විමලරත්න කුමාරගම

waligamaya

Well-known member
  • විමලරත්න කුමාරගම

    මචන්ලා ඔය විමලරත්න කුමාරගම ලියපු අරච්චි රාල කියන කවි පන්තිය ගොයගන්න පුලුවන් තැනක් දාපන්කො. මම ඉස්කොලේ කාලේ හරිම අසම කවි පන්තියක් තමයි. අයිත් කියවන්න අසයි. පරන සින්හල පොත් හොයන්නත් දැන් නැ. දන්න එකෙක් මෙකේ දාපල්ලොකො

    wimalaratne-kumaragama.jpg




    ගමෙ ඉදන් වැඩකරලා, විබාගයෙන් පස්වෙලා සිදාදියට පැනගත්තා මගත්තයානම්.
    මටනම් හොදටම මතකයි, එක ගමෙන් අපි දෙන්නා, මහත්තයට මතක නැද්ද රන්බන්ඩ මන්.

    අලියා වැටුනු වැඩ අරච්චි රාලට.
    මුවමස් ගොන මස් අඩු නොවෙටි කලෙට...
    ......................................................................
    ඔහු වැඩිපුරම බය ලොකු සයිබු නනාට

    මෙ කවි කොච්චර ලස්සනද විනොදද?



    අලියා වැටුන වැව අරච්චි රාල, හෙරත් හාමි, අවුරුදු නිවාඩුව, අයියනායක, හරක් හොරා, යන්තම් බෙරුනා.
    :cool::cool::(
     
    • Like
    Reactions: chamali2009

    waligamaya

    Well-known member
  • ;););)

    ela macho..............

    හේරත් හා මි

    අලියා වැටුණු වැව සිටි හේරත් හා මි
    මා වැනියකු වුවද මම වැදගත් වී මි
    මිනී කපන මුත් ඒ හේරත් හා මි
    ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ මි

    ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ වේ
    මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ වේ
    මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු වේ
    ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ වේ

    ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ රිය
    වයසක් නොමැත නාඹර ඉලන්දා රිය
    කිසිවෙක් තවම නැත පැවසුමට බා රිය
    මට පුදුමයකි ඔහු මේ කරන කා රිය

    මා වැනියෙකුට තද සංවේගයම දි දී
    හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ දී
    හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව දී
    අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල දී

    ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු ලේ
    වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක ළේ
    දැනගන්නට කිසිදු වරදක් නොමැත මො ළේ
    කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ ලේ

    අවනත සිනා රැලි වත නිතරම පතු රයි
    හැම වදනක් ම අවිහිංසකව පතු රයි
    හැමදා වගේ සවසට බොන ගිනි වතු රයි
    ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු රයි

    පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ නේ
    මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ නේ
    නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි නේ
    උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ නේ

    නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො සින්
    ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි සින්
    බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ සින්
    ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම සින්

    නූපන් නිසා දනවත් මහරු පා යක
    පන්සල වෙතට යයි හැම විටම පෝ යක
    අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා යක
    ඊටත් වඩා සලකයි අයියනා යක


    :cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අලියා වැටුණු වැව ආරච්චි රාළට
    මුව ගෝණ මස් හිග නොමැත කෑමට
    මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
    ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට

    වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල මත
    එරඩු වැටේ වැඩිපුර ලොකු කපොලු ඇත
    කුරහන් බිස්ස යට බල්ලට සෙවණ ඇත
    ඔහුගේ ගෙදර මට හොදටම මතක ඇත

    පස් බානක් ම ඔහු හට හොර හරක් ඇත
    ගමනට පැදුරු දැමු බරබාගයක් ඇත
    නියගක් ආව මුත් වැඩිපුර බයක් නැත
    වැව කිට්ටුව ම වෙල ඉස්සර හයක් ඇත

    ඉදි කඩ ළග ම සිටගත් මහලු පලු ගසේ
    පොඩි පෙට්ටියක පානට මැසි මදුරු නැසේ
    එළිය දුටිමි ඒ එළියයි ඔහුගෙ හිසේ
    මට මේ ලියන විට තව ඒ එළිය දිසේ

