බබා

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    කොලුපැටියෙක්ට ගැලපෙන නමක් කියහල්ලකො.. එන්න නම් තව කල් තියනව එයා.ඒත් ඉතින් දැන් ඉඳන්ම නම් ටිකක් එකතු කරගන්න හිතුනා. :rolleyes::rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොලුපැටියෙක්ට ගැලපෙන නමක් කියහල්ලකො.. එන්න නම් තව කල් තියනව එයා.ඒත් ඉතින් දැන් ඉඳන්ම නම් ටිකක් එකතු කරගන්න හිතුනා. :rolleyes::rolleyes:

    එලකිරියෙ එවුන්ගෙන් නම් අහන්න ඇවිත් හිත රිද්ද ගන්න නං එපා හොඳේ. අනිවා මේකෙ එවුන් ආතල් ගන්නවාමයි.

    එකෙක් වතාවක් "පො" යන්නෙන් ලමයට දාන්න නමක් අහලා මේකෙ එවුන් ශොක් උත්තර ටිකක් දිලා ඌ රිදිලා යන්නම යන්න ගියා එලකිරියෙන් thread එකකුත් දාලා. පරන member කෙනෙක්.

    බැලින්නම් අකුර "පො" නෙවේ "ප්‍රො" ලු. thread එක දාද්දි වැරදිලා. :dull:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    “අ” – අකුරෙන්

    අමයුරු – ඉතා මිහිරු වූ
    අනුරග – විශේෂ නුවනින් යුතු
    අනුද – විශේෂ දහම් නුවණින
    අගිත – අග්‍ර වූ
    අමිදදූ – විශේෂ වූ මිහිරෙන් බැබලෙන
    අනුසර – විශේෂ වූ සරු බව ඇති
    ආශිංස – ආශීර්වාද ලබන්නා
    අත්සර – ඇතෙකුගේ මෙන් ගමන් ඇත්තා
    අක්නුල – දක්ෂ නුවණැති ආකර්ශනීය
    අමසර – අමෘතය වැනි සරුසාර
    අරුනෝද්‍ය – අරුණ උදාව
    අනේක – විවිධ වූ
    ආයෝජ – මුදල් සහ සම්පත් යොදවන්නා
    ආයුතෙජ – ආයුෂ හා තේජය ලබන්නා
    අභිචිත – අභිමානවත් සිතින් යුත්
    අභියෝග් – අභියෝගයක් බඳු තැනැත්තා
    අභිසර – අභිමානයෙන් ගමන් කරන්නා.
    අපුජිත් – අපූර්ව ලෙස ජයග්‍රහණය කරන්නා

    අභිදුල් – අරුනොදයේ බැබලෙන්නා
    අභිමුඛ – පෙරමුණේ සිටින්නා
    අකල්ක – නිර්යුෂ
    අයේශ් – වාසනාවන්ත නායකයා
    අක්සඳ – ඉහල රුචිකත්වයක් ඇති
    අනුසහස් – විශ්වයට පමණක් දෙවෙනි වූ තැනැත්තා
    ආදිත්‍ය – තම අනසක පතුරුවන තැනැත්තා
    අඳුන් – දෙනෙතට ප්‍රිය උපදවන තැනැත්තා
    අභිසෙස් – අභිෂේක ලබන තැනැත්තා
    අදිත – ජය ඇත්තා වූ
    අදීෂ – දිර්ඝායුෂ ලබන්නා
    අභීත – කිසිවෙකුට බිය නොවෙන තැනැත්තා
    අමන්ද – බොහොසන්සින්දුනු සිතක් ඇත්තාවූ
    අනිල – අන් කිසිවෙකුට නොනමෙන්නා වූ තැනත්තා
    අනුපම – උපමා කල නොහැකි තැනැත්තා
    අනුහස් – පලපරක්‍රමයෙන් යුක්ත වූ තනතා
    අරුණලු – උදෑසනක් මෙන් සුන්දර පුද්ගලයා
    අනුපුර – විශේෂ නුවණ පුරවා පුද්ගලයා
    අනුවින්ද – බොහෝ දේ ලබාගන්නා
    අමාකර – මහා සයුර සේ
    අලෝකිත – දුර දකින්නා
    අරුන් – අර්ථවත් අන්දමකින් කටයුතු කරන තැනැත්තා
    අභිමාත්‍ය – අභිමානවත් ලෙස ලෝකයා පිළිගන්නා වූ කෙනා
    ආඛන්ච – දෙවිලොවට අධිපති සක්දෙවි
    අයෝග – නැවත නැවත යොදවන තැනැත්තා
    අනිඳු – රජුට නොදෙවෙනි තැනැත්තා
    ආමන්ද – අමෘතය
    ආයෝධ්‍ය – ඉන්දියාවේ සුප්‍රකට නගරය
    ආලෝකිත – සියලු අයට පෙර ඉදිරිය දකින්නා
    ආරණය – වත සෙනසුනක් බඳු සිතක් ඇත්තා
    ආකර්ශ – අන්සමටම වඩා ආකර්ශනීය තැනැත්තා
    ආලෝකිත – දීප්තිමත්ව පවතින්නා

    අක්ෂර – අකුරු මෙන් සදාතනික වූ
    අමොග් – සියලු අනුග්‍රාහකත්වය දක්වන්නා
    අපූර්ව – ඉතා අනර්ඝ තැනැත්තා
    අභිත් – ඉතා එඩිතර වූ තැනැත්තා
    අකිල් – අභිමානවත් වූ පුද්ගලයා
    අරුණ – අරුණෝදය වැනි වූ පිරිසිදු තැනැත්තා
    අගසස් – අග්‍ර වූ ඵල නෙලා ගන්නා වූ තැනැත්තා
    අදින – දින නොවන
    අක්ෂ – ඇස බඳු වූ

    තැනැත්තා
    අහස් – ගුවන බඳු වූ තැනැත්තා
    අගිල් – සුවඳ දුම් සඳහා යොදා ගන්නා ශාකයකි.
    අමොධ්‍ය – බොහෝ සේ සතුටින් සිටින තැනැත්තා
    අග්‍රසර – අන් සැමටම කලින් පෙරමුණ ගත්තා වූ තැනැත්තා
    අමකර – ඉතා මිහිරි වූ
    අනුභ – ආනුභාවයෙන් යුක්ත වූ පුද්ගලයා
    ඇලුම් – බොහෝ සේ ප්‍රියමනාප තැනැත්තා
    ආත්ම – තම ආත්මීය හැඟීම් වලට අනුව ජිවත් වන්නා
    ආයන්ත – අයිතිය පිළිබඳව පවසන්නා
    ආවර්ජන – නැවත නැවත සිදුවූ දේ ආවර්ජනය කරන්නා
    ආශිර්වාද් – ආශීර්වාද ලබමින් දිවි ගෙවන්නා
    ආමිස – කෙලෙහි ගුණ දන්නා තැනැත්තා
    ආමන් – සාමයට කැමති තැනැත්තා
    අදෝෂ – අන් අය පිනවීමට හැකි තැනැත්තා
    අමෝද -අන් අය පිනවීමට හැකි තැනැත්තා
    අකල්ක – නිර්දෝෂී වූ පුද්ගලයා





    “ඉ”අකුරෙන්

    ඉමල් – උසස් මල්
    ඉසර -උසස් හඬ
    ඉමාර – උසස් පරපුරක් මවන්නා
    ඉසජ – මුදුනෙහි ජනිත වූ
    ඉසිල් – උසස් ශිලය ඇත්තා
    ඉඳුවර – නිල මානෙල්
    ඉමිරක – බොහෝ මිහිරි තැනැත්තා
    ඉමයුර – ඉතා මියුරු වූ තැනැත්තා
    ඉන්දුක – කිසිඳු දුකකින් තොර වූ
    ඉරාශ්ව – හිරුගේ රස දහර මෙන් ප්‍රභාවත් තැනැත්තා
    ඉන්ද්‍රකීල – නොසැලෙන තැනැත්තා
    ඉන්දික – උතුම් වූ තැනැත්තා
    ඉදුෂ- දෙවියන් ගමන් කරන
    ඉරන්ද – රනින් පුරවන ලද්දාවූ
    ඉන්දිර – බබණ
    ඉහිල් – සීතල
    ඉෂ්ඨ – සියලු බලාපොරොත්තු ඉටු කරන්නා
    ඉරෝෂ – බල පරාක්‍රමයෙන් යුතු
    ඉඳුර – නැගෙනහිර දිශාව
    ඉෂාන් – දෘෂ්ඨිය / පෙනුම
    ඉල්සාර – සාරවත් ඉල්මස
    ඉරාජ් – සුළඟ
    ඊශංක – හක්ගෙඩි වල පිරුණා වූ
    ඉඳුසර – දෙවියන්ගේ හැඳින් මුවහත්
    ඉනේෂ් – රජුගේත් රජු
    ඊස – හී තුඩ
    ඊන්ද්‍රකිල – නොසැලෙන පුද්ගලයා
    ඉනොධ්‍ය – හිරු රැස්
    ඊක්ෂණ – තීක්ෂණ ලෙස බුද්ධියෙන් දකින්නා
    ඉෂාර – උත්සාරය
    ඉඳුතර – ඉන්ද්‍ර තාරකාව
    ඉස්ල – උසස් ස්ථානය
    ඉසලු – හිසින් සියල්ල දරන්නා
    ඉතිත – ඇති ක්‍රමනය කල පුද්ගලයා
    ඉරිඳු – දිවුරාම ප්‍රකාශ කරන්නා
    ඉෂිත – සෘජු අදහස් සහ ගති ගුණ ඇත්තා
    ඉසිත – ඉන්දු දෙවු සිත
    ඉඳුවර – දේව වාරය
    ඉසිරි – ආශ්චර්යවත් තැනැත්තා
    ඉසිර – තේජස් ඇත්තා
    ඉමයංග – උමයංගනා අරුත
    ඉරෙෂ් – විෂ්ණු දෙවු
    ඉසර – හී පහරක් වැනි තැනැත්තා
    ඉන්ද්‍රනිල – ඉඳුනිල් මැණික
    ඉංදළු – දෝලාව යන අරුත
    ඉදානි – ඉතා දැන්වත් සිටුවරයෙකු බඳු
    ඉඳුවන – උපදවන්නා
    ඉන්දිප – ඇවිද්ද පය
    ඉඳුරවර – ඉන්දිවරයෝ
    ඉසුරු – වස්තුව ඇත්තා
    ඉ සදර – ඉහ අද්දරම සිටින්නා
    ඊසන් – ස්වල්ප වූ
    ඊදිස – මෙබඳු
    ඉංපිත – අන් අය කම්පනය කරවන්නා
    ඉමාන් – දෙවියන්
    ඊර්ප්ත – සෘදි වූ
    ඉලේෂ් – පොලවට අධිපති දෙවි
    ඉන්ද්‍ර – සක් දෙව්



