1954 මාර්තු මස 16 වන දින ශ්‍රි ලංකාවේ කොළඹ ප්‍රදේශයේ උපත ලද ඕස්ට්‍රේලියානු ජාතික මොහු තම 60 වන විය පසුකරමින් සිටී.
පුහුණුකරුවෙකු ලෙස ඉතා පහල මට්ටමේ කණ්ඩායම් ඉහලින් ඔසවා තැබීමට මොහු කල මෙහෙය අති සුවීශේෂීය.1996 ලෝක කුසලානය සඳහා සහභාගී වීමට ප්‍රථම ඉතා දුර්වල කණ්ඩායමක් ලෙස නම්කර තිබු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම මොහුගේ පුහුණුකාරීත්වය යටතේ කුසලානය හිමිකර ගැනීම දක්වා රැගෙන යාමට තරම් සාර්ථක විය.හඹායෑම,ප්‍රවේගකාරී ආරම්භය,කණ්ඩායම් හැඟීම තම උපායන් කොටගත් සිංහ පැටවුන්ට ප්‍රථමවරට ලෝක කිරුළ සිප ගැනීමේ අවස්ථාව කරගැනීමට මොහු සමත් විය.
ඉන් පසු බංග්ලාදේශ පිලෙහි පුහුණුකරු බවට පත් වූ මොහූ තරුණයන්ගෙන් පිරුණු බංග්ලාදේශ පිල ජාත්‍යන්තර තරඟාවලියන් හී දී ප්රබලයන්ට අභියෝගයක් කල හැකි මට්ටමට නඟා සිටුවූවේ ය.
ඉන් පසු පකිස්තාන කණ්ඩායමට ද තම සහය ලබාදුන් වට්මෝර් මෙවර යළි කරළියට පැමිණෙන්නේ සිම්බාබ්වේ පුහුණුකරු ලෙස ය.පෙරහුරු තරඟයේ දී ප්‍රබල ශ්‍රි ලංකා පිල පැරද වූ ඔහුන් ක්‍රිකට් ලොව දැවැන්තයෙක් වූ දකුණු අප්‍රිකානුවන් මඳකට සලිත කරමින් තියුණු පරාජයක් වැළඳ ගත්තේ ය.
මෙවැනි පුහුණුකරුවන් ක්‍රිකට් ක්‍රිඩාවට ආලෝකයකි.තවදුරටත් ඔහුට ක්‍රිකට් ක්‍රිඩාවට තම සේවය ලබාදෙමින් ඉදිරියටත් ක්‍රිකට් ලොව ඒකාලෝක කරනු ඇත.