    රජයේ සේවයෙන් කෙහෙ පෑදුණු තට්ටේ
    පොල් තෙල් ගෑ වැනි ය අමු පොලයක කට්ටේ
    තවරුණු බවක් පවසන ගොම මුසු මැට්ටේ
    කොණ්ඩය කුහුඹු ගුළියකි පොලයක නැට්ටේ

    කෙස් නැති හිසට නැග ගන්නට බලන මෙනී
    කම්මුල දෙසට රළු උඩු රැවුල කැරකුණී
    හතරට බිදුණු බැම රළු ලොම් ගන ව ගනී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    රජයේ සේවයට දිවි කැප කරන මෙනී
    රෑ දාවලේ යයි ගං ගොඩ දෙසට වැනී
    කන බොන වෙලාවට අඹුවට හොදට බණී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    වී බුසලකට සිතුවොත් කුඹුරකුදු ගනී
    රුපියල් දෙකක් දෙන විට පස් වරක් ගනී
    සමහර විටදි ඉදිකඩ වැට උඩින් පනී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    මොහුගේ රාජකාරියෙ ඇති මහගු ගුණේ
    ගැමියන් මුහුණ බැලුවොත් හොද හැටිම පෙනේ
    අසරණ අහිංසකයන්ගේ කුඹුරු අනේ
    මොහුට ය කොහොම හරි කෙළවර ගොදුරු වුණේ

    මොහුගේ මහගු සේවයෙ හැටි මෙයට වැඩී
    යම් කිසි විටෙක හරකෙකු තැබු පසුව වෙඩී
    නැග ගෙන හරක් හොරුගේ කර උඩට දැඩී
    පස්සා ගාත් දෙක ඔහුගේ ගෙයට වඩී

    රැළි යුතු නළල පළලින් අඩු විය බෝසේ
    මුගටියෙකුගේ පැහැය ඇත වළ වූ දෑසේ
    සුදුමැලි දෙ තොල, උඩ බැලි කොට මොට නාසේ
    අග ඇති පළල් කට කම්මුල හා පෑසේ

    මුළු රෑ ලැගි හිද පලු ගසක මැස්සක
    ලැබ ගෙන අහිංසකයෙකු පිදුව මස් ටික
    වළදා අදට වූවත් වසර විස්සක
    පුදුමයි බලන්නට අද ඔහුගෙ රැස් ටික

    කිසිවෙක් නොවේ කෙරුමට මොහු සමග හබේ
    වෙහෙසක් නැතුව යල මහ අස්වනුද ලැබේ
    කුරහන් වියෙන් බිහි තුන ඉදිමුණ ද ඉබේ
    යම් කිසි බියක් ඔහුගේ නෙත් අතර තිබේ

    දවසින් දවස වන පෙත ගම් ගොඩෙහි හැපේ
    ඔහුගේ ගෙදර ළග කළුවර බුරුත කැපේ
    ගැමියන් පිහිට ලැබ ගිනි ඇවුළුණ ද ලිපේ
    හැම ගැමියෙක් ම ඔහුගේ පා මුලෙහි හැපේ
     

    waligamaya

    Well-known member
  • අලියා වැටුණු වැව ආරච්චි රාළට
    මුව ගෝණ මස් හිග නොමැත කෑමට
    මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
    ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට

    වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල මත
    එරඩු වැටේ වැඩිපුර ලොකු කපොලු ඇත
    කුරහන් බිස්ස යට බල්ලට සෙවණ ඇත
    ඔහුගේ ගෙදර මට හොදටම මතක ඇත

    පස් බානක් ම ඔහු හට හොර හරක් ඇත
    ගමනට පැදුරු දැමු බරබාගයක් ඇත
    නියගක් ආව මුත් වැඩිපුර බයක් නැත
    වැව කිට්ටුව ම වෙල ඉස්සර හයක් ඇත

    ඉදි කඩ ළග ම සිටගත් මහලු පලු ගසේ
    පොඩි පෙට්ටියක පානට මැසි මදුරු නැසේ
    එළිය දුටිමි ඒ එළියයි ඔහුගෙ හිසේ
    මට මේ ලියන විට තව ඒ එළිය දිසේ

    රජයේ සේවයෙන් කෙහෙ පෑදුණු තට්ටේ
    පොල් තෙල් ගෑ වැනි ය අමු පොලයක කට්ටේ
    තවරුණු බවක් පවසන ගොම මුසු මැට්ටේ
    කොණ්ඩය කුහුඹු ගුළියකි පොලයක නැට්ටේ