    “ඉ” අකුරෙන් දුවට

    ඉතාරා – උසස් ලෙස බැබලීම
    ඉසලි – උසස් මනසක් සහිත
    ඉහස්නා – උසස් / උතුම් නායිකාව
    ඉමාරා – උඅසස් මහා පරපුරේ
    ඉන්පෞණි – ශක්‍රයාගේ බිරිඳ
    ඉසස්ති – උසස් සත්‍ය නුවණින් යුතු
    ඉහංසා – උසස් උත්තමාවිය
    ඉසුරි – සම්පත් ඇත්තාවූ
    ඉරෝමි – උසස් හිරුගේ මිහිර
    ඉමල්කා – උඅසස් මල් මෙන් කයක් ඇත්තාවූ
    ඉමන්දි – උසස් ලෙස මනස ජයගත්
    ඉරන්දී – බොහෝ රත්තරන් වලින් පිරුණු තැනැත්තිය
    ඉඳුතරා – ඉන්ද්‍ර තාරකාව වැනි ළඳ
    ඉලෝචනා – සියල්ල දෙස හොඳ අවධානයෙන් බලන්නීය
    ඉමයුරි – ඉතා මිහිරි වූ
    ඉසවන්දි – ඉතාමත් මිහිරි සුවඳක්
    ඉමන්දී – බොහෝ සෙනහසක් ඇත්ති
    ඉල්හාරා – ඉල්මස
    ඉරිෂ්මා – සඳ රේණු වැනි
    ඉල්මා – මිහිකත මෙන් බර ඉසිලිය හැකි
    ඉල්සාරා – ඉල්මස
    ඉෂ්ඨා – බොහෝ ප්‍රර්ථනා ඉටුකර ගන්නී
    ඉමන්සි – සසර කෙලවර සරන්නී
    ඉදුෂා – දෙවියන් මගෙහි යන්නී
    ඉසුරන්ගි – ඉසුරින් පිරි තැනැත්තිය
    ඉමයංගා – උමයන්ගනාවක් බඳු ලඳ
    ඉක්ෂා – උක්සාරය
    ඉලිෂා – මිහිකත රැජින වන තැනැත්තිය
    ඉසාරා – හී සැරයක් මෙන් ක්සර ඇත්තිය
    ඉනිල් – සිතල
    ඉදුෂා – එර්දි පාදයට නමකි
    ඉරාජිනි – රැජිනක් අතර රැජිනකි
    ඉඳුනි – ලක්ෂ්මි දෙවඟන හඳුන්වයි
    ඉහේලා – හොඳින් පායන ලද ඉරක් වැනි
    ඉෂාරි – ඉතා ප්‍රනීත සාරය
    ඉන්දුරංගනා – ඉඳුරුගේ රංගනය
    ඉජ්‍යා – දානමය පුණ්‍යකර්මයට කැමති
    ඉන්දුමී – ඉතා උතුම් කාන්තාව
    ඉසිති – සතුටු සිත් ඇත්තී
    ඉරංගා – රංගනයේ දක්ෂතා ඇති
    ඉදිරා – මී මැස්සන් සේ කාර්යෂම
    ඉසදරා – හිස් අද්දරම සිටින්නීය
    ඉරන්කා – බොහෝ රන්වලින් පිරුණු තළියක්
    ඉඳුවරි – නිල් මානෙල්
    ඉන්වරා – සියුමැලි සිතක් ඇති තැනැත්තිය
    ඉන්දුනී – ලක්ෂ්මී දෙවඟන
    ඉඳුනිල්මි – ඉඳුනිල් මැණිකක් බඳු තැනැත්තිය
    ඉඳුරුනි – ඉන්ද්‍ර දිශාවේ නිවස්නිය
    ඉසොධරා – යශෝධරා දේවිය
    ඉතුල්යා – බොහෝ සමානකම් ඇති
    ඉලාක්ෂි – ඇසක් වැනි තැනැත්තිය

