මේ අද උදේ හිරු එකේ දැකපු වැඩසටහනක් දැකලයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. බොලිවුඩ් වල අලුතෙන්ම ඇවිත් තියන ෆිල්ම් එකක් තමයි බොම්බේ වෙල්වට් කියන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ 80%කම රූප ගත කිරීම් කරලා තියෙන්නේ ලංකාවේ. මමත් පුදුම උනා මේ දැකපු පසුබිම් දර්ශන දැකලා මේ ඇත්තටම ලංකාවේද කියලා. ෆිල්ම් එක හැටියට මේ කතාවේ තේමාව 1960 බෝම්බයේ හිටපු පොඩි තගරි කායරෙක් ලොකු තගරි කාරයෙක් වෙන්න යන කතාව තමයි. ෆිල්ම් එකේ අධ්‍යක්ෂක ඇවිත් අනුරන්ග් කාශ්යුප්. ෆිල්ම් එකේ නළුවෝ නිළියෝ රන්බීර්, අනුෂ්කා, කරන් තමයි ප්‍රධාන.
ෆිල්ම් එක හදන්න කලින් එයාලට තිබුන ලොකුම අවුල බෝම්බයේ 1960 ගණන් වල තිබුන දර්ශන තල ඉන්දියාවේ හදන්න විදියක් තිබුනේ නැති කම ඒ කියන්නේ දැන් බෝම්බය එහෙම පිටින්ම වෙනස් නිසා අනික 1960 ගණන් වල දර්ශන තල නැවත එහෙ හදනවා කියන්නේ සෑහෙන ලොකු වියදමක් යන වැඩක් නිසාලු එයාලා කලින් ලංකාවේ රූගත කරපු මිඩ්නයිට් චිල්ඩ්රන් ෆිල්ම් එක දැකලා ලංකාව ගැන හිත යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ චිත්‍ර පට කණ්ඩායම ලංකාවට ඇවිත් ලංකාවේ කොළඹ, තිස්සමහාරාම හා රන්මිණිතැන්න මේ චිත්‍රපටිය රූගත කිරීමට අදහස් කරනවා. මේ සඳහා එයාලා මිලියන ගනාක් ආයෝජනය කරනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් රූගත කිරීම් ආරම්බ කරනවා. සන්තෝසයි ලංකාවේ මේ වගේ ලොකු වැඩක් කරන්න පුළුවන් හොඳ දක්ෂ සෙට් එකක් ඉන්නවා කියනවා ඇහුණාම.