Colombo Port City

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ජන්තු අයියා;17855487 said:
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් ද මහා ජනතාව කලේ?????

මන් හිතන්නේ නෑ. ඕනේ නං, නයි මිරිස් දීලා, අමුමිරිස් ගත්තා වගේ තෙයේවි! :D
 

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    එහෙම නැහැ බන්. මහින්ද කොහෙත්ම කරන්නේ නැහැ කියලා හිතගෙන හිටපු දේවල් කරන්න කියලා බලකරන්න හරි පුළුවන් කමක් දැන් තියනවා. අනික බන් එක පලකයෙක්ට හැමදාම රහ්ජ කරන්න බැරි පාඩම මවුරුත් ඉගන ගන්න ඕනි. මයිත්රිට උනත් එක පාඩමක්.

    විශ්ෂයෙන් අපි සහයෝහය දුන්නේ විදයකය හා කොමිෂන් සභා ස්ථාපිත කිරීමට. මයිතිරි හෝ රනිල් හෝ මහින්ද කිසිම කෙනක් බන්දේසියක තියලා මිනිසුන්ට සහන හෝ වෙනයම් වාසි ලබා දෙන්නේ නැහැ. එක ගන්න අපි දිගටම ක්‍රියාවේ වෙදෙන්න් ඕනි. නියම සටන පටන් අරන් තියෙන්නේ දැන්. දැන් රජයට බලකරන්න ඕනි දීපු පොරොන්දු ඉෂ්ට කරන්න කියලා.

    ඉගුරු ගිලා මිරිස් ගත්ත වගේ කියලා මහින්ද දිගටම තියාගෙන හිටියනම් හොදයි කියන මතයේ ඉන්න එක හරි කියලා මම නම් දකින්නේ නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න

    මහින්ද රනිල අනුර මොකා කලත් වැරදි දෙඅට එරෙහිවෙන්න ඕනි. මහින්ද පරදකරන්න උදවු කල පලියට මයිත්‍රී රනිල් හෝ අනුර කරන හැමදේම හරි කියලා අපි අන්දයෝ වගේ දකින්න ඕනි නැහැ

    :yes::yes::yes::yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පොහින්දවාදීන්ට රෙන්න බර වෙන්නම රිදිලා.. කමක් නෑ මෙහෙමවත් දෙයක් කරලා දුක තුනී කරගන්න චූටිලා.. :D:D:D:D

    කොහොමත් මහීට අයේ ගොඩ ඒමක් නෑ, එන්නෙත් නෑ, ඒයාට ලොකු deal එකක් දීලා තියෙන්නෙ. බොරු බලාපොරොත්තු ඇති කරගෙන අයේ දුක් විඳින්න එපා.. හිත හදාගනිල්ලා
    :rofl::rofl::P:P:P:rofl:


    jEZvEZz.png
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    මිනිස්සු චන්දෙ දුන්නේ ඔය ව්‍යාපෘතිය නවත්තයි කියල බලාගෙන වෙන්න පුලුවන් ! එත් ඒ ව්‍යාපෘතියේ වැරදි හදල ආයේ පටන් ගන්නවා කිව්වට මොනාද තිබ්බ වැරදි , මොනාද හදපු වැරදි කියලත් දැන ගන්න අයිතියක් තියෙන්න චන්දෙ දීපු උන්ට තියෙන්න ඕනේ !

    ඕක දැන් නවත්තුවත් පටන් ගත්තත් මේ ආණ්ඩුව බලයට ඇවිල්ල තියෙන ප්‍රධාන කාරණය රටේ ව්‍යවස්ථා සංශෝදනයක් කරලා රටට අලුත් ආරම්භයක් ගන්න එකනේ ! එත් අද වෙන්නේ වෙන වෙන නිව්ස් වලට මුල් තැන හම්බෙලා වග කිවයුතු අයට ඒවා අමතක වෙලා වගේ ! ඉස්සරහට බලමු :rolleyes:

    100day.lk

    OwyMEN6.png
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඕක නැවත්තුවොත් චීනේ එක්ක ඩිප්ලෝමටික් කේස් එකක් ඇදෙනවා
    ඒකෙන්ම පේනවනේ මේක චීනේ වුවමනාවට කරන ප්‍රොජෙක්ට් එකක් කියල
    රාජපකස දුරදිග නොබලා කරපු දේවල් වල ප්‍රතිපල
    බලමු ලොක්කා ඉන්දියා ගිහිං ආවට පස්සේ වෙනසක් වෙයිද කියල & මෝඩි මෙහෙ එනවනෙ
    රාජිතයා කියන කරන දේවල් වලින් 50% පමණයි මම නම් එකඟ

    මගේ පෞද්ගලික මතය මේක නවත්තන්න ඕනා.
    මොකා කලත් මොන ආණ්ඩුවෙන් කලත් වැරද්දක් නම් වැරද්දක් මයි

    :yes::yes::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    infrastructure developement paththen balanakota aniwaryayenma iguru dila miris gaththa thamai. megollo loku project karanne nathuwa e salli walin badu mila adu karala minissunta kanna denawa thel adu karanawa anan manan. chanda wadi karaganna. mamanam dakinne ada minissunge badaginna nati kaloth unta aai heta badagini wenawa. eeth loku project ekak kaloth ee dee hetath thiyanawa aniddath thiyanawa.

    port city ekanam kiiyatawath mattala wage sudu aliyek wenne naha ban. colombo-01 kiyanne lankawe watinama pradeshaya. ooka thawa loku wenawa kiyanne salli ulpathak thama. anika lankawa kiyala kiwwama kisima face ekak na apita. france walata eiffel london walata london eye us walata liberty statue. oya wage face ekak na apita ata kota twin towers 2 pennagana innawa :rofl: ooka haduwoth hoda class ekakwath penei adu gaane. ooka mattala wagenam paaluwata yanne na loweth :rofl:

    ona project ekakadi environment ekata impact ekak wenawa. ee paliyata loku project nawaththanawanam eeka maha gonkamak. port city eken nam mahaloku environment impact ekak wei kiyala mamanam hithanna. ee hariye kisi marine life ekak nane hikkaduwa wage. anika breakwater eken watawela nisa ehen pitata kisi sambandayak nane.

    colombo kandy highway eka hadaddinam yamkisi impact ekak wenawa eeth e paliyata nawaththanna baane. impact eka awama karagana hadana eka thama wisaduma
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    Ranil kohewath kiwe naha nawathanwa kiyala :angry::angry: Election ekata isarlla Ranil kiwa dey hariyata therum ganda

    ane machan den baila gahanna epa.. stage wala patta gahapuwa den oppu kara ganna beruwa inne.. ko den highway walin achcharai mechcharai kiuwa ekak wath sakhi ethuwa ratat heli karada? ee dawas wala t.v wala kiuwa badu athe tiyagena wage,, eeth ko den... anna eekai kiyanne bun minussu hemogema waradi tiyenawa..eeth ewa oppu karanakam miniha weradi karayek nemei.. rajitha wage prathipakthiyak neti minihekta kata waachaala kamata kiyeuta mewa hoda paadam... weradda nam weradi kiyanna purudu wenna oone koi aanduwe koi miniha unath... eekai yaha paalane.. nethuwa hitiya miniha paraddala uuta karapu chodana oppu karanna beruwa ewa den hari kiyana nemei wenna one...

    mahinda peradune uge wate hitapu sakkili nisa.. unwa allanakam mamath balagena innawa.eeka dina 100 di nemei aurudu 5 di wath wenna oone.. eeth eeka wenne neti sihinayak kiyala mama dannawa :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පොහින්දවාදීන්ට රෙන්න බර වෙන්නම රිදිලා.. කමක් නෑ මෙහෙමවත් දෙයක් කරලා දුක තුනී කරගන්න චූටිලා.. :D:D:D:D

    කොහොමත් මහීට අයේ ගොඩ ඒමක් නෑ, එන්නෙත් නෑ, ඒයාට ලොකු deal එකක් දීලා තියෙන්නෙ. බොරු බලාපොරොත්තු ඇති කරගෙන අයේ දුක් විඳින්න එපා.. හිත හදාගනිල්ලා
    :rofl::rofl::P:P:P:rofl:


    jEZvEZz.png


    රිදිලා :lol: :lol:

    Capture.JPG
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය පෙර ආණ්ඩුව සේම ඉදිරියට ගෙන යනවා යැයි ඊයේ කැබිනට් තීන්දු ප්‍රකාශ කිරීමේ දී රාජිත සේනාරත්න මහතා කී ප්‍රකාශය නිවැරදි නොවන බව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ව්‍යාපෘතිය ඉරලා විසි කර දමන්නේ නැති නමුත් ඒ පිලිබඳ වාර්තා කැඳවා යලි නිවැරදි තීන්දුවක් ගන්නා බව අගමැතිවරයා පැවසීය. ඔහු මෙසේ ප්‍රකාශ කෙළේ අනුර දිසානායක ඒ පිලිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අනුර දිසානායක මහතා නැගූ සම්පූර්ණ ප්‍රශ්නය
    ------------------------------------------------
    “ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මට ප්‍රශ්නයක් පැන නැඟී තිබෙනවා. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ දී කැබිනට් ප්‍රකාශකතුමා විසින් ප්‍රකාශයට පත් කළා, Colombo Port City ව්‍යාපෘතිය කිසිදු විරෝධයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යන බව. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නමුත් අපේ රටේ හෙක්ටෙයාර් 575 ක් මුහුද ගොඩ කරන්න යනවා. මුහුද ගොඩ කිරීම පිළිබඳව නීතියක්වත් අපේ රටේ නැහැ. මෙයින් ඇති වන පරිසර හානි පිළිබඳව නිසි ඇගැයීමක් සිදු කරලාත් නැහැ. ඒ වාගේම මෙහි ඇති වී තිබෙන මූල්‍ය ගනු දෙනු පිළිබඳවත් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමා විපක්ෂ නායකතුමා වශයෙන් මේ පැත්තේ සිටිනකොට මේ ව්‍යාපෘතිය පිළිබඳව විශාල ආන්දෝලනයකට තුඩු දෙන ලිපි ලේඛන සහ කරුණු ඉදිරිපත් කර තිබුණා.

    පසු ගිය මැතිවරණ ව්‍යාපාරය තුළත් මේ ව්‍යාපෘතිය පිළිබඳව විශාල චෝදනාවක් සහ විශාල ජනමතයක් ගොඩ නැඟිලා තිබුණා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් ඒ වෙලාවේ මැතිවරණ වේදිකාවේදී මේ ව්‍යාපෘතිය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විධියට ජනතාවට කරුණු කියලා ජනවරමක් අරගෙන, කැබිනට් ප්‍රකාශක ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා කිව්ව පරිදි ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ ව්‍යාපෘතිය කිසිදු සොයා බැලීමකින් තොරව ඉදිරියට ගෙන යන්න තීරණය කර තිබෙනවා. කිසිසේත්ම ඒ ආකාරයේ තීරණයක් ගත යුතු අවස්ථාවක නොවෙයි තිබෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී එවැනි තීරණයක් ගැනීමට හේතු සාධක වුණේ මොකක්ද කියලා මේ ගරු පාර්ලිමේන්තුව දැන ගන්න කැමැතියි.“

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් සම්පූර්ණ පිළිතුර
    ------------------------------------------------
    “ගරු මන්ත්‍රීතුමා හදිසියේ මේ ප්‍රශ්නය යොමු කළේ. ඇත්ත වශයෙන්ම Port City ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තිබුණා. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒකට අදාළ ලිපි ගොනු සියල්ලම මම ඉල්ලුවා. ඒ ලිපිගොනු පරීක්ෂා කර බැලුවාම වුවමනා කරන වාර්තා සියල්ලම නැහැ. පරිසර වාර්තා‍වත් අඩුවක් තිබුණා. ඒ නිසා මේ ගැන සොයා බලන්න අපි වෙනම කොමිටියක් පත් කර තිබෙනවා. ඊට අමතරව ඒ වාර්තා ලබා ගත්තාට පස්සේ තීරණ ගන්න, මගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කාරක සභාවකුත් පත් කර තිබෙනවා. පරිසර සංවිධාන ගණනාවක් යෝජනා කර තිබුණා, මේ වරාය නගරය ඉදි කිරීම - Port City ව්‍යාපෘතිය - සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියලා. අපි එහෙම අහෝසි කළේ නැහැ. ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් තිබෙනවා. ඒ කොමිටියේ වාර්තාව ලැබිලා අපේ අනු කාරක සභාවේ තීරණයක් ගන්නා තෙක්, ඒ ගැසට් නිවේදනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වාර්තාව දිහා බලලා තමයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අපි තීරණයක් ගන්නේ.

