කච්චතිව්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සංචාරකයෙක් විදියට ලංකාවේ අනිවාර්යෙන්ම යන්න ඕනේ කියලා හිතාගෙන හිටිය තැනක් තමා කච්චතිව් දූපත. කච්ච දූව කියලා සිංහල ජනවහරේ කියවෙන්නේ කච්චතිව් දූපතයි. මේ දූපතේ අයිතිය සම්බන්ධව ඉන්දියාවත් එක්ක පොඩි ගැටලුවක් තියෙනවා කියලා ඔයලා දන්නවා ඇති. 1974 වෙනකන් මේ දූපතේ අයිතිය තිබුනේ ඉන්දියාවට. මේ දූපත බොහෝම වැදගත් උනා මුහුදු මාර්ගයෙන් භාන්ඩ ප්‍රවාහනය කරන කාලයේ. ඒවගේම තමා මන්නාරම් මුතු පරයේ සක්‍රීයව මුතු කැඩීම සිද්ධ කරන කාලයේදීත් කච්චතිව් නන් දෙසින් පැමිනි අයගේ නවාතැන්පොලක් උනා කියලා අනුමාන කරන්න පුළුවන්. කොහොම හරි 1974න් පස්සේ ඉන්දියාව තීරණය කරනවා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ තියෙන කච්චතිව් දූපතේ අයිතිය ලංකාවට පවරන්න. නමුත් මෑත කාලයේදී ආයෙත් ඔය ගැටලුව පොඩ්ඩක් මතු වෙන්න පටන් ගත්තා. අද වෙනකොට කච්චතිව් දූපතට යන්න සාමාන්‍ය ජනතාවට යන්න පුළුවන් වෙන්නේ කච්චතිව් මංගල්ලේ දවස් දෙකට විතරයි. මංගල්ලේ ඉවර වෙන දවසේ දවල් දෙකෙන් පස්සේ කිසිම කෙනෙකුට දූපතේ ඉන්න බෑ.

    සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටිය සංචාරයක්. කොහොම හරි ඉෂ්ඨ කරගන්න පුළුවන් උනා 2015 අවුරුද්දේ. මේ ගමන තමා මගේ ජීවිතේ ත්‍රාසජනකම, අමාරුම වගේම හොඳම ට්‍රිප් එකත්..

    ගමන පටන් ගත්තේ කොළඹින්. කොළබ ඉඳන් මන්නාරමට වෙනකන් කාර් එකේ. මන්නාරමේ කිරී බීච් එකේ නාවුක හමුදා කඳවුරේ ජැටියෙන් අපි ඩිංගියකට ගොඩ උනේ මහ මුහුදේ කිලෝමීටර 38ක් දුරින් තියෙන කච්චතිව් වලට යන්න.. උදේ 6.00යි හරියටම පිටත් වෙනකොට

    මන්නාරමට ඉර නගින විදිය මන්නාරම් මුහුදේ ඉඳන් පේන්නේ මෙහෙමයි.
    10014560_10153052447606418_4791518975404767857_n.jpg


    උදේම රස්සාවේ යනවා.
    11057750_10153052448121418_5770499743470720421_n.jpg


    අපේ ගමන් මාර්ගය වැටිලා තියෙන්නේ ආදම්ගේ පාලම මැදින්. මේ පේලියට පේන්නේ ආදම්ගේ පාලමේ දූපත්.
    11050213_10153052448291418_6452772067880821433_n.jpg


    මේ තියෙන්නේ කච්චතිව්... පැය දෙකහාමාරක ගමනක්.
    තවමත් රුවල් ඔරුවෙන් කච්චතිව් වන්දනාවේ එන බැතිමතුන් ඉන්නවා කියන්න මෙන්න සාක්ෂි..
    11038992_10153052448731418_2739622629349067715_n.jpg


    මන්නාරමේ කීරි වෙරලෙ ඉඳන් ආදම්ගේ පාලම හරහා ගමන් කරලා කච්චතිව් වලට එන්න අපිට ඩිංගියක පැය දෙකහාමාරක් විතර ගියා. කිලෝමීටර 38ක්විතර මන්නාරම් මුහුදෙයි, Open sea එකෙයි. අපේ බොට්ටුවේ ඇන්ජිම අශ්ව බල 25 එකක්. කච්චතිව් වලට කිට්ටු වෙනකොට රාමේශ්වරම් ටිවී කුලුන එහෙම පැහැදිලිව පේනවා
    11054350_10153052449106418_758665253963861944_n.jpg


    ඉන්දියානු බැතිමතුන් පිළිගන්න සියල්ල සූදානම්
    11044587_10153052449501418_8604633222695748090_n.jpg


    ශ්‍රී ලංකා නාවුක හමුදාව ඉතා විශාල කාර්යභාරයක් කච්චතිව් මංගල්ලය වෙනුවෙන් සිදුකරනවා.
    11046871_10153052450386418_3948935043678234401_n.jpg



    ශාන්ත අන්තෝනි මුනින්දානන්ගේ දේවස්ථානය
    11057452_10153052450831418_7192276319583615767_n.jpg


    10382447_10153052451231418_1922662075152886582_n.jpg


    11043188_10153052451511418_2709054706254247516_n.jpg


    කච්චතිව් වල ටික වෙලාවක් ඉඳලා ඩෙල්ෆ්ට් වලට යන්න අපි පිටත් උනා. මේ මගේ ගමන් සගයා. අමිත අයියා..
    10919001_10153052451966418_7426840871452505709_n.jpg


    ඩෙල්ෆ්ට් වලට කච්චතිව් වල ඉඳන් යන්න පැයක විතර කාලයක් යන්න ඇති. මුහුද සෑහෙන්න සැරයි. හුලඟ නිසා. කිලෝමීටර 12ක් විතර මම හිතන්නේ..
    10994218_10153052452446418_4020280582611271752_n.jpg


    ඩෙල්ෆ්ට් වල ගමන් පහසුකම් සලසගන්න විදියක් තිබුනේ නෑ. ඒකට හේතුව වෙල්ෆ්ට් වල සෑහෙන පිරිසක් කච්චතිව් වන්දනාවේ යන්න පිටත් වෙලා තිබීමයි. ඒ නිසා පොඩ්ඩක් වටපිටේ ඇවිදලා එන්න විතරයි පුළුවන් උනේ.
    10995678_10153052452831418_6703687314405400642_n.jpg


    ඩෙල්ෆ්ට් ජැටිය
    11053601_10153052453296418_9107668731255478023_n.jpg


    මේ මහ බෝට්ටුව යන්නේ කච්චතිව් වලට. ගමන් ගාස්තුව රුපියල් 500යි. පැය තුනක් යනවා මේකට කච්චතිව් යන්න.
    10417621_10153052453676418_8434971257488079656_n.jpg


    ඔහොම කෙලින්ම ගියාම කුරිකට්ටුවාන් ජැටිය. ලඟ නම් නෑ. සෑහෙන්න දුරයි.
    11044604_10153052454301418_4631231983334461869_n.jpg


    11052530_10153052454571418_6015839741285208899_n.jpg


    ඩෙල්ෆ්ට් ජැටියට එන පාර. පේනවද දකුණු පැත්තේ තියෙන ගොඩනැගිල්ලේ උඩ ඉන්න අශ්ව රූප දෙක. ඩෙල්ෆ්ට් වලට කියන්නේ "Land of the Horses" කියලා. යටත් විජිත සමයේ ලංකාවේ පාලකයන්ගේ අශ්ව ගාල උනේ ඩෙල්ෆ්ට් දිවයින. අශ්වයන් පුහුණු කිරීම, බෝ කිරීම, දෙමුහුන් කිරීම සියල්ලක්ම සිද්ධ උනේ ඩෙල්ෆ්ට් වලයි.
    11041746_10153052455266418_4218806533090351706_n.jpg


    ඩෙල්ෆ්ට් වලටම ආවේනික කොරල් තාප්ප. මේවා සෑහෙන්න ශක්තිමත්. කොරල් එකින් එක බැඳලා නෑ. ගොඩක් ශක්තිමත්.
    10919028_10153052455526418_8557165600276085958_n.jpg


    11058482_10153052455876418_2865334076992479757_n.jpg


    :eek:
    11026037_10153052456086418_7304251431899625068_n.jpg


    ඩෙල්ෆ්ට් වල ගමන් පහසුකම් ප්‍රශ්නය නිසා අපිට අකමැත්තෙන් උනත් හැරිලා එන්න සිද්ධ උනා. එහෙම නැත්තම් ඩෙල්ෆ්ට් කියන්නේ සම්පූර්ණ දවසක ගමනක්.. සෑහෙන්න දේවල් තියෙනවා බලන්න.
    11043200_10153052456261418_5670723780621746237_n.jpg


    මේ අවස්ථාව නම් සල්ලි ගෙවලා මුහුදට යන සංචාරකයන්ටත් සමහර වෙලාවට නොලැබෙන අවස්ථාවක්. 200ක විතර ඩොල්ෆින් රෑනක් අපේ බෝට්ටුව වටේ සෙල්ලම් කරන්න ගත්තා
    11034312_10153052456341418_4638229827391324166_n.jpg


    මගේ ලෙන්ස් එකයි, මුහුදේ තත්වයයි එක්ක වැඩි දෙයක් කරගන්න පුළුවන් කමක් ලැබුනේ නෑ
    11045377_10153052456471418_4129339513415696619_n.jpg


    10403516_10153052456691418_3631081350383115497_n.jpg


    10424292_10153052457096418_5985948054103749881_n.jpg


    කච්චතිව්!!!
    මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ශොට් එකක්. අපි ඉන්නේ මෙතන.
    අපි හවස 04 විතර වෙනකොට ආයේ කච්චතිව් ආවා.
    11057456_10153052457701418_4923851515446618588_n.jpg


    මංගල්ලෙට ලංකාවේ වගේම ඉන්දියාවෙනුත් මාධ්‍ය ආවරණය
    984289_10153052458121418_4311140222498457864_n.jpg


    කලින් දවසේ ඉඳන් නිදි මරලා හිටිය නිසා මහන්සියට නිදියගත්තා ගහල් යටට වෙලා. පාන්දර 03ට විතර නැගිටලා මූණකට හෝදගෙන පල්ලිය පැත්තට ගියා. දේවමෙහෙයට සියල්ල සූදානම්..
    10408839_10153052458336418_115400480241222605_n.jpg


    9000කට වැඩි පිරිසක් 2015 ශාන්ත අන්තෝනි මංගල්‍යට ඇවිත් තියෙනවා. ඉන්දියාවෙන් 4500ක් විතර ඇවිත් තියෙනවා නාවුක හමුදාවේ වාර්ථා වලට අනුව. වෙන වතාවන් වල 10,000 පන්නනවාලු. මේ පාර අඩුයි.
    11057305_10153052458551418_2959317173553239438_n.jpg


    ගොඩබිමේදියි මුහුදෙදියි අපිට උදවු උනේ මේ දෙන්නා..
    1907584_10153052458741418_5667131480779331474_n.jpg


    11046426_10153052459741418_3127384957385341837_n.jpg


    දේව මෙහෙය ආරම්භ වෙලා
    11008385_10153052460736418_3697607879565262319_n.jpg


    එලිය වැටුනට පස්සේ තමා හරියටම සෙනඟ දැක්කේ
    11026263_10153052461631418_7591785029077534936_n.jpg


    ලංකාවේ වගේම ඉන්දියාවෙත් මුහුදු රස්සාව කරන දුප්පත් මිනිස්සුන් බොහෝම භක්තියෙන් ශාන්ත අන්තෝනි මුනින්දා අදහනවා. මුහුදේ වගේම ගොඩබිමේදීත් එයාලාට එන කරදර වලට එතුමා පිහිට වෙනවා කියලයි ඔවුන්ගේ විශ්වාසය.
    10425455_10153052462861418_478237278610642247_n.jpg


    1506527_10153052463091418_8313412567733186318_n.jpg


    11062562_10153052463386418_6345987550186205499_n.jpg


    11046864_10153052463531418_3583561629661964594_n.jpg


    11037346_10153052463766418_7928831754111143111_n.jpg


    11055283_10153052463951418_6464981914560553831_n.jpg


    කච්චතිව් වලට යන්න පුළුවන් මංගල්ලේ දවස් දෙකට විතරයි. සාමාන්‍යයෙන් පෙබරවාරි, මාර්තු අතර කාලයේ තමා කච්චතිව් මංගල්ලේ පැවැත්වෙන්නේ. ඒකට හේතුව කච්චතිව් අවට මුහුදේ තත්වය හොඳ වෙන්නේ ඔය කාලෙටයි. ඒ ඇරෙන්න අවුරුද්දේ වෙන කිසිම දවසක සාමාන්‍ය ජනතාවට කච්චතිව් වලට යන්න තහනම්. නාවුක හමුදාවේ කඳවුරක් කච්චතිව් වල තියෙනවා. මේ තියෙන්නේ ඒ කඳවුර. මංගල්‍යය දවසේ හවස 02 වෙනකොට සාමාන්‍ය ජනතාව හැමෝම දූපතෙන් පිටත් වෙන්න ඕනේ. ඒක තමයි නීතිය.
    10995673_10153052464186418_2443691458347916219_n.jpg


