....ඇය....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ...ඇය...


    ඉර හිතේ ගින්දරෙන් - මද්දහනේ ඇවිලෙන
    විළිබියක් නැති සඳ - එතූ සළු පිළි ලිහන
    අහසින් සෙනේ නැති - ඒ කතරේ කොනක
    ඇය ලතා මඩුල්ලකි - පල ඇති කෙම් බිමක...

    ඒ දුරු කතර මැද - කෙම් බිම් සොයා යන
    අතරමං උන දන - පිපාසෙන් ඇවිදින
    හෙම්බත් දනෝ එන - මල් මුවරද සිඹින
    සෙවනේ ගිමන් ලන - තුරුලේම සැතපෙන...

    පිණි කඳුලින් වැහුන - ළපලු නම් නොදකින
    විලිකුන් සුරත් පැහැ - පල වලට ලොබ බඳින
    ඇය මුවකින් නොබැණ - විසුල අතු පතරින
    සිසිලෙන් සෙමෙර ලන - එන දනා සනසන...

    ඉඳ හිටක ඉපැදෙන - පැටි පැල නසාලන
    කම්පා වෙන සුසුම් - සුළඟටද නෑසෙන
    කලාතුරකින් වහින - වැස්සකට ඇය තෙමන
    අකල් වැහි නොරැදෙන - මතක විතරක් රැදෙන...

    කාලයක් දුටු හීන - මුල් යට දිරා යන
    මහළු කොළයක් වසා - දූවිලි උලාගෙන
    ඉඳුල් මල් දරාගෙන - ඇය මග බලාගෙන
    නොයිඳුල් පිං වතුන් - යති ඇස් වසාගෙන...


    -දෙව්රංඟි-
    මාර්තු 21, 2015[/SIZE]
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආගන්තුක සත්කාරය අතිවිශිෂ්ටයි චන්ද්‍රකුමාරලාගේ දිහාට වඩා :rofl:

    පෝස්ට් එක නියමයි
    11.gif


    + :cool:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ආගන්තුක සත්කාරය අතිවිශිෂ්ටයි චන්ද්‍රකුමාරලාගේ දිහාට වඩා :rofl:

    පෝස්ට් එක නියමයි
    11.gif


    + :cool:

    බොහොමත්ම ස්තුතියි..චන්ද්‍රකුමාර කවුද කියලවත් එයාගේ අවස්ථා සම්බන්දයක් ගැනවත් නම් තේරෙන්නේ නැහැ :)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    MATA DANUNE GASK GANA KIYANNE ...tikk shushka parisarayaka thina ,godk ayata sewana pawasa niwana

    eka hariyata prashana godk madde inna kenk anek ayage prashana walata uthara hoyala sanasenawa wage

    man harida manda
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    :)
    ලස්සන නිර්මාණයක්
    ඒත් මොකක්දෝ වේදනාවක් හැගෙනවා


    ගොඩක් ස්තුතියි නුවන් මල්ලි...වේදනාවක් දැනුන නම් නිර්මාණය සාර්ථකයි...
     
    • Like
    Reactions: NUWAN BUWA

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    purmikawakuth dANNAKO ....
    TIKK APAHADILI

    පුර්විකාවක් දැම්මොත් රස වින්දනයට බාධාවක් වෙයි කියල හිතුනා මල්ලි. ගහ උපමාවක් විතරයි. නැවතිල්ලේ කියෙව්වොත් පැහැදිලි වේවි...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොහොමත්ම ස්තුතියි..චන්ද්‍රකුමාර කවුද කියලවත් එයාගේ අවස්ථා සම්බන්දයක් ගැනවත් නම් තේරෙන්නේ නැහැ :)
    :(:(:(
    ඒ ගැන
    වැඩිය හිතන්න එපා
    මෙන්න මේක ගැන කියලා තියෙන්නේ



     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පුර්විකාවක් දැම්මොත් රස වින්දනයට බාධාවක් වෙයි කියල හිතුනා මල්ලි. ගහ උපමාවක් විතරයි. නැවතිල්ලේ කියෙව්වොත් පැහැදිලි වේවි...

    hm pm ekk danko ...

    man hithuwe eka deyak gana digatama kiyan yanne kiyala
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    පැහැදිලි කිරීමක් නැතුව මටත් තේරුම්ගන්න නම් ටිකක් අමාරු වුණා:confused:
    ඉර හිතේ ගින්දරෙන් - මද්දහනේ ඇවිලෙන
    විළිබියක් නැති සඳ - එතූ සළු පිළි ලිහන
    අහසින් සෙනේ නැති - ඒ කතරේ කොනක
    ඇය ලතා මඩුල්ලකි - පල ඇති කෙම් බිමක...

    ඒ දුරු කතර මැද - කෙම් බිම් සොයා යන
    අතරමං උන දන - පිපාසෙන් ඇවිදින
    හෙම්බත් දනෝ එන - මල් මුවරද සිඹින
    සෙවනේ ගිමන් ලන - තුරුලේම සැතපෙන...

    පිණි කඳුලින් වැහුන - ළපලු නම් නොදකින
    විලිකුන් සුරත් පැහැ - පල වලට ලොබ බඳින
    ඇය මුවකින් නොබැණ - විසුල අතු පතරින
    සිසිලෙන් සෙමෙර ලන - එන දනා සනසන...

    ඉඳ හිටක ඉපැදෙන - පැටි පැල නසාලන
    කම්පා වෙන සුසුම් - සුළඟටද නෑසෙන
    කලාතුරකින් වහින - වැස්සකට ඇය තෙමන
    අකල් වැහි නොරැදෙන - මතක විතරක් රැදෙන...

    කාලයක් දුටු හීන - මුල් යට දිරා යන
    මහළු කොළයක් වසා - දූවිලි උලාගෙන
    ඉඳුල් මල් දරාගෙන - ඇය මග බලාගෙන
    නොයිඳුල් පිං වතුන් - යති ඇස් වසාගෙන...


    -දෙව්රංඟි-
    මාර්තු 21, 2015[/SIZE]
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හැමදාම අපි කතා කරනවා ඔය ගැන කවියෝ කවි ලියනවා සංවේදී මිනිස්සු දුක් වෙන්වා. සමහරු ලියපුවා කියවල දුක් වෙලා අයිත අකුරු දෙකේ වචනේ කියලම බනිනවා.එත් අයිත ලගට යනවා. අවුරුද්දේ එක්දවසකට විතරක් මතක් වෙන්ව. නිතිය කරන තැනින් වෙන්නෙත් තවත් අවිනීතිය. අතීතයේ ඉදල එහෙමයි...

    කවදවත් මේ විදිය වෙනස් වෙන්න් ඕනි නැද්ද ? හැමදාමත් අහලා දැකලා අනේ අපොයි කියා කියා ඉන්නවට වඩා අපිට කරන්න පුළුවන් මොනවාද ??

    හිතට දැනුන කවි පෙළක්.