...ඇය...
ඉර හිතේ ගින්දරෙන් - මද්දහනේ ඇවිලෙන
විළිබියක් නැති සඳ - එතූ සළු පිළි ලිහන
අහසින් සෙනේ නැති - ඒ කතරේ කොනක
ඇය ලතා මඩුල්ලකි - පල ඇති කෙම් බිමක...
ඒ දුරු කතර මැද - කෙම් බිම් සොයා යන
අතරමං උන දන - පිපාසෙන් ඇවිදින
හෙම්බත් දනෝ එන - මල් මුවරද සිඹින
සෙවනේ ගිමන් ලන - තුරුලේම සැතපෙන...
පිණි කඳුලින් වැහුන - ළපලු නම් නොදකින
විලිකුන් සුරත් පැහැ - පල වලට ලොබ බඳින
ඇය මුවකින් නොබැණ - විසුල අතු පතරින
සිසිලෙන් සෙමෙර ලන - එන දනා සනසන...
ඉඳ හිටක ඉපැදෙන - පැටි පැල නසාලන
කම්පා වෙන සුසුම් - සුළඟටද නෑසෙන
කලාතුරකින් වහින - වැස්සකට ඇය තෙමන
අකල් වැහි නොරැදෙන - මතක විතරක් රැදෙන...
කාලයක් දුටු හීන - මුල් යට දිරා යන
මහළු කොළයක් වසා - දූවිලි උලාගෙන
ඉඳුල් මල් දරාගෙන - ඇය මග බලාගෙන
නොයිඳුල් පිං වතුන් - යති ඇස් වසාගෙන...
-දෙව්රංඟි-
මාර්තු 21, 2015[/SIZE]
ඉර හිතේ ගින්දරෙන් - මද්දහනේ ඇවිලෙන
විළිබියක් නැති සඳ - එතූ සළු පිළි ලිහන
අහසින් සෙනේ නැති - ඒ කතරේ කොනක
ඇය ලතා මඩුල්ලකි - පල ඇති කෙම් බිමක...
ඒ දුරු කතර මැද - කෙම් බිම් සොයා යන
අතරමං උන දන - පිපාසෙන් ඇවිදින
හෙම්බත් දනෝ එන - මල් මුවරද සිඹින
සෙවනේ ගිමන් ලන - තුරුලේම සැතපෙන...
පිණි කඳුලින් වැහුන - ළපලු නම් නොදකින
විලිකුන් සුරත් පැහැ - පල වලට ලොබ බඳින
ඇය මුවකින් නොබැණ - විසුල අතු පතරින
සිසිලෙන් සෙමෙර ලන - එන දනා සනසන...
ඉඳ හිටක ඉපැදෙන - පැටි පැල නසාලන
කම්පා වෙන සුසුම් - සුළඟටද නෑසෙන
කලාතුරකින් වහින - වැස්සකට ඇය තෙමන
අකල් වැහි නොරැදෙන - මතක විතරක් රැදෙන...
කාලයක් දුටු හීන - මුල් යට දිරා යන
මහළු කොළයක් වසා - දූවිලි උලාගෙන
ඉඳුල් මල් දරාගෙන - ඇය මග බලාගෙන
නොයිඳුල් පිං වතුන් - යති ඇස් වසාගෙන...
-දෙව්රංඟි-
මාර්තු 21, 2015[/SIZE]
Last edited:




