මචන් මමත් ඊයේ වැඩසටහන ඉවර වෙනකන් බැලුවා. මොකද මාත් ගොඩක් අගය කරන පොරක් තමා කොතලාවල.. නමුත් වැඩ සටහන යන අතර තුර මට මිනිහ ගැන ඇත්තටම තරහක් ආව. මිනිහ කියනව මන් හිරේ ගිය නිසා දුප්පත් අයගේ දුප්පත් කම දැක්ක කියල ඒක නිසා මන් තීරණයක් අරන් තියෙන්නේ දුප්පත් අයට උදවු කරන්න කියල. මේ දවස්වල පාරේ ඉන්න පොඩි අයට ටොෆි චොකලට් බෙදනව කියල මිනිහම කියුව. නමුත් සන්නස්ගල ඇහුවා ඔබතුමාගේ නමට, ඔබතුමා ගැන විශ්වාසය තියල ගෝල්ඩන් කී එකේ තැන්පතු කරපු මිනිසුන් පවු නැද්ද කියල. මිනිහා ගත් කටටම කියුවේ නෑ කියල. මන් ඒ ගැන දන්නෑ ඒවා දැන් ආයතනය පාලනය කරන පාලක මණ්ඩලයෙන් අහගන්න කියල. නමුත් සමාජය තුල තැනක් ඇති මිනිහෙක් හැටියට ඉගන ගත්තේ නැතත්, ව්‍යාපාර ගැන හොද දැනුමක් තියෙන පුද්ගලයෙක් හැටියට මිනිහට තිබුනා මාව සම්පූර්ණයෙන් නිදහස් කරොත් (දැනට තියෙන නඩු වලින්) මට පුලුවන් අසරන උන ගෝල්ඩන් කී තැන්පතු කරුවන් ගැන බලන්න කියලා. ඇත්තටම කොතලාවල ගෝල්ඩන් කී කතාවෙන් හැම වෙලාවෙම මගඇරලා ගියා. අනික මිනිහා කියනව මට දැන් අවශ්‍ය මිනිසුන්ට මෛත්‍රී කරන්න කියල. නමුත් හරි මිනිහෙක්නම් මුලින්ම කරන්න ඔනා ඔහුගේ ව්‍යපාරයක් නිසා අසරන වුන මිනිසුන් ඒ දුගෙන් ගලව ගන්න එක. අන්න එතකොට පොරට පුලුවන් අපි හැමෝටම මෛත්‍රි කරන්න.
තව දෙයක් සන්නස්ගලට මාධ්‍ය වේදි කලාව හරියන්නේ නෑ. පොරට උගත්කම තිබුනට දන්නේ නෑ තමන් ඉදිරියෙන් ඉන්න මිනිහාගේ හිත නොරිදා කතා කරන්න.
නමුත් දැන් ITN කියන්නේ පැත්තක් නැති මාධ්‍යයක් කියලනේ අන්න ඒ නිසා වෙන්න ඇති බටර් නොගහ කෙලින්ම කාතා කරන්න ඇත්තේ.
තව දෙයක් සන්නස්ගලට මාධ්‍ය වේදි කලාව හරියන්නේ නෑ. පොරට උගත්කම තිබුනට දන්නේ නෑ තමන් ඉදිරියෙන් ඉන්න මිනිහාගේ හිත නොරිදා කතා කරන්න.
නමුත් දැන් ITN කියන්නේ පැත්තක් නැති මාධ්‍යයක් කියලනේ අන්න ඒ නිසා වෙන්න ඇති බටර් නොගහ කෙලින්ම කාතා කරන්න ඇත්තේ.








company deal gananm hriyatam porama karapuwa kiyala kiyanna bane.
U chairman uuta salli enawanan echcharai