    කෙස් නැති හිසට නැග ගන්නට බලන මෙනී
    කම්මුල දෙසට රළු උඩු රැවුල කැරකුණී
    හතරට බිදුණු බැම රළු ලොම් ගන ව ගනී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    රජයේ සේවයට දිවි කැප කරන මෙනී
    රෑ දාවලේ යයි ගං ගොඩ දෙසට වැනී
    කන බොන වෙලාවට අඹුවට හොදට බණී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    වී බුසලකට සිතුවොත් කුඹුරකුදු ගනී
    රුපියල් දෙකක් දෙන විට පස් වරක් ගනී
    සමහර විටදි ඉදිකඩ වැට උඩින් පනී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    මොහුගේ රාජකාරියෙ ඇති මහගු ගුණේ
    ගැමියන් මුහුණ බැලුවොත් හොද හැටිම පෙනේ
    අසරණ අහිංසකයන්ගේ කුඹුරු අනේ
    මොහුට ය කොහොම හරි කෙළවර ගොදුරු වුණේ

    මොහුගේ මහගු සේවයෙ හැටි මෙයට වැඩී
    යම් කිසි විටෙක හරකෙකු තැබු පසුව වෙඩී
    නැග ගෙන හරක් හොරුගේ කර උඩට දැඩී
    පස්සා ගාත් දෙක ඔහුගේ ගෙයට වඩී

    රැළි යුතු නළල පළලින් අඩු විය බෝසේ
    මුගටියෙකුගේ පැහැය ඇත වළ වූ දෑසේ
    සුදුමැලි දෙ තොල, උඩ බැලි කොට මොට නාසේ
    අග ඇති පළල් කට කම්මුල හා පෑසේ

    මුළු රෑ ලැගි හිද පලු ගසක මැස්සක
    ලැබ ගෙන අහිංසකයෙකු පිදුව මස් ටික
    වළදා අදට වූවත් වසර විස්සක
    පුදුමයි බලන්නට අද ඔහුගෙ රැස් ටික

    කිසිවෙක් නොවේ කෙරුමට මොහු සමග හබේ
    වෙහෙසක් නැතුව යල මහ අස්වනුද ලැබේ
    කුරහන් වියෙන් බිහි තුන ඉදිමුණ ද ඉබේ
    යම් කිසි බියක් ඔහුගේ නෙත් අතර තිබේ

    දවසින් දවස වන පෙත ගම් ගොඩෙහි හැපේ
    ඔහුගේ ගෙදර ළග කළුවර බුරුත කැපේ
    ගැමියන් පිහිට ලැබ ගිනි ඇවුළුණ ද ලිපේ
    හැම ගැමියෙක් ම ඔහුගේ පා මුලෙහි හැපේ

    :cool::cool::cool::cool:++++
     

    waligamaya

    Well-known member
  • kollata badu hambela :D mamath aiyanayaka hoyanakota ban ara page eka hambune.


    මෙවා කොච්චර ලස්සන බලපන්, අපි පොඩි කලේ අහපුවා. මට තම මතකයි සින්හල පොත් වති නිබිච්චා.
    දුම්මල ගලට ගිය අම්මා, කුරුලු පැටවා


    මෙවා තමයි බන් පොඩි උන්ට කියලා දෙන්න ඔන, එතකොටතමයි උන්ට මනුස්ස හැගිම් එන්නේ. මම අවුරුද්දට කලින් 3.55 intercity train එකේ අනුරද පුරේ යනකොට මගේ අනිත් පැත්තේ සීට් පෙලියේ හිටියේ සල්ලිකාර පොශ් ලයින් දාන අම්මා කේනෙකුයි ජබ්බා වගේ ඉන්න පුතෙකුයි. මගදි මහ වැස්සක් වැස්සා. අර අම්මා ට්‍රයි කර කර shatter එක වහන්න වහ ගන්න බැ. අර කොල්ලට අවුරුදු 10 විතර අරු එපැත්තවත් බැලුවෙනැ ටැබ් එක දිහා බල ගෙනමයි. මම එ නිසාම අර අම්මට උදව් කලෙනැ. පස්සේ ඉසරහා සීට් එකේ ඉන්න වයසක දෙමල ජොඩුව හොදටම තෙමේන නිසා මම එදෙමල අන්කල්ට i will help, becaus of you කියලා shatter එක වහලා දුන්නා. පස්සේ මගෙන් එ අන්කල් ඇහුවා ඇයි මම හින්දා විතරක් උදව් කලේ කියලා එත කොට ම කිව්වා අර ගැනු එකේනාට ඇහෙන්න this boy must help him Mather, but even hi did not get him eyes from tab. කියලා
    දැන් ඉන්න ලමයි කිසිම හැගිම් දැනිම් නැති මස් ගොඩවල් විතරයි,
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අලියා වැටුණු වැව ආරච්චි රාළට
    මුව ගෝණ මස් හිග නොමැත කෑමට
    මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
    ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට

    වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල මත
    එරඩු වැටේ වැඩිපුර ලොකු කපොලු ඇත
    කුරහන් බිස්ස යට බල්ලට සෙවණ ඇත
    ඔහුගේ ගෙදර මට හොදටම මතක ඇත

    පස් බානක් ම ඔහු හට හොර හරක් ඇත
    ගමනට පැදුරු දැමු බරබාගයක් ඇත
    නියගක් ආව මුත් වැඩිපුර බයක් නැත
    වැව කිට්ටුව ම වෙල ඉස්සර හයක් ඇත

    ඉදි කඩ ළග ම සිටගත් මහලු පලු ගසේ
    පොඩි පෙට්ටියක පානට මැසි මදුරු නැසේ
    එළිය දුටිමි ඒ එළියයි ඔහුගෙ හිසේ
    මට මේ ලියන විට තව ඒ එළිය දිසේ

    රජයේ සේවයෙන් කෙහෙ පෑදුණු තට්ටේ
    පොල් තෙල් ගෑ වැනි ය අමු පොලයක කට්ටේ
    තවරුණු බවක් පවසන ගොම මුසු මැට්ටේ
    කොණ්ඩය කුහුඹු ගුළියකි පොලයක නැට්ටේ

    කෙස් නැති හිසට නැග ගන්නට බලන මෙනී
    කම්මුල දෙසට රළු උඩු රැවුල කැරකුණී
    හතරට බිදුණු බැම රළු ලොම් ගන ව ගනී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    රජයේ සේවයට දිවි කැප කරන මෙනී
    රෑ දාවලේ යයි ගං ගොඩ දෙසට වැනී
    කන බොන වෙලාවට අඹුවට හොදට බණී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    වී බුසලකට සිතුවොත් කුඹුරකුදු ගනී
    රුපියල් දෙකක් දෙන විට පස් වරක් ගනී
    සමහර විටදි ඉදිකඩ වැට උඩින් පනී
    අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

    මොහුගේ රාජකාරියෙ ඇති මහගු ගුණේ
    ගැමියන් මුහුණ බැලුවොත් හොද හැටිම පෙනේ
    අසරණ අහිංසකයන්ගේ කුඹුරු අනේ
    මොහුට ය කොහොම හරි කෙළවර ගොදුරු වුණේ

    මොහුගේ මහගු සේවයෙ හැටි මෙයට වැඩී
    යම් කිසි විටෙක හරකෙකු තැබු පසුව වෙඩී
    නැග ගෙන හරක් හොරුගේ කර උඩට දැඩී
    පස්සා ගාත් දෙක ඔහුගේ ගෙයට වඩී

    රැළි යුතු නළල පළලින් අඩු විය බෝසේ
    මුගටියෙකුගේ පැහැය ඇත වළ වූ දෑසේ
    සුදුමැලි දෙ තොල, උඩ බැලි කොට මොට නාසේ
    අග ඇති පළල් කට කම්මුල හා පෑසේ

    මුළු රෑ ලැගි හිද පලු ගසක මැස්සක
    ලැබ ගෙන අහිංසකයෙකු පිදුව මස් ටික
    වළදා අදට වූවත් වසර විස්සක
    පුදුමයි බලන්නට අද ඔහුගෙ රැස් ටික

    කිසිවෙක් නොවේ කෙරුමට මොහු සමග හබේ
    වෙහෙසක් නැතුව යල මහ අස්වනුද ලැබේ
    කුරහන් වියෙන් බිහි තුන ඉදිමුණ ද ඉබේ
    යම් කිසි බියක් ඔහුගේ නෙත් අතර තිබේ

