19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

    19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ අත්තනෝමතික විධායක බලතල අඩු කිරීම තමා පක්ෂ -විපක්ෂ (බයි -ටොයි) කාගෙත් අභිලාශය වුනේ.

    නමුත් ශ්‍රේෂ්ඨිධිකරණයේ අභියෝගයට ලක්කළ මුල්ම කෙටුම්පත සහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැගලූ කෙටුම්පතේද විධායක ජනපතිගේ ඇදුම ගලවා අගමැති ඇදගැනීමේ යටි අරමුණු සහිත කුමන්ත්‍රණ සහිත බව කාටත් පැහැදිළිය. ඒ අවස්ථා දෙකේදීම අගමැතිට එය හකුළා ගැනීමට සිදු විය.

    ඊයේ ඉදිරිපත් කළ සංශෝධිත කෙටුම්පතටද විශාල වශයෙන් සංශෝධන ඇතුලත් විය යුතු බව බහුතර විපක්ෂය පෙන්වා දෙන ලදී.
    නමුත් සුලුතර ආණ්ඩුව ඊට නම්‍යශීලී නොවුන හොත් එය සම්මත කරීමට බහුතරය සහිත විපක්ෂයේ සහය ලැබේදැයි සැක සහිතය.

    අගමැතිගේ කොළේ වසා ගැසීමේ හෙවත් අගමැතිට වැඩි බලතල පවරා ගෙන ජනපති පඹයෙකු කිරීමේ කූඨ උත්සාහය අතහැර දැමුවහොත් නියත වශයෙන්ම 19ය සම්මත වනු ඇත.

    බයි-‍ටොයි කාගේත් පැතුම එයයි!
     
    Last edited:
    • Like
    Reactions: Magodis-Thuma

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ithin ban, mahindatath puluwanne, aapahu parliment awilla, widhayaka agamethi wenna.
    umbata oni eekane? ehema newe da?
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ithin ban, mahindatath puluwanne, aapahu parliment awilla, widhayaka agamethi wenna.
    umbata oni eekane? ehema newe da?
    ඔහු කතා කලේ රටේ යහපත වෙනුවෙන් මිසක් මහින්ද වෙනුවෙන් නෙමේ. ඇයි හැමදේටම පක්ශවලට බෙදිලා මරා ගන්නේ?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ithin ban, mahindatath puluwanne, aapahu parliment awilla, widhayaka agamethi wenna.
    umbata oni eekane? ehema newe da?

    කෙසේවත් එවැන්නක් අදහසි කර නැත. මහින්ද හෝ වෙනත් කෙනෙක් ගැන කතාවක් නොව 19 වන සංශෝධනය වටා පවතින මට හැගෙන තත්වය මෙයයි.
    එක්කෙනෙක්ගේ ඇදුම ගලවා තව කෙනෙක් ඇදගැනීම තුල වෙනසක් සිදුනොවනු ඇත.

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔහු කතා කලේ රටේ යහපත වෙනුවෙන් මිසක් මහින්ද වෙනුවෙන් නෙමේ. ඇයි හැමදේටම පක්ශවලට බෙදිලා මරා ගන්නේ?

    :yes::yes:
    තමන්ගේ බිරිද ගැබ්ගත්තත් ඒකටත් මහින්ද ගැන සැක සිතීමේ භීතිකාව පවතින පිරිසක් ඉන්නවා. එහෙම අය සමග මොන දේශපාලනේද සහෝ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය සෙන්ට් එකක් බන් දාන්න යන්නේ ඕක 9 යක් නෙමේ එක වැඩි කරලා ජන අනුපාතය අනුව නියෝජනය දුන්නාම හරි
    ඇමෙරිකාවේ බලපන් ,යෝජනා ඕනේ ඕනේ විදිහට ගෙන්න බැ ,සෙන්ට් එකෙන් දෙන්නේ නැ ,එකට හොද අය පත් වෙන්න ඕනේ ජාති අගාම් බෙද වැඩක් නැ ,ලංකවේ ගොඩක් ලොකු පුටු වල ඉන්නේ දෙමල මුස්ලිම් අය ,දොස්තරලා ,ඉංජිනේරුවෝ ,කථිකාචාර වරු ගත්තත් එහෙමයි ,එක ඒ අයගේ දක්ෂ කම ,එකට කුහක වීම සිංහල කම
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සුපුරුදු බයි තියරියකින් ලියල තියෙන්නෙ. දැන් ඔය පැහැදිලිවම අගමැතිකමට වැඩි බලේ දෙන්න එපා කියන්නෙ ඒක රනිල්ට ලැබෙන නිසා, ඒත් ඇත්ත තත්වෙ වෙනස්. අරයා ආවොත් මෙහෙම කරයි මෙයා අවොත් මෙහෙම කරයි කියල පුද්ගලය කේන්ද්‍ර කරගෙන මේක දිහා බලන්න එපා. සදහටම බලේ ලැබෙන්නෙ අගමැති කියන තනතුරට මිසක් රනික් කියන පුද්ගලයට නෙමෙයි. හරි විදියට ගත්තම මේ වෙලාවෙ අගමැති ප්‍රමුඛ ව්‍යවස්තාදායකට වැඩි බලයක් ලැබෙන්න ඕන.

    කොහොමත් ජනවාරි 8 වැනිද චන්දෙ ලැබුනෙ මෛත්‍රීපාලට මිසක් ඔය උඩ පැනගෙන කෑගහන විපක්ෂෙට නෙමෙයි. පවතින ආන්ඩුව ජනතා මතයට මිසක් විපක්ෂෙ කියන දෙට කන් දෙන්න ඕන නැහැ. ව්‍ය්වස්ථාව සංශෝධනය කරගන්න්න බැරිනම් පහුවදාම චන්දෙකට ගිහින් ඊටපස්සෙ 19 සංශෝධනය ගේනවනම් හොඳයි. 18ට ගේනකොට පූස් පැටව් වගේ අත උස්සපු උන් 19ට උදැල්ල දාන්නෙ යටි අරමුනු ඇතිව. සාමාන්‍ය ජනතාවට දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි අඳුනගන්න බැහැ කියල බයියො හිතාගෙන ඉන්නව. :lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    ඉතිං රාජපරයට ඕක කලින් කරන්න තිබ්බනේ ඇයි උඹල කියන්නේ උ මහා දේශප්‍රේමියා කියලනේ
    රාජසොන්නයට බලපෙරෙතකමේ ඕක අහෝසි කලෙත් නෑ එහෙව් උන් දැන් මෙතන 100% සාධාරණයක් කතා කරනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    විධායක ජනාධිපති ධූරය අනිවා මේ රටේ තියෙන්න ඕනේ. හැබැයි අනවශ්‍ය බලතල අයින් වෙන්න ඕනේ. ඒක තමයි මේ සංශෝධනයෙන් උනේ.

    හැබැයි රනිල් කරන්න ගියේ බලතල ඔක්කෝම වගේ අගමැතිට පැවරෙන්න හදන්න. මිනිහා යටින් ගහන්න ගිය ගේම් එක පැරදුනා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔහු කතා කලේ රටේ යහපත වෙනුවෙන් මිසක් මහින්ද වෙනුවෙන් නෙමේ. ඇයි හැමදේටම පක්ශවලට බෙදිලා මරා ගන්නේ?

    sirawatama mchn...:):)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විධායක ජනාධිපති ධූරය අනිවා මේ රටේ තියෙන්න ඕනේ. හැබැයි අනවශ්‍ය බලතල අයින් වෙන්න ඕනේ. ඒක තමයි මේ සංශෝධනයෙන් උනේ.

    හැබැයි රනිල් කරන්න ගියේ බලතල ඔක්කෝම වගේ අගමැතිට පැවරෙන්න හදන්න. මිනිහා යටින් ගහන්න ගිය ගේම් එක පැරදුනා.
    එත් බන් මුන් දන්නේ නැ ඊළගට වැඩිම චාන්ස් තින්නේ රනිල්ට අගමැති වෙන්න ,මොකෝ උතුරු නැගෙන හිරට වැඩි අසන ගානක් යනවා ,මේ ක්‍රම දෙකම එකතු උනාම (සමනුපතිකයි ,කෙවල්යි
    )
    මහින්දට තනි සිංහල බලයක් අවාත් 100 කට එහා එන්නේ නැ ,,,
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    19ට සහය නොදීමට තීරණය කළෙමි (කරුණාකර බයියන් ෆෝම් නොවන්න)...
    විධායක ජනාධිපති ක්‍රමයේ දුර්විපාකයන් දස වසරක් තිස්සේ අත්විඳි අපට යළිත් "ආයුබෝ වේවා මහරජාණෙනි" ඇසීමට අවශ්‍යතාවක් නැත.. හරි හෝ වේවා, වැරදි හෝ වේවා, රජාට හිතෙන දේ කරන ඒකාධිපති ආණ්ඩුවක් දැකීමට මට අවශ්‍ය නැත.. රජාට පමණක් නොව රජ පැටවුන්ටද දෙකට තුනට නැවී පශ්චාත්භාගය සිපාචාර කරන සමාජයක් දැකීමට මට අවශ්‍ය නැත.. 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකිරීමේ පදනම එයයි..
    එහෙත් 19 වන සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් ගෙන ආවොත් එමගින් රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවට බරපතළ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව, 19 සංශෝධනය යළි කියැවීමේදී පෙනී යයි.. විශේෂයෙන්ම එම අවදානම නිර්මාණය වනුයේ සංශෝධනය පුරාම නැවත නැවත සඳහන් වන "බහුවාර්ගික අනන්‍යතාව" යන වචන ඛණ්ඩය හේතුවෙනි..
    පළමුවෙන්ම 19 සංශෝධනය මගින් යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සළකා බලමු.. එය ගණනින් සාමාජිකයන් 10 දෙනෙකි.. එහි සභාපති කතානායක වන අතර අගමැති සහ විපක්ෂ නායක අනිවාර්ය සාමාජිකයන් වේ.. මේ හැර, මෙහි තවත් සාමාජිකයන් 7 දෙනෙකු වෙති.. [41 A. (1) d, e, f උපඡේද]
    * ජනපති විසින් නම්කරනු ලබන - 1
    * අගමැති, විපක්ෂ නායක දෙදෙනාගේම යෝජනා සම්මතයෙන් පත්කරනු ලබන, කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන - 5
    * අගමැති / විපක්ෂ නායක දෙදෙනාගේ පක්ෂවලට අයත් නොවන සුළු පක්ෂවල බහුතර ඡන්දයෙන් පත්කරනු ලබන - 1
    මෙම සාමාජිකයන් කිසිවෙකු හෝ ඉවත් කරනුයේ නම් ඒ සඳහා අගමැති-විපක්ෂ නායක දෙදෙනාගේම අනුමැතිය අවශ්‍ය ය..
    ව්‍යවස්ථාදායක සභාවට පත්කරනු ලබන සාමාජිකයන් වෘත්තීය සහ සමාජයීය වශයෙන් ආදර්ශනීය විය යුතු අතර ඔවුන්ගේ ධුර කාලය වසර 3 කට සීමා වේ..
    මෙම සාමාජිකයන්ගේ වැදගත්කම සුළුපටු නොවේ.. පහත සඳහන් සියලු ආයතනවල මුල්පුටු තීරණය වනුයේ මොවුන්ගේ අනුමැතිය මත වන අතර එම අනුමැතිය නොමැතිව ජනාධිපතිට අදාළ ආයත ප්‍රධානීන් පත්කිරීම් හෝ ඉවත් කිරීම් කළ නොහැක.. මෙසේ ව්‍යවස්ථාදායක සභාවේ ඍජු අධීක්ෂණය යටතේ පත්කරන්නේ කවර ආයතන වල මුල් පුටු ද?
    - මැතිවරණ කොමිසම
    - රාජ්‍ය සේවා කොමිසම
    - ජාතික පොලිස් කොමිසම
    - විගණන කොමිසම
    - මානව අයිතීන් කොමිසම
    - අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම
    - මූල්‍ය කොමිසම
    - සීමා නිර්ණ කොමිසම
    - ජාතික ප්‍රසම්පාදන කොමිසම
    - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC)
    - රාජ්‍ය භාෂා කොමිසම
    එසේම, පහත සඳහන් ධුරයන් සඳහා ද, මෙකී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව පත්කිරීම් කළ නොහැකි වේ...
    - අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්
    - අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්
    - අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර අන් සියලු ධුර,
    - නීතිපති
    - විගණකාධිපති
    - පොලිස්පති
    - ඔම්බුඩ්ස්මන් (පරිපාලන කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්)
    - පාර්ලිමේන්තු මහලේකම්
    ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන අසීමිත තීරක බලය ගැන මීට වඩා උදාහරණ සැපයීම අනවශ්‍ය යැයි සිතමි.. මගේ ප්‍රශ්න ඇරඹෙන්නේ මෙතැනිනි..
    1. රටේ සමස්ත ක්‍රියාපටිපාටිය නිර්ණය කරන මෙවැනි අතිශය භාරදූර තීරණ ගැනීමට, කිසිදු ජනතා ඡන්දයකින් පත් නොවූ පුද්ගලයන් 7 දෙනෙකුට බලය පැවරීම සාධාරණ ද?
    2. මෙම සාමාජිකයන් 7 දෙනාගෙන් 5 දෙනෙකුම පත්කරනු ලබන්නේ "ලංකාවේ බහුවාර්ගික අනන්‍යතාව නියෝජනය වන පරිදි" යැයි කීමේ අරමුණ කුමක් ද? එතකොට ජනවර්ග කීයක් නියෝජනය කළ යුතු ද? රටේ ප්‍රධානතම ජනවර්ග විභේදනය පහත ආකාර වේ.. සිංහල-බෞද්ධ, සිංහල-රෝමානු කතෝලික, සිංහල-රෝ.ක. නොවන, දමිළ-හිංදු, දමිළ-රෝ.ක., දමිළ-රෝ.ක. නොවන, මුස්ලිම්, ජා, ලාංකේය මරක්කල, ලාංකේය නොවන මරක්කල, මැලේ, බර්ගර් සහ වෙනත් යනුවෙනි.. දැන් මෙතැනම ජනවර්ග කීයක් ද? මේ සියල්ලන්ටම නැතත් ප්‍රධාන කීපය ගතහොත්, ඒ සියල්ලන්ටම ලැබෙන්නේ එක ආසනය බැගින් ද? එසේ කිරීමේ ඇති සාධාරණය කුමක් ද?
    3. රටේ මෙතරම් වැදගත් තීන්දු තීරණ සමුදායයක් කෙරෙහි දායක වීමේ භාරදූර වගකීම පැවරෙන පුද්ගලයන් අවිවාදයෙන්ම රටේ ඉන්නා හොඳම තීරණ ගන්නවුන් විය යුතු ය.. මෙකී පුද්ගලයන් තොරණ නිශ්චිත නිර්ණායක දක්වා නැත්තේ ඇයි?
    4. බහුවාර්ගික අනන්‍යතාව රැකිය යුත්තේ මෙකී ව්‍යවස්ථාදායක සභිකයන්ගේ පමණක් නොව, ඔවුන් විසින් අදාළ ධුර සඳහා නම්කරනු ලබන පුද්ගලයන් සඳහා ද වේ.. දැන් එතකොට කොමිසම් සඳහා පත්කරන පුද්ගලයන් පත්කරන්නේ සුදුසුකම් බලා නොව, අර කී ඊනියා බහුවාර්ගිකතාව නිරූපණය කරන පරිදි ද?
    5. අවසාන වශයෙන් මෙකී ව්‍යවස්ථාදායක සභිකයන් සම්බන්ධයෙන් බලපවත්වන නීතිය කුමක් ද? ලතින් කියමනකින්ම කියන්නේ නම් "Quis custodiet ipsos custodes?" — "Who will guard the guards?"
    විධායක තටු කැපීමට මම කිසිසේත් එරෙහි නොවෙමි.. එහෙත් මෙවැනි භයානක ලෙස අවභාවිතයේ යෙදිය හැකි නෛතික සිදුරු සහිත නීතියක් යටතේ ස්ථාපිත, "සියල්ලට ඉහළින් ඉන්නා" ඇරිස්ටෝක්‍රසියක් කෙරෙහි මම කිසිසේත් විශ්වාසය නොතබමි..

    (Chameera Jeewantha)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔහු කතා කලේ රටේ යහපත වෙනුවෙන් මිසක් මහින්ද වෙනුවෙන් නෙමේ. ඇයි හැමදේටම පක්ශවලට බෙදිලා මරා ගන්නේ?
    ඌත් බබා උඹත් බබා :shocked:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එත් බන් මුන් දන්නේ නැ ඊළගට වැඩිම චාන්ස් තින්නේ රනිල්ට අගමැති වෙන්න ,මොකෝ උතුරු නැගෙන හිරට වැඩි අසන ගානක් යනවා ,මේ ක්‍රම දෙකම එකතු උනාම (සමනුපතිකයි ,කෙවල්යි
    )
    මහින්දට තනි සිංහල බලයක් අවාත් 100 කට එහා එන්නේ නැ ,,,
    ena para mahindata 10i :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    එත් බන් මුන් දන්නේ නැ ඊළගට වැඩිම චාන්ස් තින්නේ රනිල්ට අගමැති වෙන්න ,මොකෝ උතුරු නැගෙන හිරට වැඩි අසන ගානක් යනවා ,මේ ක්‍රම දෙකම එකතු උනාම (සමනුපතිකයි ,කෙවල්යි
    )
    මහින්දට තනි සිංහල බලයක් අවාත් 100 කට එහා එන්නේ නැ ,,,

    නා ගත්තු නෑමට ලැජ්ජාවක් තියෙනවා නම් මහින්ද ආයි ඡන්දෙකට එන්නේ නෑ බන් ;)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය- ව්‍යවස්ථා සභාව විසින් ගන්නා තීරණ පිළිබඳ ගැටළුව
    උපුටා ගැනීම:
    "(3) සභාවේ යම් රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුත්තේ ය"

    සාමාජිකයින් සංඛ්‍යාව 10 දෙනෙකි. එහෙත් ඝණපූර්ණය 5ක පමණි. ඒ අනුව, පස් දෙනෙකු පැමි්‍ණි සිටි අවස්ථාවක කළ පත් කිරීමක් හෝ නිර්දේශයක් වලංගු එකකි. එහෙත් සෙසු පස් දෙනා මෙම තීරණයට එකඟ වන්නට හෝ නොවී සිටින්නට ද පුළුවන. ඒ කුමක් සිදු වූව ද සභාවේ අවම වශයෙන් පස් දෙනෙකු විසින් ගත් තීරණයක් අවසන් තීරණය වන්නේ ය. ප්‍රශ්නය වන්නේ එවැනි තීරණයකට එරෙහි ව කිසිදු උසාවියක (ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ව) නඩුවක් ගොනු කළ නොහැකි වීම ය.


    සාමාජිකයන් පත් කරන විට 'ජනවාර්ගික පදනමක්' එයට ඔබා ඇත. ලියාපදිංචි සියළුම ජනවර්ග නියෝජනය කරන්නට ගියහොත් එක් ජනවර්ගයකට එක් ආසනයක් පමණි. මෙහි සාධාරණත්වය කුමක්ද? අනික සිංහලයා නියෝජනය කිරීමට වික්‍රමබාහු, අනුර කුමාර, සිරිතුංග ජයසූරිය, සන්නස්ගල වැන්නවුන් පත් කළ විට කුමක් වේද? සභාවෙන් අසාධාරණයට ලක් වන්නන් යා යුත්තේ කොහාටද? පාර්ලිමෙන්තුව ඉදිරිපිට උපවාසයකටද? අවසන් වශයෙන් කිසිම ජනතා පදනමක් නොමැති අය මෙයට පත් කරන්නේ ඇයි? විධායක ජනපති පිස්සු කෙළින්නට පටන් ගතහොත් ඔහු/ඇය ගෙදර යැවීමට හැකි බව අවසන් ජනපතිවරණයේ ඔප්පු විය. විධායක සභාව ජනතාවට වග කියන්නේ නැත, අධිකරණයට වග කියන්නේ නැත, පාර්ලිමේන්තුවට වග කියන්නේ නැත. ඔවුන් පිස්සු කෙළින්නට පටන් ගත්විට කරන්නේ කුමක්ද?


    මෙය පැහැදිළි ව ම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කරන එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස පෙනී යයි.