එහෙම කරන්නේ කොහොමද මචං
සාසනය වෙලා තියෙන්නේ පොදුවේ රටට වෙලා තියන දෙයම තමයි. දැන් බලපන් ජොන්ස්ටන් මිනිසුන්ගේ සල්ලි හොරකම් කරලා හිරේ ගියේ නිකම් වීරයෙක් වගේ පෙන්නගෙන. මිනිස්සු හොරු වීරයෝ කරගෙන , ඒවගේම දුස්සීල භික්ෂුන්ලා හිසම්තින් තියාගෙන.. කොතන බැලුවත් ඕක තමයි මචං සමජයේ ථියෙඑඉ
රැකියා කරන එක තහනම් කරන කියෙන්නේ මෝඩ කතාවක් ගුරු වෘත්තයේ පවා තහනම් කරන්නද මචං උබ කියන්නේ. භික්ෂුන්ලට ව්‍යාපාර කරන එක තහනම් කරන්න ඕනි. දේශපම්ලය තහනම් කරන්න නරකයි. එත් මන්තිකම් කරන එක තහනම් කරන්න ඕනි.
තව ග්නානසර වගේ බෙබෙදු හාමුදුරුවන්ව එළවන්නෝනි. පිට රට උන් එක්ක සෙට් වෙලා කොහොමද රටේ යුද්දයක් ඇති කරන්න හදපු හැටි. මම හිතං හිටියේ ගොටාභයගේ කියල මහින්ද කිවුවේ NGO එකෙක් එක්ක සිං එකක් කියල

සිවුරු ඇරියොත් නිකමෙක් වෙන්ව.
අද්යපනයකින් තොරව නුතන සමාජයට ඔවදන් දෙන්න බහ මචං. බන කියන්න උනත් ඒ යම් තරමක වත් දයපනයක් තියෙන්න ඕනි. උබ කැමතිද විමල් විරවංශ වගේ සමුදුරුවරු දකින්න???
මචන් කියන්න ඕන බන ඔක්කොම මිට අවුරුදු 2500 කට කලින් බුදු රජාණන් වහන්සේ කියලා ශාස්තෘන්වහන්සේ නමක් දේශනා කරලා ඉවරයි. භික්ෂුවක තියෙන්නේ ඒ මගේ ගිහිල්ලා ඒ මාර්ගය ගිහියන්ට පෙන්වන්න, ඒ නිර්වාන මාර්ගයේ ගමන් කරන්න ගිහියන්ට උදවු වෙන්න විතරයි.
උඹ කියන්නේ බුද්ධ දේශනා උගන්වන්න කැම්පස් යන්න කියලද? කැම්පස් ගිහින් කොහොමද බන් නිවන් යන්න මාර්ගයක් පෙන්වන්නේ?
අනික දැන් ඔය පහුගිය දවස් ටිකේම පෙන්නුවේ ප්‍රවුර්ති වල කැම්පස් හාමුදුරුවරු ටික ගිහියන්ට නිවන් යන්න පෙන්නන හැටි, උඹ කියන විදිහට ඔවදන් දෙන්න වැඩිදුර අධ්‍යාපනේට ගිහින් සිවුරු ඉරාගෙන, කුණුහරප කියාගෙන, කෑ ගහගෙන, තාප්ප වල බඩ ගා ගෙන, ගේට්ටු උඩ නැගගෙන නටන හැටි! එකද භික්ෂුවකගේ කාර්යභාරය?
මොකටද එතකොට සිවුරක් දා ගන්නේ? සිවුර දා ගන්නේ ගුරුවරයෙක් වෙන්නද? දේශපාලනේ කරන්නද?
නිකමෙක් වෙනවා කියන්නේ මොකද්ද?
මචන් මනුස්සයෙකුට ධර්මය අවබෝධ කරන්න තියන බුද්ධියයි, යෝනිසෝ මනසිකාරයයි (නුවනින් විමසීමට ඇති හැකියාව) , ඉංජිනේරුවෙක් වෙන්නයි, වෛද්‍ය වරයෙක් වෙන්නයි තියන බුද්ධියයි සම්පුර්ණයෙන්ම දෙකක්.