    අපි මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියන ස්ථාවරයේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවට ගැසට් පත්‍රය ඉදිරිපත් කිරීම ගැන සම්පූර්ණ වාර්තාව ලැබුණාම අපි තීරණය කරන්නම්. වුවමනා නම් ඉදිරියේදී අලුත් ගැසට් පත්‍රයක් හෝ ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතැන කාරණා දෙකක් ති‍බෙනවා. එක කාරණයක් තමයි මේක විශාල ව්‍යාපෘතියක් වීම. චීන රජයේ අනුග්‍රහය ලැබුණු එකක්. ඒ නිසා ඉල්ලීම පරිදි නිකම් ඒ ව්‍යාපෘති නවත්වන්න බැහැ. අනෙක් අතට ඒ වාගේම වැදගත් දෙයක් තමයි, මේ රටේ පරිසරය ආරක්ෂා වෙන්න ඕනෑ කියන එක. පරිසරයට හානියක් වෙන්න බැහැ. ඒ වාගේම නීති රෙගුලාසි අනුව ක්‍රියාත්මක කරන්නත් ඕනෑ. ඒ වාර්තාව ලැබුණාම අපි කැබිනට් අනු කාරක සභාවෙන් බලලා කැබිනට් මණ්ඩලය මඟින් අන්තිම තීරණයක් ගන්නවා. එහෙත් ඒක සම්පූර්ණයෙන්ම ඉරා දමන්න කියන ස්ථාවරයේ අපි හිටියේ නැහැ. අපි තවම මේ ගැන පරීක්ෂා කර ගෙන යනවා. එතුමා කිව්වා මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉරා දැම්මේ නැහැයි කියලා. ඒක හරි. ඒ කොමිටියේ වාර්තාව ලැබුණාම අපි මේ ගැන විශේෂයෙන් සොයලා බලලා තීරණ ගන්නම්. අපි ඒ තීරණය ගැන මේ සභාවටත් දැනුම් දෙනවා.
    අද(06) මට චීන ජනරජයේ විශේෂ නියෝජිතතුමා හමු වුණා. මම එතුමාට කිව්වා, අපට තවම සම්පූර්ණ වාර්තාව ලැබිලා නැහැ, ඒ වාර්තාව ලැබෙන්න සුමාන දෙකක් යනවා, ඒකේ කොපියක් චීන තානාපතිතුමාටත් ලබා දීලා ඊට පස්සේ එහි තිබෙන කරුණු අපි සාකච්ඡා කරමු කියලා. ඒවා ලැබුණාට පස්සේ ඒ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් කරන්නම්. “


    (කිසිලෙසකින් මහින්ද කල වැරදි සදාරණය කිරීමක් පහත ලිපියෙන් බලාපොරොත්තු නොවේ නමුත් මෙහි කරුණු හා ලිපියේ හරය රටක් ලෙස අපට වැදගත් වෙයි (රනිල් සේම චන්ද්‍රිකාද ඊට පෙර ප්‍රේමදාසද හා jr ද {විජේතුංග වැරදි කලා ඉතා අඩුය නැතහොත් කලේම නැත සාපේක්ෂව අනෙකුත් ව්දායක ජනපතිවරු මෙන්} එතනින් ගියාම මැතිණිය,බණ්ඩාරනායක,ඩඩ්ලි ....නම් පේලිය දිගට ගලාගෙන යයි මේ සියල්ලන් වැරදි සේම හොදද මේ රටට කර ඇත සාපේක්ෂව සසදා බැලීමට පරිගණක ශක්ෂරතවයකින් හෙබි ඔබට හැකියාව ඇතැයි විශ්වාස කරමි [අර නම් පේලිය රාජාවලිය දක්වා දිවෙන අතර ඉන් ඔබ්බටද සාදාරන වේ])

    මොකක්‌ද මේ වරාය නගරය


    කොළඹ, ගාලු මුවදොර පිටිය ආසන්නයේ මුහුදු කලාපයේ ඉදිකිරීම සඳහා යෝජිත, වරාය නගරය පිළිබඳව විපක්‍ෂය විසින් චෝදනාත්මකව කතා කරනු පෙනේ. පාර්ලිමේන්තුවේදී මේ ගැන දිගින් දිගටම විවේචන එල්ල කරන ලද්දේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහය.