    “උ” අකුරෙන්

    උතාර – උදාර ලෙස බැබලෙන
    උදාමෙන් – මෙත උදා කරන්නා
    උතුල් – උසස් ලෙස බැබලෙන
    උදාර – උසස් බව
    උදේශ් – නායක උදාව
    උදිත – උදා බව ඇති
    උදේනි – එම රජතුමා
    උදිප්නි – දිදුලන තැනැත්තා
    උපුන්‍ය – බොහෝ පින් ඇති
    උදාරම් – උදාර වූ තැනැත්තා
    උවිඳු – දෙවියන්
    උවින්ද – ඉතා මිහිරි වූ වින්දනය
    උතුම් – උතුම් තැනැත්තා
    උපැතුම් – උතුම් පැතුම්
    උපවර – ඉතා උතුම්
    උධිර – ඉතා ධෛර්වත් තැනැත්තා
    උදිත්ම – ඉතාම ශ්‍රේෂ්ඨ වූ
    උදක – ජලය
    උදිප – උතුම් වූ ආලෝකයෙන් බබලන්නා
    උසිත – උත්සාහයෙන් කටයුතු කරන්නා
    උතුළ – උතුරා ගිය
    උවම් – උවැටම් කරන්නා
    උදාන – සොම්නසින් වචන පවසන්නා
    උපහාර – පිදුම් ලබන්නා
    උනුසල – නැකත් අතරින් එකකි
    උපුර – සතුටින් ඉපිල ගිය තැනැත්තා
    උදෙස් – මිනිසුන් උදෙසාම කටයුතු කරන්නා
    උපල – කල්පනාවෙන් සිතා බලාකටයුතු කරන්නා
    උමන්ග – ඉතා ප්‍රීතිමත් තැනැත්තා
    උඩත් – හිරු මෙන් දිදුලන්නාවූ
    උදුල්‍යය – බැබලෙන තැනැත්තා
    උද්දාම – උද්දාමයට පත් වූ තැනැත්තා
    උදනික – බොහෝ සේ ධනවත් පුද්ගලයා
    උපේඛ – බලාපොරොත්තුවෙන් පිරුනා වූ
    උදර්ශ – උතුම් වූ ආදර්ශයන් දෙන තැනැත්තා
    උවින් – වින්දනයෙන් උසස් තැනැත්තා
    උමන්ද – බොහෝ සතුටට පත්ව
    උදිශ් – ශිව දෙවියන්ට නමකි
    උග්ගත – ඉතා උසස් වූ තැනැත්තා
    උපාන්ත – අනන්තය තෙක් රැඳී සිටින්නා
    උන්තත – අවනත ලෙස කටයුතු කරන්නා
    උපමාල් – නිදසුනක් වැනි තැනැත්තා
    උපාධ්‍ය – උපායෙන් දක්ෂ වූ
    උවස්සන – උස අසුන්
    උත්පල -දෙවියෙකි
    උසාර – සාරවත් බැවින් වැඩි තැනැත්තා
    උපාංක – මඩෙන් උපන් නෙලුම් මලක් සේ
    උත්කර්ශ – උත්කර්ශවත් ලෙස කටයුතු කරන්නා
    උසුලා – උසුලාගෙන සිටීමට ශක්තිය ඇත්තා
    උදාන්ත – ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයා
    උසෙල් – නොමැලි සිටින්නා
    උෂිත – වාසය කරන්නා යන අරුත
    උදාගිර – නැගෙනහිර
    උත්තම – ඇති උතුම්
    උපෝෂිත – පෝෂිත වූ තැනැත්තා
    උදුල – බැබලෙන තැනැත්තා
    උතේජ් – උත්තේජනය කරවන්නා / තේජාන්විත තැනැත්තා
    උපේක්ෂ – උපේක්ෂාවෙන් කටයුතු කරන්නා
    උද්ධික – ඉහළ
    උදාක – ජලය



