ළඳුනේ..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ළඳුනේ..ළඳුනේ…



    11146229_795146487229722_4043045508359480076_n.png



    මුලින්ම කියන්න ඕනි මේක මම ලියපු එකක් නෙමයි FB එකෙන් ගත්තේ. සියලු ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමිවිය යුතුය. ඒ අයට පැසසුමක් වෙන්න ලයික් එකක් වත් දාන්න.



    https://www.facebook.com/7205372980...41828.720537298023975/795146487229722/?type=1

    ළඳුනේ..ළඳුනේ…
    ඔබේදෑසදැකගත්තෙමි
    සැඳෑකලෙකළඳුනේ..

    අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනාගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම්තාක්දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමුඋනා කීවොත් නිවැරදියි.. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියවුනු ගීතය සංගීතවත්වුනේ ප්රේමසිරි කේමදාසයන්ගේ අව්යාජසංගීතයෙන්.. ගීතයක වචනවලට, හැගීම්වලට පනදෙන්න කේමදාසයන් තරම් තවත්විශිෂ්ටයෙක් සිටි නැතිතරම්.. විටෙක එතුමා මේ ගීතය පිලිබඳ පවසන්නේ මානව දයාවෙහි උපරිම තලය ස්පර්ශ කරන ගීතයක් ලෙසයි. ඔබද මේ ගීතයෙන් කියවෙන්නේ කුමන ආකාරයේ ළඳක් පිලිබඳව දැයි දන්නවාට නිසැකයි.. සරලවම කිවහොත් ගීතයෙන් කියවෙන්නේ සමාජය තුල නොයෙක් අයුරින් ගැරහුමට ලක්වෙ නගණිකා වෘත්තියේ නියැලෙ සිටිනකාන්තාවක් ගැනයි. ගීතයේ සරල අර්ථය එසේවෙද්දී ගීතය පිටුපස තිබෙන අනුභූතිය යම් සිද්ධිදාම යක්හරහා බැඳුනක්.
    ගීත රචකර න්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරෙකු මුහුණදුන් සැබෑසිද්ධියක් තමයි ගීතයට නිමිත්ත සපයා තිබෙන්නේ. එම මිතුරා එවකට මහනුවර අලුතින් නවාතැන් ගන්නට ලැබුනේ බෝඩිමක. එහි සගයන් පුරුද්දක් ලෙසසිදුකල දෙයක් තමයි සිය වැටුප ලැබුන දිනයට ආසන්න දිනයක ගණිකාවක් බෝඩිමටගෙනඒම. රන් බණ්ඩා සෙනෙවිරත්නයන් ගේමිතුරාට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුනා. තම අන් සගයන්ට වඩා තරමක් වෙනස් කෙනෙකු වූ ඔහු මෙම ක්රියාව ප්රතික්ෂේපකළා. සුපුරුදු ලෙස ම රාත්රියේ බෝඩිමේ සගයන් පිරිස අභිසරුලියක් සමග ලැගුම්ගන්නට යෙදුනා. එම දිනට පසුවදා යෙදී තිබුනේ පෝය දිනයක් නිසා පසුදා සවස දළදා වඳින්නටත් පිරිසපිටත් වෙනවා. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට එක්වරම පෙර දින රාත්රියේ ඔහුගේ බෝඩිමේ සගයන් සමග පැමිණි කාන්තාව ඇස ගැටෙනවා. මිතුරන්ටද ඇයව හඳුනාගැනීමට එතරම් අපහසු නොවුනත් කිසිවෙක් නාදුනනාසේ සිටිද්දී ඇය ද ඔවුන්ව මගහැර යනවා. මිත්රයාට එය තරමක් සිතේකම් පනයක් ඇතිකල කරුණක් බවට පත්වෙනවා. පෙර දින ඇයව ඇසුරු කල මිතුරන් ද ඇයව දැන් ප්රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුල් සහගතවයි. මේ සිද්ධිය කන වැකෙන රන්බණ්ඩා මහතා මේ දෙස බලන්නේ වෙනත්ම කෝණයකින් සැබවින්ම වැරදි කව්රුද, මෙම කාන්තාවට සමාජය ඉදිරියේ ඇති තත්වය කුමන ආකාරයේ එකක් ද යැයි නිසැකයෙන්ම ඔහුට සිතෙන්නට ඇති.. “ළඳුනේ..ළඳුනේ..” යන යෙදුම භාවිතා කරමින් ඉතා දයාබර ලෙස ඇයව ආමන්ත්රණය කරන්නේ ද ඒ හේතුව ම නිසා වන්නටඇති….

    ළඳුනේ..ළඳුනේ..
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ..
    දෙනෝදහක් අතගත්ත ද
    සැමියකු නැති ළඳුනේ…..
    ඇය කොතරම් පිරිමින් ඇසුරුකරන්නට ඇතිද.. නමුත් ඇයට තවම ස්වාමියෙකු නැත. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සමාජයේ බහුතරය මෙන් ඇයහට දොස් පැවරීම බැහැර කොට ඇයව විග්රහ කරගැනීමට උත්සහ දැරීමක් සිදු කරනවා…

    නෑයෙක් නෑකම නොකියන
    වීදි සරණ ළඳුනේ
    තෙල් මල් ගෙන දෝතපුරා
    මුනි කුටියට පියමං වන
    ඔබේ දෑස දැකගත් තෙමි
    සඳෑ කලෙක ළඳුනේ….
    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්-රම යන පාර අහන
    ඔබ ද පටාචාරවකි
    ඔබ ද කිසා ගෝතමියකි…

    ජීවිතය යන්තමින් හෝ අමුණාගැනීමට මුදල් සොයාගැනීමට ඇයට සිදුව ඇත්තේ වීදිවල සරිසරීමටයි. නෑදෑයෙකුවත් නොමැති ඇයට ඇති එකම පිහිට බුදුන්සරණයි..
    බුද්ධ කාලයේදී ද අසරණ වූ කාන්තාවන් නිවනට යොමුවූ ලෙස ඇය ද බුදුන්සරණපතයි. එනිසාමඇයබුදුන්කලපටාචාරාවක්.! කිසාගොතමියක්.!

    පිරිමින්ගේ පාප කන්දට
    දෝස විඳින ළඳුනේ
    අඳුරේ පව් කරන දනා
    එළියේ රවන ළඳුනේ….
    ළැම පමනක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති
    වැරදිකාර ළඳුනේ…

    ඇයට හිමිව ඇති සමාජ තත්වය උදෙසා සැබවින්ම වගකිව යුත්තේ ඇය පමණක් ම නොවෙයි. ඇය සියලු ගැරහුම් ලබන්නේ ඈ වෙත පැමිණෙන පිරිමින් නිසාවෙනි. රාත්රියේ ඇගේ පහස ලබන්නන් සමාජය ඉදිරියේ කිසිඳු පවක් නොකරන්නාක් මෙන් ඇයව හෙලා දකියි.

    සමාජය සම විටම දකින්නේ අයගේ මතුපිට ස්වරූපය පමණකි. ඇය මෙම තත්වයට ඇද දැමීමට හේතු වූ කරුණ කුමක්ද, කොතරම් දුකක් ඇගේ සිතේ ඇති ද යන්න රචකයා ශ්රාවකයාගෙන් සියුම් ලෙස ප්රශ්නකරනවා.. අවසානයේ ඇයදෙස යතාර්තවාදීව නිගමනයකට එළඹෙනවානම් ඇය කිසිවෙකුට කල වරදක්නොමැත. නමුත් සමාජය ඉදිරියේ ඉබේම වැරදිකාරියක් බවට පත්වී තිබේ..

    “ළඳුනේ..” ගීතය ගැන තවත් කිවයුතුම දෙයක් ඇත.ඒ මේ ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාව යොදාගැනීම අහම්බෙන් සිදුවූ බවයි. ගීත පටිගත කිරීමට සියලු කටයුතු සුදානම් කොට තියෙද්දිත් පෙර මෙම ගීතය ගායනය කිරීමට දායකවීමසිටි ගායකයා පැමිණියේ නැත. එවිට කේමදාසයන්ට සිහිවුවේ සිය වාදය වෘන්දයේ එවකට වයලීනය වාදනය කරන අමරසිරි පීරිස් මහතාවයි.. එසේ මෙම ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාට වරම් ලැබුණු අතර ම ඔහුගේ හඬ ගීතයට ගැලපෙන අයුරු ඉවෙන් මෙන් කේමදාසයන් දැනගැනීමෙන් ඇති විශිෂ්ට නිර්මාණයක් සමග ඇති විශිෂ්ට ගායන ශිල්පියෙක් රටට දායාදවිය …

    ගායනය : අමරසිරිපීරිස්
    පද : රන්බණ්ඩාසෙනෙවිරත්න
    සංගීතය : ප්රේමසිරිකේමදාස





    ප ලි

    මම අහලා තියන විදියට අමරසිරි පිරිස් මහත්මයට ගීතය ගායනා කරන්න කිවුවහම අදිමදි කලාලු. ඒ පාර කේමදාස මාස්ටර් කිව්වලු " උබ මේක අද කිව්වේ නැත්තම් එලවනවා අයිත පැත්ත පළාතේ වද්දා ගන්නේ නැහැ" කිව්වාලු. කේමදාසයන්ගේ සංගීතය පිළිබද තිබෙන ඉව මේ කටහඩ මේ දක්ෂයා කියලා හදුනාගන්න තියන හැකියාව තමයි අපිට රසවින්දනය කරන්න පුළුවන් නිර්මාණ ලබාදීමට එක හේතුවක් උනේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගීත ගැන දැනගන්න වඩාත් රසබිදින්න ඕනි නම්

    දත් කිබුලාගේ හදවිල කලබන ගී ජාල රේකා හා දනුෂ්ක සොයුරාගේ සුන්දර ගියක ඇරබුම කියන ත්‍රෙඩ් කියවන්න. සස්ලිට් ගේ ගීත විචාර තියනවා ගොඩාක් අර්ථාන්විත.

    ලින්ක් හොයලා දැන්නම්.
     
    • Like
    Reactions: kellsupun

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මම බොහොම ආසාවෙන් රස විඳින ගීතයක්... :):):)
    You must spread some Reputation around before giving it to maxboysl again.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    අනුකම්පා කළ යුතු කොට්ඨාසයකුත් ඇති..
    ඒත් අද ඉන්න වැඩි හරියක්, හෙන බඩු.. මිනිස්සු අල්ලං ඉන්නෙ.. මාර බලයක් ඔය ගෑණුන්ට තියෙන්නෙ.. පොලිසියෙ එවුන්වත් වසඟෙට අරං ඉන්නෙ.. සල්ලි හම්බකරනව ඉතිරෙන්ඩ.. ඒ වගේ එවුන්නං සමාජෙට පිලිලයක්
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Another Review on same

    http://www.elakiri.com/forum/showthread.php?t=1667068
    රයිට්. වැඩේට බහිමු.


    ලඳුනේ ගීතය ගමුකො. පටන් ගන්නේම “ඔබේ දෑස දැකගත්තෙමි - සැඳෑ කලෙක ලඳුනේ......”


    එතනින්ම තමා වැඩේ කන්නෙ. එකපාරටම හැන්දෑවක අමුතු දෙයක් දැකලා. මොකද්ද? මුදල් පිණිස ලිංගික සේවා සපයන්නියකගේ ඇස් දෙකක්. බුදු අම්මෝ ගණිකාවක්. එයා බබා. දැන් ඉතින් ගණිකාවන් නමැති සත්ව කොට්ඨාශය මේසය මත තබා සමාජ දේශපාලනික විවරණයක් අහගන්න පුළුවන්. මම කියන්නෙ මේ රචකයාට (රන්බණ්ඩා සෙනෙවිරත්න) ඇය දුරස්ථයි. මේ විච්ඡේදනය කරන්නෙ ඇත්ත ‘ලඳ’ නෙමේ. එයාගෙ ඔලුවෙ ඉන්න කවුරුහරි. ඒක නිසානෙ “දෙනෝ දහක් ‘අතගත්තද’ – ‘සැමියෙකු’ නැති...” වගේ කෘෂිකාර්මික කතන්දර එන්නෙ. දැන් ඇත්ත කතාව කවුරුවත් එහෙම ‘අතගන්නෙ’ නෑනෙ. වැඩේ කලා. ගාන දුන්නා. කැපුනා. පැහැදිලි අවබෝධයකින් සිද්දවෙන ගණුදෙනුවක්. අනික ‘සැමියා’ කියන්නෙ බුදියගන්න එකාද? පිස්සුනේ.


    අන්න ඒකට ලලක්කා.


    ලලක්කගෙ අතගැනිලි අරව මෙව්ව නෑ. කෙලින්ම “සුර සැප වික්කා”. වැඩේ ක්ලියර්. අර විදග්ධ කතන්දර වල එන ‘ආත්මය විකිණීම’ ‘ශරීරය විකිණීම’..... (මම කියන්නෙ ඔය තියරියට මේසන් වැඩ කරන එකත් ඇඟ විකුණනව කිව්වෑකිනෙ)


    නිකං බයිලනේ. ඔය මොන ලඳක්වත් ශරීරය විකුණන්නෑනෙ ඕන එකක් කපාගෙන පලයං කියල. කොන්දේසි සහිත සේවාවක් සපයනවා. ඇඟ භාවිතයෙන් ඊනියා ‘සැප’ විකුණනවා. පාරිභෝගිකයො සැප අරගෙන ඇඟ තියල එනවා.


    අනික ලලක්ක රෙස්පට්නෙ. ‘සුරසැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා’. ඔය ‘වත ගොත’ කියන්නෙම සුළුපටු දේපලක්ද? පාරිභෝගික විශ්වාසය. සෙල්ලමක් නෙමේ. හැබැයි ලලක්කල කන පතේ රෙ** නෑ. අන්න ගෑණු.


    අනික ලලක්කල ඔය කියන තරං අසරණත් නෑ. “නෑයෙක් නෑකං නොකියන...”. මේ මොන රටේද? ලලක්කලට නං නෑයො මිත්‍රයො බජාර් එකක්ම ඉන්නවා. ඔය නෑකං ප්‍රශ්නෙ එන්නෙ ඔය ජොබ් එක මහ පජාත රස්සාවක් කියන විදග්ධ ඔලුගෙඩි ඇතුලෙනෙ. ඔන්න රන්බණ්ඩා මහත්තේලගෙ විදග්ධ පරපුර නං නෑදෑකං අතහරී කිව්වෑකි. ඒත් ලලක්කගෙ බජාර්එකේ ඔය ගැරඬිපාට් නෑ. රස්සාව වේසකම. එච්චරයි. අම්මත් දන්නව. තාත්තත් දන්නව. මිනිහෙක් ඉන්නවනං ඌත් ෂොට් එකක් දාන්ඩ කීයක්හරි ඉල්ලගන්නව.


    “නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....”
    ඔන්න නෑකං....!


    “පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ....
    අඳුරේ පව් කරන දනා - එළියෙ රවන ලඳුනේ......”


    මම කියන්නෙ මේවත් නිකං ඔලුවෙ ප්‍රලාප. රෑට ලලක්කල එක්ක බුදියල, දවල්ට උන්ට වේසියො කියන සත්ගුණවත් මහත්තුරු ඕනෙතරං ඉන්නව. හැබැයි ඉතිං ඕක රණ්බණ්ඩා මහත්තයලගෙ ප්‍රශ්නයක් මිසක් ලලක්කලගෙ ප්‍රශ්නයක් නෙමේනෙ. ඔය රවන්නෙ බොරුවට කියල ලලක්ක නොදන්නවද? අනික රැව්ව කියල ලලක්කගෙ අහවල් එක නැතිවෙන්ඩද? කොහොමත් රස්සාවෙන් පිට කස්ටමර් කෙයාර් කෑලි ලලක්කලගෙ නෑ. රැව්වත් එකයි. නැතත් එකයි.


    හැබැයි ඉතිං අපේ ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ශූරීන් ලියපු “සිල් අරගත්තා - පෝයට සීලෙත් රැක්කා....” කෑල්ලනං පොඩි අධීසාමාන්‍යකරණයක් වගේ. ඒ උනාට ඒක කියල තියෙන විදිහට මම කැමතියි. ලලක්ක කෑව/කුනුහරුප කිව්ව/ටොයිලට් ගියා/බුදියෑව/රෙදි හේදුව/සිල්ගත්තා...... මේ චරිතයේ එක පැත්තක් ඔහෙ කියල දාල. එහෙම නැතුව සිල්ගත්තු හින්ද ලලක්ක මාර වෙලා නෑනෙ. ඒ වුනාට අරකෙනං මාරයි.


    “තෙල් මල් ගෙන... දෝත පුරා - මුණි කුටියට පියමංවන.....”


    අනේ ඉතිං හරී අනුකම්පා හිතෙනවා. අර පිරිමින්ගේ ඊනියා ‘පාප කඳ’ නිසා මේ ගෑණු මිරිකෙන හැටි දැකලා. හැබැයි ඉතිං ඔය ඔලුවල තියෙන වැඩවසම් ආගමික වහන්තරාවල් ටික අයින් කරල බැලුවොත් නං ඔයිට වඩා මිරිකෙන ගෑණු අනන්ත දකින්න පුලුවන්. (සමහරවිට ගෙදරම ඇති).


    මම යෝජනා කරන්නෙ මෙහෙම. ඔය කියන “ලඳ” ගැන හදවත කීරිගස්සන විදග්ධ රචනාකාරයො මේ ගෑණුන්ට මහා අපහාසයක් කරනවා. ඔවුන් විශේෂිත අසාධාරණයන්ට ලක්වන, විශේෂ අනුකම්පාවකට ලක්විය යුතු, අසරණ ජන කොට්ඨාශයක් බවට පත් කරනවා. හරියට නිකං ‘ගණිකාවන්ට’ පාව්.... එයාල දිහා සානුකම්පිතව බලන්න.... වගේ එකක්. කාටද ඔය කියන්නෙ? මේ සත්ගුණවත් “අපිට”. රෙද්ද තමයි.


    මම කැමති ජොලි සීයට.


    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....


    අන්න එහෙම නම්බුව දීල ‘සමානයෙක්’ විදිහට කතාකරමු. ලලක්කලට මොනවහරි අකටයුතුකම් වෙනවනං නාහෙන් අඬන්නැතුව පුලුවං දෙයක් කරමු.


    ලලක්කා සින්දුව ලූම්පන් සංස්කෘතියට අයත්වීම ගැන සුමිත් සහෝදරය මතක් කරල තිබුණ. ස්තුතිය ඔහුට. ලූම්පන් ලලක්කල ගැන මෙච්චර ලියවුනේ ඒ හින්ද. ලලක්කා සින්දුවේ තියෙන වටිනාකමත් ඒක ලූම්පන් සංස්කෘතියේ ගැයෙන එකක් හින්දමයි. අද ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය ලූම්පන්. අනික් පලාත්වල මන්දා. වයඹ පළාත් සභාවෙන් “ලඳුනේ” සින්දුවයි “ලලක්කා” සින්දුවයි ගැන ජනමත විචාරණයක් තිබ්බොත් හයෙං පහක් අරං ලලක්කා දිනනවා. (අපි ලලක්කට -ලලක්ක අපිට.... පුහ්)


    මිනිස්සු අතර ඉන්නෙ ජොලිසීයා. ජොලිසීයා කියන්නේ මෙහෙම.


    “රයිට්.... අපි ලලක්කා කියල අලුත් ගීතයක්..... අහිංසක කාන්තාවක් ගැන ලියවුන ගීතයක් ගායනා කරන්ඩ.... දෙමු වැඩේ.... දෙන්ඩ පුතා... ශ්‍රැතිය දෙන්ඩ මහත්තයො.... හහ් හහ් හහ්... රයිට්.... ගැහැනි ලලක්කා..... හා... හයි.... කොල්ලො නටපියව් ඇතිවෙන්ඩ.........”
    ලලක්කට නටන උන් ආයෙ කවදාවත් ලලක්කලට කෙල ගහන්නෙ නෑ. උන් අඳුර එලිය වෙනසක් නැතුව ලලක්කල එක්ක හිනාවෙයි. අවුරුදු හතලිස්ගානක් දේශපාලනේ කරලත් ජ.වි.පෙ.ට හැරෙන්ඩවත් බැරිවුන දේවල් මෙන්න ජොලිසීයා කරනවා.
    ජයවේවා !!

    ලඳුනේ - අමරසිරි පීරිස් (සින්දුව අහන්න)
    බජාර් එකේ ලලක්කා - ජොලි සීයා (සින්දුව අහන්න)

    මේ ගීත දෙක සමාජපන්තින් දෙකක් වෙනුවෙන් ලියවුනු ගිතදෙකක් හාස්‍ය රසය වෙනුවෙන් මේ ලිපිය කියවපල්ලා, වැඩිය බරපතලවිදියට ගන්නෙපා
    http://reargate.blogspot.in/2012/05/...l#comment-form



    ප.ලි ------- member කෙනෙක්ගේ comment එකකට දක්වපු අදහසක් මෙතන පලකරනවා

    අදහසට සම්පුර්ණයෙන්ම එකගයි, ඒවගේම කියන්න ඕන මේ සමාජයේ ලලක්කල ඕනෑතරම් ඉන්නවා එත් ලදුනේ ගීතයෙන් වර්ණනා කරන විදියේ බුදුන්දැක නිවන්දකින්න try කරන ගණිකාවෝ ඉන්නවද කියන එක මට සැකයි, ලංකාවේ ඉන්න ගණිකාවක් ලගට ගිහිල්ල එයාලගේ කතාව අහන්නකො හෙන දුක්බර කතාවක් කියයි, පත්තරකාරයෝත් ඔයවගේ ඒවා උඩදද market කරනවා එත් හිතල බලන්න ලංකාවේ කෙල්ලෝ ඉන්නවා garment වලට ගිහින් මැරීගෙන වැඩකරලා පව්ල්වලට සල්ලියවන, අම්මල ඉන්නවා දරුවට උගන්නන්න ගල්වලවල්වල ගල්කඩන, ඒමිනිස්සු ආර්ථිකේ අපහසුඉ කියල ගණිකාවෝ උනේ නෑ, ටිකක් හොයල බලන්න ගොඩක්වෙලවට ගනිකාවක්වෙන්නේ ගමේ ඉන්න විසේකාරම කෙල්ල, තමන්ගේම ක්‍රියාවලින් ජීවිතය විනාස කරගෙන නිදහසට කාරණාවක් විදියට ලස්සන කතාවකුත් හදාගෙන ගනිකවුර්තියට යොමුවෙනවා


    http://www.elakiri.com/forum/showthread.php?t=1667068
     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    රන්බන්දගේ යාලුවෙක් නෙමෙයි මම හිතන්නේ, මිනිහත් එක්ක සෙට් එක තාම යන්නත්තේ...

    ලලක්කනම් පට්ට..