පින් අතේ වැඩකට උදව්වක්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පින් අතේ වැඩකට උදව්වක්

    10378911_1005669086129555_2227970862882514999_n.jpg

    books3.JPG


    අති පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්වාමින් වහන්සේගේ සියලු පොත් ඇතුලත් කරලා facebook
    page එකක් හැදුවා මචන් මම.කාටත් සියලුම පොත් පොතේ විස්තරත් ඇතුලත්ව සියලු පොත් (27)
    ම page එකට ඇතුලත් කරා .අභාවයට යමින් තියන අපේ සම්බුද්ධ සාසනේට නැවත ජීවයක් දෙන්න තරම් ලොකු හැකියාවක් මුන් වහන්සේගේ පොත් වලට තියනවා කියල මම ගොඩක් විස්වාස කරනවා .ඉතින් එක හැම කෙනාම අතරේ බෙදා දෙන එක කොච්ච්ච්ර ලොකු පිනක්ද නේද ..:yes:


    https://www.facebook.com/Ven.RerukaneChandawimala

    ඉතින් like එකක් දාල share කරලා සහයෝගයක් දීල මේ උතුම් ධර්ම දානයට
    සහයෝගයක් දෙන්න කියලයි ඉල්ලල්ල්නේ :yes::yes:



    bump එකක් හරි දාගෙන යන්න ..එකත් ලොකු පිනක් නේ :yes:
    839405864_11-3R-mahanamimi.gif.jpg


    1. බෞද්ධයාගේ අත්පොත Bauddayage Athpotha

    බෞද්ධකම උපතින් හිමි වන්නක් නොවේ. නියම බෞද්ධයාට අවශ්යo මුලික දැනුම ලබා ගැනිමටත් බෞද්ධයකු වශයේන් හැසිරිමට අවශ්යන හැදියාව ලබා ගැනිමටත් මුලින්ම කියවිය පොතකි.

    2. පුණේයොපදේශය Punyopadeshaya

    බෞද්ධයන් කරන වන්දනා පුජා දෙක උසස් ප්ර තීඑල ලැබෙන අයුරින් කරන හැටිත්, ග්රැහ අපල, අමනුෂ්යව දොශ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්තක කර ගෑනිමට බෞද්ධයකු වශයෙන් කල යුතු වැඩත්, මාතෘකා 14 ක් යටතේ විස්තර කල පොතකි.

    3. සුවිසි මහා ගුණය Suvisi Maha Gunya

    තෙරුවන් ගුණ සුවිස්ස (24) ශ්රොද්ධා භක්තිය උපදවන ආකාරයෙන් විස්තර කර ඇති පොතකි. බෞද්ධ සාහිත්යය කෘතියක් වශයෙන් ද රසවත් ව කියවිය හැකි ය.

    4. මංගල ධර්ම විස්තරය Mangala Dharma Wisthara

    මහා මංගල සුත්රරයේ ඇතුළත් මෙලොව පරලොව. යහපත පිණිස හේතු වන මංගල කරුණු 38 සරලව පැහැදිලි කරයි. ජිවිතය සාර්ථක කර ගැනිම සදහා ආගම භේදයකින් තොරව හැමදෙනා විසින් ම කියවිය යුතු ග්රින්ථයකි.

    5. පොහොය දිනය Pohoya Dinaya

    සිල සමාදානය සාර්ථක කර ගැනිම ස්දහා කියවිය යුතු පොතකි. පොහො දින කළ යුතු වන්දනා පුජා භාවනා ආදි කටයුතු පිළිබදව විස්තර කර ඇත.

    6. බෝධි පුජාව Bodhi Poojawa

    අද බහුලව කෙරෙන පිංකමකි , බොධිපුජාව . නියම ප්රනතිපල ලැබිය හැකි අන්දමින් බෝධි පුජාව කරන ආකාරය මේ පොතින් දෑනගත හැකි ය.

    7. බුද්ධ නිති සංග්රරහය Buddha Nithi Sangrahaya

    සත්වයාගේ මෙලොව පරලොව යහපතටත්, නිවන් ලැබිමටත් උපකාර වන ධර්ම විස්තර කරන පොතකි. පිටකත්රේයේ පැතිර පවත්නා උපදේශ ගාථා 550 ක් ඇසුරින් කාහටත් ප්රොයොජනවත් සේ ස්කසා ඇති මේ පොත ඉගැන්විමටද සුදුසු ය.

    8. බෝධිපාක්ෂික ධර්ම විස්තරය Bodhipakshika Dharma Wistharaya

    බුදු, පසේබුදු, මහරහත් යනුවෙන් නිවන් දෑකිය හැකි බෝධි තුනකි. එම සත්යා වබෝධය ලබා ගැනිමට උපකාර වන ධර්ම 37 විස්තර කරන, නිවන් පතන්නන් විසින් කියවිය යුතු පොතකි.

    9. පාරමිතා ප්රබකරණය Paramitha Prakaranaya

    නිවන් ලැබිම උදෙසා කරන පිංකම් පාරමිත නම් වේ. ඒවා දහයකි. මේ පොතින් එම දහම් කරුණු විස්තර කරන අතර, පාරමිතා වඩන ආකාරය පැහැදිලි කරයි.

    10. ධර්ම විනිශ්චය Dharma Winischaya

    ධර්මය නො දැනිමේ හේතුවෙන් බෞද්ධයා අතර ඇති වන විතර්කයන්ට පිළිතුරු වශයෙන් ප්රතශ්න සියයක් අලලා සකස් කර ඇති පොතකි. බොහෝ දහම් කරුණු ගැන නිරවුල් දැනුමක් ඇති කර ගැනිමට මේ පොත කියවිම සුදුසු ය.
    11. නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්රුමය Nirwana Winischaya Ha Punuruthpaththi Kramaya

    බෞද්ධයගේ ප්රනධන බලාපොරොත්තුව වු නිර්වාණය පිළිබඳ විස්තර ඇතුළත් පොතකි. පුනරුත්පත්ති ක්රtමයෙන් සත්වයා නැවත නැවත භවයේ උපදින ආකාරය පැහැදිලි කරයි.

    12. මෙකල නිවුණු ඇත්තෝක Mekala Niunu Aththo

    දශක දෙකක් රේරුකානේ මහ නාහිමිපණන ඇසුරු කරමින් උපස්ථාන කළ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ලියු නාහිමි චාරිත වත සහ නාහිමියන් සිහිකරමින් දේශනා කළ ධම් දේශන 15 කි.

    අභිධර්මය හදරන්නන්ට සහ මනෝ විද්යා්ත්මකව බුදු දහම අගය කරන්නන්ට වැදගත් පොත්. Abhidharma

    13. අභිධර්මයේ මුලික කරුණු Abidharmaye Mulika Karunu Abhidharma

    චතුරාය්ය. සත්යමය අවබෝධ කර ගැනිමට අභිධර්මය පිළිබඳ තරමක හෝ දැනිමක් තිබිම ප්රmයෝජනවත් ය. මේ පොත කියවිම අභිධර්මය ඉගෙනිමට ද හොද පදනමකි.

    14. අභිධර්ම මාර්ගය Abidharma Margaya Abhidharma

    නිරවුල්ව හා නිවැරදිව පහසුවෙන් අභිධර්මය හැදැරිම සඳහා පිළියෙළ කර ඇති, දහම් විභාග සඳහා සුදුසු පොතකි. අභිධර්මාර්ථ සංග්රධහය අනුව ලියවි ඇත.

    15. වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම Wanchaka Darma Ha Chithopaklesha Dharma

    අකුශලයෙන් මිදිම පිණිස සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් තිබිය යුතුය. 'වතථ' සුත්රhයේ දක්වා ඇති චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් ලියා ඇත. කුසලාකාරයෙන් ඉදිරිපත් වි සිත රවටන චිත්ත ස්වභාව පැහැදිලි කරන වඤචක ධර්ම පොත බොහෝ උගතුන්ගේ පැසසුමට ලක් වි ඇත. මේ පිළිබඳව ලියැවුණ එකම පොතය.

    16. කෙලෙස් එක් දහස් පනිසියය Keles Ek Dhahas Panisiyaya

    නොයෙක් වර අසන්නට ලැබෙතත් මේ ගැන දන්නන් විරලය. කෙලෙස් වශයෙන් ඉදිරිපත් වන චිත්තස්වභාවයන් අනේකාකාරයෙන් විස්තර කරන පොතකි.

    17. පට්ඨාන මහා ප්ර්කරණ සන්නය Pattana Maha Prkarana Sannaya Abhidharma

    පට්ඨානය අභිධර්ම පිටකයේ අන්තිම පොතයි. පට්ඨාන ප්රtකරණය උගත යුතු ආකාරය පැහැදිලි කරන මේ පොතෙහි ප්රිස්ථාවනාව කර්තෘගේ අබිදම් දැනුම ප්ර්කට කරයි.

    18. අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්රදහය Anuwadha Sahitha Abidharmartha Sagrahaya Abhidharma

    අභිධර්මය ඉගෙනිම සඳහා මුලින්ම ව පොත් කරන අභිධර්මාර්ථ සංග්ර හයට කල සරල සිංහල අනුවාදයකි.

    භාවනා කරන්නවුන්ට විශේෂයෙන් ප්ර යෝජනවත් පොත් Buddhist Meditation

    19. චතුරාය්යේ සත්ය්ය Buddhist Meditation

    බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ චතුරාය්යත සතය්ය දේශනා කරනු පිණිසය. ලෝකෝත්තර මාර්ග එල ලැබිමට නම් චතුරාය්යන සත්යොය අවබෝධ කළ යුතු ය. කාටත් පහසු වෙන් තේරුම් ගත හැකි සේ චතුරාය්යh සත්යර ධර්මය පැහැදිලි කරන පොතකි.

    20. විදර්ශනා භාවනා ක්රරමය Vidarshana Bawana Kramaya Buddhist Meditation

    කෙලින්ම නිවන් ලබාදෙන පිංකම විදර්ශනා භාවනාවයි. විදර්ශනා වඩන බොහෝ ක්ර ම අතුරින් පහසුවෙන් ප්රිතීඑල ලැබිය හැකි ක්රශමයක් විස්තර කරයි.

    21. චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව Chaththalisakara Maha Vipassana Bawanawa Buddhist Meditation

    විදර්ශනා ඤාණය දියුණු විම සඳහා භාවනා කරන්නවුන් විසින් කියවිමට සුදුසු පොතකි. Vidharshana Bawana Buddhist Meditation

    22. සතිපට්ඨාන භාවනා ක්රtමය Sathipattana Bawana Kramaya Buddhist Meditation

    දැනට කදුබොඩ ආදි විපස්සනා භාවනා මාධ්ය‍ස්ථානවල පුහුණු කරන භාවනා ක්ර මය ධර්මාණුකුලව විස්තර කරයි.

    23. සතිපඨාන භාවනා විවේචන සහ තවත් කෘති

    2500 බුද්ධ ජයන්තිය සමග ඇති වු භාවනා පුනරුදය නො ඉවසු සමහර දෙනා අතර පැන නැගුණු විවෙචනයන්ට දුන් ධර්මානුකුල පිලිතුරු සහ ශාසන ඉතිහාසය හා කාලින ශාසන කටයුතු පිලිබඳ නාහිමියන් ගේ අදහස් ඇතුලත් කුඩා පොත් කිපයක එකතුවකි.

    24. පටිච්ච සමුප්පාද විවරණය Patichcha Samuppadha Wiwaranaya Buddhist Meditation

    හේතු-ප්රචත්යව න්යා ය පැහැදිලි කරන බුදු දහමේ ගැඹුරු දහම් කොටසක් විස්තර කරන පොතකි. සියලු බෝසත්වරුන් බුදුවන දින රාත්රිව පශ්විම යාමයේ භාවනාවක් වශයෙන් මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය හේතු උදහරණ උපමා සහිතව විවරණය කර ඇත.

    විනය අභිලාෂින්ට හා පැවිදි බවට පත් වු හිමිවරුනට ප්රේයෝජනවත් පොත්.

    25. ශාසනාවතරණය Shasanawatharanaya

    උපසම්පන්න හා අනුපසම්පන්න භික්ෂුන් වහන්සේලාටත් සිල්මාතාවන්ටත් අත් පොතක් වශයෙන් භාවිතයට සුදුසු ය. පැවිදි වන්නට අපේක්ෂා කරන්නන් මුලින්ම මේ පොත කියවිම මැනවි.

    26. උපසම්පද සිලය Upasampadha Silaya

    විනය නොදැන උපසම්පද විම නපුරකි, උපසම්පද ශිලය පහසුවෙන් තේරුම් ගත හැකි සේ විග්ර හ කරන පොතකි.
    27. විනය කර්ම පොත Winaya Karma Potha

    පැවිදි කිරිම උපසම්පද කිරිම හා සිමා බන්දනය කිරිම ආදි විනය කර්මයන් ගැන පැහැදිලි විස්තරයකි.

    28. අනුවාදය සහිත උභය ප්රාාතිමෝක්ෂය Anuwadha Sahitha Ubaya Prathimokshaya

    මුලින්ම වනපොත් කරන විනය අත් පොතකි. පෙළ සහිත සරල සිංහල අනුවදයෙන් යුක්තයි

    11069386_853160674733259_690768676417701439_n.jpg
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Rep දුන්න හැමෝටම පින් ..රේප් නැතත් කමක් නෑ .. fb එකේ යාළුවන් අතරේ share කරලා මේ ධර්ම දානයට සම්බන්ද වෙනවනම් :)