera ගැන

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    DSLR ට සමුදෙන්න කාලය ඇවිත් – Light Field Camera වල ආගමනය




    තාක්ෂණය දිනෙන් දින යාවත් කාලීන වෙනවා... දැන් බොහෝ දෙනා ඡායාරූප ගැනීම සඳහා යොදාගන්න DSLR කැමරා මෙන් නොව Lytro Illum මඟින් “ජීව මාන ඡායාරූප / Living Pictures” ඡායාරූප ගැනීමට හැකියාව ඇත. එනම් කැමරාවේ Lenses, Sensors, විශේෂිත මෘදුකාංග හා 3D තාක්ෂණය යොදාගනිමින් ඡායාරූපයක් වඩාත් තාත්වික ඡායාරූප ගැනීමට මේ නව කැමරාවට හැකියාව ඇත. :)



    “ජීව මාන ඡායාරූප / Living Pictures” වල විශේෂත්වය වන්නේ ඡායාරූපය ගැනීමට පසුවත් විවිධ සංස්කරණ වලට ලක්කල හැකි වීමයි. මේ නව Lytro Illum කැමරාවෙන් ඡායාරූප ගැනීමේ දී දිශා පිළිබඳ දත්ත, වර්ණ, වර්ණ තීව්‍රතාවය සහ ආලෝක කිරණ යොමුවීම පිළිබඳ දත්ත වැඩ ප්‍රමාණයක් ඡායාරූපය සමඟම සටහන් වන නිසා නරඹන්නන්ට ඡායාරූපයේ Focus Point එක වෙනස් කිරීම, Depth of Field වෙනස් කිරීම හා ත්‍රිමාණ ආකාරයෙන් නැරඹීම සිදු කළ හැකියි. මීට පෙර පැවති DSLR තාක්ෂණය හරහා ඡායාරූපය ගැනීමෙන් පසුව මේ වෙනස්කම් කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ අනුව මින් මතුවට නියමිත කාලය, ආලෝකය, දිශාව බලා ඡායාරූප ගැනීම වෙනුවට සම්පූර්ණ සිදුවීම capture කර පසුව සංස්කරණයට දැන් අවස්ථාව උදාවී ඇත.


    නමුත් මේ තාක්ෂණය නිසා ඡායාරූප ගැනීම වඩාත් පහසුවන බැවින් ඒ පිළිබඳ දැනීමක් හෝ පළපුරුද්දක් තිබීම අනවශ්‍ය දෙයක් කියා කෙනෙකු සිතන්නට පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් සමඟ කලාව වියැකී යන ලෙසකින්ද කෙනෙකු තර්ක කරන්නට පුළුවනි. ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක කලාවත්, පළපුරුද්දත් එක් වූ විට මෙතෙක් නොවූ විරූ අපූරූ නිර්මාණ කළ හැකි වනු ඇති බවයි අපගේ මතය.



    w640.jpg

    w640-1.jpg





    Source - http://techguru.lk/2014/07/19/light-field-camera-lytro-illum/
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    නියමයි මචෝ..දැනුවත් කරාට තුති.. රෙප් දෙන්න බැලූ දැන්ම...

    ඔන්න වීඩියෝ එකත් දැම්මා මේකෙම.


     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට නේ බං :) පට්ට ගනන් ඇති නේද මේ ගැජමැටික් එක :eek:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Mey cam eka mara slow kiyanwa ,, Anika Bug ehemath thiyanwa lu..
    Kohameda danne naha use karapu kenak danda..
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    Nice Post Machan
    rep +

    නියමයි මචෝ..දැනුවත් කරාට තුති.. රෙප් දෙන්න බැලූ දැන්ම...

    ඔන්න වීඩියෝ එකත් දැම්මා මේකෙම.

    පට්ට නේ බං :) පට්ට ගනන් ඇති නේද මේ ගැජමැටික් එක :eek:

    Mey cam eka mara slow kiyanwa ,, Anika Bug ehemath thiyanwa lu..
    Kohameda danne naha use karapu kenak danda..


    ela
    rep added

    :)
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Hi

    I have Brand New Lytro illum ( original price $1500 i will give RS 55000/-camera (never Used) where can i sell New cameras and lenses in Sri Lanka ( Kandy)


    also i have Brand New Nikon D7200 with 18-140 lens ( brand New) and some Nikon and Sigma Lenses. interested guys please inbox me.
    available from Feb 3rd