සිය_පියා_විශාඛාවට_ලබා_දුන්_අවවාද

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිය_පියා_විශාඛාවට_ලබා_දුන්_අවවාද

    ගොඩාක් කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නේ.... වැදගත් වගේනම් සලකලම යන්න....

    11156320_783011761794440_2513452089990150446_n.jpg


    සිය පියා විශාඛාවට ලබා දුන් අවවාද

    01 – අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ - ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න.
    තේරුම = තමන් ගේ ස්වාමියා ගේ අගුණල සිය නිවසේ ගැටලූල ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න.

    02 – බාහිරතෝ අග්ගි න අන්තෝ පවේසේතබ්බෝ – පිටත ගිනි ඇතුළට නො ගෙනෙන්න.
    තේරුම = තමන් ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන හෝ බාහිර උදවිය කියන දේවල් අසාගෙන විත් නිවසේ නො කියන්න.

    03 – යේ දදන්ති තේසං යේව දාතබ්බං – දෙන අයට ම දෙන්න.
    තේරුම = නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට පමණක් එම උපකරණ ආදිය ලබා දෙන්න.

    04 – යේ න දෙන්ති, තේසං න දාතබ්බං - නො දෙන අයට නො දෙන්න.
    තේරුම = නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා නො දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට ඒවා දීමෙන් වළකින්න.

    05 – දදන්තස්සාපි අදදන්තස්සාපි දාතබ්බං – දෙන අයටත් නො දෙන අයටත් දෙන්න.
    තේරුම = දිළිදු වූ යම් කිසිවෙක් කිසිවක් ඉල්ලාගෙන පැමිණි විට ඔහු ආපසු දුන්නා හෝ නො දුන්නා හෝ දන් දෙන්න.

    06 – සුඛං නිසීදිතබ්බං – සුවසේ හිඳගන්න..
    තේරුම = සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අය ±ක නැගිටිය යුතු තැන් වල හිඳගෙන සිටීමෙන් වළකින්න.

    07 – සුඛං භුඤ්ජිතබ්බං – සුවසේ අනුභව කරන්න.
    තේරුම = සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුලූ වැඩිහිටි අයට ප්‍රථමයෙන් කෑම ගැනීමෙන් වළකින්න. ඒ අයට ආහාර පානාදිය සපයා ඒ කටයුතු සොයා බලා ඉන්පසු ව ආහාර ගන්න.

    08 – සුඛං නිපජ්ජිතබ්බං – සුවසේ සැතපෙන්න.
    තේරුම = සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ප‍රථමයෙන් නිදා ගැනීමෙන් වළකින්න. ඒ අයට කළ යුතු උපස්ථාන ආදිය සිදු කොට ඒ අය නිදාගත් පසු ව නිදා ගන්න.

    09 – අග්ගි පරිචරිතබ්බෝ – ගිනි පුදන්න
    තේරුම = සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ත් ගෞරව බුහුමන් දක්වන්න.

    10 – අන්තෝ දේවතා නමස්සිතබ්බා – ඇතුළත දෙවිවරුන් හට පුද සත්කාර කරන්න.
    තේරුම = සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු පවුලේ වැඩිහිටි අයට ත් දෙවියන් සේ සළකා පුද සත්කාර කරන්න.


    (ධම්මපදට්ඨකථා)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ ඕක දෙපැත්තටම යනවා නම් හොදයි ඒකෙන් තමයි සාර්ථක පවුලක් හැදෙන්නේ නැත්නම් මිනිහා බේබද්දෙක් වෙලා, ගෑණිට ගහනව නම්, රණ්ඩු කරානවා නම්, ගරු කරන්නේ නැත්නම්, පිට ගෑණු පාරේ යනවා නම් ගෑණි විතරක් යුතුකම් ටික කරනවා නම් එතකොට පවුල සාර්ථක වෙන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මම හිතන්නේ ඕක දෙපැත්තටම යනවා නම් හොදයි ඒකෙන් තමයි සාර්ථක පවුලක් හැදෙන්නේ නැත්නම් මිනිහා බේබද්දෙක් වෙලා, ගෑණිට ගහනව නම්, රණ්ඩු කරානවා නම්, ගරු කරන්නේ නැත්නම්, පිට ගෑණු පාරේ යනවා නම් ගෑණි විතරක් යුතුකම් ටික කරනවා නම් එතකොට පවුල සාර්ථක වෙන්නේ නෑ.

    :yes::yes::yes: