අපුරු ගස්

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    1. බ්ලීඩින් ටුත් ෆන්ගස් ( හයිඩ්නෙල්ල්ම් පෙක්කි )

    tumblr_mcmpwg7xj51r9y7fno3_1280.jpg


    නමෙන්ම කියවෙන ආකාරයට මෙම ශාකයේ පලතුරු වලින් ලේ පැහැති දියරයක් ගලයි.




    2. ජයන්ට් හොග්වීඩ් (Heracleum Mantegazzianum)

    200862_deb1ec09.jpg


    මෙම ශාකය ස්පර්ශයෙන් කැලලි,තුවාල සහ අන්ද වීමට ඉඩ ඇත. 1971 දි “බිවෙයර් ඔෆ් ද ජයන්ට් හොග්වීඩ්” (ජයන්ට් හොග්වීඩ් එකෙන් පරිස්සම් වෙන්න)ලෙස සින්දුවක්ද නිර්මාණය කර ඇත.




    3. රෙඩ් ටයිඩ් (Heracleum Mantegazzianum)

    3403355_c31d9a16.jpg


    රෙඩ් ටයිඩ් ඉතා සරල හරිතප්‍රද ශාකයකි. ජලයේ දියවී, ජලය පාට රතු කරයි. මෙම වතුරේ ජීවත් වුනු මත්සයන් ආහාරයට ගැනීමෙන් විස සහිත විය හැක. එම ජලයේ ජිවත් වන ජීවීන් මරණයට පත්වියද හැක.




    4. ඩෙත් කමස් (Toxicoscordion Venenosum)

    death-camas.jpg


    දැක්කම නම් හානි කර නැ වගේ,නමුත් නමෙන්ම කියවෙනවා වගේ ඉතා විසකුරු ශාකයකි. මෙම ශාකයේ කුමන කොටසක් හෝ ආහාරයට ගනිමෙන් අතීසාරය,පාචනය, අදික රුදිර පීඩනය, සිහි නැතිවීම සහ අන්තිම වශයෙන් මරණයටද පත්විය හැක.



    5. වීනස් ෆ්ලයිට්‍රැප් (Dionaea Muscipula)

    venus-fly-trap.jpg


    කවූරුත් දන්නා අසා ඇති මෙම ශාකය ශාක ලෝකයේ මංකොල්ල කාරයාය. කටක් ආකාරයෙන් සැකසී ඇති මෙහි මලට එන සතුන් සිර කරගෙන ආහාරයට ගනියි.




    6. කුස්කුටා (Dodder Vine)

    dodder-vine.jpg


    ස්ට්‍රැන්ගල් වීඩ් ලෙසද මෙය හදුන්වයි. මෙය අනෙකුත් ශාක වෙලාගෙන, එමා ශාකයේ ජීව ක්‍රියාවන් සදහා යොදා ගනී. තවද යක්ෂයාගේ කොන්ඩේ, යක්ෂයාගේ මුදුව, මායාකරියගේ කොන්ඩය ලෙසද හදුන්වයි.




    7. බ්‍රේයින් කැක්ටස් (Mammillaria Elongata Cristata)

    brain-cactus.jpg


    මෙක්සිකෝවේ දක්නට ලැබෙන පැළෑටියකි. මෙම ශාකය විවිද ආකාරයේ හැඩ වලට පළවේ. වැඩියෙන් දැකගැනීමට හැක්කේ මොලයක් ආකාරයෙනි. බ්‍රේයින් කක්ටුස් ලෙස නම් කර ඇත්තේද එම නිසාය.




    8. එන්ජල්ස් ට්‍රම්පට් (Brugmansia)

    1993253290_d5f83d4d8c_o.jpg


    සම කොටසක්ම විෂ කුරුය. ස්පර්ශ වීමෙන් අංශබාගය, පාචනය, සිහි නැති වීම, සිහි විකල් වීම සහ මරණයටද පත් විය හැක. මිනිසුන් මෙම ශාකය සිහි විකල් කිරීමේ ක්‍රමයක් ලෙසට යොදා ගනියි. නමුත් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය දැයි තීරණය කිරීම ඉතාම අපහසුය. බෙහෙත් සදහා මෙම ශාකය වවන්නෙ මෙම ශාකයේ අඩංගු නිර්වින්දක සහ ඇදුම සුව කල හැකි දේවල් තිබෙන නිසාය.
    ඔබගේ සුරතල් සතුන් මෙම ශාකයෙන් අරක්ෂ කරගත යුතුයි.




    9. ගිම්පි ගිම්පි ට්‍රි (Dendrocnide Excelsa)

    dendrocnide.jpg


    මෙම ශාකයේ ඇති උල් වැනි කුඩා කෙඳි ඉතා වේදනා කාරිය. මිනිසුන්ටද විෂ කුරු විය හැක. මෙම කට්ටක් අනුනහොත් මතක ඇතුව ඉකමනින් ගලවා දමන්න. නැත්නම් විෂ නොනවත්වා ඔබගේ ශරීරයට ඇතුල් වෙ.



    10. ඩොල්ස් අයිස් (Actaea Pachypoda)

    dolls-eye.jpg


    උතුරු-නැගෙනහිර ඇමෙරිකාවේ දක්නට ලැබේ. මෙහි පල ඇස් බෝල වගෙය. වැවෙන්නේ “හොලොවීන්” සමයේය. පල විශ කුරුය.




    11. කොර්ප්ස් ෆ්ලවර් (Amorphophallus Titanum)

    corpse-flower.jpg


    “කාරියන් ෆ්ලවර්” ලෙසද හදුන්වයි. මල සිරුරක ගඳක් විහිදන මෙම මල අඩි 10ක් තරම් උස යා හැක. ලෝකයේ ලොකුම මල ලෙසද සමහරු හදුන්වයි. නමුත් මෙය මල් ගොඩක එකතුවකි.

     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya

    8. එන්ජල්ස් ට්‍රම්පට් (Brugmansia)

    1993253290_d5f83d4d8c_o.jpg


    සම කොටසක්ම විෂ කුරුය. ස්පර්ශ වීමෙන් අංශබාගය, පාචනය, සිහි නැති වීම, සිහි විකල් වීම සහ මරණයටද පත් විය හැක. මිනිසුන් මෙම ශාකය සිහි විකල් කිරීමේ ක්‍රමයක් ලෙසට යොදා ගනියි. නමුත් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය දැයි තීරණය කිරීම ඉතාම අපහසුය. බෙහෙත් සදහා මෙම ශාකය වවන්නෙ මෙම ශාකයේ අඩංගු නිර්වින්දක සහ ඇදුම සුව කල හැකි දේවල් තිබෙන නිසාය.
    ඔබගේ සුරතල් සතුන් මෙම ශාකයෙන් අරක්ෂ කරගත යුතුයි.





    මේවා අපෙ ගෙවල් පැත්තෙත් තියනවනෙ, ඔය කියන විදියෙ විසක් නම් නෑ​
     

    blue_in_rio

    Well-known member

  • 11. කොර්ප්ස් ෆ්ලවර් (Amorphophallus Titanum)

    corpse-flower.jpg


    “කාරියන් ෆ්ලවර්” ලෙසද හදුන්වයි. මල සිරුරක ගඳක් විහිදන මෙම මල අඩි 10ක් තරම් උස යා හැක. ලෝකයේ ලොකුම මල ලෙසද සමහරු හදුන්වයි. නමුත් මෙය මල් ගොඩක එකතුවකි.



    කිඩාරම් මල කියන්නේ මේකමද ? :oo::oo: