චිත්‍රපටයකින් ලැබෙනුයේ හුදු සරල රසාස්වාදයක් පමණක් නොවේ. එය පුද්ගලානුබද්ධ චින්තනය, චින්තන වීථි වෙනස් කර ඔහුගේ චර්යාත්මක වෙනසක් සහ එමගින් දිශාව සොයා ගත් නව ජීවන ක්‍රියාවක් ද ජනිත කරවිය හැකි බලගතු දේශපාලන මෙවලමක් ද වේ. මේ මතය තීව්‍ර ව තහවුරු කෙරෙන චිත්‍රපටයක් 85 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂීය චිත්‍රපටය ලෙස නිර්දේශිත විය. එය නම් 2012 වසරේදී පැබ්ලෝ ලැරේන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු ව්ධ නම් වූ චිලී සිනමා කෘතියයි.
මෙම චිත්‍රපටය වූ කලී 2012 දී නිර්මාණය වන්නේ 1988දී චිලී දේශයේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙනය. ඉතා කූප්‍රකට නිර්දය පාලකයෙකු වූ ජෙනරාල් ඔකස්ටෝ පිනෝච්ෙ නම් ඒකාධිපතියා තවත් වසර 08ක් සිය පාලන බලය දිගු කර ගැනුමට 1988දී ජනතා කැමැත්ත ජනමත විවරණයක් මගින් උරගා බැලීය. ඒ වන විට සකලවිධ බලවේග යොදවා චිලිය හා චිලී ජන විඥානය තුළ පිනෝච්ෙ බලයෙන් පදිංචි වී සිටියේය. ජනමතයේදී කඥඵ නම් ප්‍රචාරක කඳවුර හා ව්ධ නම් ප්‍රචාරක කඳවුර ජන මතය සිය මතයට අවනත කර ගැනුමට සියලු උපක්‍රම යෙදීය. කඥඵ මෙහෙය වූයේ බලගතු පාලක රෙජීමයයි. ව්ධ ට
නායකත්වය දෙන ලද්දේ අප්‍රකට දැන්වීම්කරුවෙකු වූ කුඩා නිර්මාණශීලීි මිනිසෙකි. එය කෙතරම් ආකර්ෂණීය නිර්මාණාත්මක හා පිරිපත ඉවසු එසේම සත්‍යය පදනම් වූ ප්‍රයත්නයක් ද යත් චිලී ජනතාවෙන් බහුතරය පිනෝච්ෙට ව්ධ කීවාහ. ඒකාධිපති වියරුව අවසන් විය. නව චිලියක් උදා විය.
දැන්වීම්කරණය හා ප්‍රචාරණය දේශපාලන මෙවලමක් සේ කෙතරම් බලගතු අවියක් ද යන්න ව්ධ චිත්‍රපටය කියා සිටියි. අන්තෝනියෝ ස්කමේතාගේ අප්‍රකාශිත නාට්‍ය පිටපතක් ඇසුරින් ව්ධ හි තිරනාටකය ලියැවිණි.
ස්කමේතා යනු ලියනගේ අමරකීර්ති විසින් අපට හඳුන්වා දෙනු ලැබූ ‘නෙරූදාගේ ලියුම්කාරයා’ නම් අපූරු ග්‍රන්ථයේ ද රචකයා වේ.
චිලියේදී පිනෝච් මිලිටරි ජුන්ටාව භාවිත කොට පාලන බලය ලබාගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට නොවේ. ඊට ප්‍රථම චිලියේ නායකයා කවුද? ඒ නම් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මගින් බලයට පත්වූ ලොව ප්‍රථම සමාජවාදී ජනාධිපති වූ සැල්වදෝර් අයියන්දේ මිස අනෙකෙකු නොවේ. එහෙත් ඒ ඉතාම කෙටි කලකටය. මිලිටරි බලය පැහැරගෙන ජෙනරාල් පිනෝච්ෙ කුරිරු ලෙස රාජ්‍ය අයත් කරගති. ජනපති මැදුරට වෙඩි වර්ෂා එල්ල විය. මිනිසුන් දහස් ගණන් ඝාතනය විණ. සන්තියාගෝ ජාතික ක්‍රීඩාගාරයට දහස් ගණන් ගාල් කෙරිණ. අතපය සිඳ බිඳ මැෂින් තුවක්කු උණ්ඩ විශාල ප්‍රමාණයක් සමග ඝාතනය වූ පරඬැල් සිරුරක් මහපාරට විසි කෙරිණි. ඒ අසහාය චිලී ගායක වික්ටර් හාරාගේය. ඒ වන විට වද විඳිමින්ම “නොනිමි ගීතය”ඔහු ක්‍රීඩාගාරයෙන් පිටතට යවා තිබිණ. ජනපති කොටු කෙරිණ. යටත් වන්නට, මරණය පිළිගන්නට බලකෙරුවේ ෂෙල් වෙඩි වැසි මගිනි. ඒ අරගලකාරී සෘජු ජනමිතුරු ජනපති සිය සටන් සගයා වූ පිදෙල් කැස්තේරා් තෑගි කළ අවියෙන් වෙඩි තබාගෙන දිවියෙන් සමුගති. චිලිය අරාජික විණ. දැන් 1988දී චිලිය නම් ඝාතන දේශය බිහිකළ ඒකාධිපතියා තවත් වසර 08ක් ජනතාව රැවටීමට සූදානම්ය.
රෙනේ සවේද්‍රා නම් නිර්මාණශීලී දැන්වීම්කරුවා බාර ගත්තේ සුළුපටු වගකීමක් නොවේ. රැවටුණු, ඇස ගිනිකණ වැටුණ, බියෙන් ත්‍රස්ත වුණු චිලී ජනයාගේ මනස නම් සූක්ෂාමාදර්ශය වෙනස් කිරීම සත්‍ය ලෙසම දුෂ්කර කාර්යයක් විය. ඔහුගේ පවුල (බිරිඳ හා දරුවා) ගැටුම් සහිතව ඉදිරියට යන්නකි. බිරිඳ ඔහුගෙන් වෙන්වුවද සිය ආදරණීය පුත්‍රයා කිසි විටෙකත් රෙනේ අත නොහරියි. මෙය ප්‍රබල සිනමා සංකේතයක් ලෙසද ක්‍රියාත්මකය. එම පවුල් පීඩනය ඕනෑම චිලී පවුලක තිබිය හැකිය. රෙනේ ජනතාව අතර ගැවසෙන්නේ පුතු ද වඩාගෙනය. මේ ඒකාධිපති පාලකයාට ව්ධ නොකිවහොත් සියලු පියවරුන් සිය පුතුන්ට ව්ධ කියා අනාගතය වනසා දමන්නාක් මෙනි.
රෙනේ සහ ඔහුගේ එක් හදැති මිතුරු පිරිස දියත් කරන්නේ නිර්මාණශීලිත්වයෙන් පිරිපුන් දැන්වීම්කරණයකි. ව්ධ නම් වදන චිලිය පුරා රැව් දෙයි. රූපවාහිනියට ඔවුන් නිමවන ප්‍රචාරක වැඩසටහන් තුළ පීඩිත චිලියේ දුක්ඛිත විඥානය, හාස්‍යය හා ප්‍රඥාව සමග ගලා යයි. වාහනවල ජල පිසදමනයන් වීදුරුව මත දෙපසට වැනෙන්නේ ව්ධ කියමිනි. තරුණ තරුණියන් විනෝද ගමන් යන විට රථයෙන් එළියට දැමූ කකුල් වැනෙන්නේ ව්ධ කියමිනි. රාත්‍රී නිදි ඇඳේ දී නොගැළපෙන යෝජනා පැමිණි විට සැමියා බිරිඳට ව්ධ කියයි. මෙබඳු තැන් විශාල ප්‍රමාණයකි. “සිටිසන් කෝන්” චිත්‍රපටයේදී “ම්” අකුර සේ චිලියේ සියලු අහුමුළුවල ව්ධ අකුරු ගලා යයි.
කඥඵ කඳවුර ප්‍රචාරණය සමග මර්දනය ද මුදා හරියි. මාධ්‍යවේදීන් පැහැර ගැනීම්, ගිනි තැබිම්, ඝාතන, මාධ්‍ය ආයතන පාලනය ශ්‍රී ලංකාවේ සත්‍ය පිටපතක් සේය. 2015 ජනවාරි 08දා තිබූ සිරිලක ජනපතිවරණය සහ එහි භාවිතය දැඩි විමතියක් සමග ව්ධ චිත්‍රපටය හා බැඳී ඇත. ලංකාවේ කඥඵ කඳවුර චිලියේ නිවුන් සහෝදරයා ගේ වසර අටකට බල දිගුවක් ඉල්ලීම, පාප් තුමාගේ සම්ප්‍රාප්තිය, මර්දනය, රැවටීම, ආශිර්වාදයක් සේ පෙනෙන විනාශය, වපුරන ලද ජාතිවාදය මෙහිමසේය. පාසලේ, අවන්හලේ, නාට්‍යාගාරයේ සිට නගර නිර්මාණ හා රියැලිටි තරු ඉපිදවීම තෙක් මිලිටරිය වසා ගැනීම මෙහෙම සේය. එහෙත් මෙහි නොමැති ලෙස ජනමාධ්‍ය නිර්මාණශීලිත්වයක් රෙනේ විසින් භාවිත කර චිලී ජන අනුමැතිය ක්‍රමිකව සහ පීඩාව ඉවසමින් ම පෞද්ගලික දිවිය බිඳ වැටෙද්දීම වෙනස් කළේය.
ඔහු සිය වගකීම ඉටුකරන විට අපට සිහිපත් වන්නේ ‘ගරිල්ලා මාකටින්’හි සිටි දැන්වීම්කරුවා වූ තිසරය. ජනපති අපේක්ෂක ගේරගරි අධිකාරම්ය. ඔවුන්ගේ සත්‍ය දිවිය දැන් ඔබට සිහිවනවා ඇත. ජයන්තගේ කෘතියේ නිමාවේදී තිසර උමතු වී ඇත. ව්ධ හි අවසානයේ නව චිලියක් බිහිවී ඇත.
සියලු වගකීම් ඉටුකළ පසු ජයග්‍රාහී මැතිවරණ ප්‍රතිඵල ඇසෙද්දී රෙනේ සිය ප්‍රාණසම පුතුද වඩාගෙන සතුටු ජනගඟ අතරින් පිටතට ඇදී යයි. ඔහු කළේ ව්‍යාපාරික ආයතනයක කොන්ත්‍රාත්තුවක් නොවේ. එය පරිපූර්ණ දේශපාලන ක්‍රියාවකි. අරගල ක්‍රියාවකි. ඔහු චිලී මිනිසා වෙනස් කළේය. ඒ අරුතින් ඔහු ඓන්ද්‍රිය කලාකරුවෙකුද වෙයි. නිර්ව්‍යාජ මිනිසෙකු සේම අමරණීය වීරයෙකු ද වෙයි.
දිනා දුන් නව රජයෙන් ඉල්ලීමට ඔහුට කිසිවක් නැත. නව රජයේ අරුණලු සමග සුපුරුදු නිදහස් ඉරියව්වෙන් ඊළඟ දිනයේ පුරුදු කාර්යාලය වෙත සේවයට යන රෙනේගේ නිවහල් දර්ශනය සමග චිත්‍රපටය නිම වේ.
කලාකරුවා හා පුරවැසියා යනු කවුදැයි සොයා ගත නොහැකි ලංකාවට ව්ධ චිත්‍රපටය මහඟු ආදර්ශයකි. සාමාන්‍ය මහජනයාට තමා තුළ නිද්‍රාගත වී ඇති පරමාධිපත්‍ය බලය පිළිබඳ ඒත්තු යන සුළු තිගැස්සී ඇහැරෙන සුළු රිදී සීනුවකි.
ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

