DAV Whatmore!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    1954 මාර්තු මස 16 වන දින ශ්‍රි ලංකාවේ කොළඹ ප්‍රදේශයේ උපත ලද ඕස්ට්‍රේලියානු ජාතික මොහු තම 60 වන විය පසුකරමින් සිටී.
    පුහුණුකරුවෙකු ලෙස ඉතා පහල මට්ටමේ කණ්ඩායම් ඉහලින් ඔසවා තැබීමට මොහු කල මෙහෙය අති සුවීශේෂීය.1996 ලෝක කුසලානය සඳහා සහභාගී වීමට ප්‍රථම ඉතා දුර්වල කණ්ඩායමක් ලෙස නම්කර තිබු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම මොහුගේ පුහුණුකාරීත්වය යටතේ කුසලානය හිමිකර ගැනීම දක්වා රැගෙන යාමට තරම් සාර්ථක විය.හඹායෑම,ප්‍රවේගකාරී ආරම්භය,කණ්ඩායම් හැඟීම තම උපායන් කොටගත් සිංහ පැටවුන්ට ප්‍රථමවරට ලෝක කිරුළ සිප ගැනීමේ අවස්ථාව කරගැනීමට මොහු සමත් විය.
    ඉන් පසු බංග්ලාදේශ පිලෙහි පුහුණුකරු බවට පත් වූ මොහූ තරුණයන්ගෙන් පිරුණු බංග්ලාදේශ පිල ජාත්‍යන්තර තරඟාවලියන් හී දී ප්‍රබලයන්ට අභියෝගයක් කල හැකි මට්ටමට නඟා සිටුවූවේ ය.
    ඉන් පසු පකිස්තාන කණ්ඩායමට ද තම සහය ලබාදුන් වට්මෝර් මෙවර යළි කරළියට පැමිණෙන්නේ සිම්බාබ්වේ පුහුණුකරු ලෙස ය.පෙරහුරු තරඟයේ දී ප්‍රබල ශ්‍රි ලංකා පිල පැරද වූ ඔහුන් ක්‍රිකට් ලොව දැවැන්තයෙක් වූ දකුණු අප්‍රිකානුවන් මඳකට සලිත කරමින් තියුණු පරාජයක් වැළඳ ගත්තේ ය.
    මෙවැනි පුහුණුකරුවන් ක්‍රිකට් ක්‍රිඩාවට ආලෝකයකි.තවදුරටත් ඔහුට ක්‍රිකට්‍ ක්‍රිඩාවට තම සේවය ලබාදෙමින් ඉදිරියටත් ක්‍රිකට් ලොව ඒකාලෝක කරනු ඇත.

    URs5VJ9.jpg

     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    2003 ලෝක කුසලානය අවසන් පූර්ව වටයෙන් පැරදුනාම ඌව එලවල දැන් රෙස්පෙක්ට් කියල ඉමේජස් හදල දාපන්...
    avatar123465_40.gif
     
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    2003 ලෝක කුසලානය අවසන් පූර්ව වටයෙන් පැරදුනාම ඌව එලවල දැන් රෙස්පෙක්ට් කියල ඉමේජස් හදල දාපන්...
    avatar123465_40.gif


    96 කරපු දේ හැම වල්ඩ් කප් එකේම බලාපොරොත්තු වෙන්න බෑ බන් ;)