තලේමන්නාරම පේන මානයේ අපි ඉන්නේ
ආදම්ගේ පාලම අස්සෙන් රිංගන්න හදන්නේ
මේ බලන්නේ බොට්ටුව යට වදිනවද කියලා. ඩිංගිය උනත් බොහෝම පරිස්සමෙන් තමා මෙතනින් යන්නේ. මේ හරිය ගැඹුර බොහෝම අඩුයි..
ඉස්සරහ බෝට්ටු ඔක්කොම රිංගන හරි පාර හොයා ගන්න බැරිව ඉන්නේ අපි එනකන්
ලංකාවේ මුහුදේ මම ආසම කරන තැන් වලින් එකක් තමා ආදම්ගේ පාලම කියන්නේ. සෑන්ඩ්ස්, සෑන්ඩ් බෑන්ක්ස්, ඩාන්සින් අය්ලට්ස් කියන නම් වලිනුත් මෙතන හදූන්වනවා. මන්නාරම් මුහුදේ ඉඳන් පොර්ක් සමුද්‍ර සන්ධියට යන්න නම් මේ සෑන්ඩ් බෑන්ක්ස් හරහා ගමන් කරන්නම ඕනේ. මේ හරියේ මුහුද ගැඹුර අඩුයි. ඒ නිසා ඩිංගි බොට්ටුවකට ඇරෙන්න වෙන විශාල නෞකාවකට මේ හරහා ගමන් කරන්න බෑ. ඩිංගියක් ගමන් කරන්නෙත් බොහෝම ප්‍රවේසමෙන්. ඩිංගිය ඔය හරහා යනකොට මුහුද තනිකරම මඩ පාට වෙනවා ගැඹුර අඩු නිසා. මන්නාරමේ ඉඳන් මුහුදු මාර්ගයෙන් කච්චතිව්, ඩෙල්ෆ්ට්, පුන්කුඩුතිව්, නයිනතිව් ඔය කොහේ යන්නත් බෑන්ක්ස් වලින් රිංගලා යන්නම වෙනවා. කච්චතිව් මංගල්ලෙට ගිහිල්ලා මන්නාරමට නැවත එනකොට තලේමන්නාරම ටිප් එකයි ආදම්ගේ පාලමේ පළවෙනි දූපතයි අතරින් අපි රිංගන්න ලෑස්ති වෙනකොටම ගත්ත පින්තූරයක් සහ ෆෝන් එකේ මැප් එකේ ස්ක්‍රීන් ශොට් එක මේ තියෙන්නේ. බත්තලන්ගුන්ඩුව, කල්පිටිය, මීගමුව වගේ පැති වලින් කච්චතිව් මංගල්ලෙට එන බොට්ටු ආදම්ගේ පාලමේ දෙවෙනි තුන්වෙනි දූපත් අතරින් රිංගලා තම තමන්ගේ ගම්රටවල් බලා ගමන් කරනවා
අපේ පස්සෙන් අනිත් බොට්ටුත් මන්නාරම් මුහුදට ඇතුල් උනා.
ඩිංගියේ ගමන...
කොහොමහරි අවසානයේ අපි නැවතත් නාවුක හමුදා කඳවුරට පැමිනියා බොහෝම සුන්දර අත්දැකීම් ගොඩාක් එකතු කරගෙන..
දවස් දෙකක් අපිත් එක්ක හිටිය, අපිව ආරක්ෂා කරපු අපේ බොට්ටුව.
නාවුක හමුදා ජැටියෙන් අපිව බොඩබිමට බස්සලා යන්න ගියා..
දවස් 02කට පස්සේ හිතේ හැටියට නාගෙන කෑම කාලා අපි නවාතැන් ගත් නාවුක හමුදා කඳවුරෙන් හවස් අතේ එලියට බැස්සේ පොඩි රවුමක් දාන්න. මන්නාරම් ආවේ අවුරුදු දෙකකට පස්සේ මම. සෑහෙන දේවල් වෙනස් වෙලා. දියුණු වෙලා.
තලේමන්නාරම රේල්පාර. විවෘත්ත කිරීමට සියල්ල සූදානම්.
මන්නාරමේත් අශ්වයො කීප දෙනෙක් ඉන්නවා කියන ආරංචියට අපි ගියා බලලා එන්න
තොඩ්ඩවේලි ඉස්ටේසම. මීට අවුරුදු දෙකහාමාරකට කලින් මන්නාරමට ආපු වෙලේ මෙතන තිබුනේ ගරා වැටුනු ඉස්ටේසමක්. අද වෙනකොට ඔක්කොම නවීකරණය වෙලා
කලින් වතාවේ මන්නාරම් ඇවිදින් නවාතැන් ගත් ෆෝටීස් එක. ඕන කෙනෙක්ට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්තැනක්..
මන්නාරම් ඇවිත් බුරුවෙක්ගේ පොටෝ එකක් දැම්මේ නැත්තම් ඇල්බම් එක සම්පුර්ණ නෑ වගේ
කොළඹ එන අතරමග මන්නාරම් කොටුවට අපි ගොඩ උනා.
මේක පැරණි ඝන්ටාර කුලුන විතරක්ම නෙමෙයි. එල්ලලා මරපු මිනිස්සුන්ට මරණ දඬුවම දූන් ස්ථානයත් මේකම තමයි.
මන්නාරම් කොටුවේ ඉඳන් ගොබිම පේන විදිය. මංනාරම් බොක්ක කියන්නේ ඔතනින් වම් පැත්තේ තියෙන හරියට..
ඈතින් ඉන්නේ ගොඩබිමේ ගමන් සගයා..
අවසානයි...

ප.ලි.
ගොඩක් අය ඩෙල්ෆ්ට් වල නිල් ඇස් ගැන අහලා තිබුනා. මෙන්න මේකයි කතාව.
ඩෙල්ෆ්ට් කියන්නේ අධිරාජ්‍යවාදී සමයේ සුද්දගේ අශ්ව ගාලනේ.
1811 අවුරුද්දේ ඩෙල්ෆ්ට් වලට පත් වෙලා එනවා එඩ්වර්ඩ් නෝලන් කියලා අයර්ලන්ත ජාතික ලුතිනන් කෙනෙක්. එයාට තමා ඩෙල්ෆ්ට් භාර වෙන්නේ. ඩෙල්ෆ්ට් වල අද තියෙන නටඹුන් වල මුල් ගොඩනැගිලි ඔක්කොම එයා ඉදිකරපුවා. අවුරුදු 13ක් නෝලන් ඩෙල්ෆ්ට් වල තමන්ගේ ආධිපත්‍ය පතුරගෙන ඉන්නවා. ඩෙල්ෆ්ට් සෑහෙන්න ලස්සන කරනවා එයා. ගොඩනගිලි ඉදිකරනවා. එඩ්වර්ඩ් නෝලන් සෑහෙන්න ස්ත්‍රී ලෝලියෙක්. පොඩ්ඩක් නෙමෙයි. සෑහෙන්න. තමන්ට හිතූ දේ කරපු මනුස්සයෙක්. හිතු හිතු කෙල්ල උස්සන් ඇවිත් තියන් තමන්ගේම පොඩි අන්තප්පුරයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එයාගෙන් පැවතගෙන එන පරම්පරාවට නිල් ඇස් තියෙනවා. හරිම ලස්සනයි.... මට මිස් උනා.. හැබැයි ආයේ යනවා.. අනිවා... ඔය කච්චතිව් යන ෆෙරියේ එක කෙල්ලෙක් හිටියා. ඒ වෙලාවේ තිබුන තත්වය එක්ක මට පින්තූරය ගන්න බැරි උනා... කතාවට සුද්දෝ කියන්නේ මෙහෙමයි..
"Lieutenant Edward Nolan ran the Sri Lankan island of Delft like his own little raj – building, judging, planting, and making love to all the local girls. Even today, they say, many Delftians smile with Irish eyes."