ක්‍රිකට් නීති වෙනස් වෙයි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ක්‍රිකට් නීති වෙනස් වෙයි

    cricket-rules.png

    එක්දින තරඟ සහ පන්දුවාර විස්ස තරඟ වල ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යෝජනා කර තිබෙනවා. අදළා යෝජනා පිළිබද සාකච්ඡාව පැවැත් වුණේ පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවලදීයි. අදාළ යෝජනා මෙසේයි....

    ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟවලට පමණක් යෝජනා වූ නීති

    * බැටින් පවර්පේල් අවස්ථාව ඉවත් කිරීම
    * පන්දුවාර 41 සිට 50 දක්වා අවස්ථාවේදි යාර 30 සීමාවෙන් පිට ක්‍රීඩකයින් 5දෙනකු සිටීම
    * සියලුම නිපන්දු වලට ෆ්‍රී හිට් එකක් ( ඉනට උඩින් පන්දු යැවීම සහ පන්දු යැවීමේ සීමාවෙන් එහා පාදය තැබීම )

    පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟ වලට පමණක් යෝජනා වූ නීති

    * සියලුම නිපන්දු වලට ෆ්‍රී හිට් එකක් ( ඉනට උඩින් පන්දු යැවීම සහ පන්දු යැවීමේ සීමාවෙන් එහා පාදය තැබීම )


    මගේ මතයට අනුව මේක හොඳ තීරනයක්.. පන්දුව සහ පිත්ත අතර සමබරතාවයක් තිබ්බේ නැහැ පහුගිය ටිකේ.. ක්‍රිකට් ගේම් එකක් ගහනවා වගේ දැක්කේ.. තනිකර බැට්ස්මන්ලා විතරයි.. බෝලර්ස්ලට නෝ චාන්ස්.. මම නම් කියන්නේ වන්ඩේ වල අලුත් බෝල දෙකෙන් දාන එක නවත්තන්න ඕන.. ඒකෙන් බෝලෙ පරන වෙන එක 50%කින් අඩු වෙනවා.. ඒකෙන් වෙන්නෙ ස්පින් කරන උන්ට අවාසියක්..
    අනික රිවීව් DRS 2ක් දෙන්න ඕන වන්ඩේ වලට..
    දැන් ඔලුවට එන්නේ මේ ටික තමයි..
    ඔයාලගෙත් යෝජනා තියෙනම් කියන්න..

     
    • Like
    Reactions: sbanurada

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යොජනා විතරයි නේද. සම්මටත වෙලා නෑනේ. මම හිතන්නේ නෑ සම්මටත වේවි කියලා මචං ICC = Indian CC වගේ නිසා දැන්. තනි බෝලේ පාවිච්චි කරන එකට නම් මමත් කැමතියි. උඩ යෝජනා සියල්ල හොඳයි. දැන් මැච් එකක 350 ක් කියන්නේ ගැහුවේ නැත්නන් පරදින මට්ටමේ ලකුණක් ඊට පහල. ඉස්සර 225 කියන්නෙත් හොඳ ලකුණක්. බැට්ස්මන්ලට වාසි වැඩි උනා පරණ නීති නිසා. ඒත් ඕවා සම්මත වෙනකන් ශුවර් නෑ බං.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    පලවෙනි ඔවර්ස් 10, අන්තිම 10යි බැටින් පවර්ප්ලේ එක දෙන්න ඕන
    ඉතුරු 30 ඩි යාර 30න් එලියේ 5ක් පුලුවන් වෙන්න ඕන
    එක බෝලයක් විතරක් පාවිච්චි කරන්න ඕන

    ඉන්දියන් හිඟන්නෝ නිසා ඕක සම්මත වෙයි කියල හිතන්න බෑ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යොජනා විතරයි නේද. සම්මටත වෙලා නෑනේ. මම හිතන්නේ නෑ සම්මටත වේවි කියලා මචං ICC = Indian CC වගේ නිසා දැන්. තනි බෝලේ පාවිච්චි කරන එකට නම් මමත් කැමතියි. උඩ යෝජනා සියල්ල හොඳයි. දැන් මැච් එකක 350 ක් කියන්නේ ගැහුවේ නැත්නන් පරදින මට්ටමේ ලකුණක් ඊට පහල. ඉස්සර 225 කියන්නෙත් හොඳ ලකුණක්. බැට්ස්මන්ලට වාසි වැඩි උනා පරණ නීති නිසා. ඒත් ඕවා සම්මත වෙනකන් ශුවර් නෑ බං.


    පලවෙනි ඔවර්ස් 10, අන්තිම 10යි බැටින් පවර්ප්ලේ එක දෙන්න ඕන
    ඉතුරු 30 ඩි යාර 30න් එලියේ 5ක් පුලුවන් වෙන්න ඕන
    එක බෝලයක් විතරක් පාවිච්චි කරන්න ඕන

    ඉන්දියන් හිඟන්නෝ නිසා ඕක සම්මත වෙයි කියල හිතන්න බෑ

    ඔව් මචං.. දැන් ක්‍රිකට් හරි කෘතිමයි වගේ.. බලන්න තියෙන ආසාව අඩු වෙනවා..
    මම නම් අයි පී එල් බලන්නෙම නැහැ..
    ඒක නිකම් හින්දි ෆිල්ම් එකක් වගේ..
    අනික බැට් වල ඝනකම අඩු කරන්න ඕන..
    බෝලර්ස්ලට තව සපෝට් එක වැඩි පිච් හදන්න ඕන..
    ඒ වගේ පිච් වල ගහනකොට බලන්න ආසයි..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔව් මචං.. දැන් ක්‍රිකට් හරි කෘතිමයි වගේ.. බලන්න තියෙන ආසාව අඩු වෙනවා..
    මම නම් අයි පී එල් බලන්නෙම නැහැ..
    ඒක නිකම් හින්දි ෆිල්ම් එකක් වගේ..
    අනික බැට් වල ඝනකම අඩු කරන්න ඕන..
    බෝලර්ස්ලට තව සපෝට් එක වැඩි පිච් හදන්න ඕන..
    ඒ වගේ පිච් වල ගහනකොට බලන්න ආසයි..

    aniwa machan
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එක් දින ක්‍රිකට් තරගවලදී පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට දී තිබූ අවස්ථා ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශය ලැබී තිබේ.
    මෙම නිර්දේශය ලබා දී ඇත්තේ, ඉන්දීය හිටපු ක්‍රීඩක අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව යි.
    එම කමිටුව නිර්දේශ කර ඇති එක් කරුණක් වන්නේ, මුල් පන්දු වාර 10 තුළ ක්‍රියාත්මක batting power-play අවස්ථාව ඉවත් කිරීම ය.
    ඒ අනුව, එම පන්දු වාර 10 තුළදී ද පන්දු රකින්නන් දෙදෙනෙකුට වඩා යාර 30 සීමාවෙන් පිටත රැඳවීමට අවස්ථාව ලබා දිය යුතු බව නිර්දේශ කර ඇත.
    අනෙක් නිර්දේශය වන්නේ, අවසන් පන්දු වාර 10 තුළ එනම්, 41 වන පන්දු වාරයේ සිට 50 වන පන්දු වාරය දක්වා යාර 30 සීමාවෙන් පිටත පන්දු රකින්නන් 5 දෙනෙකු රැඳවීමට අවස්ථාව සැලසීම යි.
    අවසන් පන්දු වාර 10 තුළදී යාර සීමාවෙන් පිටත පන්දු රකින්නන් 4 දෙනෙකු රැඳවීමේ නීතිය ක්‍රියාත්මක වූයේ, 2012 වසරේ සිට ය.
    එහෙත්, අදාළ නීති හේතුවෙන් පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට අවකාශය සැලසුණු අතර පන්දු යවන්නන් මහත් අසීරු තත්ත්වයකට පත්ව සිටින බව විචාරකයින්ගේ අදහස වී තිබේ.
    එය පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් රැස් කළ විශාල ලකුණු සංඛ්‍යා පරීක්ෂා කිරීමේදී තහවුරු වෙයි.
    මෙම නිර්දේශ ක්‍රියාත්මක කළහොත් AB de Villiers සහ Glenn Maxwell වැනි පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට ඉඩ නොදී පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට යම් පීඩනයක් එල්ල කිරීමේ අවස්ථාව හිමි වනු ඇත.