    විරෝධාකල්ප දේශපාලනය විසින් ශ්‍රී ලංකාවේ මහත් හානියක්‌ කරන ලද ක්‍ෂේත්‍රයක්‌ ලෙස වරාය ක්‍ෂේත්‍රය ද හඳුනාගත හැකිය. මේ නිසා වරාය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් එල්ල වන විවේචන දෙස ද ගැඹුරින් බැලිය යුතු යෑයි සිතමි.

    කොළඹ වරාය, යටත් විජිත යුගයේදී ලෝකයේ ප්‍රබලම වරායක්‌ වී තිබිණි. ශ්‍රී ලංකාවේ භෞමික පිහිටීම තරම් සම්පතක්‌ ඇය සතු නැත. එයින් ඵල නෙළාගැනීම සඳහා අත්‍යවශ්‍ය ලෙසම පණ ගැන්විය යුත්තේa වරාය ක්‍ෂේත්‍රයයි. එය අතීත සිංහල දේශයේ සිටම රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ වී තිබිණි. යටත් විජිත යුගයෙන් පසු වරාය ලබාගෙන තිබූ දියුණුව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයැමට පැවැති පාලනයන් අපොහොසත් විය. ලලිත් ඇතුලත්මුදලි, වෙළෙඳ හා නාවික ඇමැති ධුරය උසුලන කාලයේදී කොළඹ වරාය සඳහා ඉදිරිගාමී වී සේවය සිදුකළ අතර ඒ හැරුණු කොට 1956 දී වරාය ජනසතු කිරීම පමණක්‌ ඒ සඳහා වූ සේවයක්‌ ලෙස දැක්‌විය හැකිය.

    කොළඹ වරායේ දියුණුව ඇනහිටීම හෝ ඉබි ගමනින් යැම කලාපයේ ප්‍රධාන රටවල් දෙකකට මහඟු සේවයක්‌ ඉටු කළේය. භෞතික වශයෙන් ශ්‍රී ලංකාව තරම් වරාය සඳහා හොඳ පිහිටීමක්‌ නොතිබුණ ද දිගුකාලීන සැලසුම් හා කාර්යක්‍ෂමතාව හේතුවෙන් සිංගප්පූරුව හා ඩුබායි යන රටවල් වරාය ක්‍ෂේත්‍රයේ ඉහළට පියමැන්නේය.

    කොළඹ වරායේ පැවැති වැඩ වර්ජන ද, එය සඳහා තිබූ කීර්ති නාමයට හානියක්‌ එක්‌ කළේය. පැමිණ තිබෙන නැව්වල බඩු බෑම වැඩ වර්ජන නිසා පමා වන විට එහි වගකිවයුත්තා බවට පත්වන්නේ ප්‍රවාහන සමාගමය. නිරන්තරයෙන් කොළඹ වරායේ සිදුවන වැඩවර්ජන හේතුවෙන්, සිංගප්පූරුව හා ඩුබායි යන වරායන් ප්‍රතිsඅපනයන කටයුතු සඳහා නාවික ප්‍රවාහකයන් භාවිත කරන්නට පටන් ගත්තේය. වැඩවර්ජන හේතුවෙන් 1964 වර්ෂයේදී පමණක්‌ කොළඹ වරායට අහිමි වී ගොස්‌ තිබූ මිනිස්‌ දින ගණන පන්ලක්‍ෂ තිස්‌දහස්‌ හත්සියයක්‌ බව 1965 වසරේ මහ බැංකු වාර්තාව සඳහන් කරයි. ප්‍රතිඅපනයන නැව් භාණ්‌ඩ මෙහෙයුම 1963 වර්ෂයේදී ටොන් 3158 ක්‌ වන විට එය 1964 වර්ෂයේදී ටොන් 1158 ක්‌ දක්‌වා පහත වැටී තිබිණි. මේ පහත වැටීම, ඉහළ නැඟීමක්‌ බවට පත්වූයේ සිංගප්පූරු හා ඩුබායි වරායන් වෙතය. ශ්‍රී ලංකාවේ වරාය කටයුතු අඩපණ කිරීම සඳහා වෘත්තීය සමිති නායකයන්ට සිංගප්පූරුවෙන් මුදල් ලබාදෙන බවට රාවයක්‌ ද එකල පැතිරී තිබුණේ මේ හේතුව නිසාය.

