My Singapore Tour - මගේ සිංගා චාරිකාව

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    My Singapore Tour - මගේ සිංගා චාරිකාව

    සිංගප්පූරු යන එක ගැන ගොඩ දෙනෙක් ත්‍රෙඩ් දාලා තිබ්බා.. ගොඩ දෙනෙකුට දැන ගන්න ඕන උනාඒ ගැන විස්තර.. මටත් එහෙමයි.. මම මේ මාසේ මුල සිංගප්පුරු ගිහිල්ලා ආවා.. මට යන්න කලින් එලකිරි එකේ tcgunarathena සහ vidura99 ඒ ගොල්ලන්ගේ අත්දැකීම් වලින් ගොඩක් උදව් කලා.. තමන්ගේ පෝස්ට් ගාන වැඩි කරගන්න ත්‍රෙඩ් එකේවත් නෙමෙයි, ප්‍රයිවට් මැසේජ් වලින්, මුලින්ම ස්තුති කරන්න ඕන ඒ දෙන්නට.. ගොඩක් උදව් උනා එයාලා කියලා දුන්න දේවල්..

    මම මේ ත්‍රෙඩ් එක දාන්නේ පලවෙනි පාරට සිංගප්පූරු යන්න ඉන්න අයට අත්වැලක් විදියට.. මම ඒ අයට කියන්නේ කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ.. දන්න කියන කෙනෙක්ගෙන් විස්තර අහගන්න, නැත්නම් ගූගල් දෙයියගෙන් විස්තර හොයාගන්න.. ස්මාර්ට් ෆෝන් එකක් තියෙනම් සිංගා මැප් එක දාගන්න, MRT මැප් එක දාගන්න, යූටියුබ් වීඩියෝ ටිකක් බලන්න.. ගේමක්ම නැහැ..
    ඉතිං එහෙනම් අපි පටන් ගමු නේද?මම අප්‍රේල් 13 පාන්දර 1.55ට තමයි ලංකාවෙන් ගියේ.. මම රෑ 11 වෙනකොට වගේ කටුනායක එයාපෝට් එකට ගියා.. මට නම් වෙලාව වැඩි උනා.. මම ඊ ටිකට් එකක් දාගත්තේ.. සිංගා වලට ලංකාවේ ටිකට් ගනන්ම දවස් තමයි අවුරුදු නිවාඩුව ඉතින් මටත් 40 ක් විතර කියා ටිකට් එකට.. කරන්න දෙයක් නැහැ.. නැත්නම් නෝමල් 19 ඉදලා 29ට වගේ ගානට ගන්න පුළුවන්.. මම යන්න කලින් agoda.com එකෙන් හොටෙල් එක බුක් කරා.. දවස් 5කට ලංකාවේ සල්ලි වලින් 15ක් වගේ ගියේ.. තනි රූම් එකක්.. ඒසී,බාත්රූම්,ටීවී ගානට වටිනවා එකෙන්ම.. තවත් අඩුවට තියෙනවා හොස්ටල්.. දවස් 5ම 10ටත් අඩුවෙන් ගන්න පුළුවන්.. ඒත් මට තනියම ඉන්න ඕන නිසා මම රූම් එකක් ගත්තා..ඔන්න ඉතිං උදේ 8.30 (සිංගා වෙලාවෙන්) ට සිංගා බැස්සා.. කියන්න ඕන පට්ටම එයාපෝට් එකක්.. පට්ට ලොකුයි.. පට්ටම ලස්සනයි.. ප්ලේන් එකේදි දෙනවා පුරවන්න ෆෝම් එකක්.. ඒක පුරවලා හොටෙල් ඇඩ්‍රස් එහෙම දාලා තියාගන්න.. ඊට පස්සේ බෑග් ගත්තා.. අරගෙන ඉමිග්‍රේශන් කවුන්ටර් එකට ගියා.. මගෙන් ඇහුවේ දවස් කීයක් ඉන්නවද කියලා විතරයි.. සීල් එක ගහලා දුන්නා.. එතනින් එලියට ඇවිල්ලා මම එතන තිබ්බ ශොප් එකකින් MRT කාඩ් එකක් ගත්තා..

    මේක ඔයාලට අනිවාර්යෙන්ම ඕන වෙනවා මෙට්‍රෝ ට්‍රේන් එකේ ගමන් බිමන් යනවනම්.. එයාපෝට් එක ඇතුලෙන්ම ට්‍රේන් පටන් ගන්නවා.. මාර ලේසියි.. මෙහේ ඕනම පැත්තකට ට්‍රේන් තියෙනවා විනාඩි 4න් 4ට වගේ.. කාඩ් එක සිංගා $12ක් උනා.. 7ක් කාඩ් එකේ ඩිපොසිට් එක.. 5 මට වියදම් කරන්න පුළුවන් ට්‍රේන් එකට.. මට හොටෙල් එකේ චෙකින් වෙන්න තිබ්බේ 12 ට ඉතිං මට වෙලාව තිබ්බ නිසා මම ලංකාවෙදිම ප්ලෑන් කරන් ගියේ මම බලන්න යන තැන්වල ටිකට් බුක් කරන් ඕන කියලා.. මම මෙට්‍රෝ එකේ ගියා Orchard Road එකට.. එතන තියෙනවා Lucky Plaza කියලා Shopping Mall එකක්..

    ඒකේ තුන්වෙනි තට්ටුවේ තියෙනවා CEBU කියලා ස්පොට් එකක්. ඒකෙන් මම Universal Studios, Singapore Zoo, Under Water World, Singapore Flyer ටිකට්ස් බුක් කරගත්තා.. S$ 145ක් ගියා.. මට එතනින් සිම් එකක් ගන්න වවුචර් එකක් දුන්නා නොමිලේ.. මම ඒක අරගෙන $5ක් දාලා 1GB දවස් 7කට ඇක්ටිව් කරගත්තා මට වයිබර්, ස්කයිප්, වට්ස් ඇප් පාවිච්චි කරන්න ඕන නිසා.. හොටෙල් එකේ ඉද්දි නම් වයිෆයි ෆ්රී.. ඒත් එලියට ගියාම ඕනනේ..
    මම Lucky Plaza එකේ බේස්මන්ට් එකේ තියෙන චයිනීස් කඩේකින් කෑවා.. $4යි.. තෝරමාලු පෙත්තයි, කංකුන් සුදු බත්..

    ඊට පස්සේ ආවා රූම් එකට.. හොටෙල් එක හොයා ගන්න අමාරු උනේ නැහැ.. AlJuneid එකෙන් බැහැලා එතන පාර මාරු වෙලා ආපු කෙනෙක්ගෙන් පාරෙ නම කියලා ඇහුවා.. පොර මට කිව්වා ඌත් යන්නේ ඒ පැත්තට කියලා මාව එතනින් දැම්මා.. එලටම ඉංග්‍රීසි කතා කරා.. මගෙන් විස්තර ඇහුවා, නිවාඩුව එන්ජෝයි කරන්න කියලා අතට අත දීලා ගියා..




     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම රූම් එකට ඇවිල්ලා වොශ් එකක් එහෙම දාගෙන ටිකක් නිදාගත්තා.. නැගිටිද්දී හවස 6 විතර වෙලා.. ඊට පස්සේ ටිකක් වටේ ඇවිද්දා.. දූරියන් එහෙම තිබ්බා.. ඒවත් කාලා, ඉන්දියන් කඩේකින් රෑට කාලා ආවා..
    පහුවෙනිදා ගියා Singapore Zoo එක බලන්න.. Ang Mo Kio කියන MRT එකෙන් බැහැලා 138 කියන බස් එක ගත්තම Zoo එකට යන්න පුළුවන්.. හරිම ලස්සන තැනක්.. හරිම පිරිසිදුයි.. එහේ KFC එකක් තියෙනවා.. ඒකෙන් කන්න පුළුවන්..


    ඊට පහුවෙනිදා මම ගියේ Little India, China Town, Singapore Flyer

    Little India, China Town නම් MRT Stations මේ නම් වලින්ම තියෙනවා..
    Singapore Flyer යනවනම් Marina Bay එකට යන්න..
    Little India වලින් Chicken Buriyani කෑවා.. $5..
    ඊට පස්සේ ගියා Mustafa Shopping Mall එකට..
    ඒක නම් පට්ට සයිස්.. නැති දෙයක් නැති තරම්.. ගානත් ශේප්..
    SimLim Tower / Square තියෙන්නෙත් මේ කිට්ටුවම තමයි..
    Chinatown එකෙන් Sournier වගේ දේවල් ගොඩක් අඩුවට ගන්න පුළුවන්..
    Food Street එක තියෙනවා ඒකෙන් කෑම කන්න පුලුවන්..

    තව බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුවක් තියෙනවා දලදා මාලිගාව වගේ පන්සලක්..
    ඒකත් බලන්න ගියා.. හිත නිවෙනවා හරියට..




    හවස Singapore Flyer එකට ගියා.. ඒක තමයි ආසියාවේ ලොකුම Observation Wheel එක..

    මාර දර්ශනයක් තමයි පේන්නේ ඒකේ උඩට ගිහිල්ලා එද්දි..
    අනිවා ඒකෙත් යන්න සිංගා යනවනම්.. විනාඩි 45ක් පැයක් වගේ යනවා ඒකේ යනවනම්..
    මෙතෙන්ට ගියාම Merlion Statue එක බලන්න යන්න අමතක කරන්න එපා.. ඒක තමයි සිංගා වල තියෙන ප්‍රධානම සංකේතය වගේ සලකන්නේ..

    පහුවෙනිදා මම ගියේ Universal Studio එකට..
    ඒකට යන්න නම් Harbour Front MRT Station එකෙන් බැහැලා එතනින් Sentosa Express එක ගන්න..


    මම කියන්නේ කෙනෙක් මැරෙන්න කලින් බලන්න වටින තැනක් එතන.. මම නම් ගොඩක්ම කැමතියි.. ලොකු රෝලර් කෝස්ටර් එක නම් මම යද්දි වැඩ නැහැ අනිත් ඒවා නම් වැඩ.. අනිවා එතෙන්ට යනවනම් ඔක්කොම දේවල් ටික බලලා එන්න.. 4D Theatre එක තියෙනවා.. පට්ට.. දවසක් ඒකට වෙන් කරන්න..
    Under Water World එකටත් ගියා.. Glass Tunnel එකක් තියෙනවා.. Dolphin Show එකක් තියෙනවා..

    පහුවෙනිදා ටිකක් දවල් වෙනකම් නිදාගත්තා.. ඊට පස්සේ ගියා Shopping පාරක් දාන්න.. ලංකාවට එනකොට ගේන්න මොනවා හරි ගන්න..
    ChinaTown ගිහිල්ලා Perfume, Sourniers, තව ගොඩක් දේවල් ගත්තා..
    Little India වල Mustafaගිහිල්ලා චොකලට්, ටොෆි, ස්මාටීස්, ශැම්පු, ඩියෝ, බෑග්, තව ගොඩක් දේවල් ගත්තා.. බෑග් එක ගත්තේ ගත්ත දේවල් දාගෙන එන්න, පට්ට බෑග් එකක් සෙට් උනා ලංකවේ ගානෙන් 3000කට..
    ඊට පස්සෙන්දා දවල් Train එකේම Changi AirPort එකට ගියා..

    කකුල් මසාජ් කරන මැශින් තියෙනවා ඒකේ.. මම පැයක් විතර මසාජ් එකක් දාගත්තා පට්ට සැප.. ඉතිං මම බෑග් දාලා ප්ලේන් එකේ නැගලා "තන්හා රති රඟා" ෆිල්ම් එකත් බලාගෙනම හවස 4.10 වෙද්දි ආයේ ලංකාවට ආවා..
    ඔන්න මගේ විස්තරේ.. බය නැතුව ඕන කෙනෙක් තනියම යන්න.. ඕන දෙයක් තියෙනම් අහන්න, Metro Train එකේම හැම තැනම යන්න.. Train නැති තැන් වලට Bus එකේ යන්න.. ටැක්සි වල නම් යන්න එපා ලොකුම හදිස්සියක් නැත්නම්.. පට්ට ගනන්.. සල්ලි මාරු කරන තැන් ඕන තරම් තියෙනවා.. MRT කාඩ් එක ඕනම Station එකකින් TopUp කරගන්න පුළුවන්.. නැත්නම් 7eleven වලින් පුළුවන්.. Station වලින්නම් $10, අනිත් තැන් වලින් $5 පුළුවන්.. ඉන්න හෝටලෙන් MRT මැප් එකක් ඉල්ලගෙන ලඟ තියාගන්න.. මාර වටිනවා.. ඉන්දියන්, චයිනීස් කඩවලින් කෑම කන්න.. චයිනීස් කඩවලින් කද්දි හරියට ඕඩර් කරන්න.. අපි මෙහේ කන්නේ නැති කෑම තියෙනවා, වේලකට $5ක් වගේ යනව.. වතුර බෝතලේ $1 - 2 වගේ..

