අද මම දළදා මාළිගාව පිටිපස්සේ තියන නුවර කෞතුකාගාරය බලන්න ගියා. ඒත් ඒක නඩත්තු කටයුතු වලට වහලා. ඒක නිසා මම මාළිගාව බලන්න ගියා. සෑහෙන කාලෙකට පස්සේ ගිය නිසා මම පින්තූරු ටිකකුත් ගත්තා. මාළිගාවේ කෞතුකාගාර දෙකක් තියනවා ඒත් ඒ එකකවත් ඇතුලේ පින්තූරු ගන්න දුන්නේ නෑ. දුකයි ඒක නිසා. ඒත් සෑහෙන දේවල් තියනවා බලන්න ඒ කෞතුකාගාරවල. ඔයාලා ගියොත් අනිවාර්යෙන්ම බලන්න යන්න.