    ලංකාවේ දෙරණ, ස්වර්ණවාහිනී, සිරස, ITN හැමෝම මාධ්‍ය ආවරණය ලබා දීලා තිබුනා.
    11061947_10153052464371418_7818711091176877086_n.jpg


    10985871_10153052464576418_1252383022342500444_n.jpg


    10659306_10153052464781418_2218750129624817210_n.jpg


    19123_10153052465081418_2337841605091435561_n.jpg


    ශාන්ත අන්තෝනී දේවස්ථානය - කච්චතිව්
    11050255_10153052465296418_4726224513366896566_n.jpg


    පැය 24කටත් වඩා වැඩි කාලයක් අපේ ගෙදර තමා මෙතන. මේ ගහ යට
    10998313_10153052465736418_2144890606886963181_n.jpg


    සිකුරාදා රෑ ඉඳන් ඉරිදා රෑ වෙනකන්ම ප්‍රධාන ආහාරය..
    11044534_10153052465976418_1041753091864188912_n.jpg


    13475_10153052466261418_7251347904328442243_n.jpg


    පොලිසියක් විතරක් නෙමෙයි, ලංකා බැංකුවෙත්, ශ්‍රී ලංකා රේගුවෙත් තාවකාලික කාර්යාල කච්ච්තිව් ව්ල විවෘත්ත වෙනවා.
    11042668_10153052466576418_5836718308193273803_n.jpg


    11007742_10153052466806418_3629445550043688745_n.jpg


    11043224_10153052467516418_4978095902689842993_n.jpg


    දූපතෙන් පිටවෙන්න කලින් අවසාන වතාවටත් පල්ලියට ඇවිත් පඬුරු දාලා ආශිර්වාද ලබාගත්තා
    10410519_10153052467796418_4940612356336081306_n.jpg


    10933794_10153052468411418_5144801059805177859_n.jpg


    අපි ආයෙත් මන්නාරමට එන්න පිටත් උනා. මේ පාර නම් මුහුද සෑහෙන්නම දරුණුයි... හුලඟත් එක්ක ඩිංගිය බොහොම තදින් උඩ ගහන්න ගත්තා.
    11059683_10153052468991418_6045485045772715513_n.jpg


    කිලෝමීටර 110ක් විතර මහ මුහුදේ අතුරු ආන්තරාවක් නැතුව අපිව එක්කගෙන ගිය කාරුණික හිනාව.
    13166_10153052469181418_5915688566727654224_n.jpg


    මේ ඔහුගේ ගෝලයා..
    11053282_10153052469366418_631068463509569034_n.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තලේමන්නාරම පේන මානයේ අපි ඉන්නේ
    10391433_10153052469586418_4955370666772286073_n.jpg


    11057750_10153052469886418_6824485182904784464_n.jpg


    ආදම්ගේ පාලම අස්සෙන් රිංගන්න හදන්නේ
    11062326_10153052470081418_2448424283248159052_n.jpg


    මේ බලන්නේ බොට්ටුව යට වදිනවද කියලා. ඩිංගිය උනත් බොහෝම පරිස්සමෙන් තමා මෙතනින් යන්නේ. මේ හරිය ගැඹුර බොහෝම අඩුයි..
    11029637_10153052470431418_7412409095960437828_n.jpg


    ඉස්සරහ බෝට්ටු ඔක්කොම රිංගන හරි පාර හොයා ගන්න බැරිව ඉන්නේ අපි එනකන්
    10985048_10153052471291418_7023692401338050877_n.jpg


