My Singapore Tour - මගේ සිංගා චාරිකාව
සිංගප්පූරු යන එක ගැන ගොඩ දෙනෙක් ත්‍රෙඩ් දාලා තිබ්බා.. ගොඩ දෙනෙකුට දැන ගන්න ඕන උනාඒ ගැන විස්තර.. මටත් එහෙමයි.. මම මේ මාසේ මුල සිංගප්පුරු ගිහිල්ලා ආවා.. මට යන්න කලින් එලකිරි එකේ tcgunarathena සහ vidura99 ඒ ගොල්ලන්ගේ අත්දැකීම් වලින් ගොඩක් උදව් කලා.. තමන්ගේ පෝස්ට් ගාන වැඩි කරගන්න ත්‍රෙඩ් එකේවත් නෙමෙයි, ප්‍රයිවට් මැසේජ් වලින්, මුලින්ම ස්තුති කරන්න ඕන ඒ දෙන්නට.. ගොඩක් උදව් උනා එයාලා කියලා දුන්න දේවල්..
මම මේ ත්‍රෙඩ් එක දාන්නේ පලවෙනි පාරට සිංගප්පූරු යන්න ඉන්න අයට අත්වැලක් විදියට.. මම ඒ අයට කියන්නේ කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ.. දන්න කියන කෙනෙක්ගෙන් විස්තර අහගන්න, නැත්නම් ගූගල් දෙයියගෙන් විස්තර හොයාගන්න.. ස්මාර්ට් ෆෝන් එකක් තියෙනම් සිංගා මැප් එක දාගන්න, MRT මැප් එක දාගන්න, යූටියුබ් වීඩියෝ ටිකක් බලන්න.. ගේමක්ම නැහැ..
ඉතිං එහෙනම් අපි පටන් ගමු නේද?මම අප්‍රේල් 13 පාන්දර 1.55ට තමයි ලංකාවෙන් ගියේ.. මම රෑ 11 වෙනකොට වගේ කටුනායක එයාපෝට් එකට ගියා.. මට නම් වෙලාව වැඩි උනා.. මම ඊ ටිකට් එකක් දාගත්තේ.. සිංගා වලට ලංකාවේ ටිකට් ගනන්ම දවස් තමයි අවුරුදු නිවාඩුව ඉතින් මටත් 40 ක් විතර කියා ටිකට් එකට.. කරන්න දෙයක් නැහැ.. නැත්නම් නෝමල් 19 ඉදලා 29ට වගේ ගානට ගන්න පුළුවන්.. මම යන්න කලින් agoda.com එකෙන් හොටෙල් එක බුක් කරා.. දවස් 5කට ලංකාවේ සල්ලි වලින් 15ක් වගේ ගියේ.. තනි රූම් එකක්.. ඒසී,බාත්රූම්,ටීවී ගානට වටිනවා එකෙන්ම.. තවත් අඩුවට තියෙනවා හොස්ටල්.. දවස් 5ම 10ටත් අඩුවෙන් ගන්න පුළුවන්.. ඒත් මට තනියම ඉන්න ඕන නිසා මම රූම් එකක් ගත්තා..ඔන්න ඉතිං උදේ 8.30 (සිංගා වෙලාවෙන්) ට සිංගා බැස්සා.. කියන්න ඕන පට්ටම එයාපෝට් එකක්.. පට්ට ලොකුයි.. පට්ටම ලස්සනයි.. ප්ලේන් එකේදි දෙනවා පුරවන්න ෆෝම් එකක්.. ඒක පුරවලා හොටෙල් ඇඩ්රස් එහෙම දාලා තියාගන්න.. ඊට පස්සේ බෑග් ගත්තා.. අරගෙන ඉමිග්‍රේශන් කවුන්ටර් එකට ගියා.. මගෙන් ඇහුවේ දවස් කීයක් ඉන්නවද කියලා විතරයි.. සීල් එක ගහලා දුන්නා.. එතනින් එලියට ඇවිල්ලා මම එතන තිබ්බ ශොප් එකකින් MRT කාඩ් එකක් ගත්තා..
මේක ඔයාලට අනිවාර්යෙන්ම ඕන වෙනවා මෙට්‍රෝ ට්‍රේන් එකේ ගමන් බිමන් යනවනම්.. එයාපෝට් එක ඇතුලෙන්ම ට්‍රේන් පටන් ගන්නවා.. මාර ලේසියි.. මෙහේ ඕනම පැත්තකට ට්‍රේන් තියෙනවා විනාඩි 4න් 4ට වගේ.. කාඩ් එක සිංගා $12ක් උනා.. 7ක් කාඩ් එකේ ඩිපොසිට් එක.. 5 මට වියදම් කරන්න පුළුවන් ට්‍රේන් එකට.. මට හොටෙල් එකේ චෙකින් වෙන්න තිබ්බේ 12 ට ඉතිං මට වෙලාව තිබ්බ නිසා මම ලංකාවෙදිම ප්ලෑන් කරන් ගියේ මම බලන්න යන තැන්වල ටිකට් බුක් කරන් ඕන කියලා.. මම මෙට්‍රෝ එකේ ගියා Orchard Road එකට.. එතන තියෙනවා Lucky Plaza කියලා Shopping Mall එකක්..
ඒකේ තුන්වෙනි තට්ටුවේ තියෙනවා CEBU කියලා ස්පොට් එකක්. ඒකෙන් මම Universal Studios, Singapore Zoo, Under Water World, Singapore Flyer ටිකට්ස් බුක් කරගත්තා.. S$ 145ක් ගියා.. මට එතනින් සිම් එකක් ගන්න වවුචර් එකක් දුන්නා නොමිලේ.. මම ඒක අරගෙන $5ක් දාලා 1GB දවස් 7කට ඇක්ටිව් කරගත්තා මට වයිබර්, ස්කයිප්, වට්ස් ඇප් පාවිච්චි කරන්න ඕන නිසා.. හොටෙල් එකේ ඉද්දි නම් වයිෆයි ෆ්‍රී.. ඒත් එලියට ගියාම ඕනනේ..
මම Lucky Plaza එකේ බේස්මන්ට් එකේ තියෙන චයිනීස් කඩේකින් කෑවා.. $4යි.. තෝරමාලු පෙත්තයි, කංකුන් සුදු බත්..
ඊට පස්සේ ආවා රූම් එකට.. හොටෙල් එක හොයා ගන්න අමාරු උනේ නැහැ.. AlJuneid එකෙන් බැහැලා එතන පාර මාරු වෙලා ආපු කෙනෙක්ගෙන් පාරෙ නම කියලා ඇහුවා.. පොර මට කිව්වා ඌත් යන්නේ ඒ පැත්තට කියලා මාව එතනින් දැම්මා.. එලටම ඉංග්‍රීසි කතා කරා.. මගෙන් විස්තර ඇහුවා, නිවාඩුව එන්ජෝයි කරන්න කියලා අතට අත දීලා ගියා..