ළඳුනේ..ළඳුනේ…
මුලින්ම කියන්න ඕනි මේක මම ලියපු එකක් නෙමයි FB එකෙන් ගත්තේ. සියලු ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමිවිය යුතුය. ඒ අයට පැසසුමක් වෙන්න ලයික් එකක් වත් දාන්න.
https://www.facebook.com/7205372980...41828.720537298023975/795146487229722/?type=1
ළඳුනේ..ළඳුනේ…
ඔබේදෑසදැකගත්තෙමි
සැඳෑකලෙකළඳුනේ..
අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනාගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම්තාක්දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමුඋනා කීවොත් නිවැරදියි.. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියවුනු ගීතය සංගීතවත්වුනේ ප්රේමසිරි කේමදාසයන්ගේ අව්යාජසංගීතයෙන්.. ගීතයක වචනවලට, හැගීම්වලට පනදෙන්න කේමදාසයන් තරම් තවත්විශිෂ්ටයෙක් සිටි නැතිතරම්.. විටෙක එතුමා මේ ගීතය පිලිබඳ පවසන්නේ මානව දයාවෙහි උපරිම තලය ස්පර්ශ කරන ගීතයක් ලෙසයි. ඔබද මේ ගීතයෙන් කියවෙන්නේ කුමන ආකාරයේ ළඳක් පිලිබඳව දැයි දන්නවාට නිසැකයි.. සරලවම කිවහොත් ගීතයෙන් කියවෙන්නේ සමාජය තුල නොයෙක් අයුරින් ගැරහුමට ලක්වෙ නගණිකා වෘත්තියේ නියැලෙ සිටිනකාන්තාවක් ගැනයි. ගීතයේ සරල අර්ථය එසේවෙද්දී ගීතය පිටුපස තිබෙන අනුභූතිය යම් සිද්ධිදාම යක්හරහා බැඳුනක්.
ගීත රචකර න්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරෙකු මුහුණදුන් සැබෑසිද්ධියක් තමයි ගීතයට නිමිත්ත සපයා තිබෙන්නේ. එම මිතුරා එවකට මහනුවර අලුතින් නවාතැන් ගන්නට ලැබුනේ බෝඩිමක. එහි සගයන් පුරුද්දක් ලෙසසිදුකල දෙයක් තමයි සිය වැටුප ලැබුන දිනයට ආසන්න දිනයක ගණිකාවක් බෝඩිමටගෙනඒම. රන් බණ්ඩා සෙනෙවිරත්නයන් ගේමිතුරාට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුනා. තම අන් සගයන්ට වඩා තරමක් වෙනස් කෙනෙකු වූ ඔහු මෙම ක්රියාව ප්රතික්ෂේපකළා. සුපුරුදු ලෙස ම රාත්රියේ බෝඩිමේ සගයන් පිරිස අභිසරුලියක් සමග ලැගුම්ගන්නට යෙදුනා. එම දිනට පසුවදා යෙදී තිබුනේ පෝය දිනයක් නිසා පසුදා සවස දළදා වඳින්නටත් පිරිසපිටත් වෙනවා. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට එක්වරම පෙර දින රාත්රියේ ඔහුගේ බෝඩිමේ සගයන් සමග පැමිණි කාන්තාව ඇස ගැටෙනවා. මිතුරන්ටද ඇයව හඳුනාගැනීමට එතරම් අපහසු නොවුනත් කිසිවෙක් නාදුනනාසේ සිටිද්දී ඇය ද ඔවුන්ව මගහැර යනවා. මිත්රයාට එය තරමක් සිතේකම් පනයක් ඇතිකල කරුණක් බවට පත්වෙනවා. පෙර දින ඇයව ඇසුරු කල මිතුරන් ද ඇයව දැන් ප්රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුල් සහගතවයි. මේ සිද්ධිය කන වැකෙන රන්බණ්ඩා මහතා මේ දෙස බලන්නේ වෙනත්ම කෝණයකින් සැබවින්ම වැරදි කව්රුද, මෙම කාන්තාවට සමාජය ඉදිරියේ ඇති තත්වය කුමන ආකාරයේ එකක් ද යැයි නිසැකයෙන්ම ඔහුට සිතෙන්නට ඇති.. “ළඳුනේ..ළඳුනේ..” යන යෙදුම භාවිතා කරමින් ඉතා දයාබර ලෙස ඇයව ආමන්ත්රණය කරන්නේ ද ඒ හේතුව ම නිසා වන්නටඇති….
ළඳුනේ..ළඳුනේ..
