ළමයි_හදමුද... :D

pubudukalhara

Active member
  • ළමයි හැදුවට මේවා දන්නවද බලන්න.....


    PnPeGs.jpg


    අලුත ඉපදෙන මල් වගේ පොඩි එවුන්ට අපි හැමෝම ඉතින් පට්ට ආදරෙයිනෙ...ඔන්න ඉතින් ඒ වගේ චුචි මල් ගැන පොඩි විස්තර ටිකක්...


    01. සෑම තත්පරයකම දරු උපත් 4ක් පමණ සිදුවෙනවා...

    d6Z6Gj.jpg

    අප ජීවත්වන ලෝකයේ මිනිත්තුවකට දරු උපත් 255ක් සිදුවෙනවා. මොකද සෑම තත්පරයකටම දරු උපත් 4.3 පමණ සිදුවෙනවා. එතකොට ඉතින් ඕකේ මුලාරම්භය ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. :P


    02. ඉපදුන විගසම බඩගාගෙන ඇවිදින්න පුළුවන්...

    1987 දී ස්වීඩනයේ කැරොලිනස්කා ආයතනය (බ්‍රෙස්ට් ක්‍රෝල්) යනුවෙන් හඳුන්වන අධ්‍යයනයක් සිදු කරා. වියලි තත්වයේ සිටින මේ දැන් උපන් කුඩා දරුවෙකු මවගේ පපුව මත තැබුවොත් පැයක් වැනි කාලයක් ඇතුලත මවගෙන් කිරිබීමට අදාළ ස්ථානය වෙත ලගාවෙන බව සොයාගෙන තිඛෙනවා.අදාල ස්ථාන දන්නවනේ ඉතින්.. :P


    03. අලුත උපන් කුඩා දරුවෙක් උපතේදීම තම මවගේ කටහඩ හඳුනනවා...

    0kbG5t.jpg

    දරුවෙකු උපත ලද විගස ශ්‍රවණ හැකියාව සියයට 100ක්ම නැහැ. කනේ ඇතුලත මැද කොටස තවමත් දියර වලින් පිරී පැවතීම නිසා යමක් ඇසීමේ හැකියාව අඩුවෙන් පවතිනවා. ඔවුනට හඳුනාගැනීමට හැකි එකම කටහඩ නම් අම්මාගේ කට හඩයි. සියලු ශබ්දයන් අතරින් ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ මවගේ කටහඩට පමණයි.


    04. අලුත උපන් දරුවන් කඳුළු සලන්නේ නැහැ...

    csEAC8.jpg

    අලුත උපන් දරුවෙක් කොපමණ හැඩුවත් කදුළු නම් සලන්නේ නැහැ. කඳුළු ප්‍රනාල සහ ග්‍රන්ථි ක්‍රියාත්මක වුනත් ඇස් යම් තරමකට තෙමන්නට ප්‍රමාණවත් තරම් කඳුළු ස්වල්පයක් විතරයි නිෂ්පාදනය වන්නේ. එම සීමිත කදුළු ප්‍රමාණය ලිහිස්සි ද්‍රව්‍යයක් සේ ක්‍රියාකරන අතර දරුවාගේ ඇස් ආරක්ෂා කරනවා. කඳුළු සැලීම ආරම්භ වෙන්නේ මාස 1 ත් සහ 3ත් අතර කාලයේදීය.


    05. වැඩුනු පුද්ගලයින්ට වඩා වැඩියෙන් කුඩා ළදරුවන් සතුව වැඩිපුර අස්ථි තිඛෙනවා...

    හොඳින් වැඩුණු පුද්ගලයෙකු කුඩා ළදරුවෙකුට වඩා කොපමණ උස වුනත් විශාල වුනත් කුඩා ළදරුවෙකුට වඩා වැඩියෙන් අස්ථි ඔවුන් සතුව නැතිලු.
    කුඩා දරුවන් අස්ථි 270ක් සහිතව උපත ලබන අතර කාලයත් සමග වැඩිවියට පත්වීමේදී එම අස්ථි ප්‍රමාණය 206 දක්වා අඩුවෙනවා. ඒ සඳහා හේතුවන්නේ ළදරුවා වැඩෙනවාත් සමගම කොඳුඇටපෙළ සහ හිස්කබල එකට සංයෝජනය වීමේ ක්‍රියාවලියයි.



    06. වැඩුණු පුද්ගලයින්ට වඩා කුඩා දරුවන් වැඩිපුර හුස්ම ගන්නවා...

    sE94YL.jpg

    වැඩුණු පුද්ගලයන්ට සහ ළමයින්ට වඩා වැඩි වේගයකින් අලුත උපන් කුඩා දරුවන් හුස්ම ගන්නවා. ඔවුන්ගේ සාමාන්‍ය හුස්මගැනීමේ අගය මිනිත්තුවකට 40යි. නමුත් වැඩුණු පුද්ගලයින් මිනිත්තුවකට ලබා ගන්නේ හුස්ම 12 ත් 20 ත් අතර අඩු ප්‍රමාණයක්.


    07. සෑම බිළිඳුන් 3 දෙනෙකුගෙන් එක් අයෙකුට උපන් ලපයක් තිඛෙනවා...

    උපන් ලප තියෙන බබාලගෙන් වැඩි හරියක් සිටින්නේ පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන්. එම ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩියි.


    08. අලුත උපන් දරුවන්ට පෙන්නේනේ සීමිත දුරක් පමණයි...

    අලුත උපන් දරුවන්ට පැහැදිලිවම දැකගත හැකි වන්නේ අගල් 8 ක් හෝ 12 ක් ආසන්නයෙන් සිටින වස්තුන් සහ පුද්ගලයින් පමණයි.


    09. බොහොමයක් දරුවන් උපදින්නේ නිල් ඇස් සහිතවයි...

    කළු ඉන්ගිරියාවට සහ කළු ඉංගිරියාවේ ප්‍රධාන පටකයට යටින් තිඛෙන වර්ණ අංශු වලින් තමයි ඇසේ වර්ණය තීරණය වන්නේ. එම ප්‍රධාන පටකයේ මෙලනින් වර්ණකය බොහෝ අවස්තාවන් වලදී උපතේදී වර්ධනය වී නැහැ. අන්න එම හේතුව නිසා ජානමය හේතුන් නොසලකා බොහොමයක් ළදරුවන්ගේ ඇස් නිල්පැහැයක් ගන්නවා. නමුත් මාස 6ක් 12ක් පමණ වන විට මෙලනින් සක්‍රීය වී ජානද සක්‍රීය වෙනවා. ඉන් පසුව ඇසේ වර්ණය දුඹුරු, ලා දුඹුරු වැනි නොයෙකුත් වර්ණයන් ගෙන් යුක්ත වෙනවා.


    10. මාස 5ක් පමණ ගියපසුව අලුත උපන් දරුවන්ගේ උපත් බර දෙගුණයකින් පමණ වැඩිවෙනවා...

    Ul1Y0z.jpg


    හොදනම් ඉතින් අනිත් අයට කියවන්න, බලන්න අදහසකුත් දාලා අපිටත් ++ වලින් සලකලම යන්න ඉතින්... :D:yes::D:yes:

    මොනවද උත්තෝ මේ දාන්නේ.අරකිට බබා හම්බ වෙන්න ලගයිද ?? මම කිව්වා උබට ඕක වෙයි කියාලා කෝ ඇහැව්වද ඇහැව්වද ඇහැව්වද ?? :growl::growl: :lol::lol: :lol::lol:
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මොනවද උත්තෝ මේ දාන්නේ.අරකිට බබා හම්බ වෙන්න ලගයිද ?? මම කිව්වා උබට ඕක වෙයි කියාලා කෝ ඇහැව්වද ඇහැව්වද ඇහැව්වද ?? :growl::growl: :lol::lol: :lol::lol:
    මොකක්?? :eek: :sorry:



    thanks bro


    elazzz... good post bro...

    good post


    good post



    Thankx මචන්ලා... :) ;)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වටිනවා....

    ඔක්කොම හොදයි ළමයි හදන්න ගෑනු පරානයක් ඉන්න එපේ.:sorry:

    බැන්ද දවසට ගෑනිව හිස් බඩ තියන්නේ නෑ.. පව්නේ...