ජාතික ගීය ,දෙමළ ,සිංහල ,ඉංග්‍රිසි .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ජාතික ගීය ,දෙමළ ,සිංහල ,ඉංග්‍රිසි .

    මේ අදහස ෆේස්බුක් එකේන් උපුටා ගන්නා ලද එකක් .උඹලා මොකෝ මේ ගැන කියන්නේ ?
    …සමහර පොටින්ට්ස් වලට මම එකඟ වෙන්නේ නැහැ .ඒත් සමස්ථය ලෙස බැලුවොත්
    නම් මෙකේ අපිට අළුතෙන් හිතන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා
    .

    " මම මගේ ජාතිය ගැන ජාතිවාදියෙක් නම් මම කියාවි ජාතික ගීය සිංහලෙන් තියෙන්න ඕනේ කියලා .ඔව් ඒක හරි .කාටවත් ඒක කිසිම වැරද්දක් කියන්න කාටවත් බැහැ .මොකද මගේ ජාතිය සිංහල .හැබැයි නියමාකාරයෙන් වර්ග කළොත් අපේ රටේ දුටුගැමුණු ,පැරකුම් විරෝධාර නරේන්ද්‍රයන් හිටිය කාලේ සිංහලයා නම් නෙමේ මේ ඉන්නේ කියලා මට පොඩි සැකයක් තියෙනවා .ඒ සැකේට සාධාරණ හේතුවකුත් තියෙනවා .වැව් ,වෙහෙර ,විහාර ,ප්‍රාසාද සියල්ලම පාහේ අඩුම වශයෙන් 80 % ටත් වඩා දේශීයව නිපදවා ගත් අමුද්‍රව්‍ය වලින් ,දේශීය සිප්ලකුවන්(තාක්ෂණය කියන වචනයේ නියම සිංහල වචනය .තාක්ෂණය යනු වඩු කර්මාන්තය සඳහා යෝදාගත්ත සංස්කෘත වචනයකී ) සිසින් ,දේශීය මැවිසුරුවන් විසින්(ඉංජිනේරුවා කියන වචනයේ නියම සිංහල වචනය ) තනන ලද ඒවා විය .එහෙත් වර්තමානයේ ඊනියා සිංහලයා අඩුම තරමේ 50 % වත් දේශීය වශයෙන් තැනු එක දෙයක් මෙහි නම් කරන්න .එසේ කිසිවක් නැත .එහෙනම් මගේ සැකය සාධරණ නොවේද .තවත් තේරුම් ගන්න ඕනේ නම් ඊජිප්තුව මතක් කරගන්න .ඊජිප්තුවේ පිරමීඩ ,දේවාල පිළිම ,ප්‍රාකාර තනන ලද්දේ එකල සිටි රැම්සේ ,සයිරස් ,ක්ලියෝපැට්‍රා වැනි පාරාවෝ අධිරාජ්‍යන්ය .එහෙත් අද එහි සිටින්නේ මුස්ලිම් සහ ග්‍රීක්-රෝමන් ආක්‍රමන නිසා ඒවායේ වෙනස් වීම් මඟින් පැවත එන්නන්ය .ලංකාවේ වර්තමාන ඊනියා හෙළයාගේ තත්වය මෙයම විය හැක(සැකයක් පමණි ).
    දැන් අපි ජාතික ගීය දෙමළෙන් ගායන කිරීම ගැන කියන කාරනාවට එමු.
    දෙමළෙන් ජාතික ගීය ගායනා කලාට මට නම් ගැටළුවක් නැහැ ,තරහකුත් නැහැ .මොකද දෙමළ කතා කරන අයට ජාතික ගීයක නියම අරුත් වැටහෙන්න නම් ඒක දෙමළෙන්ම කියන්න ඕනේ .භාෂාව වෙනස් උනාට එකේ අන්තර් ගතය අපේ මාතෘභූමිය ගැන නම් එතන වෙනත් ගැටළුවක් තියෙනවාද ??? නැහැ නේ ?? ඒත් ඔය සිංහලෙන් ජාතික ගීය ගායනා කරන ඇතැම් දේශප්‍රේමි මහත්තුරු නෝනලා එකේ හරි අර්ථයට සාධාරණයක් ඉෂ්ඨ වන ලෙස ජීවත් වෙනවද කියන එක ඔක්කෝන්ටම එහා ගැටළුවක් .
    ඒ වගේම සමහරු කියනවා "ඉන්දියාවේ භාෂාවන් මෙච්චරක් තියෙනවා ඒත් ඒක ජාතික ගීයක් විතරයි තියෙන්නේ " කියලා .ඔව් ඇත්ත .ඒ වගේම ස්විට්සර් ලන්තය කියන රටේ රාජ්‍ය භාෂා 4 ක් තියෙනවා .ඒ වා නම් ජර්මන් ,ෆ්‍රෙන්ච් ,ඉතාලියන් ,සහ රොමන්ෂ් කියන භාෂා 4 .ඉතිං ඒ රටේ ඒ භාෂා 4 න්ම ජාතික ගීය ගැයෙනවා විවිධ උත්සව වලදි නමුත් කියවෙන්නේ එකම දේ .ඉතිං අපේ ඇතමුන්ගේ වර්තමාන් සහ ඉන්දියාව සහ වර්තමාන ස්විට්සර්ලන්තය ගත්තොත් ඉන්දියාව කියන්නේ අපේ රටේ වගේම පාලකයා දෙවියෙක් ,රජෙක් කියා රැවටි රැවටි ඡන්දෙ දෙන බයියෝ වැඩියෙන් ඉන්න රටක් .ea වගේම ජනවාර්ගික අර්බුධ ත්‍රස්ත ක්‍රියා ගහණ රටක් .ශාරුක් ඛාන් චක් දේ ඉන්දියා කිව්වට ඒ රටේ ප්‍රාන්ත වල එවුන් එකාට එකා නැහැ .සමහරක් ප්‍රාන්ත වල එවුන්ගෙන් රට මොකක්ද කියලා ඇහැව්වාහම කියන්නේ ප්‍රාන්තේ නම.ඒ වගේම කාන්ත හිංසනය ,ලමා අපචාර ,ලමා වහල් සේවය ,දුප්පත් කම ,අඩු අධ්‍යාපනික මට්ටම වැනි ගැටළු වලින් පීඩා විඳින රටක් .ඒත් ස්විට්සර්ලන්තය කියන්නේ ලොකේ සාමකාමීම රටවල් වලින් එකක් .ඉහල අධ්‍යාපන මට්ටම්ක් ,අඩුවෙන් අපරාධ ක්‍රියාකාරකම් වෙන රටවල් වලින් මුල් පෙලේ ඉන්න රටක් උසස් ජීවන මට්ටමක් ඇති රටක්(හැබැයි අපි එහෙ ගියා කියලා අපිව ඒගොල්ලෙ ගණන් ගන්නේ නැහැ වැඩිය.) ඉතිං පේනවානේ රටවල් දෙකේ වෙනස .හැබැයි මම මෙතන කියන්නේ නැහැ ජාතිකගීය භාෂා ගණනකින් කියන නිසාම ස්විට්සර්ලන්ත්ය අද තියෙන තත්වේ උදාකරගත්තා කියලා .ඒත් ගෝත්‍රික මට්ටමේ මානසිකත්වයකින් තොර වෙච්ච අනෙක් ජාතීන්ට අන් සංස්කෘතීන්ට ගරුකිරීමට මානසික මට්ටමක් තියෙන මිනිස්සු ඉන්න නිසා ඒ රටේ සාමකාමි බව සහ සෞභාග්‍යට හේතුවක් කියන එක මෙයින් පැහැදිලි කරන්න ඕනේ උනා .
    ඒ වගේම තමා බුදුහාමුදුරුවෝ තමන්ගේ ප්‍රථම අරහත් හැට නමට දුන්න උපදෙසක් තමා තමන් ධර්මය දේශනා කරන්න යම් ප්‍රදේශයකට යනවානම් ඒ ප්‍රදේශයේ වසන ජනවර්ගයට අයත් භාෂාවෙන් දේශනා කරන්න කියලා මිසක් පාලි වලින් වත් මාගධී වලින් වත් විතරක්ම දේශනා කරන්න කියලා නෙමේ .නීකන් හිතලා බලන්න බුදුන්ගේ ධර්මය මාගධී වලින්ම තිබුණා නම් අද අපිට කිසිවක් දැන ගන්න පුළුවන්ද ?? අපිට ඒ ධර්ම කරුණු තේරේවිද හිතට වදිවිද ?? ඉතිං රට ගැන ඇති හැඟීම දෙමළ මිනිහා කෙරේ ඇති කරවන්න නම් ඔවුන්ගේම මුල් භාෂාවෙන් ජාතික ගීය කියවන එක වැරැද්දක් නැහැ .අනික කාරණේ තමා අපි මෙතන සිංහල පොර ටෝක්ස් දුන්නට අපිට ජොබ් එකක් ගන්න ඕනේ නම් සිංහල විතරක් තිබ්බහම ඇතිද ?? බැහැ නේ ?? ඉංග්‍රීසි නේ ඉල්ලන්නේ ?? ඒ වගේම අපේ රටේ උසස් අධ්‍යාපන ආයතන සියල්ලේම පාහේ පාඨමාලා 99% ක්ම කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් .කොරියා යන්න කොරියන් අනිවාර්‍යයයි .ජපානේ යන්න ජපන් අනිවාර්‍යයි .ජර්මනියෙ යන්න ජර්මන් අනිවාර්‍යයි .ප්‍රංශේ යන්න ෆ්‍රෙන්ච් අනිවාර්‍යයි .බ්‍රිතාන්‍යට ,ඇමරිකාවට ,ඕස්ට්‍රේලියාවට යන්න ඉංග්‍රීසි අනිවාර්‍යයි .ඒත් කාට හරි සුද්දෙක්ට ලංකාවට එන්න නම් ඒ කෙනාට .........?????
    නිකන් හිතලා බලන්න .අපේ සිංහල පොරටෝක්ස් දෙමළ වලට විතරයි .දෙමළ ,සිංහල කොයික කතා කරත් ඉංග්‍රීසි නැත්තම් මේ රටේ තත්වෙකින් ජීවත් වෙන්න පුළුවන්ද ?? අපි තාම ඉංග්‍රීසි වලට බයයි .එකේ වැරැද්ද සුද්දගේ නෙමේ .සමාජෙට පේන්න සිල්‍ රෙද්ද ඇඳන් මල්වට්ටිය උස්සන් පන්සල් ගිය එහෙත් හිත යටින් ඇමරිකව එංගලන්තය වන්දනාමාන කල ඇංගලිකන් ක්‍රිස්තියානි පරපුරවල් වලින් පැවත එන ඔබලාගේ අපේ නායකයෝ කියන අපතයෝන්ගේ ."

    කිව්ව දේ වැරදිද කියලා හිතලා බලන්න .සංවාදයට විවෘතයි .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Bruce wayne කියන්නේ ඇමරිකන් කාරයෙක්, මේක බටහිර අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණයක්. :angry: :P :rofl:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    sinhala wachana daala umbe puka tikak loku wei meeke
    meeke rata pariwarthanayada mokakda karanna gihin jaha paalana eththo aperata pukshanaya karanna yana bawa godaak ayata therila thiyenne
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පාලියෙන් පන්සිල් කියන්නේ බුදුන් පාලියෙන් දේශනා කරපු නිසා. ඒක සිංහලෙන් අපි කරන්න ගියානම් අර්ථය , දේශනාව අපිට කොච්චර සමීපවෙනවද කියන දේ නැතිවෙන්න පුලුවන් , දේශනාවල් වෙනස් වෙන්න පුලුවන්. (අරහත් හැට නමගේ හැකියාවයි , දැන් ඉන්න සාමාන්‍ය පැවිදි අයගේ හැකියාවයි මැනගෙන බලාගන්න) හෙළදිව හෙළබසින් තමයි එහි ජාතික ගීය හැදෙන්නේ. ඒක ඒ අයට ශ්‍රී ලංකා මාතා කියලා දෙමළ අකුරු යොදාගෙන ගායනා කරන්න පුලුවන්.