    විශේෂ දෙයක්.. ගෙලන්ග් කියන පැත්තේ ගනිකාවෝ අම්බානට ඉන්නවා.. $30 ඉදලා $90 යනකම් ඉන්නවා.. ලංකාවේ උනුත් ඉන්නවා.. අපි හැමෝම හැඟීම් තියෙන මිනිස්සු, ඒත් මම නම් කියන්නෙ පුළුවන් නම් ඒවායින් ඈත් වෙලා ඉන්න බලන්න, ඒක තාවකාලික කෘතිම දෙයක්, බණ කියනවා නෙමෙයි.. තේරුමක් නැහැ.. ඕනම නම් කරන්න.. ගෙලන්ග් වල ඕන තරම් ඉන්නවා..

    ATM කාඩ් එකක් ලග තියාගන්න.. හදිස්සියට ඕන වෙනවා.. යන හැම තැනම PassPort එක ගෙනියන්න.. සිංගා ගොඩක් රස්නේ රටක්.. සැහැල්ලුවෙන් අදින්න.. තොප්පියක්, අව් කන්නාඩි වගේ දේවල් දාගන්න..

    ඔන්න කියන්න තියෙන ඔක්කොම වගේ කිව්වා.. ප්‍රශ්න තියෙන ඒවා අහන්න.. කරන්න පුළුවන් උදව්වක් කරන්නම්..

    එහෙනම් ජයවේවා!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ++
    ගොඩාක් ස්තුති මචන් මම නම් ඹක්කොම ටික හේමිට කියෙව්වා මචන්
    පොටො ටිකකුත් පුලුවන් වෙලාවක දාන්න
    800*600 වගේ පොඩි කරලා දැම්මානම් හරි මචන්
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හරිම වටින thread එකක් මචන්.photo දැම්මේ නැ කියලා ලොකු අවුලක් නැ.යන්ඩ ඉන්න කෙනෙකුට උවමනා විස්තර ටික තියනවානේ.photo ටිකකුත් දැන්මනම් වඩා හොදයි.උබ අතේ කීයක් විතර අරන් ගියාද??.visa ගද්දී පෙන්නන්ඩ උනොත් අතේ සල්ලි ගොඩක් තියෙන්ඩ ඕනි කියලා බයක් තියනවා අපේ උන්ගේ.උබ srilankan airline එකේද ගියේ.??
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ++
    ගොඩාක් ස්තුති මචන් මම නම් ඹක්කොම ටික හේමිට කියෙව්වා මචන්
    පොටො ටිකකුත් පුලුවන් වෙලාවක දාන්න
    800*600 වගේ පොඩි කරලා දැම්මානම් හරි මචන්

    එල එල
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරිම වටින thread එකක් මචන්.photo දැම්මේ නැ කියලා ලොකු අවුලක් නැ.යන්ඩ ඉන්න කෙනෙකුට උවමනා විස්තර ටික තියනවානේ.photo ටිකකුත් දැන්මනම් වඩා හොදයි.උබ අතේ කීයක් විතර අරන් ගියාද??.visa ගද්දී පෙන්නන්ඩ උනොත් අතේ සල්ලි ගොඩක් තියෙන්ඩ ඕනි කියලා බයක් තියනවා අපේ උන්ගේ.උබ srilankan airline එකේද ගියේ.??


    මම 30-40ක් වගේ අරන් ගියේ මචං.. සල්ලි පෙන්නන්න කියන්නේ නැහැ මචං.. ඔව් මචං ටිකට් ඉතුරු වෙලා තිබ්බේ ශ්‍රී ලංකන් විතරයි..