මේකේ පට්ට පහදිලිකිරීම් ටිකක් දාල තියෙනවා.ඒ අස්සේ මම මේකේ basic එක කියන්නම්.
මූලිකම කතාව මේකයි
විදුලිය කියන්නේ හරියටම ඒ වෙලාවේ තිඑන ඉල්ලුමට සමානව නිෂ්පාදනය කරන්න ඕන දෙයක්. වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ
ජල විදුලියේදී, නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය = ජලාශයෙන් ලබාගන්න ජල ප්‍රමාණය (සරලව).
අපේ ඉල්ලුම වැඩි වෙද්දී ඉතින් ස්වයන්ක්‍රීයව හරි සේවකයින් අතින් හරි ටර්බයිනයට සපයන ජල ප්‍රමාණය වෙනස් කරනවා.
ගල් අගුරුද, වතුරද, තෙල්ද කියල තීරණය කරන්නේ cost එක අනුව. මුලින් ලාබ ඒවා දුවලා ඉල්ලුම වැඩි වෙලා සැපයුම මදි වෙනකොට ගිනි ගණන් ඒවා on කරනවා.
දැනට මම දන්නා තරමින් ලාබම වතුර. ඊට පස්සේ ගල් අගුරු, ඊලගට දැවි තෙල් (කෙරවලපිටිය). ගාන වැඩිම ඩීසල්.
එත් ගල් අගුරු හිතෙන හිතෙන වෙලාවට පත්තු කරන්නයි නිමන්නයි බැරි නිසා නොරොච්චෝලේ දිගටම දුවනවා (900 MW).එකෙන් 900 MW අරගෙන මදි වෙනකොට ජල බලාගාර, තෙල් බලාගාර පත්තු කරනවා.ලංකාවේ මේ දවස්වල දවල්ට සාමාන්‍ය ඉල්ලුම 1200MW විතර වෙනවා. රෑට 2000MW විතර වෙනවා.
තෑන්ක්ස් මචං.. ඒකයි නොරොච්චෝලෙ පත්තු කරලම තියන්නෙ..












