මේ ඔබද?

waligamaya

Well-known member

  • 10339774_816871798395043_3591344088043173751_n.jpg


    මේ ඔබද?
    මුලින්ම ඔවුන් මනම්පේරි දූෂණය කර පන පිටින් වල දැම්මේය,
    අරගලයක් පැවති නිසා මම නිහ`ඩව සිටියෙමි,

    ඉන් පසුව ඔවුන් කහවත්තේ ගැහැණු සොයා ආවෝය,
    මන් නිහ`ඩව සිටියේ මා කහවත්තේ නොවූ බැවිනි,
    ඉන්පසු ඔවුන් නෝරිවත්තේ ගැහැණුන් සොයා ආවෝය,
    මා නිහ`ඩව සිටියේ මා නෝරිවත්තේ නොසිටි බැවිනි,
    ඉන් පසු ඔවුන් උතුරේ ගැහැණුන් සොයා ආවෝය,
    මා නිහ`ඩව සිටියේ
    ක‍්‍රිශාන්ති කුමාරස්වාමී, කෝනේෂ්වරී, ඉසිපි‍්‍රයා,
    මගේ සහෝදරියෝ නොවුන බැවිනි,
    පසුව ඔවුන් හම සුදු ගැහැණුන් සොයා ආවෝය,
    පිරිමි අටදෙනෙක් වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් ව සමූහ දූෂණය කලෝය,
    මා නිහ`ඩව සිටියේ ඈ සුද්දියක් බැවිනි,
    ඉන් පසු ඔවුන් අමානුෂික ලෙස රීටා ජෝන්ස්ව දූෂණය කළෝය,
    ඇයගේ සිරුරට නව වතාවක් පිහියෙන් ඇන්නෝය,
    මෝදර වෙරළේ මලානික ඇගේ සිරුර දමා ගියෝය,
    මා නිහ`ඩව සිටියේ ඈ ඉන්දියන් බැවිනි,
    හවස් වරුවේ ආඹරණ පැළද වෙරළේ සිටි නිසා ඇය
    මෙය සිදුකරගෙන ඇත්තේ විහිනි.
    පසුව ඔවුන් විජේරාම ගැහැණියක් සමූහ දූෂණය කළෝය,
    මා නිහ`ඩව සිටියේ ඇය ගණිකාවක් වූ බැවිනි,
    ඉන් පසුව ඔවුන් අකුරැුස්සේදී හා මොණරාගලදී කන්‍යාවන් සිය ගනනින් දූෂණය කර එය සැමරුවෝය.
    මා නිහ`ඩව සිටියේ දේශපාලකයන්ට තිබූ බය නිසාය,
    ඉන් පසුව ඔවුන් ලෝගරානි දූෂණය කළෝය,
    ඇගේ නිරුවත් සිරුර ශූද්ධ වූ දේවාලයකට විසිකළෝය.
    ඉන් පසු ඔවුන් සාරන්‍යා සෙල්වරාසා දූෂණය කළෝය,
    මා කිසිවක් කීවේ නැත,
    අවසානයේදී ඔවුන් විද්‍යා සිවලෝකනාදන් දූෂණය කර ඇත.
    මම තවමත් නිහ`ඩව සිටිමි,
    ඒ ඇය තමිල් නිසාය,
    පුන්කුඩුතතිව් නම් කුඩා දූපතක ජීවත් වූ නිසාය.
    ඉන් පසු ඔවූන්
     

    waligamaya

    Well-known member
  • පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමක් මුල්කරගෙන යාපනයේ ජනතාව නොසන්සුන් වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවෙකු උතුරේ සේවයේ නිරත ඉහළ ‍පොලිස් නිලධාරියෙකුගේ නියෝගයකින් මුදාහැරීම නිසා ‍පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් බව ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. [FONT=&quot]මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින තාක් ඔහුගේ ගම් ප්‍රදේශයේ සිදුකරන්නා වූ නීති විරෝධී ක්‍රියා සඳහා රැකවරණය ලබා ගැනීමට දකුණ බාරව තබා ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ බව මාධ්‍ය වාර්තා පලවන අතර රාජපක්ෂවරුන් බලයෙන් පහකිරීමත් සමග ලලිත් ජයසිංහ දකුණින් උතුරට මාරු කරන ලදී. ඔහු උතුරට ගොස් සිදු කළ දුෂ්ඨ අවනීතික ක්‍රියාවෙන් පසුගියදා උතුර ගිනි ගත් බව මේ වනවිට අනාවරණය වී ඇත.[/FONT]
    [FONT=&quot]මෙලෙස යාපනය ගිනි තැබීමට මුල් වූ උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ආරම්භ කර ඔහුව උතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන නැති බවත් ඒ වෙනුවට යාපනය දිස්ත්‍රික්කයේ සේවයේ නිරත උසස් ‍පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මාරු කර යවා ඇති බවත් යාපනයේ ‍පොලිස් නිලධාරීන් චෝදනා කරන බවද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.[/FONT]
    [FONT=&quot]සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වූ මහාලිංගම් සිවකුමාර් හෙවත් කුමාර් නමැත්තා ජනතාව විසින් අල්ලාගෙන පොලිසියට බාර දුන් පසු ඔහුව අත් අඩංගුවෙන් නිදහස් කර කොළඹට පැන යෑමට සැලැස්වීමට උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කටයුතු කර ඇති අතර එසේ ඉහළ ‍පොලිස් නිලධාරියාගේ නියෝගයෙන් මුදාහැර සිටි සැකකරු ස්විට්සර්ලන්තය බලා පලායාමට සූදානමින් සිටියදි [/FONT][FONT=&quot]19 වැනිදා වැල්ලවත්තේදී අත්අඩංගුවට පත්විය.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]lankatruth[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    තමට වෙනකන් රිදෙන්නේ නැහැ කාටවත් ඕකයි ප්‍රශ්නේ සරුවා සුනිල් ජාතික වීරයෙක් වෙන්නේ අමන කලකන්නින්ගේ වැඩ නිසා නෙමයිද ???
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    aththatama api meeta wada actively wirudda wenna one. hari inissunge shakthiya ekamutu kamen waradi karana ewun palanaya kaleki. dan dhushakayongene rajya. api hadenna oone meeta wada, awadaanayen inna wenawa apema aya gana meeta wada
     

    waligamaya

    Well-known member
  • නිහඩව ඉන්න එක පැත්තක තියමුකෝ. ගමේ මිනිහෙක්ගේ දරුවාව සබාපති දුෂණය කරලා දැම්මම උව නිදහස් කරන්න කියලා මිනිස්සු උද්ගොස්හන්ය කරපු රටක් මේක.:angry::frown::frown::dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    නිහඩව ඉන්න එක පැත්තක තියමුකෝ. ගමේ මිනිහෙක්ගේ දරුවාව සබාපති දුෂණය කරලා දැම්මම උව නිදහස් කරන්න කියලා මිනිස්සු උද්ගොස්හන්ය කරපු රටක් මේක.:angry::frown::frown::dull:

    adenawa oi
    2.gif
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    ඉන්පසු ඔවුන් එයට කොටි නැගිටීමකැයි කෑමොර දුන්නෝය
    ඇගේ මළමිනිය මතින් මියගිය අප්පුච්චාගේ ආත්මයට පන දෙන්නට උත්සහ දැරූහ.
    මම නිහඬව සිටියෙමි.

    ඒ මම වහලෙකු නොවන නිසාය.
     
    මනුස්ස ඉතිහාසේ පටන් ගත්ත දවසේ ඉඳන් ඕව සිද්ධ වෙනවා බං. මේ ෆේස් බුක් පොන්සියොයි පත්තර කාරයොයි කතා කරන්නේ හරියට මුළු සමාජෙම කරා වගේ. උන් විතරයි හරි.:rofl::rofl::rofl:
    ඕව නවත්තන්න ඕන. සමාජය යහපත් කරන්න ඕන. ඒත් මොනවා හරි වෙච්ච ගමන් වටේ ඉන්න හැම එකාටම දෙස් දෙවොල් තියන්නෙ මොකටද.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ප්‍රේමවතී මනම්පේරී තරුනිය
    කතරගමේ විසූ රූප රැජිනිය
    පතිවත කෙලෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක් වගේ
    සිත් පිත් නොමැති උදවිය

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වගේ සිද්දි අහද්දී කියාගන්න බැරි අමුතු දුකක් හදවත පතුලටම දැනෙනවා බන්. මගේ කෙනෙකුට මේ වගේ දෙයක් වුනොත් කියලා ලොකු බයකුත් දැනෙනවා. මේ වගේ අපරාද කාරයෝ අපි එදිනෙදා ආශ්‍රය කරන සමාජය තුලම ගැවසෙනවා නේද කියල හිතද්දී පුදුම බියකරු හන්ගීමක් බන් දැනෙන්නේ අපි ආදරය කරන හැම කෙනෙක් ගැනම. මේවට වග කියන්න ඕනේ අපරාදකාරයින්ට දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන්න තරම් ශක්තිමත් අධිකරණ පද්දතියක් නැති නිසා දැන් ලංකාවේ. ඉස්සර මිනිස්සු වැරදි කරන්න ගොඩක් බයයි එල්ලුම් ගස් යන්න වේවි කියලා.

    අපේ තාත්තා තරුණ කාලේ වලියක් ගිහින් එක මිනිහෙක්ව මරන්නම ගිහින් ඒත් එහෙම නොකර හිත පාලනය කරගෙන තියෙන්නේ එල්ලුම් ගස් යන්න වෙයි කියල හිතේ තිබ්බ බය නිසා. ඒත් දැන් කාලේ මිනිස්සු අපරාදවලට බය නෑ. මොකද මොන වැරැද්ද කලත් ටික කාලයක් ඉඳලා එන්න පුළුවන් නේ කියලා උන් දන්නවා.