නුවරඑළියේ සංචාරයක නිරතවෙන පුද්ගලයෙක් අනිවාර්යෙන්ම යා යුතු තැනක් තමයි පිදුරුතලාගල. පිදුරුතලාගල එහෙමත් නැත්නම් Pedro අපිට විශේෂ වෙන්නේ ලංකාවේ උසම කඳු මුදුන නිසාවෙනුයි. උස මීටර් 2524.අඩි වලින් නම් 8281ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයට තමා පිදුරුතලාගල අයිති වෙන්නේ. ගමන් මාර්ගය වැටිලා තියෙන්නේ මෙහෙමයි. නුවරඑලිය මාර්කට් ගාව තියෙන පස් මන්සධියෙන් උඩහට එහෙමත් නැත්තම් නුවලඑළිය පොලිස් ස්ථානය ඉදිරි පිට පාරෙන් (ජයතිලක මාවත) තමා පිදුරුතලාගල මර්ගයට පිවිසෙන්නේ. මාර්ගය නම් සෑහෙන්න කුඩයි. අබලන්..
කන්ද පහල පිහිටලා තියෙන යුධ හමුදා මුරපොලින් සෑම වාහනයක්ම අවසර ලබා ගත යුතුයි. පිදුරුතලාගලට පා ගමනින් යෑම තහනම්. ඒක්ට හේතුව පිදුරුතලාගල දැඩි ස්වභාව රක්ෂිතයක්. වන සතුන් ගහනයත් වැඩියි. විශේෂයෙන්ම දිවියන් වැනි සතුන්. ඒ නිසා පිදුරුතලාගල නරඹන්න යනවා නම් අනිවාර්යෙන්ම වාහනයක යා යුතුයි. උදෑසන 7.30 ඉඳන් තමයි කන්ද උඩහට වාහන යවන්න පටන් ගන්නේ. එක්වර වාහන කීපයක් පමනයි ඇතුල් ක්රන්නට ඉඩ දෙන්නෙත්. කිසිම හේතුවක් නිසා ගමන අතරතුර වාහනය නැවතිම හෝ ඉන් පිටතට බැසීම සපුරා තහනම් වෙනවා. මේ නීති පනවලා තියෙන්නේ පරිසරයේ වගේම සාමාන්‍ය ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙනුයි. කන්ද පහල මුරපලේ ඉඳන් කන්ද මුදුනට සම්පූර්ණ දුර කිලෝමීටර 6යි. ලොකු ආනතියකින් තමයි වාහන උඩට නගින්න තියෙන්නේ. ඒ නිසා බොහෝම ප්‍රවේසමෙන් වගේම වාහනයේ තත්වය ගැනත් හිතලා මේ ගමන යනවා නම් තමා හැමෝටම හොඳ. ඒ වගේමයි බැරි වෙලාවත් ගමන් කරන වාහනේට කුමක් හරි ආපදාවක් සිද්ධ උනොතින් පහල යුධ හමුදා මුරපොලෙන් ලබා දෙන අංකයට අමතලා ඒ බව දැනුම් දෙන්න ඔනා. මේ දැන්වීම පහල ප්‍රදර්ශනය කරලා තියෙන්නේ හැමෝගෙම දැන ගැනීමට..
කන්ද මුදුනත් අධි ආරක්ෂිත කලාපයක්.
ඒකට හේතුව යුධ හමුදා කඳවුරට අමතරව, ගුවන් හමුදා කඳවුර, ගුවන් හමුදා රේඩාර් පද්ධතිය, Civil Aviation රේඩාර් පද්ධතිය, රූපවාහිනී සංස්ථාවේ හා CSN නාලිකාවේ සම්ප්‍රේෂන කුලුණු වගේම තවත් සන්නිවේදන කුලුනු කිහිපයක්ම කන්ද මුදුනත පිහිටා තිබීමයි. ඡායාරූප ගැනීම තහනම්. ඒ නිසා ලබා ගත් සියලු ඡායාරූප නොදමා ,ඡායාරූප තෝරාබේරාගෙන තමා මම ත්‍රෙඩ් එකේ ඉදිරිපත් කරන්නේ.
කඳවුරට පිවිසීම අතලඟ..
වෙලාව හොඳනම්, අහස පැහැදිලි නම් සමනළ කන්ද බොහෝම පැහැදිලිව බලාගන්න පුළුවන්..
කන්ද මුදුනට පේන නුවරඑළිය ටවුන් එක..
කන්ද මුදුනේ තියෙන වැදගත්ම ස්ථානය තමයි සමිට් ලෙවල් එක. භූගෝලීය වශයෙන් ලංකාවේ උසම ස්ථානය. මෙතන පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල ගුවන්හමුදා කඳවුර තුලයි. මේ ස්ථානය අධිආරක්ෂිත කලාපයක් නිසා විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා මෙතනට යන්න..