    කොළඹ මුහුදේ වරාය නගරයක්‌ ගොඩනැඟීම පිළිබඳ මාතෘකාව ගැන කතා කළ යුත්තේ මේ පසුබිම තුළය. ඉන්දියාව අර්ධද්වීපයක්‌ ලෙස පිහිටා තිබුණද බහාලුම් 14000 - 22000 ක්‌ සහිත නැවක්‌ මෙහෙයුම් කටයුතු කිරීමේ වරායක්‌ ඉන්දියාව සතුව නැත. එවැනි වරායක්‌ සඳහා අත්‍යවශ්‍ය භෞතික පිහිටීමක්‌ වූ ගැඹුර අඩු වෙරළ තලයක්‌ ඉන්දියාවට උපතින්ම හිමිවී නැත. විශාඛාපට්‌නම් හා ෙ- එන් පී. ටී. යන වරාය දෙක හැරුණු කොට ඉන්දියාවට ප්‍රවාහන වරායන් ඇත්තේ නැත. මේ නිසා ඉන්දියාව සිය වරාය කටයුතු සඳහා භාවිත කරන්නේ සිංගප්පූරු හා ඩුබායි වරායන්ය.

    මෙම වරායන් දෙක කුමනාකාරයෙන් සංවර්ධනය කරගෙන ගියද, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයක්‌ සිදුවුවහොත් එපමණකින් පමණක්‌ම මෙම වරායන් දෙකටම හානි පමුණුවාලිය හැකිය. මේ වන විට යම් තරමකට ඒ තත්ත්වය උදාවෙමින් තිබේ. හම්බන්තොට නව වරායක්‌ ඉදි වී එහි කටයුතු දැන් පණගැන්වී එමින් තිබේ. කොළඹ වරායේ ද සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතී. වරාය ඉදිකරනවා සේම වරාය කටයුතු සඳහා ම වෙන් වූ කලාපයක්‌ හෙවත් වරාය නගරයක්‌ ඒ ආශ්‍රිතව ඉදිවීම වරාය සංවර්ධන ක්‍රියාවලියේ දී අත්‍යවශ්‍යය. ලෝකයේ පළමු පෙළේ සියලුම වරායන්ට සමගාමීව වරාය නගර ඇතිකරන්නේ එහෙයිනි. වරාය මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රධාන පෙළේ සමාගම් පැමිණෙන්නේ එවැනි මට්‌ටමකට වරාය දියුණු වී ඇත්නම්ය.

    මේ සඳහා වන සැලසුමත් එජාපය පාර්ලිමේන්තු බලය හොබවමින් සිටි 2001-2004 කාලයේදී සිදුවිය. ඒ සඳහා වාර්තාවක්‌ සකස්‌ කරන ලද අතර එහි "සංවර්ධනය සඳහා මඟපෙන්වන සැලසුමේ" සැලසුම්කරණ ප්‍රදේශ දෙක යටතේ ඔයෑ චදරඑ ජසඑහ හෙවත් වරාය නගරය යෝජනා කර තිබේ. මෙය උප කලාප හතරකින් සමන්විතය. හෙක්‌ටයාර 307.06 කින් හෙවත් මුළු ඉඩ ප්‍රමාණයෙන් 33% ක්‌ උප කලාප එක සඳහා වෙන්වන අතර එය වරායට අයත් භූමි ප්‍රදේශය වේ. මට්‌ටක්‌කුලිය ප්‍රදේශය, උප කලාප දෙක වන අතර එය හෙක්‌ටයාර් 214.88 ක්‌ හෙවත් වරාය නගරයෙන් 23% ක ප්‍රමාණයක්‌ වේ. උප කලාප තුනට අයත් වන්නේ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයයි. එය හෙක්‌ටයාර 225.85 ක්‌ ද මුළු පරිමාණයෙන් 24% ක්‌ ද සපුරාලයි. උප කලාප හතර ලෙස හෙක්‌ටයාර 180.77 කින් හා සමස්‌ත වපසරියෙන් 20% ක්‌ ලෙස කොටහේන ප්‍රදේශය වරාය නගරය සඳහා අත්පත් කර ගැනීමට, එම සැලසුම මගින් යෝජනා කර තිබිණි. සමස්‌ත වරාය නගරය හෙක්‌ටයාර 928.56 කින් සමන්විත වී තිබිණි. වරාය භුමියේ සිට කැලණි ගඟ වනතෙක්‌ මෙම කලාපය පුළුල් වී තිබිණි. අමතර වශයෙන් දැනට වරාය නගරය සඳහා මුහුද ගොඩකරන ස්‌ථානයේම හෙක්‌ටයාර එකසිය හතළිස්‌ පහක්‌ මුහුදින් ගොඩකිරීමට ද එමගින් යෝජනා කර තිබිණි. ඒ යටතේ කොළඹ ගාලු මුවදොර පිටිය ද සම්බන්ධ කර ගැනීමට නියමිත වී තිබිණි.