    ලංකාවේ මුහුදේ මම ආසම කරන තැන් වලින් එකක් තමා ආදම්ගේ පාලම කියන්නේ. සෑන්ඩ්ස්, සෑන්ඩ් බෑන්ක්ස්, ඩාන්සින් අය්ලට්ස් කියන නම් වලිනුත් මෙතන හදූන්වනවා. මන්නාරම් මුහුදේ ඉඳන් පොර්ක් සමුද්‍ර සන්ධියට යන්න නම් මේ සෑන්ඩ් බෑන්ක්ස් හරහා ගමන් කරන්නම ඕනේ. මේ හරියේ මුහුද ගැඹුර අඩුයි. ඒ නිසා ඩිංගි බොට්ටුවකට ඇරෙන්න වෙන විශාල නෞකාවකට මේ හරහා ගමන් කරන්න බෑ. ඩිංගියක් ගමන් කරන්නෙත් බොහෝම ප්‍රවේසමෙන්. ඩිංගිය ඔය හරහා යනකොට මුහුද තනිකරම මඩ පාට වෙනවා ගැඹුර අඩු නිසා. මන්නාරමේ ඉඳන් මුහුදු මාර්ගයෙන් කච්චතිව්, ඩෙල්ෆ්ට්, පුන්කුඩුතිව්, නයිනතිව් ඔය කොහේ යන්නත් බෑන්ක්ස් වලින් රිංගලා යන්නම වෙනවා. කච්චතිව් මංගල්ලෙට ගිහිල්ලා මන්නාරමට නැවත එනකොට තලේමන්නාරම ටිප් එකයි ආදම්ගේ පාලමේ පළවෙනි දූපතයි අතරින් අපි රිංගන්න ලෑස්ති වෙනකොටම ගත්ත පින්තූරයක් සහ ෆෝන් එකේ මැප් එකේ ස්ක්‍රීන් ශොට් එක මේ තියෙන්නේ. බත්තලන්ගුන්ඩුව, කල්පිටිය, මීගමුව වගේ පැති වලින් කච්චතිව් මංගල්ලෙට එන බොට්ටු ආදම්ගේ පාලමේ දෙවෙනි තුන්වෙනි දූපත් අතරින් රිංගලා තම තමන්ගේ ගම්රටවල් බලා ගමන් කරනවා
    10014560_10153052470876418_8653457139767402089_n.jpg


    අපේ පස්සෙන් අනිත් බොට්ටුත් මන්නාරම් මුහුදට ඇතුල් උනා.
    11037772_10153052471141418_9195373021103590563_n.jpg


    10309174_10153052471511418_3678097026459080691_n.jpg


    ඩිංගියේ ගමන...
    11054464_10153052471901418_8474466457517652779_n.jpg


    කොහොමහරි අවසානයේ අපි නැවතත් නාවුක හමුදා කඳවුරට පැමිනියා බොහෝම සුන්දර අත්දැකීම් ගොඩාක් එකතු කරගෙන..

    දවස් දෙකක් අපිත් එක්ක හිටිය, අපිව ආරක්ෂා කරපු අපේ බොට්ටුව.
    1454768_10153052472371418_4088794710077837281_n.jpg


    නාවුක හමුදා ජැටියෙන් අපිව බොඩබිමට බස්සලා යන්න ගියා..
    13176_10153052472666418_2129296196120992448_n.jpg


    දවස් 02කට පස්සේ හිතේ හැටියට නාගෙන කෑම කාලා අපි නවාතැන් ගත් නාවුක හමුදා කඳවුරෙන් හවස් අතේ එලියට බැස්සේ පොඩි රවුමක් දාන්න. මන්නාරම් ආවේ අවුරුදු දෙකකට පස්සේ මම. සෑහෙන දේවල් වෙනස් වෙලා. දියුණු වෙලා.

    තලේමන්නාරම රේල්පාර. විවෘත්ත කිරීමට සියල්ල සූදානම්.
    10518961_10153052473036418_260588219491592018_n.jpg


    මන්නාරමේත් අශ්වයො කීප දෙනෙක් ඉන්නවා කියන ආරංචියට අපි ගියා බලලා එන්න
    1509298_10153052473511418_1418556497150378950_n.jpg


    10426168_10153052474191418_3937488632994473356_n.jpg


    තොඩ්ඩවේලි ඉස්ටේසම. මීට අවුරුදු දෙකහාමාරකට කලින් මන්නාරමට ආපු වෙලේ මෙතන තිබුනේ ගරා වැටුනු ඉස්ටේසමක්. අද වෙනකොට ඔක්කොම නවීකරණය වෙලා
    11062312_10153052475316418_4760500406847608910_n.jpg


    11046490_10153052475666418_1039737615841736865_n.jpg


    කලින් වතාවේ මන්නාරම් ඇවිදින් නවාතැන් ගත් ෆෝටීස් එක. ඕන කෙනෙක්ට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්තැනක්..
    11050154_10153052475981418_1422242659441997165_n.jpg


    10426184_10153052476521418_3806504203982458931_n.jpg


    1800461_10153052477436418_9100559079051771104_n.jpg


    මන්නාරම් ඇවිත් බුරුවෙක්ගේ පොටෝ එකක් දැම්මේ නැත්තම් ඇල්බම් එක සම්පුර්ණ නෑ වගේ
    11044568_10153052477956418_4526962593656623501_n.jpg


    කොළඹ එන අතරමග මන්නාරම් කොටුවට අපි ගොඩ උනා.
    10403598_10153052479026418_8223546076978714877_n.jpg


    මේක පැරණි ඝන්ටාර කුලුන විතරක්ම නෙමෙයි. එල්ලලා මරපු මිනිස්සුන්ට මරණ දඬුවම දූන් ස්ථානයත් මේකම තමයි.
    11036981_10153052479356418_80225736418659618_n.jpg


    11018659_10153052481281418_3438112780907007560_n.jpg


    මන්නාරම් කොටුවේ ඉඳන් ගොබිම පේන විදිය. මංනාරම් බොක්ක කියන්නේ ඔතනින් වම් පැත්තේ තියෙන හරියට..
    10686614_10153052483531418_3783366417694343645_n.jpg


    11058411_10153052484571418_355520000197676238_n.jpg


    ඈතින් ඉන්නේ ගොඩබිමේ ගමන් සගයා..
    1907473_10153052486071418_3830330695650994370_n.jpg


    අවසානයි... :cool:

    ප.ලි.

    ගොඩක් අය ඩෙල්ෆ්ට් වල නිල් ඇස් ගැන අහලා තිබුනා. මෙන්න මේකයි කතාව.

    ඩෙල්ෆ්ට් කියන්නේ අධිරාජ්‍යවාදී සමයේ සුද්දගේ අශ්ව ගාලනේ.
    1811 අවුරුද්දේ ඩෙල්ෆ්ට් වලට පත් වෙලා එනවා එඩ්වර්ඩ් නෝලන් කියලා අයර්ලන්ත ජාතික ලුතිනන් කෙනෙක්. එයාට තමා ඩෙල්ෆ්ට් භාර වෙන්නේ. ඩෙල්ෆ්ට් වල අද තියෙන නටඹුන් වල මුල් ගොඩනැගිලි ඔක්කොම එයා ඉදිකරපුවා. අවුරුදු 13ක් නෝලන් ඩෙල්ෆ්ට් වල තමන්ගේ ආධිපත්‍ය පතුරගෙන ඉන්නවා. ඩෙල්ෆ්ට් සෑහෙන්න ලස්සන කරනවා එයා. ගොඩනගිලි ඉදිකරනවා. එඩ්වර්ඩ් නෝලන් සෑහෙන්න ස්ත්‍රී ලෝලියෙක්. පොඩ්ඩක් නෙමෙයි. සෑහෙන්න. තමන්ට හිතූ දේ කරපු මනුස්සයෙක්. හිතු හිතු කෙල්ල උස්සන් ඇවිත් තියන් තමන්ගේම පොඩි අන්තප්පුරයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එයාගෙන් පැවතගෙන එන පරම්පරාවට නිල් ඇස් තියෙනවා. හරිම ලස්සනයි.... මට මිස් උනා.. හැබැයි ආයේ යනවා.. අනිවා... ඔය කච්චතිව් යන ෆෙරියේ එක කෙල්ලෙක් හිටියා. ඒ වෙලාවේ තිබුන තත්වය එක්ක මට පින්තූරය ගන්න බැරි උනා... කතාවට සුද්දෝ කියන්නේ මෙහෙමයි..

    "Lieutenant Edward Nolan ran the Sri Lankan island of Delft like his own little raj – building, judging, planting, and making love to all the local girls. Even today, they say, many Delftians smile with Irish eyes."
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    patta , gihin na ban oya pattata , yanna ona dawasaka , lankawe api nogiyapu tan kochara ati da