    පුලුවන්නම් හිංදි සිංදුවක් සිංහලට හරවලා ඒ රිද්මෙට ඒ තාලෙට ගායනා කරලා බලපන් කොච්චර කැතද කියලා.

    ඒ මිනිස්සුන්ට සමානාත්මතාව දීමට කවුරුත් විරුද්ධ නෑ , එහෙම සමානාත්මබව නැත්නම් බහුතරයක් දෙමළ ජනයා කොළබ ඉන්න විදියක් නෑ. දෙමළ මිනිස්සුන්ගේ මූළික ප්‍රශ්නය දෙමළ භාෂාවෙන් තමන්ගේ වැඩ කරගන්න බැරි එක. ඒකට රාජකාරි වලට ඒ ඒ පුද්ගලයන් යොදවන්න ඕනා, ඊට අමතරව රටක සුළු ජනවර්ගයක් ඒ රටේ ප්‍රධාන භාෂාව ඉගෙන ගන්න ඕනා. මේ යන්නේ බහුවිධ රාජ්‍යයක් කරා යන ගමනක්. ඊනියා විමුක්තිකාමීන්ට ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කර දීමේ ගමනක්

    බහුවිධ රාජ්‍ය ගැන මුලින්ම ඉඟි පලකලේ මංගල සමරවීර , ඒක ඒ අයගේ උවමනාවලු. රටක පාලකයන්ගේ උවමනාව එය නම් මේ යන්නේ ඒ ගමන තමයි

    අපි බහු ආගමික, බහු වාර්ගික , බහු සංස්කෘතික රටක් නිර්මාණය කරනවා , ඉංදියාවත් මේකට කැමති වෙයි "මංගල"

    Code:
    http://www.thehindu.com/opinion/interview/interview-with-mangala-samaraveera/article6990683.ece

    අපිට ජාතික ගීය හරියට කියන්න බැරිඋනාට , බලන්න මේ අක්ට්ටිය කියන අපූරුව

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ජාතික ගීයක් කියන්නෙ ජාතියක අනන්‍යතාවය තියෙන ගීයකට.ශ්‍රී ලාංකේය ජාතියට තියන්නෙ එක් ගීතයක් පමණයි.ඒක නිසා ජාතික ගීය යනු ජාති කීපයක ගීය නොව එය ජාතික ගීයම පමණයි.එයට පැවතිය යුත්තේ එක් ශබ්ද මාලාවක් හා එක් නාද මාලාවක් පමණයි.
     
    මචං ඉතිහාසයයි, වෙනින් රටවල් වල විස්තර ටිකකුයි, ටිකක් බර වචන ටිකකුයි තිබ්බට මේ ගැටලුවට නියම උත්තරයක් මේ කමෙන්ට් එකේ තියෙනවා කියල උබට හිතෙනවා නම් උබේ අද්‍යාපන මට්ටමත් එක්ක ගත්තම උබ පවු වගේ හැගීමක් තමයි මට නම් දැනෙන්නේ. :lol:
    ඔය ප්‍රශ්නේ සාදාරනීකරණය කරලා උබ බලාපොරොත්තු වෙන්නේ දෙමල මිනිහගේ අයිතිවාසිකම් ලබා දීම නම් එදා මහින්ද යුද්දේ දිනලා ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න පරිසරය හදල දීපු එකට වඩා කලයුතුව තිබුණු හොදම දේ මේකද?
    අන්තිමට කියල තියෙනවා ඉංග්‍රීසි නැතුව අද ලංකාවේ ඉස්සරහට යන්න බැහැ, එහෙම බැරි එකාට සැලකිල්ලකුත් නැහැ කියල. දැන් එක එහෙමනම් මට කියපන්කො හරියට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැරි, ජාත්‍යන්තරයට ගිහිනුත් සිංහලෙන් කතා කරන සිරිසේන ගේ අනාගතේ ගැන. :lol:

    මචං පිලිගනින්, සිංහලයට හැමදේම මතක තියෙන්නේ ටික කාලයයි. :(
     
    • Like
    Reactions: 3rdEye
    දිග වැඩිනම් මෙන්න උපුටාගැනීමක්:

    "ඒ වගේම තමා බුදුහාමුදුරුවෝ තමන්ගේ ප්‍රථම අරහත් හැට නමට දුන්න උපදෙසක් තමා තමන් ධර්මය දේශනා කරන්න යම් ප්‍රදේශයකට යනවානම් ඒ ප්‍රදේශයේ වසන ජනවර්ගයට අයත් භාෂාවෙන් දේශනා කරන්න කියලා මිසක් පාලි වලින් වත් මාගධී වලින් වත් විතරක්ම දේශනා කරන්න කියලා නෙමේ .නීකන් හිතලා බලන්න බුදුන්ගේ ධර්මය මාගධී වලින්ම තිබුණා නම් අද අපිට කිසිවක් දැන ගන්න පුළුවන්ද ?? අපිට ඒ ධර්ම කරුණු තේරේවිද හිතට වදිවිද ?? ඉතිං රට ගැන ඇති හැඟීම දෙමළ මිනිහා කෙරේ ඇති කරවන්න නම් ඔවුන්ගේම මුල් භාෂාවෙන් ජාතික ගීය කියවන එක වැරැද්දක් නැහැ"
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මචන් පොඩ්ඩක් මෙහෙම හිතපන්

    මචන් විවිඩ භාශා වලින් වලින් ජාතික ගීය කියන රටවල් දිහා බලපන් ගොඩක් රටවල් ගොඩක් ලොකුයි . මේ පුන්චි රටේ මිනිස්සුන්ට ඇයි බැරි එක ජාතික ගීයක් කියන්න. උබ කියයි එකම meaning eka ekama rythem eka kiyala but මොනා උනත් ඒක වෙනම ගීයක්. මෙහෙම හිතපන්කො දැන් ගොඩක් සුද්ද්දෝ බුද්දාගම අදහනවනේ උබ කැමතිද සුද්දන්ට පාලි තේරෙන්නේ නෑ කියලා. පන්සිල් පද පහ එකම meaning eken rythem eken english වලින් වෙනම කියනවට. උබ මම උනත් පන්සලට ගිහින් වදින ගාථා වලින් බාගෙට බාගෙක තේරුම දන්නේ නෑ ඒ උනාට අත් දෙක එකතු කරල ගාථා කියද්දි අපි හැගීමෙන් භක්තියෙන් නෙමෙයිද කියන්නේ. ඒ නිසා හිතා ගනින් මේක නිකන් සින්දුවක් නෙමෙයි මේක තමයි අපි රටට වදින ගාථාව කියලා..
    :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    කෑප්ටන් Jack Sparrow;18077885 said:
    මචං ඉතිහාසයයි, වෙනින් රටවල් වල විස්තර ටිකකුයි, ටිකක් බර වචන ටිකකුයි තිබ්බට මේ ගැටලුවට නියම උත්තරයක් මේ කමෙන්ට් එකේ තියෙනවා කියල උබට හිතෙනවා නම් උබේ අද්‍යාපන මට්ටමත් එක්ක ගත්තම උබ පවු වගේ හැගීමක් තමයි මට නම් දැනෙන්නේ. :lol:
    ඔය ප්‍රශ්නේ සාදාරනීකරණය කරලා උබ බලාපොරොත්තු වෙන්නේ දෙමල මිනිහගේ අයිතිවාසිකම් ලබා දීම නම් එදා මහින්ද යුද්දේ දිනලා ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න පරිසරය හදල දීපු එකට වඩා කලයුතුව තිබුණු හොදම දේ මේකද?
    අන්තිමට කියල තියෙනවා ඉංග්‍රීසි නැතුව අද ලංකාවේ ඉස්සරහට යන්න බැහැ, එහෙම බැරි එකාට සැලකිල්ලකුත් නැහැ කියල. දැන් එක එහෙමනම් මට කියපන්කො හරියට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැරි, ජාත්‍යන්තරයට ගිහිනුත් සිංහලෙන් කතා කරන සිරිසේන ගේ අනාගතේ ගැන. :lol:

