මරණ දණ්ඩනය එයි?

මරණ දණ්ඩනය ????

  • අවශ්ය වේ.

    Votes: 74 76.3%
  • අවශ්ය නොවේ.

    Votes: 23 23.7%

  • Total voters
    97

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    මරණ දණ්ඩනය එයි ....

    Deth_rope.jpg

    රටේ අපරාධ රැල්ල වේගවත් වීම හේතුවෙන් නැවතත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙහි ජනතාවගෙන් ඉල්ලීමක් පැමිණ තිබෙන බවත්, ඒ පිළිබඳව රජෙයේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. යාපනයේ සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය දක්වමින් ඊයේ (24දා) කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැති ඉටි පහන් දැල්වීමේ විරෝධතාවට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

    "අපේ රටේ ජනතාව විශාල ඉල්ලීමක් කරනවා මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කරන්න කියලා. මොකද මේ අපරාධ රැල්ල, මරණ දණ්ඩනය නියම කිරීම තුළින් අඩු කර ගන්න පුළුවන් කියලා අපේ රටේ ජනතාව තුළ දැන් විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ පිළිබඳව රජයක් විදියට අපි ඉදිරියේදී කල්පනා කරලා බලනවා" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම විරෝධතාව සංවිධානය කළ අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පැවැසුවේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බාරකාරත්වය යටතේ විශේෂ පොලිස් ඒකකයක් ආරම්භ කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය වරයා හා සාකච්ඡා කළ බවයි.

    - See more at: http://www.ada.lk/article/68651/මරණ-දණ්ඩනය-එයි?-#sthash.l1CRitAX.dpuf

    මං හීතන්නේ ඔනි....
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මරණ දණ්ඩනය කඩුවෙන් හිසගසල කරනවනං මං කැමතියි අලුගෝසුව වෙන්න :D :D :D
    in the name of Tommen, first of his name, houses baratheon and lannister, king of the andals and the first men, protector of the realm and ruler of the seven kingdoms, I markhaloce sentence u to death.. :dull: :dull: :dull: :dull: :dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    ඔය කිව්වට ඕක ගේන්නේ නැහැ..හැමදාම බොරුවට කියවනවා විතරයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බයිලා බං.. හැමදාම ඕක ගේනවනේ..
    සිරාවටම මරණ දඬුවම ගෙනාවා නම් මේ රටේ අපරාද සීයට පනහකින්වත් අඩුවෙයි.. එල්ලලා මරණ එක නෙමෙයි කරන්න ඕන.. කරන්ට් එක වද්දලා මරන්න ඕන.. ආසාවටවත් හොරකමක්, දූෂණයක්, අපරාදයක් කරන්නෙ නෑ බය කියල දෙයක් දැනෙන එකෙක්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බයිලා බං.. හැමදාම ඕක ගේනවනේ..
    සිරාවටම මරණ දඬුවම ගෙනාවා නම් මේ රටේ අපරාද සීයට පනහකින්වත් අඩුවෙයි.. එල්ලලා මරණ එක නෙමෙයි කරන්න ඕන.. කරන්ට් එක වද්දලා මරන්න ඕන.. ආසාවටවත් හොරකමක්, දූෂණයක්, අපරාදයක් කරන්නෙ නෑ බය කියල දෙයක් දැනෙන එකෙක්..

    මරණ දඩුවම ක්‍රියාත්මක උනත් දැන් වගේ තමයි. වෙනසක් නැහැ. උබ හිතනවද මරණ දඩුවම ගෙනාවොත් සරුවා සුනිල්ව ?? දුමින්ද සීලවාව?? තංගල්ලේ සභාපතිව එල්ලයි කියල ??

    හිසේ ඇම්මට කෝට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ පුතා. ඔය හැමදේටම මුල නිතිය හරියට ක්රියාත්මක නොවීම. දේශපාලනය නීතියට අතපෙවීම. ඒවා නැති උනොත් අපරාද අඩුවෙයි. නැත්තම් කොස් ගෙඩියක් හොරෙන් කපු එකාව එල්ලයි. මහා පාරේ ප්‍රසිද්දියේ මිනි මරපු උන් ඇමතිකම් ගනී
     
    • Like
    Reactions: markhaloce

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    අනිවා ලංකාවේ මේ වෙන අපරාධ නවත්තන්න මරණ දණ්ඩනය ගේන්නම ඕනේ. ගේන්න එපා කියන්නේ අපරාධ කරන එවුනුයි ඒවට අනුබල දෙන එවුනුයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මරණ දඩුවම ක්‍රියාත්මක උනත් දැන් වගේ තමයි. වෙනසක් නැහැ. උබ හිතනවද මරණ දඩුවම ගෙනාවොත් සරුවා සුනිල්ව ?? දුමින්ද සීලවාව?? තංගල්ලේ සභාපතිව එල්ලයි කියල ??

    හිසේ ඇම්මට කෝට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ පුතා. ඔය හැමදේටම මුල නිතිය හරියට ක්රියාත්මක නොවීම. දේශපාලනය නීතියට අතපෙවීම. ඒවා නැති උනොත් අපරාද අඩුවෙයි. නැත්තම් කොස් ගෙඩියක් හොරෙන් කපු එකාව එල්ලයි. මහා පාරේ ප්‍රසිද්දියේ මිනි මරපු උන් ඇමතිකම් ගනී

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරණ දඩුවම ක්‍රියාත්මක උනත් දැන් වගේ තමයි. වෙනසක් නැහැ. උබ හිතනවද මරණ දඩුවම ගෙනාවොත් සරුවා සුනිල්ව ?? දුමින්ද සීලවාව?? තංගල්ලේ සභාපතිව එල්ලයි කියල ??

    හිසේ ඇම්මට කෝට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ පුතා. ඔය හැමදේටම මුල නිතිය හරියට ක්රියාත්මක නොවීම. දේශපාලනය නීතියට අතපෙවීම. ඒවා නැති උනොත් අපරාද අඩුවෙයි. නැත්තම් කොස් ගෙඩියක් හොරෙන් කපු එකාව එල්ලයි. මහා පාරේ ප්‍රසිද්දියේ මිනි මරපු උන් ඇමතිකම් ගනී
    ඔව් ඉතිං එහෙම තේරුමක් නෑ.. නීතියත් හරියට ක්‍රියාත්මක වෙන්න ඕන..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් ඉතිං එහෙම තේරුමක් නෑ.. නීතියත් හරියට ක්‍රියාත්මක වෙන්න ඕන..

    කවදාවත් මෙහෙ එහෙම වෙන්නෑ බං :no: :no: :no:
    ලඞ්කාවෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරනව කියන්නෙ මේකෙ ලැගල ඉන්න කාලකන්නි දේශපාලුවන්ට වඳුරට දැලිපිහිය අහුවුනා වගේ වැඩ :no: :no: :no:
    මරණ දඬුවම තිබ්බනම් මෙලහට සරත් ෆොන්සේකවත් එල්ලල.. :( :( :( :(
    අපරාධ රැල්ල අඩුවෙන්න මරණ දඬුවම හේතුවෙන්න පුළුවන්, ඒත් මේකෙ ඉන්න මහ උන් ඊට පස්සෙ ඕක පාවිච්චි කරන්නෙ වෙන වෙන දේවල් වලට :(
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔව් ඉතිං එහෙම තේරුමක් නෑ.. නීතියත් හරියට ක්‍රියාත්මක වෙන්න ඕන..

    අනික තමයි බන් බලයේ ඉන්නේ උන්ට පෞද්ගලික තරහ පිරිමහන්න ඕක කියපු ආයුදයක් වෙයි...
    අමුතුවෙන් කියන්නැ ඕනේ නැනේ බන් මෙහෙ නිතිය ක්‍රියාත්මක වෙන හැටි.ඕකට අහිංසකයෝ කීදෙනෙක් යයිද
    දැනටත් බලපන් අපේ හිරගෙවල් වල කොච්චර නිර්දෝෂී මිනිස්සු ඉන්නවද..හිතපන් ඔකො තිබ්බනම් එහෙම :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවදාවත් මෙහෙ එහෙම වෙන්නෑ බං :no: :no: :no:
    ලඞ්කාවෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරනව කියන්නෙ මේකෙ ලැගල ඉන්න කාලකන්නි දේශපාලුවන්ට වඳුරට දැලිපිහිය අහුවුනා වගේ වැඩ :no: :no: :no:
    මරණ දඬුවම තිබ්බනම් මෙලහට සරත් ෆොන්සේකවත් එල්ලල.. :( :( :( :(
    අපරාධ රැල්ල අඩුවෙන්න මරණ දඬුවම හේතුවෙන්න පුළුවන්, ඒත් මේකෙ ඉන්න මහ උන් ඊට පස්සෙ ඕක පාවිච්චි කරන්නෙ වෙන වෙන දේවල් වලට :(
    උඹ හරි බං.. :(
     
    Similar threads