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්ත ද
සැමියකු නැති ළඳුනේ…..
ඇය කොතරම් පිරිමින් ඇසුරුකරන්නට ඇතිද.. නමුත් ඇයට තවම ස්වාමියෙකු නැත. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සමාජයේ බහුතරය මෙන් ඇයහට දොස් පැවරීම බැහැර කොට ඇයව විග්රහ කරගැනීමට උත්සහ දැරීමක් සිදු කරනවා…
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනි කුටියට පියමං වන
ඔබේ දෑස දැකගත් තෙමි
සඳෑ කලෙක ළඳුනේ….
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබ ද පටාචාරවකි
ඔබ ද කිසා ගෝතමියකි…
ජීවිතය යන්තමින් හෝ අමුණාගැනීමට මුදල් සොයාගැනීමට ඇයට සිදුව ඇත්තේ වීදිවල සරිසරීමටයි. නෑදෑයෙකුවත් නොමැති ඇයට ඇති එකම පිහිට බුදුන්සරණයි..
බුද්ධ කාලයේදී ද අසරණ වූ කාන්තාවන් නිවනට යොමුවූ ලෙස ඇය ද බුදුන්සරණපතයි. එනිසාමඇයබුදුන්කලපටාචාරාවක්.! කිසාගොතමියක්.!
පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ….
ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ…
ඇයට හිමිව ඇති සමාජ තත්වය උදෙසා සැබවින්ම වගකිව යුත්තේ ඇය පමණක් ම නොවෙයි. ඇය සියලු ගැරහුම් ලබන්නේ ඈ වෙත පැමිණෙන පිරිමින් නිසාවෙනි. රාත්රියේ ඇගේ පහස ලබන්නන් සමාජය ඉදිරියේ කිසිඳු පවක් නොකරන්නාක් මෙන් ඇයව හෙලා දකියි.
සමාජය සම විටම දකින්නේ අයගේ මතුපිට ස්වරූපය පමණකි. ඇය මෙම තත්වයට ඇද දැමීමට හේතු වූ කරුණ කුමක්ද, කොතරම් දුකක් ඇගේ සිතේ ඇති ද යන්න රචකයා ශ්රාවකයාගෙන් සියුම් ලෙස ප්රශ්නකරනවා.. අවසානයේ ඇයදෙස යතාර්තවාදීව නිගමනයකට එළඹෙනවානම් ඇය කිසිවෙකුට කල වරදක්නොමැත. නමුත් සමාජය ඉදිරියේ ඉබේම වැරදිකාරියක් බවට පත්වී තිබේ..
“ළඳුනේ..” ගීතය ගැන තවත් කිවයුතුම දෙයක් ඇත.ඒ මේ ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාව යොදාගැනීම අහම්බෙන් සිදුවූ බවයි. ගීත පටිගත කිරීමට සියලු කටයුතු සුදානම් කොට තියෙද්දිත් පෙර මෙම ගීතය ගායනය කිරීමට දායකවීමසිටි ගායකයා පැමිණියේ නැත. එවිට කේමදාසයන්ට සිහිවුවේ සිය වාදය වෘන්දයේ එවකට වයලීනය වාදනය කරන අමරසිරි පීරිස් මහතාවයි.. එසේ මෙම ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාට වරම් ලැබුණු අතර ම ඔහුගේ හඬ ගීතයට ගැලපෙන අයුරු ඉවෙන් මෙන් කේමදාසයන් දැනගැනීමෙන් ඇති විශිෂ්ට නිර්මාණයක් සමග ඇති විශිෂ්ට ගායන ශිල්පියෙක් රටට දායාදවිය …
ගායනය : අමරසිරිපීරිස්
පද : රන්බණ්ඩාසෙනෙවිරත්න
සංගීතය : ප්රේමසිරිකේමදාස
ප ලි
මම අහලා තියන විදියට අමරසිරි පිරිස් මහත්මයට ගීතය ගායනා කරන්න කිවුවහම අදිමදි කලාලු. ඒ පාර කේමදාස මාස්ටර් කිව්වලු " උබ මේක අද කිව්වේ නැත්තම් එලවනවා අයිත පැත්ත පළාතේ වද්දා ගන්නේ නැහැ" කිව්වාලු. කේමදාසයන්ගේ සංගීතය පිළිබද තිබෙන ඉව මේ කටහඩ මේ දක්ෂයා කියලා හදුනාගන්න තියන හැකියාව තමයි අපිට රසවින්දනය කරන්න පුළුවන් නිර්මාණ ලබාදීමට එක හේතුවක් උනේ.