    මචං පිලිගනින්, සිංහලයට හැමදේම මතක තියෙන්නේ ටික කාලයයි. :(
    :lol::lol::lol:මේ කමෙන්ට් එක මාර ආතල්. නිකන් ප්‍රබන්ධයක් වගේ :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    බන්චි පුතා;18077965 said:
    මචන් පොඩ්ඩක් මෙහෙම හිතපන්

    මචන් විවිඩ භාශා වලින් වලින් ජාතික ගීය කියන රටවල් දිහා බලපන් ගොඩක් රටවල් ගොඩක් ලොකුයි . මේ පුන්චි රටේ මිනිස්සුන්ට ඇයි බැරි එක ජාතික ගීයක් කියන්න. උබ කියයි එකම meaning eka ekama rythem eka kiyala but මොනා උනත් ඒක වෙනම ගීයක්. මෙහෙම හිතපන්කො දැන් ගොඩක් සුද්ද්දෝ බුද්දාගම අදහනවනේ උබ කැමතිද සුද්දන්ට පාලි තේරෙන්නේ නෑ කියලා. පන්සිල් පද පහ එකම meaning eken rythem eken english වලින් වෙනම කියනවට. උබ මම උනත් පන්සලට ගිහින් වදින ගාථා වලින් බාගෙට බාගෙක තේරුම දන්නේ නෑ ඒ උනාට අත් දෙක එකතු කරල ගාථා කියද්දි අපි හැගීමෙන් භක්තියෙන් නෙමෙයිද කියන්නේ. ඒ නිසා හිතා ගනින් මේක නිකන් සින්දුවක් නෙමෙයි මේක තමයි අපි රටට වදින ගාථාව කියලා..
    :(
    වෙන කතා ඕන නැහැ. උඹ නොදන්න භාෂාවකින් ජාතික ගීය තිබුනොත් උඹ කියනවද?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෑප්ටන් Jack Sparrow;18077885 said:
    එදා මහින්ද යුද්දේ දිනලා ඒ මිනිස්සුන්ට (

    ඔව් නේ මහින්ද තනියමනෙ යුද්දේ දින්නේ..
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    වෙන කතා ඕන නැහැ. උඹ නොදන්න භාෂාවකින් ජාතික ගීය තිබුනොත් උඹ කියනවද?

    ඔව් මචන් මම ඉපදුනේ ඒ රටෙනම් කන්නේ බොන්නේ රටේ හැදෙන දේවල්නම් මම මගේ රටට ආදරෙයිනම්, මන් මැරෙන්නෙත් ඒ රටේනම් ඒ රට මගේනම් මට ජාතික ගීය මොන භාෂාවකින් තිබ්බත් කමක් නෑ, අනික මට අවශ්‍යනම් ඒ ජාතික ගීයෙ තේරුම මම හොයාගන්නවා මගේ භාෂාවට ට්‍රාන්ස්ලටේ කරගන්නවා but මම එහෙම කරලා ඒක නිලවශයෙන් ප්‍රකාශයට පත් කරලා මගේ භාෂාවෙනුත් කියන්න ඕනේ කියලා බල කරන්නේ නෑ

