අප මෙතෙක් අපේ උත්සහය, ශ්‍රමය, කාළය මෙහෙයවූයේ පැවති ඒකාධිපති ක්‍රමය පෙරළා දැමිම සඳහා ය. දැන් නැවතත් ඒ එසේම මෙහෙයවීමට සිදුව ඇත්තේ යළි යළිත් බලය ඩැහැගන්නට දඟලන ඒ ඒකාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ සකලවිධ ක්‍රියාවන්වලට එරෙහිව ය; එය දැක දැක ම නොදැක්කා සේ සිටින, නොඇසුණා සේ සිටින අභිනව ජනාධිපති ප්රමුඛ නිලධාරි මඩුල්ලට ය.
එය හුදෙක් ඇගේ අමාරුවට ලිවීමක් නොව ඉදිරියේ ඇතිවීමට නියමිත අනතුරක සේයා ඉව වැටීම හේතුකොට ගෙන, එය වැළැක්වීම සඳහා ගනු ලබන පියවරකි. සංග්‍රාමය අවසන් නැත. විවේක ගැනීමට ද අවකාශ නැත. මන්ද අපේ විවේකයේ දි සතුරා ආයුධ රැස් කරනු ඇත; ඔහුගේ සහචරයන් සමග නැවත පාරට බසිනු ඇත. එසේ නම් අපි යළි යළිත් සටනට බට යුතු ය. ඒ සටන ගිනි අවියෙන් නොව මාධයයෙනි…
හය වන ජනාධිපති වශයෙන් දිවුරුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එම තනතුර ලබා දුන්නේ මේ රටේ මහජනතාව ය; පැවති පවුල් පාලනයට, දූෂිත පාලනයට, වර්ගවාදි පාලනයට, ගෝත්රවාදි පාලනයට එරෙහි වූ ජනතාවය; තමන් වෙනුවෙන් නොව තම දරුවන්ගේ ද දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණන් නොබියව පෙරට පැමිණි ජනතාව ය. දැන් ඒ ජනතා පැතුම ඉටු වී ඇත. එහෙත් එය කෙතරම් දුරට සුරක්ෂිත ද යන්න ගැටලුසහගත ය. මෙය හිතළුවක් නොව, මේ වන විට පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ප්රමුඛ තව දුරටත් ඔහුගේ සට්ටැඹියන් ලෙස කටයුතු කරන ගෝත්‍රවාදීන්ගේ හැසිරිම් රටාවන්හි දක්නට ලැබෙන තත්ත්වය යි.
අභිනව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ආරක්ෂාව ඉල්ලා මැදමුලනට ගිය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ තම පරාජය බාරගත් බවක් දක්නට නොලැබේ. ඔහුගේ සහචරයන් ද එය සනාත කරයි. ඔහු සිය නිවසේ දී ජනතාව (ඔහුගේ සහචරයන්) අමතමින් කළ කතාවෙන් එය වඩ වඩාත් ප්‍රකට වන්නේ ය. ඔහු පවසන්නේ අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වී තිබෙන්නේ ඊළාම්වාදින්ගේ ඡන්දවලින් බව යි. එම ජන හමුවට පැමිණි සහචරයෙක් විමසා සිටින්නේ ‘‘මරල හරි ගත්තෙ නැත්තෙ ඇයි සර්’’ යනුවෙනි.
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මෙතෙක් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය කුමක් ද යන්න මෙයට වඩා සාක්ෂි තවත් අනවශ්‍ය ය. ඔහු පුන පුනා කියා සිටින්නේ සිංහල ජනතාව ඔහු පරාද නොකළ බව ය; සිංහල බෞද්ධ ජනතාව ඔහු පරාද නොකළ බව ය; ඔහු පරාද කළේ ඊළාම්වාදින් බව ය. සිංහල බෞද්ධ ඊළාම්වාදින් බව ය. මේ හරහා ඔහු යලි යළිත් යත්න දරන්නේ ම්ලේච්ඡ ආගම් වාදය, ජාතිවාදය අවුළුවා රටේ ජනතාව කුපිත කරවා මහා ලේ වැගිරමක් ඇති කිරීමට ය. එසේ නම් දැන් අප මේ මොහොතේ ඒ පිළිබඳ අවදියෙන් සිටිය යුතු ය; එකී නිහින ක්‍රියාමාර්ගය වළකාලිය යුතු ය.
රටේ අභිනව ජනාධිපති ආගමික කටයුතුවල යෙදීම නරක දෙයක් නොවේ. එහෙත් මේ මොහොතේ ඔහුට පිරිත් පැන් වඩන ත්‍රෛනිකායක හිමිවරුන් ඊළඟ නිමේෂයේ උන්වහන්සේලා බැහැ දැකීමට යන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට ද පිරිත් පිරිත් පැන් වඩන්නට පසුබට නොවන්නේ ය. එය උන්වහන්සේලාගේ වෘත්තිය බවට පත්ව ඇත. හිටපු ජනාධිපති, ‘‘ජනාධිපති මහින්ද රාජපක්ෂ’’ ලෙස නොව ‘‘පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ’’ ලෙස ත්‍රෛනිකායික හිමිවරුන් බැහැ දුටුව ද ඒ හිමිවරු ඔහුට ආශිර්වාද කරති.
