ජන්තු අයියා;17855487 said:ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් ද මහා ජනතාව කලේ?????
මන් හිතන්නේ නෑ. ඕනේ නං, නයි මිරිස් දීලා, අමුමිරිස් ගත්තා වගේ තෙයේවි!

ජන්තු අයියා;17855487 said:ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් ද මහා ජනතාව කලේ?????

එහෙම නැහැ බන්. මහින්ද කොහෙත්ම කරන්නේ නැහැ කියලා හිතගෙන හිටපු දේවල් කරන්න කියලා බලකරන්න හරි පුළුවන් කමක් දැන් තියනවා. අනික බන් එක පලකයෙක්ට හැමදාම රහ්ජ කරන්න බැරි පාඩම මවුරුත් ඉගන ගන්න ඕනි. මයිත්රිට උනත් එක පාඩමක්.
විශ්ෂයෙන් අපි සහයෝහය දුන්නේ විදයකය හා කොමිෂන් සභා ස්ථාපිත කිරීමට. මයිතිරි හෝ රනිල් හෝ මහින්ද කිසිම කෙනක් බන්දේසියක තියලා මිනිසුන්ට සහන හෝ වෙනයම් වාසි ලබා දෙන්නේ නැහැ. එක ගන්න අපි දිගටම ක්රියාවේ වෙදෙන්න් ඕනි. නියම සටන පටන් අරන් තියෙන්නේ දැන්. දැන් රජයට බලකරන්න ඕනි දීපු පොරොන්දු ඉෂ්ට කරන්න කියලා.
ඉගුරු ගිලා මිරිස් ගත්ත වගේ කියලා මහින්ද දිගටම තියාගෙන හිටියනම් හොදයි කියන මතයේ ඉන්න එක හරි කියලා මම නම් දකින්නේ නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
මහින්ද රනිල අනුර මොකා කලත් වැරදි දෙඅට එරෙහිවෙන්න ඕනි. මහින්ද පරදකරන්න උදවු කල පලියට මයිත්‍රී රනිල් හෝ අනුර කරන හැමදේම හරි කියලා අපි අන්දයෝ වගේ දකින්න ඕනි නැහැ






ඕක නැවත්තුවොත් චීනේ එක්ක ඩිප්ලෝමටික් කේස් එකක් ඇදෙනවා
ඒකෙන්ම පේනවනේ මේක චීනේ වුවමනාවට කරන ප්‍රොජෙක්ට් එකක් කියල
රාජපකස දුරදිග නොබලා කරපු දේවල් වල ප්‍රතිපල
බලමු ලොක්කා ඉන්දියා ගිහිං ආවට පස්සේ වෙනසක් වෙයිද කියල & මෝඩි මෙහෙ එනවනෙ
රාජිතයා කියන කරන දේවල් වලින් 50% පමණයි මම නම් එකඟ
මගේ පෞද්ගලික මතය මේක නවත්තන්න ඕනා.
මොකා කලත් මොන ආණ්ඩුවෙන් කලත් වැරද්දක් නම් වැරද්දක් මයි


ooka haduwoth hoda class ekakwath penei adu gaane. ooka mattala wagenam paaluwata yanne na loweth 
Ranil kohewath kiwe naha nawathanwa kiyalaElection ekata isarlla Ranil kiwa dey hariyata therum ganda

කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය පෙර ආණ්ඩුව සේම ඉදිරියට ගෙන යනවා යැයි ඊයේ කැබිනට් තීන්දු ප්‍රකාශ කිරීමේ දී රාජිත සේනාරත්න මහතා කී ප්‍රකාශය නිවැරදි නොවන බව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ව්‍යාපෘතිය ඉරලා විසි කර දමන්නේ නැති නමුත් ඒ පිලිබඳ වාර්තා කැඳවා යලි නිවැරදි තීන්දුවක් ගන්නා බව අගමැතිවරයා පැවසීය. ඔහු මෙසේ ප්‍රකාශ කෙළේ අනුර දිසානායක ඒ පිලිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අනුර දිසානායක මහතා නැගූ සම්පූර්ණ ප්රශ්නය
------------------------------------------------
“ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මට ප්‍රශ්නයක් පැන නැඟී තිබෙනවා. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ දී කැබිනට් ප්‍රකාශකතුමා විසින් ප්‍රකාශයට පත් කළා, Colombo Port City ව්‍යාපෘතිය කිසිදු විරෝධයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යන බව. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නමුත් අපේ රටේ හෙක්ටෙයාර් 575 ක් මුහුද ගොඩ කරන්න යනවා. මුහුද ගොඩ කිරීම පිළිබඳව නීතියක්වත් අපේ රටේ නැහැ. මෙයින් ඇති වන පරිසර හානි පිළිබඳව නිසි ඇගැයීමක් සිදු කරලාත් නැහැ. ඒ වාගේම මෙහි ඇති වී තිබෙන මූල්‍ය ගනු දෙනු පිළිබඳවත් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමා විපක්ෂ නායකතුමා වශයෙන් මේ පැත්තේ සිටිනකොට මේ ව්‍යාපෘතිය පිළිබඳව විශාල ආන්දෝලනයකට තුඩු දෙන ලිපි ලේඛන සහ කරුණු ඉදිරිපත් කර තිබුණා.
පසු ගිය මැතිවරණ ව්‍යාපාරය තුළත් මේ ව්‍යාපෘතිය පිළිබඳව විශාල චෝදනාවක් සහ විශාල ජනමතයක් ගොඩ නැඟිලා තිබුණා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමාත්, අග්රාමාත්යතුමාත් ඒ වෙලාවේ මැතිවරණ වේදිකාවේදී මේ ව්‍යාපෘතිය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විධියට ජනතාවට කරුණු කියලා ජනවරමක් අරගෙන, කැබිනට් ප්‍රකාශක ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා කිව්ව පරිදි ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ ව්‍යාපෘතිය කිසිදු සොයා බැලීමකින් තොරව ඉදිරියට ගෙන යන්න තීරණය කර තිබෙනවා. කිසිසේත්ම ඒ ආකාරයේ තීරණයක් ගත යුතු අවස්ථාවක නොවෙයි තිබෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී එවැනි තීරණයක් ගැනීමට හේතු සාධක වුණේ මොකක්ද කියලා මේ ගරු පාර්ලිමේන්තුව දැන ගන්න කැමැතියි.“
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් සම්පූර්ණ පිළිතුර
------------------------------------------------
“ගරු මන්ත්‍රීතුමා හදිසියේ මේ ප්රශ්නය යොමු කළේ. ඇත්ත වශයෙන්ම Port City ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තිබුණා. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒකට අදාළ ලිපි ගොනු සියල්ලම මම ඉල්ලුවා. ඒ ලිපිගොනු පරීක්ෂා කර බැලුවාම වුවමනා කරන වාර්තා සියල්ලම නැහැ. පරිසර වාර්තාවත් අඩුවක් තිබුණා. ඒ නිසා මේ ගැන සොයා බලන්න අපි වෙනම කොමිටියක් පත් කර තිබෙනවා. ඊට අමතරව ඒ වාර්තා ලබා ගත්තාට පස්සේ තීරණ ගන්න, මගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කාරක සභාවකුත් පත් කර තිබෙනවා. පරිසර සංවිධාන ගණනාවක් යෝජනා කර තිබුණා, මේ වරාය නගරය ඉදි කිරීම - Port City ව්‍යාපෘතිය - සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියලා. අපි එහෙම අහෝසි කළේ නැහැ. ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් තිබෙනවා. ඒ කොමිටියේ වාර්තාව ලැබිලා අපේ අනු කාරක සභාවේ තීරණයක් ගන්නා තෙක්, ඒ ගැසට් නිවේදනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වාර්තාව දිහා බලලා තමයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අපි තීරණයක් ගන්නේ.
අපි මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියන ස්ථාවරයේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවට ගැසට් පත්‍රය ඉදිරිපත් කිරීම ගැන සම්පූර්ණ වාර්තාව ලැබුණාම අපි තීරණය කරන්නම්. වුවමනා නම් ඉදිරියේදී අලුත් ගැසට් පත්‍රයක් හෝ ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතැන කාරණා දෙකක් තිබෙනවා. එක කාරණයක් තමයි මේක විශාල ව්‍යාපෘතියක් වීම. චීන රජයේ අනුග්‍රහය ලැබුණු එකක්. ඒ නිසා ඉල්ලීම පරිදි නිකම් ඒ ව්‍යාපෘති නවත්වන්න බැහැ. අනෙක් අතට ඒ වාගේම වැදගත් දෙයක් තමයි, මේ රටේ පරිසරය ආරක්ෂා වෙන්න ඕනෑ කියන එක. පරිසරයට හානියක් වෙන්න බැහැ. ඒ වාගේම නීති රෙගුලාසි අනුව ක්‍රියාත්මක කරන්නත් ඕනෑ. ඒ වාර්තාව ලැබුණාම අපි කැබිනට් අනු කාරක සභාවෙන් බලලා කැබිනට් මණ්ඩලය මඟින් අන්තිම තීරණයක් ගන්නවා. එහෙත් ඒක සම්පූර්ණයෙන්ම ඉරා දමන්න කියන ස්ථාවරයේ අපි හිටියේ නැහැ. අපි තවම මේ ගැන පරීක්ෂා කර ගෙන යනවා. එතුමා කිව්වා මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉරා දැම්මේ නැහැයි කියලා. ඒක හරි. ඒ කොමිටියේ වාර්තාව ලැබුණාම අපි මේ ගැන විශේෂයෙන් සොයලා බලලා තීරණ ගන්නම්. අපි ඒ තීරණය ගැන මේ සභාවටත් දැනුම් දෙනවා.
අද(06) මට චීන ජනරජයේ විශේෂ නියෝජිතතුමා හමු වුණා. මම එතුමාට කිව්වා, අපට තවම සම්පූර්ණ වාර්තාව ලැබිලා නැහැ, ඒ වාර්තාව ලැබෙන්න සුමාන දෙකක් යනවා, ඒකේ කොපියක් චීන තානාපතිතුමාටත් ලබා දීලා ඊට පස්සේ එහි තිබෙන කරුණු අපි සාකච්ඡා කරමු කියලා. ඒවා ලැබුණාට පස්සේ ඒ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් කරන්නම්. “