    හරියට මේ වගේ

    මම බුද්ධාගමට ආදරෙයි, ඒ උනාට බුද්ධාගම ලියවිලා තියෙන පාලි මම දන්නේ නෑ, යන්තම් හොයල බලල සමහර ගාතා වල තේරුම දන්නවා, එත් මම කවදාවත් පන්සල් ගිහිල්ලා එකම rythem එකනේ එකම meaning එකනේ කියලා බුදුන් වදින ගාථාව සිංහලෙන් කියන්න යන්නේ නෑ, පාලියෙන් කිව්වා කියලා මට ඇතිවෙන භක්තියේ හැගීමෙ වෙනසක් වෙන්නෙත් නෑ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    කෑප්ටන් Jack Sparrow;18077885 said:
    මචං ඉතිහාසයයි, වෙනින් රටවල් වල විස්තර ටිකකුයි, ටිකක් බර වචන ටිකකුයි තිබ්බට මේ ගැටලුවට නියම උත්තරයක් මේ කමෙන්ට් එකේ තියෙනවා කියල උබට හිතෙනවා නම් උබේ අද්‍යාපන මට්ටමත් එක්ක ගත්තම උබ පවු වගේ හැගීමක් තමයි මට නම් දැනෙන්නේ. :lol:
    ඔය ප්‍රශ්නේ සාදාරනීකරණය කරලා උබ බලාපොරොත්තු වෙන්නේ දෙමල මිනිහගේ අයිතිවාසිකම් ලබා දීම නම් එදා මහින්ද යුද්දේ දිනලා ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න පරිසරය හදල දීපු එකට වඩා කලයුතුව තිබුණු හොදම දේ මේකද?
    අන්තිමට කියල තියෙනවා ඉංග්‍රීසි නැතුව අද ලංකාවේ ඉස්සරහට යන්න බැහැ, එහෙම බැරි එකාට සැලකිල්ලකුත් නැහැ කියල. දැන් එක එහෙමනම් මට කියපන්කො හරියට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැරි, ජාත්‍යන්තරයට ගිහිනුත් සිංහලෙන් කතා කරන සිරිසේන ගේ අනාගතේ ගැන. :lol:

    මචං පිලිගනින්, සිංහලයට හැමදේම මතක තියෙන්නේ ටික කාලයයි. :(

    දෙමළාගේ අයිතික් ගැන ලබ්බක් මෙතන නැහැ බන් .මෙතන තියෙන්නේ වෙන්න ඕන දේ .යුද්දේ දින්නේ මහින්ද විතරක්ම නෙමේ මහින්ද ඒ යුධ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස් කාරයෙක් .ඒක මතක තියාගනින් මුලින්ම .මගේ අධ්‍යාපන මට්ටම ගැන අනෙක් උන්ට එක එක විදියට පේනවා ඇති .ඒත් උඹේ නේ පොස්ට් එකෙන් උඹේ අධ්‍යාපන මට්ටම හොඳටම පෙන්නුවා .ඒ මෙන්න මේ කොටසෙන්
    … "හරියට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැරි, ජාත්‍යන්තරයට ගිහිනුත් සිංහලෙන් කතා කරන සිරිසේන ගේ අනාගතේ ගැන. "
    …
    …මචං සිරිසේන ගෙන් මට වැඩකුත් නැහැ .රනිල්ගෙන් වැඩකුත් නැහැ මහින්දගෙන් වැඩකුත් නැහැ .හැබැයි මොකා උනත් හරිදේ හරි අර්ථය ඇතුව කරනවානම් ඒක හොඳ දෙයක් .සිරිසේනට ඉංග්‍රිසි බැහැ කියලා කිව්ව එකෙන් උඹේ අධ්‍යාපන මට්ටම මට හිතාගන්න පුළුවන් .එහෙනම් මන් මෙහෙම කියන්නම් මහින්දයත් ඉංග්‍රීසි බැහැ නේ හරියට ජනාධිපති වෙද්දි .පස්සේ තමා හදාගත්තේ .මහින්දගේ නෝනටත් ඉංග්‍රීසි බැහැ එච්චරම .ඒ වගේම උඹලාගේ සීගිරියේ ගිහින් තිබ්බේ ගූ විමලෙට ඉංග්‍රිසිත් බැහැ ගණනුත් බැහැ .හැබැයි උන්ට අනාගතයක් තිබුණා .ඒ ඉංග්‍රීසි තියා සිංහලවත් හරියට නොදන්න ගෝත්‍රික මානසික මට්ටමෙන් ඉන්න බයියෝන්ගේ ඡන්ද නිසා .නැතුව වෙන අහවල් එකක් නිසා නෙමේ .
    …ඒත් මෙතන වෙන්න ඕනේ දේ මම කියන්නේ .