    දවසින් දවස වන පෙත ගම් ගොඩෙහි හැපේ
    ඔහුගේ ගෙදර ළග කළුවර බුරුත කැපේ
    ගැමියන් පිහිට ලැබ ගිනි ඇවුළුණ ද ලිපේ
    හැම ගැමියෙක් ම ඔහුගේ පා මුලෙහි හැපේ


    mama asama kavi panthiyak,rep 10 mage gaane
     

    waligamaya

    Well-known member
  • ඉදි කඩ ළග ම සිටගත් මහලු පලු ගසේ
    පොඩි පෙට්ටියක පානට මැසි මදුරු නැසේ

    එළිය දුටිමි ඒ එළියයි ඔහුගෙ හිසේ
    මට මේ ලියන විට තව ඒ එළිය දිසේ

    මේ කියන්නේ මොකක් ගැනද දන්නේනැ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදි කඩ ළග ම සිටගත් මහලු පලු ගසේ
    පොඩි පෙට්ටියක පානට මැසි මදුරු නැසේ

    එළිය දුටිමි ඒ එළියයි ඔහුගෙ හිසේ
    මට මේ ලියන විට තව ඒ එළිය දිසේ

    මේ කියන්නේ මොකක් ගැනද දන්නේනැ?
    තට්ටේ...තට්ටේ.....
    වෙන අහවල් එක ද?
     

    waligamaya

    Well-known member
  • පුලුවන් කුකුලෙක් අර ඉස්සර සින්හල පොතෙ තිබුනු දුම්මල ගලට ගිය අම්මා කියන කවි පන්තියත් දාපල්ලකො. එකලේ එක කියවද්දි ඇඩෙනව. අම්මා අන්තිමට දුම්මල ගලින් ලිස්සලා මැරෙනවනේ.:(
     

    waligamaya

    Well-known member
  • අයියනායක - විමලරත්න කුමාරගම


    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ ණේ
    මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ

    බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
    මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක ල
    ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
    හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල

    වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
    ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
    සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
    එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත

    දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
    පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
    මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ

    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
    කෙම්වර දවස්වල පානින් සැරසී ම
    වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

    සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්

    ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ මැන
    අහුමුලු නෑර සිය අණසක පතුරු වන
    බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
    මීමුන් මදින් මත්වී අං මදින තැන
    වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
    අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
    බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන


    from කවි මුතු මල්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පුලුවන් කුකුලෙක් අර ඉස්සර සින්හල පොතෙ තිබුනු දුම්මල ගලට ගිය අම්මා කියන කවි පන්තියත් දාපල්ලකො. එකලේ එක කියවද්දි ඇඩෙනව. අම්මා අන්තිමට දුම්මල ගලින් ලිස්සලා මැරෙනවනේ.:(
    :(:( මන් ඔය කවි පන්තිය නිසා ඇඩුවා මතකයි.....:sorry::sorry:
     
    • Like
    Reactions: waligamaya

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අයියනායක - විමලරත්න කුමාරගම


    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ ණේ
    මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ

    බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
    මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක ල
    ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
    හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල

    වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
    ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
    සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
    එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත

    දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
    පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
    මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ

    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
    කෙම්වර දවස්වල පානින් සැරසී ම
    වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

    සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්

    ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ මැන
    අහුමුලු නෑර සිය අණසක පතුරු වන
    බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
    මීමුන් මදින් මත්වී අං මදින තැන
    වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
    අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
    බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන


    from කවි මුතු මල්

    98 mama OL kale, staff strike ekak dawasaka ape class eke un sindu kiyala iwara wela sinhala pothai sahitya pothai aragena desk walata gagaha me kavi kiwwa ban thaleta. pattai wede. xam ekedi nikan wathura wage kavi tika enawa mathaketa
     

    waligamaya

    Well-known member
  • 98 mama OL kale, staff strike ekak dawasaka ape class eke un sindu kiyala iwara wela sinhala pothai sahitya pothai aragena desk walata gagaha me kavi kiwwa ban thaleta. pattai wede. xam ekedi nikan wathura wage kavi tika enawa mathaketa

    දැන් තියෙන සින්හළ පොත්වල පාඩම් ගතියක්නැ