මන්ද චිරාත් කාලයක් පුරා පූජනීය නගරයක් ලෙස සමස්ත ලෝකයේ ම අවධානයට ලක් වූ සෙංකඩගල නගරයේ පුසිගිය වකවානුව තුළ සිදු වු පාරිසරක විරෝධී, සදාචාර විරෝධී, ආගමික විරෝධී උම්මත්තක ක්‍රියාදාමයන් නවත්වන්නට මේ හිමිවරු කටයුතු නොකිරිම එයට කදිම නිදසුනකි. දෙන දෙයක් වළඳා වෙන දෙයක් බලා හිඳීම හැර අන් යමක් උන්වහන්සේලා නොකළ හ. මේ මොහොතේ ද සිදුවෙමින් පවතින්නේ එකී ක්‍රියාදාමය ම ය.
ජනාධිපතිවරයා කන්ද උඩරට දළදා මාලිගාවේ සිට ජනතාව අමතද්දී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මැදමුලනේ සිට හෙට දිනයේ ඔහුට පක්ෂපාති ජනතාව වීදි බස්සවන්නට කටයුතු සම්පාදනය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘‘නහී වේරාණ වේරාණී’’ යැයි කිව ද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඊට හාත්පසින් ම වෙනස් මගකින් බල තන්හාවෙන් උමතුව විවිධ කූඨ උපායන් මගින් නැවතත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නට යත්න දරයි. මෙය ඉවසිය යුතු, ගණන් නොගත යුතු කටයුත්තක් නොවේ. මෙය තවත් ව්‍යසනයක පෙරනිමිති ය. මෙම පෙර නිමිති දැක දැක ම නිහඩව, නිසලව සිටින්නේ නම් එය ‘‘මෛත්‍රිපාල සිරිසේන මහතා’’ ‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා’’ බවට පත්කළ ජනතාවට කරන දැවැන්ත ද්‍රෝහිකමකි.
විධායක ජනාථිපතිවරයා බලයේ සිටිය දී පමණක් නොව බලයෙන් ඉවත්ව ගිය පසු ද ඔහු අධිකරණය ඉදිරියට රැගෙන ඒමට නොහැකි ලෙස සකසා ඇති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ද ඔහු කළ වැරදි උදෙසා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි ය. එහෙත් ලියුම්කරු දන්නා පරිදි ඔහු බලයෙන් ඉවත් වු පසු කිසියම් සමාජ විරෝධි කටයුත්තක නියැළෙන්නේ නම් එය හේතුකොට ගෙන ඔහුට එරෙහිව නිත්‍යානුකූල පියවර ගත හැකි ය.
එසේ හැකියාවක් තිබේ නම් මේ මොහොතේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අයුතු ලෙස ජනතාව එක්රැස් කරමින්, ජාතිවාදය වපුරමින්, පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇතැයි කටමැත දොඩවමින් ඔහුට පක්ෂපාතී මූඪ ජනතාව පෙළගස්වමින් සිටීම වැළැක්විය හැකි ය. ඔහුගේ මුසා බස්වලට ජනතාව රැවටීම වළකනු වස් සියලු මාධ්‍යය යොදාගන්මින් ඔහු සහ ඔහුගේ සට්ටැඹියන් කළ කී දෑ හෙළිදරව් කළ යුතු ය. ‘‘දෙවියනේ මේකා මෙච්චර මුදලක් හොරකම් කරාද’’ යනුවෙන් ජනතාවගේ මුවින් පිට කරන්නට සමත් අන්දමින් මාධ්‍යය ව්‍යාපාරයක් දියත් කළ යුතු ය. එසේ නොවන්නේ නම් යුද්ධය වවාගෙන කමින් මේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ තව දුරටත් ජනතාව රවටනු නියත ය; තවත් ජන සංහාරයක් වෙත රට තල්ලු කරනවා නියත ය.
තමන්ගේ ලේ සෙලවු පාපතරයාට දණ නමා වඳින්නට තරම් දින වූ හෙළයේ නිළිරැජිණ මේ මොහොතේ තම අසුන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ වෙත පුදන්නට සුදානම් වන්නේ තම අමනකම ඉහටත් උඩින් ප්‍රදර්ශනය කරමිනි. ඔවුන්ගේ අමනකම් ඔවුන් තුළම තිබිය දී මේ මොහොතේ අපි අපේ යුතුකම ඉටු කළ යුතු ය. එනම් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ දැන් හැරෙන්නේ පොල් පැළයට බව දන්නා බැවින් ඊට පෙර ඔහු සහ ඔහුගේ අනේ හරක් රැල පන්නා දැමිය යුතු ය.
එසේ නොවුනහොත් උතුරේ සිදු වු ජනඝාතනයට වඩා විශාල ජනඝාතනයක් දකුණේ සිදුවීමට ඉඩ ඇත. මන්ද පෙර සඳහන් කළ පරිදි ඔහුගේ සහචරයන් දැන් ‘‘මරල හරි ගන්න’’ සුදානම් ය. මේ ම්ලේච්ඡයන් රැල ඒතරමට ම උම්මත්තක භාවයට පත්ව ඇත. උම්මත්තකයන් උම්මත්කාගාරයට ගාල් කරනවා මිස සමාන්‍ය සමාජයේ නොතැබිය යුතු ය.