නිර්වාණයට ගිය මොලො හසරක අධ්‍යාපනයක් නැති හිඟන්නොත් රහතන් වහන්සේලා වුනා.
අද තාක්ෂනය උපරිමයට ගෙන සුපිරි මොළ ප්‍රේත ලෝකවල මරණින් මත්තෙත් යනවා. විද්වතෙක් වුනා කියලා නිවන් යන්නේ නෑ.
කැම්පස් යාම බුදු කෙනෙක්ගේ මර්ගෙට කිසි සම්බන්ධයක් නෑ.
ඔක්කොටම කලින් තියෙන්නෙ එහෙනන් ආන්ඩුවට බලෙන් හරි ඔහොම ආයතනයක් හදන එක. නැතුව මේ සාසනය පවත්වාගන්න බැහැ.
භික්ෂුවකට අධ්‍යාපනය ඔිනි නන් කරන්න තියෙන්නෙ පිරිවෙනකින් ඉගෙන ගන්න එක. ගිහියො එක්ක ඒක කරන එක වැරදි වැඩක්.
මොනවහරි පිළිවෙලකට කෙරෙන්න ඕන. මට ඔය දේශපාලන වියුහයන් ගැන ලොකු දැනුමක් නෑ ඕවා කොහොමද කරන්න ඕනේ කියලා කියන්න. නමුත් සාසනය රක ගන්න නම් මොනවා හරි පිළිවෙලකට කෙරෙන්න ඕන..

හොදයි එහෙනම් උබ යෝජනා කරන්නේ කොහොම කෙනක් වෙන්න ඕනි කියලද ??
මම නම් කියන්නේ මච ඉගෙන ගන්න අවසර දෙන්න ඕනේ. මොකද කවදා හරි ශාසනේ එපා උනොත් එදාට ඒ හාමුදුරුවන්ට හොරකම්, මැරකම් නොකර පොලවේ කකුල් දෙක ගහලා යහපත් මනුස්ස ජීවිතයක් ගත කරන්න හැකි පරිසරයක් උගත් කමක් තියෙන්න ඕනේ බ. මම ඇස් දෙකෙන්ම දැක්කා බං අපේ ගෙවල් ගාව පංසලේ හාමුදුරුවරු හිටි 4 දෙනාගෙන් ලොකු හාමුදුරුවෝ අපවත් උනා, ඉතිරි තුන් දෙනාගෙන් දානයකදි, කඨිනෙකදි හොඳටම මැරුණු මහන්සි උනු හාමුදුරුවෝ පන්සලේ දෙපාරක්ම නැති උන දොලොස් මහේ පහන උස්සපු එකට හොරා කියන නම පට බැඳුනා බං. ඒ හාමුදුරුවෝ එහෙම දෙයක් කලේ නෑ. මට මතකයි පංසලේ ආශිර්වාද පූජාවකට එක පාරක් හාමුදුරුවෝ කකුල් දෙකේ ශොපින් බෑග් දෙකක් ගැට ගහගෙන කොල්ලො එක්ක සෑහෙන කට්ටක් කෑවා. කකුල් දෙකේ යටි පතුල් පැලිලා සැරව ගලද්දි, ඇන්දෙන් බිමට බහින්න එපා කියලා දොස්තරලා කියලා තියෙද්දි. අන්තිමට ලොකු හාමුදුරුවෝ අපවත් වෙන්න කලියෙන් හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන සිවුර අත හැරියා බ. ඒ පොල්තෙල් පහන් දෙකම නැති උන එකට හාමුදුරුවෝ සැක කරලා ගමේ ඉන්න කාලකණ්ණි වේසිගේ පුතාලා ටික හාමුදුරුවන්ට මරණ තර්ජන එහෙමත් කලා. අද එයා සිවුර හැරලා පවුලක් පංසලක් වෙලා ජීව්ත වෙනවා. නමුත් ගොඩක් ඉගෙනගෙන නැති නිසා දැන් ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා. ගමේම ඉන්නවා. අනික් ඉතිරි හාමුදුරුවරු දෙන්නගෙන් මේ අවුරුද්දේ මුල අනික් එකා සිවුර හැරියා. පොර උගත් පේරාදෙනි කැම්පස් එකේ ඩිග්රියක් එහෙමත් තියෙනවා. කොටින්ම මගේ තිබ්බ ලොකුම කඩයිම් විභාගෙකට යන්න කලින් පන්සල් ගිහින් බෝධිය නාවලා අන්තිමට පිරිත් නූල බැඳලා සතියෙන් මූ සිවුර ඇරලා කියපන්කෝ. හේතුව චීත්ත කේස් එකක්. අපේ වයසේ පරට්ටියෙකුත් හාමුදුරුවන්ට ලියුමක් ලියලා කේස් එකක් ගියා බං. දැන් යාලු කෙල්ල ඉතාලියේ. පොර ඒ කාලේ ඉස්කෝලෙක සිංහල ඉගැන්නුවා. දැන් බුවා වෙන ඉස්කෝලෙක උගන්වනවා සිංහල සහ පෞද්ගලික පන්ති කරනවා. ඔය කතාව ඇහුවම මම සෑහෙන මානසිකව වැටුනා බොල මගේ අතේ පිරිත් නූල අදටත් මම අතින් ඉවත් කරලා නැහැ මාස 4 ක් තිස්සේ අතේ. අද පොර හොඳින් ජීවත් වෙනවා. මච ඔය දෙන්නම පොඩි කාලේ මහණ කරපු අය ගෙවල් වලින්. එක්කෝ මහ මිනිස්සුන්ගේ තියෙන කුහක කමට පොඩි එකෙක් මහණ කලාම ඉක්මනින් නිවන් දකින්න පුලුවන් කියලා හිත ඉන්න අන්ධ බෞද්ධයෝ සෙට් එකක් ඉන්නවලුනේ, නැත්නම් දුප්පත් කමට. ඉතින් පොඩි උන් තේරුමක් නැතිව මහණ උනාම පෘතජ්ජනයෝ නිසා වයසත් එක්ක හැඟීම් දැනීම් එනවා බ. එතකොට ඕවට පෙළඹෙනවා. මම නම් කියන්නේ හොඳින් හැමෝටම පාහේ උගන්වන්න ඕනේ. ඒ පහසු කම් දෙන්න ඕනේ. මොකද එහෙම ඉගෙන ගෙනත් ශාසනේම දිගටම ඉතිරි වෙන එක්කෙනා වටිනවා මචං ඔය ඉගැන්වීම් නැති කරලා ඉතිරි වෙන 100 ට වඩා. මොකද උගත් කෙනෙක් තව දුරටත් ශාසනේ ඉතිරි වෙන්නේ ලාභ අපේක්ෂා නැත්නම් මේ දහම හරියටම අවබෝධ කරගෙන අනික් අයටත් අවබෝධ කරන්න ඉටා ගත්තු බෝසත්වරු නිසා. ඉගෙන ගෙන හැඟීම් දැනීම් නිසා වෙනස් වෙන අය ඉගෙන ගත්තේ නැතත් වෙනස් වෙච්ච දාකට සිවුර අත හැරලා ගිහින් මකොල්ල කාරයෝ, හොරු වෙනවා. නමුත් ඉගෙනගෙන යන කෙනෙක් මනා හික්මීමකින් ඉන්න පෙළඹෙනවා සිවුර අත හැරලා ගියත් බ. ඒ නිසා මම නම් කැමතියි හාමුදුරු වරුන්ට සියලු අධ්‍යාපනික පහසුකම් ලබා දෙනවට.
දැන් උඹ කියලා තියන විදිහට බලපන් මචන්. කෙනෙක් මහන වෙන්න යන්නේ "අනේ! මේ මහණකම අතාරින්න උනොත් මං මොකද කරන්නේ?" කියාගෙන නං, ඒ මනුස්සයට අවන්කවම කලකිරිලද බන් මහන වෙන්න ගිහින් තියෙන්නේ? නෑ නේ! නිකන් ඔහේ යන්නන් වාලේ ගිහින්.
අනික බන් කෙනෙක් ගිහි කාලේදී අද්යාපනය හදාරන තරමක් හදාරලා ඒවා සම්පුර්ණ කරගෙන මහන වෙන එකේ නෙමේ මේ ගැටලුව තියෙන්නේ මහන වේලා අද්යාපනය හදාරන්න යන කෙස් එකේ. තමන් මහන වෙන්න ඕනේ බන් තමන්ට මේ දේ කරගෙන යන්න පුළුවන් කියලා ආත්ම විස්වාසයක් ඇතිව. එක නැතිව මහණකම, නිවන් යෑම නෙවේ, අධ්‍යාපන සුදුසු කම් වත් සම්පුර්ණ කරගන්න බැනේ බන්. මිනිහෙක් තමන්ට පුලුවන්දේ කරන්න තෝරා ගන්න එපැයි.
අනික මම කියන්න ඕන නෑ. උඹම බලපන් ඔය කැම්පස් වල මුලින් යද්දී තියන සිවුරට මගදී මොකද වෙන්නේ කියලා. එක පුටුවේ ඉඳගෙන, කොල්ලොන්ගේ කරට ඇත දාගෙන , කෙල්ලෝ එක්ක ඇතිල්ලී ඇතිල්ලී කිචි බිචි ගගා මුකුළු කර කර ඉන්න හාමුදුරු කෙනෙක්ට කාටද බන් වඳින්න හිතෙන්නේ. උඹට හිතෙනවද? මට නෑ. ඒවගේම තමා සමාජයේ අනිත් මිනිස්සු ඕක දිහා බලන්නේ. උඹ ත්‍රිපිටකයේ කරුණු කියවලා දන්නවා ඇතිනේ භික්ෂුවකට ගෞරව කරන්න බුද්ධ දේශනා තියන හැටි. "අධික ගෞරවයක්" තියෙන්න ඕන කියලා කෙටියෙන් ගත්තොත් කියන්නේ. දැන් ඒ ගවුරවය එහෙවු භික්ෂුවක් කෙරෙහි ඇති වෙනවද? නෑ නේ!
මෙහෙමයි දැන් කාලේ වෙනස් නේ. වයස අවුරුදු 7න් අරිහත්වයට පත් වුනු, උපසම්පදා වුනු රහතන් වහන්සේලා බුදු රජාණන් වහන්සේගේ කලේ හිටියට දැන් මිනිස්සුන්ට පින බොහොම මදි. අවබෝධය අඩුයි. ඒ නිසා පොඩි හාමුදුරුවරු (ඔය අවුරුදු 10-15 ට අඩු) මහන කරනවා කියන්නේ තනිකරම බොරු වැඩක්. එහෙම මහන කරන හාමුදුරුවරු තමයි ඉක්මනටම සිවුර අතරලා යන්නේ.
මෙහෙමයි, ඉගනගෙන , තමන්ගේ සුදුසු තත්වයන් එහෙම හදාගෙන, තමන්ට මේ මහන කම පුරන්න පුළුවන් කියලා දැඩි අතම විශවාසයක් තියාගෙන, සුදුසු වයස (උදා: 20-25 ට වැඩි) සහිතව මහන වෙනවට කිසි ගැටළුවක් නැහැ. එකේ වාසි ගොඩයි.
1. සිවුරු අරින්න වුනොත් ජිවත් වෙන්න පිළිවෙලක් තියනවා.
2. ජීවිතය ගැන, සංසාරය ගැන , ගිහි ජීවිතය ගැන මනා දැනීමක්, අත්දැකීමක් එනවා.
3. නිවැරදි තීරණ ගන්න හැකියාව තියාන්වා.
...
...
etc..
ඒ නිසා ඒ පිළිවෙල වරදක් නෑ.
හැබැයි කලින් මහන වෙලා චීවරයට කිසිසේත් නොගැලපෙන කටයුතු වල යෙදීම කිසි සේත් අනුමත කරන්න බෑ. එකෙන් වෙන්නේ සාසනය පිරිරිහෙන එක විතරමයි. තමනුත් පිරිහිලා, බරපතල පාපකර්ම කරගෙන, සසනේටත් අගෞරව කරලා අවසන් වෙන්නේ.
මම කිව්වේ බං පොඩි කාලේ නොතේරුම් කාලේ ගෙවල් වලින් මහණ කල පොඩි දරුවෝ අවබෝදේ ආවම මහන කම අත අරින කොට වෙන දේ ගැන බ. ගොඩක් වෙලාවට ඔය අධ්‍යයාපනය ලබාගන්න මට්ටමේ ඉන්න ගොඩක් හාමුදුරු වරු පොඩි කාලේ ගෙවල් වලින් මහන කරපු අය මචෝ. එතකොට ඒ අයගේ අයිතිය උදුර ගන්න අපිට බැහැ නේ බං?




notherena kale mahana kala ayata ehema wenawa
habai budhu dhahama thula pavidda thula niwaradiwa yanawa nam gataluwak naha ne...
ela machan...
mama me kattiyage adahas dana ganna thread eka damme...![]()
nikan randu wenawa kiyala hithai samaharu!
ela ela adahas walata thanks...![]()
ඔව් මෙහෙම දෙයකුත් තියෙනවා. දැන් ගොඩක් හාමුදුරුවරු ක්ලාස් යද්දි කෙල්ලන්ට නම්බර් දෙන ඒවා, විසිල් ගහන ඒවා පවා තියෙනවා බ. ඒවා අධ්‍යයාපනය උදුර ගත්තා කියලා විසඳේවි කියලා හිතන්න අමාරුයි මට නම්. මොකද කොලු ගතියනේ බං ඔය පිට වෙන්නේ රහත් වෙලා නැති නිසා. කූඩු කරලා පන්සලටම දාලා තිබ්බනම් ඔය අසහනේ පිට කරන්න ගන්නේ උපාසක අම්මලගෙන් සහ දහම්පාසලේ කෙල්ලන්ගෙන්. අනික අද ලංකාවේ ඉන්න ගොඩක් හාමුදුරුවරු ගෑණුන්ව ආවාස ගෙවල් අස්සේ දමාගෙන ඉන්නවා බං. අපේ ගමේ පංසල් දෙකක් තියෙනවා. අනික් පංසලට දැන් අවුරුදු 12 කින් විතර පය තියලා නෑ. ඒක ටිකක් ප්‍රසිද්ධ පංසලක් ලංකාවේ. ඒකේ ලොක්කට නවසීලන්තේ පවුලක් හිටං බං. ඕක හැමෝම දන්නවා ඒත් මොකුත් කියන්නේ නෑ පොරට හෙන පොලිටිකල් පුල් එකක් තියෙන නිසා.
ලංකාවේ සාසනේ විනාශ කරන්නේ දැන් ගොඩක්ම හාමුදුරු වරු. මනා හික්මීමක් ඉගෙනීමෙන් ඇති කිරීමෙන් පමණයි ඒක යලි හදන්න පුලුවන් කියලා මම හිතන්නේ බං.
වලි රණ්ඩු වෙන්නේ මොකටද බං අදහස් දැක්වීමක්නේ කරන්නේ. මේක ඇත්තටම හොඳ මාතෘකාවක් කතා කලයුතු.
)මුසල්මානු පුජකයන්,
කතෝලික පුජකයන්,
හින්දු පුජකයන්,
been sent overseas to higher education. You may find there are many Catholic priests from Sri Lanka studying in Europe.
Buddhist Monks should be able study in any area they could enrolled in.
ඉගැන්නුවට නම් අවුලක් නෑ ... මෙකෙ ඉන්න කී දෙනෙක් පන්සලක ලයිට් බිලක් වත් ගෙවල තියෙනවද කියල දැනගන්න කැමතියි


ඕවා අාන්ඩුවකින් තහනන් කරන එක බොරැ වැඩක්. මුලින්ම කරන්න ඔිනි බෙදිලා තියෙන සංඝ සමාජය එකට එකතු කරලා එක මූලික පාලන යාන්ත්රනයක් හදන එක. එතකොට සාසනයට අදාල තීන්දු තීරණ ඒකෙන් ගන්න පුලුවන්.


ඕවා අාන්ඩුවකින් තහනන් කරන එක බොරැ වැඩක්. මුලින්ම කරන්න ඔිනි බෙදිලා තියෙන සංඝ සමාජය එකට එකතු කරලා එක මූලික පාලන යාන්ත්රනයක් හදන එක. එතකොට සාසනයට අදාල තීන්දු තීරණ ඒකෙන් ගන්න පුලුවන්.
