එතකොට ඔබේ ලෝකෙයි මගේ ලොකෙයි දෙකේම වතුර (ජලය) කියල දෙයක් තියෙනවද? කොහොමද එහෙම වෙන්නෙ?
හොඳ ප්‍රශ්නයක් :
ඔව් ලෝක දෙකේම ජලය තිබේ. එහෙත් ඔබ ජලය කියා දන්නා දෙය ඔබගේ පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට සාපේක්ෂ ය. මම ජලය කියා දන්නා දෙය මගේ පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට සාපේක්ෂ ය.
නලින් ද සිල්වා මහතාගේ උදාහරණහෙන් කියනවනම්
"අප එකිනෙකාට ඇත්තේ එකිනෙකාගේ ලෝක ය. පුටුව පිළිබඳ වැඩිහිටියකුගේ සංකල්පය දරුවකුගේ ඒ පිළිබඳ සංකල්පයෙන් වෙනස් විය හැකි ය. දරුවකු බසයේ ආසනවලට ද පුටු යැයි කීමට පෙළඹෙනු ඇත. එ දරුවාගේ පුටුව පිළිබඳ සංකල්පයට වැඩිහිටියන්ගේ පුටු නොවන ආසන ද ඇතුල් වී තිබීම හේතුවෙනි. ඇතැම් නිවෙස්වල ඇති උඩැක්කි වැනි ආසන ඒ කිසිදාක නුදුටු අයකුට අසුනක් නො වේ. එවැන්නකු උඩැක්කිය වැනි අසුන ගෘහිණියගේ විලාසිතා භාණ්ඩයක් ලෙස ගැනීමට ද ඉඩ ඇත."
මෙහෙම හිතමු.
ඔබේ ලොකෙ සල්ලි කියන්නෙ කොස් කොල වලට කියල හිතමු. රුපියල් 10ක කොළයක් අරන් කඩේට යනවා.
"මහත්තය මේ කොස් කොලයක් නෙ අරන් ඇවිත් තියෙන්නෙ..." කියල මුදලාලි කියනව.
"මගෙ ලෝකෙ මේව තමයි සල්ලි" කියල ඔබ වෙන කඩේකට යනව. එතන මුදලාලිත් කලින් මුදලාලිගෙ කතාවම කියනව.
මුදලාලිල දෙන්නගෙ ලෝක දෙකේ මුදල් වර්ග සමාන වෙන්නෙ කොහොමද?



එතකොට "පොල්" කියන්නේ මොනවද? මම මේ කට මොකුත් නොකිය ඉන්නම කියල හිතලත් ඔන්න ඔහේ හිතුන දේ කියන්න තීරණය කලා.
ඔය ලිපිය හෙන ගැඹුරුයි කියල මුලින්ම කියවන්න පටන් ගන්නකොට හිතුනට , අන්තිමේ එලොවටත් නැති මෙලොවටත් නැති හිතළු වක් පමණක් කියල අවදානයෙන් කියවන කොට පැහැදිලි වෙනවා.
කතෘ තමන් කියන්නේ කුමක්ද කියලවත් නොදැන ,හුදෙක් තමන්ගේ පාණ්ඩිත්වය විදහා දැක්වීම සදහා අනවශ්‍ය ලෙස වචන නාස්ති කර ඇති බවක් නම් පේනවා. ඔහුට සියල්ලම පැටලී ඇති සෙයක් තමයි මට නම් පෙනුනේ,
දැන් මේ කොටස අරගෙන බලමු,
සිංහල සංස්කෘතියෙහි පොල් ගස ඉංගිරිසි සංස්කෘතියෙහි පොල් ගසෙන් වෙනස් වෙයි. අපට ඇත්තේ පොල් ගස් ය. එහෙත් ඉංගිරිසින්ට ඇත්තේ පොල් ගෙඩි ගස් (කොකනට් ට්‍රීස්) ය. ඔවුන්ට ප්‍රධාන වන්නේ පොල් ගෙඩිය මිස ගස නො වේ. පොල් ගෙඩි හටගන්නා ගස පොල් ගෙඩි ගස වෙයි. අපට පොල් ගෙඩි හටගන්නේ පොල් ගස්වල ය. එහි දී ගස හෝ ගෙඩිය හෝ අපට අනෙකට වඩා ප්‍රධාන නො වේ. අපේ මූලික සංකල්පය පොල් ය. ඉංගිරිසින්ගේ මූලික සංකල්පය පොල් ගෙඩිය ය.
සුද්දෙක් පොල් ගෙඩි නැති පොල් ගසක් දැක්කොත් ඌ එම ගස අදුර ගන්න බැරුව දස අතේ කල්පනා කර කර ඉන්නවද? මොකද ඉතින් සුද්දට ඉතින් මුලික වෙන සංකල්පය පොල් ගෙඩියනේ , ඌට පොල් ගෙඩියෙන් තොර පොල්ගහක් තියෙන්න බැහැනේ.![]()
එහෙම නැතිනම් කොකනට් ට්‍රී කිවුම ඉසෙල්ලා පොල් ගෙඩිය මනසට ඇවිල්ල ඊළගට පොල් ගස මනසට එනවද?
නලින්ද සිල්වා මහතාට පර සංස්කෘතිය ගැන හිතේ තියෙන ද්වේශය නිසා , භාෂාව භාවිතයත් අමතක වී ඇති සැටි,
අනිත් අතට සිංහල මිනිහෙක්ට කවද හරි ප්‍රශනයක් ඇවිල්ල තියෙනවාද "පොල්" කියන්නේ මොනාද කියල? කතෘට අනුව පොල් ගෙඩි සහ පොල් ගස් තියෙනවාඑතකොට "පොල්" කියන්නේ මොනවද?
මේ වගේ නුගත් ගෝත්‍රික අදහස් තියෙන මිනිස්සු තව දුරටත් ප්‍රොමෝට් කරන එක නවත්තන්න ඕනි. බුදුදහම දැනුම පද්දතියක් ද , නැත්ද කියන දෙය වැඩක් තියෙනවද? . බුදුදහම පොල් ගෙඩියක් ද නැද්ද කියනදේ තේරුම් ගැනීමට වඩා වැදගත් වන්නේ බුදුදහම තේරුම් ගැනීමයි. නොතේරෙන දෙයක් තවත් දේවල් සමග සන්සන්දන ය කිරීමද ප්‍රඥාවන්ත නැතිනම් නොතේරෙන දෙය තේරුම් ගැනිට උත්සහ කිරීමද?
දැන් ඇත්තටම ඔය ලිපියේ ගන්න දෙයක් තියෙනවද? ඔය නලින්ද සිල්වා මහත්තයා දෙඋර මත තියාගෙන ඉන්න අය හරි උත්තරයක් දෙයි කියල බලාපොරොත්තුවෙනවා.

දැන් ඉතින් සුපුරුදු "උඹලට ඕවා තේරෙන්නේ නෑ බටහිර වන්දනාකරුවෝ" රිප්ලයි එක ලැබෙයි![]()



මට තේරෙන විදිහ :
"බොරු" කියන වචනයේ තේරුම මොකක්ද?
"අපෙන් ස්වායත්ත ව (ස්වාධීන ව) ලෝකයක් පවතින බවත්, අප සිටියත් නැතත් ලෝකය පවතින බවත්, එකී ලෝකය යම් ආකාර අනුව ක්‍රියාකරන බවත්, ඒ ක්‍රියාකරන ආකාර අපට දැනගත හැකි බවත් වෙයි."
මෙය තමා බටහිර විද්‍යාවේ ප්‍රධාන සංකල්පය. මෙය වැරදි (බොරු) බවයි නලින් ද සිල්වා මහතා කියන්නේ.
සත්‍ය මොකක්ද?
"බුදුන් වහන්සේ ලෝකය බඹයක් පමණ වූ සිරුර තුළ ම පැණවූහ. මගේ ලෝකය ඔබේ ලෝකයෙන් වෙනස් වෙයි. මා මියගිය පසු මගේ ලෝකය නැත."
එනම් අපගේ සය ඉන්ද්‍රියන්ගෙන් වියුක්ත වූ ලෝකයක් නොමැත.
මෙහෙම හිතමු.
ඔබේ ලොකෙ සල්ලි කියන්නෙ කොස් කොල වලට කියල හිතමු. රුපියල් 10ක කොළයක් අරන් කඩේට යනවා.
"මහත්තය මේ කොස් කොලයක් නෙ අරන් ඇවිත් තියෙන්නෙ..." කියල මුදලාලි කියනව.
"මගෙ ලෝකෙ මේව තමයි සල්ලි" කියල ඔබ වෙන කඩේකට යනව. එතන මුදලාලිත් කලින් මුදලාලිගෙ කතාවම කියනව.
මුදලාලිල දෙන්නගෙ ලෝක දෙකේ මුදල් වර්ග සමාන වෙන්නෙ කොහොමද?
මම මේ කට මොකුත් නොකිය ඉන්නම කියල හිතලත් ඔන්න ඔහේ හිතුන දේ කියන්න තීරණය කලා.
ඔය ලිපිය හෙන ගැඹුරුයි කියල මුලින්ම කියවන්න පටන් ගන්නකොට හිතුනට , අන්තිමේ එලොවටත් නැති මෙලොවටත් නැති හිතළු වක් පමණක් කියල අවදානයෙන් කියවන කොට පැහැදිලි වෙනවා.
ඔයා අදහස් කරන්නේ film වල වගේ සමාන්තර ලෝක දෙකක් ගැන කියල මට හිතෙනවා, මේ ප්රශ්නය දැක්කම..
මචන්, මිනිස්සු කියන්නේ රොබෝ ල නෙමෙයි නේ.. රොබෝ කෙනෙක් හදන්නේ එක චිප් එකකින් නම් ඒ වගේ එක හා සමාන චිප් ගොඩක් ගහල, එකම වගේ රොබෝ ල හදන්න පුළුවන්. නමුත් මිනිස්සු අතරේ සර්ව සම නිවුන්නු පවා සිතුවිලි වලින් සමාන වෙන්නේ නෑ... ඉතින් අනිත් මිනිස්සු ගැන කවර කතාද?
මෙතන මගේ ලෝකය හා ඔබේ ලෝකය කියල පැහැදිලි කරන්න හදල තියෙන්නේ, එකිනෙකට වෙනස් විඥ්යානයන් ගැන.. එහෙම නැතුව පෘතුවිය හා පිටසක්වල ලෝක වත් මිනිස්-බ්‍රහ්ම ලෝක ගැනවත් නෙමෙයි..
sam2044 කියනවා වගේ, ඔබ ජලය කියා දන්නා දෙය ඔබගේ පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට සාපේක්ෂ ය. මම ජලය කියා දන්නා දෙය මගේ පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට සාපේක්ෂ ය.
නලින් ද සිල්වා මහතාගේ ලිපියක මං දැක්ක තව උදාහරණයක් කියන්නම්..
අපේ රටේ ඉන්න අම්මා කෙනෙක් දරුවෙක් නලවනවා, " මයේ අම්මා, නාඩන් ඉන්න" කියල... මෙතන "අම්මා" කියල කියන්නේ ඒ දරුවට... නමුත් බටහිර රටක අම්මා කෙනෙක් තමන්ගේ දරුවාව නලවනකොට, " my mother...don't cry" කියල කියනවද? සිංහල වාක්‍යයේ ඉංග්‍රීසි තේරුම තමයි ඒක... නමුත් බටහිර රටක "අම්මා" කියන සංකල්පය, අපේ රටේ "අම්මා" කියන දේට වඩා මොනතරම් වෙනස් ද? අන්න ඒ දේ තමයි මේ ලිපියේ කියලා තියෙන්නේ... අපි යමක් දකින්නේ අපේ පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට සාපේක්ෂවයි..එහෙම නැතුව "අම්මා" කිව්වම මේ ලෝකේ හැම පුද්ගලයාටම එන්නේ එක සමාන අදහසක් නෙමෙයි..
ඔන්න ඕක තමයි සරල පැහැදිලි කිරීම... මේ ලිපියේ කියල තියෙන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්...
පොල් ගස කිව්වත් Coconut Tree කිව්වත් හැඳින්වෙන්නෙ එකම ගසක් බව ඉන්ගිරිසි කතා කරන මනුස්සයත් සිංහල කතා කරන මනුස්සයත් දෙන්නම එකඟ වෙනව.
එබැවින් එක ම සංස්කෘතියක ජීවත්වන්නන්ගේ සංකල්ප හා වෙනත් දැනුම් අතර සාම්‍යයක් දැකිය හැකි ය. මේ සාම්‍යය හේතුකොටගෙන අප දකින්නේ එක ම ලෝකය යැයි අපි සිතමු. මගේ පොල් ගස ඔබේ පොල් ගසෙන් වෙනස් නොවන්නේ යැයි අපි සිතමු. මේ සාම්‍යය අප නොමග යවයි. මා මිය ගිය පසු ද ඔබ දකින පොල් ගස මා දුටු පොල්ගස යැයි සිතෙන බැවින් මා මිය ගිය පසු ද ඒ පොල් ගස මගෙන් ස්වායත්ත ව පවතින්නේ යැයි අපි සිතමු. ඇතැමුන් නිරීක්ෂකයාගෙන් ස්වායත්ත වූ ඊනියා වාස්තවික යථාර්ථයක් ගැන විශ්වාසයක් තබන්නේ එබැවිනි.
දැන් ඉතින් සුපුරුදු "උඹලට ඕවා තේරෙන්නේ නෑ බටහිර වන්දනාකරුවෝ" රිප්ලයි එක ලැබෙයි![]()




meka kiyawala ivara unata passe meka liyapu ekata pol gediyakin oluwata gahanna hithuna attamai![]()


*Facedesk*
මම කිව්වේ මම ගැන නෙවෙයි (අර දත් දොස්තර මහාචාර්ය තුමා ඇතුළු) එහෙම ලියන උන් ගැන. මම අවු 17 විතර ඉඳල නලින් මහතාගේ ලිපි කියවන කෙනෙක්. පොඩ්ඩක් හිමීට comment එක කියවල බලන්න.
(අවාසනාවකට වගේ "සියලු දැනුම බොරු වේ" කියන එක පිළිගන්න පුළුවන් භක්තිමත් බෞද්ධයන්ට පවා "බටහිර විද්‍යාව පට්ටපල් බොරු වේ" කියූ විට මල පනී.)

ඒ උනාට විද්‍යාව පට්ටපල් බොරුවක්ය කියනකොට මොකක්ද සත්‍යය කියන එක පැහැදිලි කරන්න ඕනෙ. සත්‍යය කියන්නෙ "මොකුත් නැති බවය" වගේ වැඩකට නැති ප්‍රකාශ කරනව නම් ඒක පිලිතුරක් නෙවෙයි, ප්‍රශ්නයෙන් පලා යාමක්. ඔය නලින්ද දන්න සත්‍යයෙන් ලබා ගන්න පුලුවන් වෙච්ච ප්‍රයෝජන මොනවද?
බුදුන් වහන්සේ ලෝකය බඹයක් පමණ වූ සිරුර තුළ ම පැණවූහ. මගේ ලෝකය ඔබේ ලෝකයෙන් වෙනස් වෙයි. මා මියගිය පසු මගේ ලෝකය නැත.
මෙහෙම කිව්වට තරහ වෙන්න එපා... ඔයාට මුල් ටික කියවගෙන යනකොට ඇත්තටම ලිපිය ගැබුරුයි කියල හිතෙන්න ඇති... නමුත් ලිපිය ලියල තියෙන්නේ නලින් ද සිල්වා කියල දැක්කම අර ගැබුරු ගතිය හෑල්ලු වෙලා යන්න ඇති..., වගේ අදහසක් මට ආවේ....
ඒ කොහොම උනත් ඔයා quote කරපු දෙයින් කියවෙන දේ ඔයාටම තේරිලා නෑ කියල තමයි මට කියන්න තියෙන්නේ.. මේ කියල තියෙන්නේ උදාහරණයක් විතරයි... මේ ලිපියේ තියෙන අනිත් උදාහරණ වගේම තවත් එක උදාහරණයක් විතරයි මේ පොල් උදාහරණය... ඒ උදාහරණයෙන් කියන්න හදන්නෙත් බටහිර මිනිස්සුන්ට යමක් පේන විදිහයි, පෙරදිග හෝ ලංකාවේ මිනිහෙක්ට ඒ දේම පේන විදිහයි වෙනස් කියල පෙන්නන්න... වෙන විදිහකට ආයිත් කිව්වොත් අපි හැම දෙයක්ම දකින්නේ පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට සාපේක්ෂව කියන එක පෙන්නන්න.... එහෙම නැතුව ඒකෙන් කියන්න හදන්නේ පොල් ගස ගැන බුදුදහමේ ඉගැන්වීමක් ගැන කියන්න නෙමෙයි...ඔයා තේරුම් අරන් තියෙන්නේ උදාහරණයේ තියෙන මතුපිට සරල අදහස විතරයි....
මෙහෙම හිතන්න... සුද්දෙකුට අපි බැටළුවෙක් පෙන්නුවොත්, ඒ මනුස්සයට හිතෙන්නේ ඒ ඉන්නේ මස් සහ ලොම් පිණිස ඇති කරන පණ ඇති "දෙයක්" විදිහට විතරයි. නමුත් සිංහල බෞද්ධයෙක්ට බැටළුවෙක් පෙන්නුවොත් ඒ මනුස්සයාට හිතෙන්නේ "මේ තවත් එක් ජීවිතයක් නේ" කියලයි.. මිනිස් ආත්ම ගෙවන අපි, කීපාරක් මේ වගේ බැටළුවෝ වෙලා ඉපදිලා ඇතිද කියල හිතෙයි, ඒ මනුස්සයට... තවත් ගැබුරට හිතුවොත්, මේ සංසාරේ බියකරු බව, මේ බැටළුවා තුලින්ම දකින්න තරම් ඒ මනුස්සයා ප්‍රඥාවන්ත වෙන්න පුළුවන්... මං කියන්නේ නෑ ඔහුට අර සුද්දට ආපු "මස් හා ලොම් පිණිස" කියන දේ හිතට එන්නේ නෑ කියල.. නමුත් ඔහු කවදාවත් ඒ සතාව "දෙයක්" විදිහට හදුන්වන්නේ නෑ...
වෙන විදිහකට කිව්වොත් බෞද්ධයෝ කිසිවිටෙක, සතෙක්ට විඥානයක් නැති දෙයක් විදිහට සලකන්නේ නෑ.. නමුත් බටහිර රටවල මිනිස්සු සත්තුන්ට ආමන්ත්‍රණය කරන්නේ "it" කියලා... ඒ හරියට මේසයකට, පුටුවකට සලකන සැලකීමම තමයි සතෙක්ට කරන්නෙත්... මොකද ඔවුන්ගේ ආගමකවත් සංස්කෘතියේ වත් කිසිවිටෙක කියන්නේ නෑ , මේ සතා පෙර ආත්ම ගානක ඔබේ මව, පියා, සහෝදරයෙක් වෙලා හිටියා කියලා... එහෙම ඉගැන්වෙනවා නම් ඔවුන් සත්තුන්ට "it" කියල ආමන්ත්‍රණය කරන්නේ නෑ... ඉතින් සුද්දේකට කවදාවත් සතෙක් දැක්කම, අර බෞද්ධයෙක්ට එන හැගීම එන්නේ නෑ...
අන්න ඒ වෙනස ගැන තමයි ඔය උදාහරණ වලින් කියන්නේ...
, නැතුව මට මේ ලිපියේ "කලකිරුනා" දැක්කම තේරුණා අර්ථ ශුන්‍ය දෙයක් කියල. මොකද මම හිතුවේ රහතුන් වහන්සේ නමක් මෙය රචනා කරනවා කියල. 
මේ නිසා තමයි බුදුදහමේ පුනරුත්පත්තියක් නැත්තේ.... බුදුදහමේ කියවෙන්නේ පුනර්භවයක් ගැන විතරයි... මේ ගැන උපුටාගැනීමක් මං දාන්නම්...
ඒ උනාට විද්‍යාව පට්ටපල් බොරුවක්ය කියනකොට මොකක්ද සත්‍යය කියන එක පැහැදිලි කරන්න ඕනෙ. සත්‍යය කියන්නෙ "මොකුත් නැති බවය" වගේ වැඩකට නැති ප්‍රකාශ කරනව නම් ඒක පිලිතුරක් නෙවෙයි, ප්‍රශ්නයෙන් පලා යාමක්. ඔය නලින්ද දන්න සත්‍යයෙන් ලබා ගන්න පුලුවන් වෙච්ච ප්‍රයෝජන මොනවද?