    වරාය අධිකාරිය නව යෝජනාව අනුව හෙක්‌ටයාර 233 ක භූමි ප්‍රමාණයක්‌ මුහුදෙන් ගොඩකර වරාය නගරය සෑදීමට අපේක්‍ෂිතය. ඒ හේතුවෙන් කොළඹ ඉතා තදබද විශාල ප්‍රදේශයක්‌ වරාය නගරය සඳහා අත්පත් කර ගැනීම සිදු වන්නේ නැත. කොටහේන, ග්‍රෑන්ඩ්පාස්‌, මට්‌ටක්‌කුලිය ප්‍රදේශය වෙනුවට නව සැලසුම යෝජනා කරන්නේ හෙක්‌ටයාර 233 ක භූමියක්‌ මුහුද ගොඩ කිරීමෙන් ලබාගැනීමටය.

    දැනටමත් කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා සුදුසු නිවාස යෝජනා ක්‍රම සකස්‌ කර පැල්පත්වාසීන් ඒවායින් ඉවත් කරමින් තිබේ. විපක්‍ෂය එතැනදී හඬ නඟන්නේ පැල්පත් ඉවත් කිරීමට එරෙහිවය. එසේ තිබියදී, එජාප ආණ්‌ඩු කාලයේ වරාය නගරය සඳහා කොළඹ තදාසන්නම ප්‍රදේශ තුනක්‌ අත්පත් කරගන්නට යෝජනා කර තිබිණි. ඒ වෙනුවට මුහුද ගොඩකර නව නගරයක්‌ සෑදීමේදී එයට ද විපක්‍ෂය විසින් අකුල් හෙළමින් සිටියි.

    වරාය අධිකාරිය මගින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයට අනුව මෙය ශ්‍රී ලංකාවේ විශාලම පෞද්ගලික විදේශ මුදල් ආයෝජන ව්‍යාපෘතියයි. එය රුපියල් බිලියන 1.34 කි. මේ සඳහා ශ්‍රී ලංකා රජය හෝ වරාය අධිකාරිය කිසිදු මුදලක්‌ ආයෝජනය නොකරයි. ඒ අතරම ශ්‍රී ලංකා රජයට හෙක්‌ටයාර 233 න් 125 ක ප්‍රමාණයක්‌ හිමිවෙයි. ඉතිරි ඉඩම් ආයෝජකයාට සිය වියදම් පියවා ගැනීම සඳහා වන අතර එයින් හෙක්‌ටයාර විස්‌සක්‌ සින්නක්‌කර හා ඉතිරිය අනූනව අවුරුදු බදු පදනම යටතේ ලබා දේ. ආයෝජකයාට හිමි එකම ප්‍රතිලාභය මෙයයි. පොලිය ද සමඟ සමස්‌ත ආයෝජනය ඇ.ඩො. මිලියන 1918 ක්‌ වන අතර එම ආයෝජනය, ආයෝජකයාට හිමිවන ඉඩම් ප්‍රමාණයෙන් බෙදූ විට හා ආයෝජනයේ අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය 16% ක්‌ ලෙස ලබාගැනීම සඳහා මෙම නව ඉඩමේ පර්චසයක්‌ රුපියල් ලක්‍ෂ 78 කට ආයෝජකයා විසින් මිල කළ යුතුය. රජයට හිමිවන ඉඩම් විකිණීම මගින් වරාය අධිකාරියට ආදායම් ලබාගත හැකිය. දැනටමත් දේශීය සමාගම් දහයක්‌ මෙයින් ඉඩම් බලාපොරොත්තුවෙන් වරාය අධිකාරියට ඉල්ලීම් කර තිබේ. ඔවුන් විසින් ඉල්ලා සිටින ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර 15 කි.

    සමස්‌ත චිත්‍රය දෙස බලන විට මෙවැනි ගනයේ ආයෝජනයක්‌ ගෙන්වා ගැනීමම ජයග්‍රහණයක්‌ සේ තැකිය යුතුය. එයට අකුල් හෙළන විවේචන මගින් සිදුවන්නේ නව නගර ව්‍යාපෘතියට පහර එල්ල වීමය.

    කොළඹ මහ නගර සභාව සඳහා ඡන්දය පැවැත්වෙන අවස්‌ථාවේදී ද එජාපය මෙවැනිම ක්‍රියාවලියක නිරත විය. කොච්චිකඩේ ප්‍රදේශයේ තදබද හා කරදරකාරී ලෙස තිබූ මාළු වෙළෙඳපොළ සැලසුම් සහගත ලෙස ඉදිකර පෑලියගොඩට ගෙන ඒමට එදා එජාපය විරෝධය පෑවේය. තමන් ජයග්‍රහණය කළහොත් "මාළු කඩේ ආයිත් කොච්ච්කඩේට ගෙන එනවා" යෑයි පැවසීය. එවැනි වචනාර්ථයෙන් පමණක්‌ දේශපාලනයේ නියෑළීමට වරාය නගරය ද අද විපක්‍ෂය විසින් උපයෝගි කරගනිමින් සිටියි. එදා තිබූ ජරාජීර්ණ කොළඹ වෙනුවට සුන්දර නව කොළඹක්‌ කෙටි කාලයක්‌ තුළ ගොඩනැඟී තිබේ.

    එජාප ආණ්‌ඩු යටතේ ගෝල්ෙෆ්ස්‌ පිටිය ද විකුණා දැමීමට යෝජනා කර තිබූ අතර එය නතර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්‌ මගිනි. එවැනි අවදානම් රහිතව ආයෝජකයාගේ කරටම බර දී ඇති වරාය නගර ව්‍යාපෘතිය, එක්‌ පැත්තකින් රටට අලුතෙන් ලැබෙන සම්පතකි. අනෙක්‌ පැත්තෙන් ශ්‍රී ලංකාව වරාය ක්‍ෂේත්‍රයෙන් ලෝකයේ ඉදිරියට ඒමකි. මෙවැනි ව්‍යාපෘති සඳහා බාධා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ වරාය දියුණු වීම නිසාම තමන්ගේ වරායන් පිරිහීමට ලක්‌වන රටවල්ය. නැතිනම් තමන්ගේ වරාය කටයුතු සඳහා ද ශ්‍රී ලංකාවේ වරායන් කරා ඒමට සිදුවෙතැයි සිතන රටවල්ය.

    වරාය අධිකාරියේ සභාපතිවරයා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙම ව්‍යාපෘතිය නිමා වන විට මෙතෙක්‌ වරාය අධිකාරිය ලබාගෙන ඇති සියලු ණය එයින් ගෙවා නිම කළ හැකි බවය. හම්බන්තොට ඇතුළු වරායන් පහක්‌ සඳහා ගත් ණය ද ඇතුළුව වරාය අධිකාරිය ලබාගෙන ඇති ණය තොගයම මෙයින් ගෙවිය හැකි තැනක තිබේ නම් විවාද කළ යුත්තේ තවත් මෙවැනි නගරයක්‌ ඉදි නොකරන්නේ ඇයි ද යන තැන සිටය.

    * මනෝජ් අබයදීර posted Jun 21, 2014, 10:54 PM by Sameera Colambage
     

    Similar threads