මේ ස්ථම්භය තමයි සමිට් එක වෙනුවෙන් ස්ථානගත කරලා තියෙන්නේ. උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සලකුණු කරලා තියෙනවා..
ලංකාවේ උසින්ම පිහිටි පන්සල පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල කඳු මුදුනතෙයි. නමින් "සිළුමිණි සෑය".ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව විසින් තමයි පන්සලේ සියලු නඩත්තු කටයුතු වගේම වත්පිලිවෙත් බොහෝම පිලිවෙලට සිද්ධ වෙන්නේ. සිළුමිණි සෑය පිහිටලා තියෙන්නේ තාවතිම්සය එහෙමත් නැතිනම් තව්තිසාවේ කියලා කියවෙනවා නේ. උසින්ම පිහිටි වෙහෙර නිසා මේ වෙහෙරටතේ නම් යොදලා තියෙනවා.
වටපිටාව.. බන්ඩාරණායක ගුවන්තොටුපලේ ධාවනපතය පවා රාත්‍රී කාලයට දර්ශනය වෙනවා කියලා තමා මෙතන සේවයේ නියුතු ගුවන් හමුදා සෙබලුන් ප්‍රකාෂ කලේ..
මේ සුදුපාට කුලුණක් විදියට පේන්නේ අම්බුලුවාව.
ගුවන් හමුදා කඳවුර..
අවසාන වශයෙන් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය කාරනා කීපයක් තියෙනවා.
පිදුරුතලාගල සංචාරය කරනවා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
පළවෙනි කාරනාව පරිසරය. පිදුරුතලාගල ස්වභාවික රක්ෂිතයක්. වනසතුන් ජීවත් වෙනවා. ඒ නිසා පරිසරය වගේම සතාසිව්පාවා ගැනත් සැලකිලිමත් වෙන්න.
දෙවනි කාරනාව තමයි පිදුරුතලාගල සංචාරය කරන ඔබ පිවිසෙන්නේ ගුවන් හමුදා කඳවුරක් තුලටයි. ඒ නිසා සෙබලුන්ගේ රාජකාරියට බාධා නොවෙන විදියට සංවරව පරිසරය රසවිඳින්න පුරුදු වෙන්න.
තුන් වෙනි කාරණාව තමයි පිදුරුතලාගල උසින් ගත්තොත් අඩි 8200කට වැඩියි. ඔක්සිජන් මට්ටම තරමක් අඩුයි. සාමාන්‍ය පුද්ගලයෙකුට බාධාවකින් තොරව හුස්ම ගන්නට පුළුවන් උපරිම උස අඩි 8000යි. කන්ද මුදුනේ එහෙට මෙහෙට ටිකක් ඇවිද්දොත් ඔබට මේ ඔක්සිජන් මද බව හොඳින් තේරුම් ගන්නට පුලුවන්. ඔබට තේරේවි ඔබට ඉක්මනින් හති වැටෙන ගතියක්කේ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔබත් එක්ක ගමනට එකතුවෙන වයසක අය ගැනත්, පොඩි අය ගැනත් සැලකිලිමත් වෙන්න.
හතරවෙනි කාරණාව තමයි විකිරණ. කන්ද මුදුනතේ තියෙන රේඩාර් පද්ධතිය ගොඩක් ප්‍රබලයි. ඒ ප්‍රබලත්වය නිසාම ගුවන් හමුදා රේඩාර් පද්ධතියක් Civil Aviation පද්ධතියත් එකවර ක්‍රියා කරවන්නේත් නෑ කියලා මම තොරතුරු විමසා බැලුවාම දැනගන්නට ලැබුනා. සන්නිවේදන කුලුණුත් කිහිපයක්ම පිහිටලා තියෙනවා.
පුළුවන් තරම් උදෙන් ගමන ආරම්භ කරන්න. හවස් වෙනකොට වහින එක පිදුරුතලාගල කාලගුණේ හැටි. තද මීදුමකින් කන්ද වැහිලා යනවා.
මේ දේවල් සිහි තබාගෙන සුන්දර පිදුරුතලාගල අසිරිය විඳගන්න.

අපිත් ලගදි යන්න හැදුව බන් පාර වැරදිලා ගියේ lovers leap දිය ඇල්ල ගාවට
එදා හදිස්සියේ ගියේ ආයේ ඉතින් යන්න හම්බුනේ නෑ 
අඩෝ සිරාවට කොහොමද බන් ඒක දිගේ ගියේ, යන්න පාරක් තියනවද, එතන හවසට හොල්මන් scene තියනවලු නෙහැ 

රෙප් නම් දෙන්න විදියක් නෑ මොකද මම අලුත් නිසා මට රෙප් Power එකක් නෑ.
දෙවෙනි එකට උත්තර දෙන්නේ නෑ.. නෙද්දකිං...