පන-පොවන-සේයාරුව

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
පන-පොවන-සේයාරුව

මෙතන පහලින් තියෙන්නේ පනස් අටවැනි වරට පවත්වපු අන්තර්ජාතික මාධ්‍ය ඡායාරූප තරඟාවලියෙදී ඇගයීමට ලක් උන ජායාරුප 7 ක්.
ලෝකේ තිබෙන දේශපාලනික, පාරිසරික, සංස්කෘතික, සංවේදී සිදුවීම් තමයි මෙහි තියෙන්නේ.

ජායාරුපට යටින්, ඒ ගැන කෙටි විස්තරයක් සරල සිංහලෙන් මම දාලා තියෙනවා.


1)

lk4ljwwz66hb18x8aebc.jpg


මේ පින්තුරය අරං තියෙන්නේ ඉස්තාන්බුල් නගරයේදී. මෙහි පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර පැවති ගැටුමකදී තුවාල වෙලා බිම වැටෙන ගෑනු ළමයෙක් තමයි මේ ඉන්නේ.

2)

xjbeyw5mqk1odnihvvga.jpg


මේ පින්තුරේ ඉන්නේ ඉබෝලා කියන රෝගය හැදුනු කෙනෙක්. මේ කෙනා තමන් නවතා සිටි රෝහලෙන් පැනලා ගිහිල්ලා ඉන්නකොට තමයි, මේ සහන කණ්ඩායම් ගිහිං ඔහුව නැවත ප්‍රතිකාර ලබාදීම සදහා රැගෙන එන්න හදන්නේ. ඒත් හැබැයි මේ පින්තුර අරං සුළු වෙලාවකට පස්සේ මේ රෝගියා මිය ගිහිං...

3)

lxkrvuhdilnunoyu3ewh.jpg


මේ ජායාරුපය අරං තියෙනෙන් චීනයේදී. මේ ඉන්නේ චීනයේ සර්කස් සංදර්ශනයකට පුහුණු කරන වඳුරෙක්. කසයක්‌ අතේ තියාගෙන ඉන්නේ පුහුණුකරු.

4)

s0zutga4ax5kzbuvbelz.jpg


මේ පාසල් නිල ඇඳුම් අයිති නයිජීරියාවේ සිටි දැරියන් තිදෙනෙක්ට. මේ තුන්දෙනාද ඇතුළු තුන්සීයක පමණ පාසල් දැරියන් පිරිසක් පැහැරගෙන යනවා දෙදහස් දාහතර අවුරුද්දේ අප්‍රේල් මාසේ. මේ පාසල් දැරියන්ව පැහැරගෙන යන්නේ බෝකෝ හරාම් කියන කැරළිකරුවන්.

5)


tmg2jvbivxum7vbgn3dc.jpg


මේ ජායාරුපය අරං තියෙන්නේ චීනයේ ඇති කර්මාන්ත ශාලාවකදී. ඔය ෆොටෝ එකේ ඉන්නේ අවුරුදු 19ක් වයස තරුණයෙක්. ඔහුගේ රාජකාරිය තමයි නත්තල් උත්සවයට භාවිතා කරන සැරසිලි ආදිය වර්ණ ගැන්වීම. මේ තරුණයා නත්තල් සීයාගේ තොප්පියක් පැළද ඉන්නේ ඔහුගේ හිසකෙස් වල පාට තැවරීම වලකා ගන්න ඕනි හින්දා..

6)

uh3ekzddnovoh8o0d2ij.jpg


මේ ජායාරුපය අරං තියෙන්නේ කොලොම්බියාවේ ජායාරුප ශිල්පියෙක්. මේ සතුන්ගේ බෙල්ල ගාවින් කපලා මරන එක තමයි මේ ස්ථානයේ සේවය කරනා අයගේ රැකියාව. ඊට පස්සේ කරන්නේ මේ සම ගලවලා ගන්න එක.
මේ සතුන්ගේ සමෙන් හදන බෑග්,පාවහන් ආදිය යුරෝපයේ සහ ආසියාවේ ඇතැම් දියුණු රටවල අලෙවි වෙන්නේ ඩොලර් දහස් ගනන් වලට.


7)

ehtcnhx2hqeziswl7khs.jpg


මේ පින්තුරය අරං තියෙන්නේ ගාසා තිරයේදී. මේ ඉන්නේ සහෝදරයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා මේ ශෝක වෙන්නේ ඊට සුළු මොහොතකට කලින් එල්ල උන ෂෙල් ප්‍රහාරයක් නිසා මියගිය ඔවුන්ගේ පියා වෙනුවෙන්...


මේ ජායාරුප මම දැක්කේ බිබිසි එකේ. මේ ලිපියෙන් ඔයාලා නොදන්නා දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක්.

-මම කලින් දාපු ත්‍රෙඩ්-


අත්හැර දැමු ස්ටේෂම
නීල් චිත්‍රපට නිළිය
අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය