ජාතික ගීය ,දෙමළ ,සිංහල ,ඉංග්‍රිසි .
මේ අදහස ෆේස්බුක් එකේන් උපුටා ගන්නා ලද එකක් .උඹලා මොකෝ මේ ගැන කියන්නේ ?
…සමහර පොටින්ට්ස් වලට මම එකඟ වෙන්නේ නැහැ .ඒත් සමස්ථය ලෙස බැලුවොත්
නම් මෙකේ අපිට අළුතෙන් හිතන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා .
" මම මගේ ජාතිය ගැන ජාතිවාදියෙක් නම් මම කියාවි ජාතික ගීය සිංහලෙන් තියෙන්න ඕනේ කියලා .ඔව් ඒක හරි .කාටවත් ඒක කිසිම වැරද්දක් කියන්න කාටවත් බැහැ .මොකද මගේ ජාතිය සිංහල .හැබැයි නියමාකාරයෙන් වර්ග කළොත් අපේ රටේ දුටුගැමුණු ,පැරකුම් විරෝධාර නරේන්ද්‍රයන් හිටිය කාලේ සිංහලයා නම් නෙමේ මේ ඉන්නේ කියලා මට පොඩි සැකයක් තියෙනවා .ඒ සැකේට සාධාරණ හේතුවකුත් තියෙනවා .වැව් ,වෙහෙර ,විහාර ,ප්‍රාසාද සියල්ලම පාහේ අඩුම වශයෙන් 80 % ටත් වඩා දේශීයව නිපදවා ගත් අමුද්‍රව්‍ය වලින් ,දේශීය සිප්ලකුවන්(තාක්ෂණය කියන වචනයේ නියම සිංහල වචනය .තාක්ෂණය යනු වඩු කර්මාන්තය සඳහා යෝදාගත්ත සංස්කෘත වචනයකී ) සිසින් ,දේශීය මැවිසුරුවන් විසින්(ඉංජිනේරුවා කියන වචනයේ නියම සිංහල වචනය ) තනන ලද ඒවා විය .එහෙත් වර්තමානයේ ඊනියා සිංහලයා අඩුම තරමේ 50 % වත් දේශීය වශයෙන් තැනු එක දෙයක් මෙහි නම් කරන්න .එසේ කිසිවක් නැත .එහෙනම් මගේ සැකය සාධරණ නොවේද .තවත් තේරුම් ගන්න ඕනේ නම් ඊජිප්තුව මතක් කරගන්න .ඊජිප්තුවේ පිරමීඩ ,දේවාල පිළිම ,ප්‍රාකාර තනන ලද්දේ එකල සිටි රැම්සේ ,සයිරස් ,ක්ලියෝපැට්රා වැනි පාරාවෝ අධිරාජ්යන්ය .එහෙත් අද එහි සිටින්නේ මුස්ලිම් සහ ග්‍රීක්-රෝමන් ආක්රමන නිසා ඒවායේ වෙනස් වීම් මඟින් පැවත එන්නන්ය .ලංකාවේ වර්තමාන ඊනියා හෙළයාගේ තත්වය මෙයම විය හැක(සැකයක් පමණි ).
දැන් අපි ජාතික ගීය දෙමළෙන් ගායන කිරීම ගැන කියන කාරනාවට එමු.
දෙමළෙන් ජාතික ගීය ගායනා කලාට මට නම් ගැටළුවක් නැහැ ,තරහකුත් නැහැ .මොකද දෙමළ කතා කරන අයට ජාතික ගීයක නියම අරුත් වැටහෙන්න නම් ඒක දෙමළෙන්ම කියන්න ඕනේ .භාෂාව වෙනස් උනාට එකේ අන්තර් ගතය අපේ මාතෘභූමිය ගැන නම් එතන වෙනත් ගැටළුවක් තියෙනවාද ??? නැහැ නේ ?? ඒත් ඔය සිංහලෙන් ජාතික ගීය ගායනා කරන ඇතැම් දේශප්‍රේමි මහත්තුරු නෝනලා එකේ හරි අර්ථයට සාධාරණයක් ඉෂ්ඨ වන ලෙස ජීවත් වෙනවද කියන එක ඔක්කෝන්ටම එහා ගැටළුවක් .
ඒ වගේම සමහරු කියනවා "ඉන්දියාවේ භාෂාවන් මෙච්චරක් තියෙනවා ඒත් ඒක ජාතික ගීයක් විතරයි තියෙන්නේ " කියලා .ඔව් ඇත්ත .ඒ වගේම ස්විට්සර් ලන්තය කියන රටේ රාජ්‍ය භාෂා 4 ක් තියෙනවා .ඒ වා නම් ජර්මන් ,ෆ්‍රෙන්ච් ,ඉතාලියන් ,සහ රොමන්ෂ් කියන භාෂා 4 .ඉතිං ඒ රටේ ඒ භාෂා 4 න්ම ජාතික ගීය ගැයෙනවා විවිධ උත්සව වලදි නමුත් කියවෙන්නේ එකම දේ .ඉතිං අපේ ඇතමුන්ගේ වර්තමාන් සහ ඉන්දියාව සහ වර්තමාන ස්විට්සර්ලන්තය ගත්තොත් ඉන්දියාව කියන්නේ අපේ රටේ වගේම පාලකයා දෙවියෙක් ,රජෙක් කියා රැවටි රැවටි ඡන්දෙ දෙන බයියෝ වැඩියෙන් ඉන්න රටක් .ea වගේම ජනවාර්ගික අර්බුධ ත්‍රස්ත ක්‍රියා ගහණ රටක් .ශාරුක් ඛාන් චක් දේ ඉන්දියා කිව්වට ඒ රටේ ප්‍රාන්ත වල එවුන් එකාට එකා නැහැ .සමහරක් ප්‍රාන්ත වල එවුන්ගෙන් රට මොකක්ද කියලා ඇහැව්වාහම කියන්නේ ප්‍රාන්තේ නම.ඒ වගේම කාන්ත හිංසනය ,ලමා අපචාර ,ලමා වහල් සේවය ,දුප්පත් කම ,අඩු අධ්‍යාපනික මට්ටම වැනි ගැටළු වලින් පීඩා විඳින රටක් .ඒත් ස්විට්සර්ලන්තය කියන්නේ ලොකේ සාමකාමීම රටවල් වලින් එකක් .ඉහල අධ්‍යාපන මට්ටම්ක් ,අඩුවෙන් අපරාධ ක්‍රියාකාරකම් වෙන රටවල් වලින් මුල් පෙලේ ඉන්න රටක් උසස් ජීවන මට්ටමක් ඇති රටක්(හැබැයි අපි එහෙ ගියා කියලා අපිව ඒගොල්ලෙ ගණන් ගන්නේ නැහැ වැඩිය.) ඉතිං පේනවානේ රටවල් දෙකේ වෙනස .හැබැයි මම මෙතන කියන්නේ නැහැ ජාතිකගීය භාෂා ගණනකින් කියන නිසාම ස්විට්සර්ලන්ත්ය අද තියෙන තත්වේ උදාකරගත්තා කියලා .ඒත් ගෝත්‍රික මට්ටමේ මානසිකත්වයකින් තොර වෙච්ච අනෙක් ජාතීන්ට අන් සංස්කෘතීන්ට ගරුකිරීමට මානසික මට්ටමක් තියෙන මිනිස්සු ඉන්න නිසා ඒ රටේ සාමකාමි බව සහ සෞභාග්‍යට හේතුවක් කියන එක මෙයින් පැහැදිලි කරන්න ඕනේ උනා .
ඒ වගේම තමා බුදුහාමුදුරුවෝ තමන්ගේ ප්‍රථම අරහත් හැට නමට දුන්න උපදෙසක් තමා තමන් ධර්මය දේශනා කරන්න යම් ප්‍රදේශයකට යනවානම් ඒ ප්‍රදේශයේ වසන ජනවර්ගයට අයත් භාෂාවෙන් දේශනා කරන්න කියලා මිසක් පාලි වලින් වත් මාගධී වලින් වත් විතරක්ම දේශනා කරන්න කියලා නෙමේ .නීකන් හිතලා බලන්න බුදුන්ගේ ධර්මය මාගධී වලින්ම තිබුණා නම් අද අපිට කිසිවක් දැන ගන්න පුළුවන්ද ?? අපිට ඒ ධර්ම කරුණු තේරේවිද හිතට වදිවිද ?? ඉතිං රට ගැන ඇති හැඟීම දෙමළ මිනිහා කෙරේ ඇති කරවන්න නම් ඔවුන්ගේම මුල් භාෂාවෙන් ජාතික ගීය කියවන එක වැරැද්දක් නැහැ .අනික කාරණේ තමා අපි මෙතන සිංහල පොර ටෝක්ස් දුන්නට අපිට ජොබ් එකක් ගන්න ඕනේ නම් සිංහල විතරක් තිබ්බහම ඇතිද ?? බැහැ නේ ?? ඉංග්‍රීසි නේ ඉල්ලන්නේ ?? ඒ වගේම අපේ රටේ උසස් අධ්‍යාපන ආයතන සියල්ලේම පාහේ පාඨමාලා 99% ක්ම කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් .කොරියා යන්න කොරියන් අනිවාර්යයයි .ජපානේ යන්න ජපන් අනිවාර්යයි .ජර්මනියෙ යන්න ජර්මන් අනිවාර්යයි .ප්‍රංශේ යන්න ෆ්‍රෙන්ච් අනිවාර්යයි .බ්‍රිතාන්‍යට ,ඇමරිකාවට ,ඕස්ට්‍රේලියාවට යන්න ඉංග්‍රීසි අනිවාර්යයි .ඒත් කාට හරි සුද්දෙක්ට ලංකාවට එන්න නම් ඒ කෙනාට .........?????
නිකන් හිතලා බලන්න .අපේ සිංහල පොරටෝක්ස් දෙමළ වලට විතරයි .දෙමළ ,සිංහල කොයික කතා කරත් ඉංග්‍රීසි නැත්තම් මේ රටේ තත්වෙකින් ජීවත් වෙන්න පුළුවන්ද ?? අපි තාම ඉංග්‍රීසි වලට බයයි .එකේ වැරැද්ද සුද්දගේ නෙමේ .සමාජෙට පේන්න සිල් රෙද්ද ඇඳන් මල්වට්ටිය උස්සන් පන්සල් ගිය එහෙත් හිත යටින් ඇමරිකව එංගලන්තය වන්දනාමාන කල ඇංගලිකන් ක්‍රිස්තියානි පරපුරවල් වලින් පැවත එන ඔබලාගේ අපේ නායකයෝ කියන අපතයෝන්ගේ ."
කිව්ව දේ වැරදිද කියලා හිතලා බලන්න .සංවාදයට විවෘතයි .

dan doi