ඒ බං කියන විදිහ නේ....ඒ වුනාට කරන්නේ කියන දේ නෙමෙයි නේ..........එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ!
හෙළ උරුමය දැන් 19ට සපෝට් කරන්නේ නැ කියලා කියන්නේ ඇයි? ඒ මොකද හෙළ උරුමයට එක 19ක් පොරොන්දු වෙලා වෙන 19ක් සම්මත කරගන්නවා........
ආරක්ෂක අමාත්‍යාංශයේ හැර වෙන හැම අමාත්‍යාංශයකම පත්කිරීම් වලදි අගමැතිගේ අනුමැතිය ගන්න ඕනි.....ඒ කියන්නේ වහෙන් ඔරෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක තමයි.......
රනිල් 19 එයාට ඕන විදියට වෙනස් කරගෙන කියලා හෙළ උරුමේ කේස් දාලා තිබ්බා.
හෙළ උරුමේ කිව්වේ ජනාධිපති රාජ්‍යයේ, ආණ්ඩුවේ, විධායකයේ හා සේනාධිනායකයා වෙන්න ඔනේ කියලා. ඒත් කෙටුම්පත ඇවිල්ලා තියෙන්නේ ජනාධිපති රාජ්‍යයේ, විධායකයේ හා සේනාධිනායකයා කියලා විතරයි. ආණ්ඩුවේ නායකයා අගමැති කියල ඒක ඇවිල්ලා තියෙන්නේ, අන්න ඒකටයි හෙළ උරුමේ කට්ටිය කේස් දාලා තිබ්බේ.