    “උ”අකුරෙන් දුවට

    උතාරා – උසස් ලෙස බබලෙන්නී
    උමන්දී – උසස් ලෙස මනස ජය ගත්
    උපමාලිකා – මාලා ඇත්තිය
    උමයංගනා – ශිව දෙවි බිරිඳ
    උදානා – නැගී සිටින කාන්තාව
    උපේක්ඛා – වැදගත් කාන්තාව
    උපෙත්නා – උතුම් පවිත්‍ර නායිකාව
    උපාරමී – උතුම් ප්‍රාර්ථනාවක් ඇති තැනැත්තිය
    උපුලි – මලක් වැනි තැනැත්තිය
    උර්මිතා – ගුමු ගුමු නාද නගන මී මැස්සෝ
    උමංගි – උමංගනා දෙවඟන
    උබෝධි – උතුම් වූ බෝධිය
    උමිතා – පාර්වතී දෙවඟනට නමක්
    උමාලි – උතුම් මලක් වැනි තැනැත්තිය
    උපස්ථි – අනෙකෙකුට උපකාර කරන්නී
    උවිශ්මි – බොහෝ සේ පුදුම එලවන සුළු
    උමා – උමා නම් දෙවඟන
    උදාකලි – හුදකලාවට කැමැත්තක් දක්වන
    උදිණි – අධික වූ
    උනාරි – නාරි දේහයෙන් යුතු ළඳ
    උදාන්ති – ඉතාමත් උදාර වූ
    උඳුලි – අන් ය අතර දිදුලන්නි
    උචිතා – උචිත ලෙස කටයුතු කරන්නී
    උපුල්නි – මලක් වැනි කාන්තාව
    උමෙන්දා – සුරංගනාවියක් වැනි තැනැත්තිය
    උත්තමා – ඉතා උතුම් වූ තැනැත්තිය
    උමැති – උතුම් කාන්තාව
    උචිදී – කඩ තිරය
    උද්දිකා – උද්දාමයෙන් යුතුව කටයුතු කරන
    උත්තරා – උතුරු දිශාව
    උපාධා – ත්‍යාගයක් වැනි වූ
    උත්කර්ෂා – උත්කර්ෂවත් ලෙස
    උදෙන්ගි – උද්යෝගිමත් වූ තැනැත්තිය
    උතේමා උතුම් කාරණාවක් කරා පිය මනින්නී
    උත්කාලිකා – පිපුණු මලක්වනි වූ
    උදේශිකා – උපදෙස් දෙන්නී
    උන්තනි – දියුණුව සඳහා කටයුතු කරන්නී
    උපස්ථා – පුද සැලකිලි ලබන්නී
    උත්තානිකා – සුභ පැතුම
    උදිති – ඉතා උසස් තැනැත්තී
    උපමා – උපමාවක් වැනි
    උහර්ෂා – බොහෝ සතුට ගෙන දෙන්නීය
    උපේක්ඛා – බලාපොරොත්තු ඇතුව සිටින්නී
    උත්තරාංගා – උත්තරාගී ස්වර නංවන්නි
    උපංකා – මඩෙන් උපන් නෙළුමක් වැනි
    උස්සතා – උනන්දු වන තැනැත්තිය
    උපකාරකා – අන් අයට උදවු කරන්නී
    උශිරා – සවන්දරා නම් ඔසුවට නමකි
    උර්මිලා – සිතා දේවියගේ සොයුරිය
    උපාධ්‍යා – ත්‍යාගයක් වැනි වූ කාන්තාව
    උධානිකා – බොහෝ ධනවත් තැනැත්තිය
    උත්ප්‍රභා – ප්‍රභා රැස් විහිදවන්නි
    උත්සහයිකා – උත්සහවන්තිය
    උපර්ණා – බොහෝ සේ සම්පූර්ණ වූ තැනැත්තිය
    උමියුරු – ඉතාමත් මියු



    දැන් කාවුරු හරි දුවගෙන ඇවිත් කැගහයි මෙක උස්සලා කියලා ඔව් ඉස්සුව තමා ඇයි මොනව කරන්නද

    :angry::angry::angry:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කේන්දරේ දෙන මුල් අකුරු වලින් නේද කුකුලො නම දාන්නෙ.. උපන් වෙලාව අනං මනං බලලා.. පිස්සුද දැන්ම නම් එකතු කරන්න..