Does anybody know the advantage of this??
මාන්කුලම් පොලිස් කොට්ඨාසය ඉවතට
Published on Thursday, 19 February 2015 03:00 Hits: 11 යුද්ධය නිමාවත් සමඟ මාන්කුලම් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මාන්කුලම් පොලිස් කොට්ඨාසය ඊයේ (18) සිට ඉවත් කොට එම කොට්ඨාසයට අයත්ව තිබූ පොලිස් කොට්ඨාශ වවුනියාව සහ මුලතිව් පොලිස් කොට්ඨාසවලට යා කොට ඇත.
එ් අනුව මාන්කුලම් පොලිස් කොට්ඨාසයට අයත්ව තිබූ පොලිස් ස්ථාන හයෙන් පොලිස් ස්ථාන දෙකක් මුලතිව් පොලිස් කොට්ඨාසයටත්, පොලිස් ස්ථාන හතරක් වවුනියාව පොලිස් කොට්ඨාසයටත් යා කොට ඇතැයි මාන්කුලම් ප්‍රදේශයෙන් ලැබෙන ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට ගත් උත්සාහයේදී ඊට පොලිස් මාධ්‍ය කාර්යාලය ප්‍රතිචාර දැක්වූයේය. එ් අනුව මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී වනතුරු තොරතුරක් නැතැයි එම කාර්යාලයේ නිලධාරියකු රිවිරට පැවසීය.
එවැනි තොරතුරක් වේ නම් එ් බව දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර මාන්කුලම් ප්‍රදේශයේ පිහිටුවා ඇති ජාතික ආරක්ෂක බළමුළුවේ යුද හමුදා කඳවුරු දෙකක් වෙනුවට ඉන් එකක් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත්දැයි හමුදා ප්‍රකාශක බි්රගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් රිවිර විමසීමක් කළේය.
ඊට පිළිතුරු දුන් හමුදා ප්‍රකාශක බි්රගේඩියර් ජයනාත් ජයවීර මහතා මාන්කුලම් පිහිටි කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමට යුද හමුදාව මෙතෙක් තීරණය කර නැතැයි සඳහන් කළේය.
හමුදා කඳවුරු ඉවත් කිරීමක් වෙන්නෙ නැහැ. මාන්කුලම් කඳවුරුවල සිටින භට පිරිස් හුවමාරුවක් වෙනවා. එ්ක යුද හමුදා අභ්‍යන්තර කටයුත්තක්. බි්රගේඩියර් ජයනාත් ජයවීර පැවැසීය.
රමේෂ් වරල්ලෙගම


