Avi gaththo Aviyenma Naseth

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    e paththe hama ekama muge hoda kiyanne.
    eth karapu dewal aniwa passen enawa.
    eka kataunath podu deyak
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මනෝජ් අයියා රත්ගම මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරපු පොරක්.. රත්ගම උන් මෙයාට දෙවියන්ට වගේ සලකන්නෙ.. පොර උදව් කරපු විදියයි වැරදි.. සල්ලි තියෙන එකාගෙන් කඩාගෙන නැති එකාට දුන්නෙ.. ඒත් මෙතනට දුප්පත් ද පෝසත් ද කියන එක අදාල නෑ.. කවුරුත් මිනිස්සු.. ඒ මිනිස්සුන්ට නීතියෙන්වත් සහනයක් නැති වුණා.. මොකද නීතිය යටයි සල්ලි වලට, බලයට..

    මට මතකයි පොර බලෙන් ඉඩකඩම් ලියාගන්න සීන් එකකුත් ගියා කාලයක්.. බැලුම්ලද කොහෙදත් ගියා ඒක..

    අනික ගමේ කාට කොහොම උදව් කලත්, මොන තරම් හොඳට හිටියත්.. ගමෙන් පිට පොරට හතුරො ඉඳලා තියෙනවා.. වලි සීන් වලට, මර්ඩර් කේස් වලට..

    මොනා කරන්නද බං.. උන් දන්නෙ නෑ කල පව් පස්සෙන් එලවනවා කියලා.. කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් වැඩි වෙයි ගිනි සේ..:yes:

    ඔව්වා ගැන කතා කරන්නත් බයයි බං..:dull:
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0

    ඕනේ මැරයෙක් ගමේ උන් එක්ක පුළුවන් තරන් හොඳින් ඉන්න බලන්නේ බන්. මොකද ගමෙන් කැපුනොත් ගෙයින් එලියට බහිද්දී ටිප් එක ගිහින් ඉවරයි පොලිසියට හරි මරන්න ඉන්න උන්ට හරි. උබ හික්කඩුවේ පැත්තේ වගේ. :) ඔය පොඩි ලසිත් කියන එකාට වලි උනලු නේ පොඩි කාලේ ඉඳන්ම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕනේ මැරයෙක් ගමේ උන් එක්ක පුළුවන් තරන් හොඳින් ඉන්න බලන්නේ බන්. මොකද ගමෙන් කැපුනොත් ගෙයින් එලියට බහිද්දී ටිප් එක ගිහින් ඉවරයි පොලිසියට හරි මරන්න ඉන්න උන්ට හරි. උබ හික්කඩුවේ පැත්තේ වගේ. :) ඔය පොඩි ලසිත් කියන එකාට වලි උනලු නේ පොඩි කාලේ ඉඳන්ම
    මම හික්කඩුවෙ නෙමෙයි.. ගාල්ලෙ..:yes: ඒත් මුන් ගැන නොදන්න එකෙක් නෑ..;)
    ඕකා ඔය මැරුම් කාලා තියෙන්නෙ පරණ සීන් එකකට.. හෙන කාලයක් ප්ලෑන් කරල ගහපු ගේමක් වගේ.. පොර ගමට හොඳ උනාට ගමෙන් පිට වලි දාගෙන අජූත වෙලා ඉන්නෙ.. උඹ අර කියපු වගේ ගමේ මිනිස්සුන්ට උදව් කරගෙන ලඟින් තියන් ඉන්නෙ ඔය සීන් නිසා තමයි.. අනික රත්ගම, හික්කඩුව පැත්තෙ උන්ට කවුරුවත් වචනයක් කියන්නෙ නෑ.. ඕකුන් පොඩ්ඩ ඇත්තං කඩු කිරිච්චි පිස්ටල් අරන් එනවා..:dull: දැනට අවුරුදු හත අටකට කලිං අපි ගමේ පන්සලට වෙරලෙන් වැලි ගන්න ගිහින්.. ඒ පැත්තෙ ගෑනු වගයක් කඩු අරන් ආවා.. පන්සලට කියල කිව්වත් අපිට කුණුහරුපෙන් බැනලා එලෙව්වා..:(

    Last edited:

    මන් හිතන් නෑ බන්. ඔය පොඩි ලසිත් කියන එකා අවුරුදු 5කට 6කට කලින් පොඩි කොල්ලෙක් වලි දා ගන්න. එහෙමයි කතා වෙන්නේ. ඌයි උගේ අයියයි තමා වලි වලට එක්කන් එන්නේ ඒ පැත්තේ කොල්ලෝ ඒ දවස් වල මන් අහල තියෙන විදියට. එච්චර හිතන් නැතිව ගිහින් ගහන්න ඇති තාත්තා මැරුවා කියන නිසා. ඉස්සර පිහි කෑලි අරන් ස්ටෑන්ඩ් එකේ වලි වලට එන බටු කොල්ලෝ ඕකුන්. මනෝජ්ට මූට වඩා ලොකු තරහ කාරයෝ ඉඳල තියෙනවා බන් මරන්න ප්ලෑන් කරලා ගහනවා නං මරන්න.

    ගාල්ලෙන් එපාම කරපු පැත්ත මොකද්ද බන්. හික්කඩුව , රත්ගම, තෙල්වත්ත බලපිටිය කොස්ගොඩ? ඔය ටික තමා අපි අහල තියෙන්නේ.ඕවගෙන් මොකද්ද :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මන් හිතන් නෑ බන්. ඔය පොඩි ලසිත් කියන එකා අවුරුදු 5කට 6කට කලින් පොඩි කොල්ලෙක් වලි දා ගන්න. එහෙමයි කතා වෙන්නේ. ඌයි උගේ අයියයි තමා වලි වලට එක්කන් එන්නේ ඒ පැත්තේ කොල්ලෝ ඒ දවස් වල මන් අහල තියෙන විදියට. එච්චර හිතන් නැතිව ගිහින් ගහන්න ඇති තාත්තා මැරුවා කියන නිසා. ඉස්සර පිහි කෑලි අරන් ස්ටෑන්ඩ් එකේ වලි වලට එන බටු කොල්ලෝ ඕකුන්. මනෝජ්ට මූට වඩා ලොකු තරහ කාරයෝ ඉඳල තියෙනවා බන් මරන්න ප්ලෑන් කරලා ගහනවා නං මරන්න.

    ගාල්ලෙන් එපාම කරපු පැත්ත මොකද්ද බන්. හික්කඩුව , රත්ගම, තෙල්වත්ත බලපිටිය කොස්ගොඩ? ඔය ටික තමා අපි අහල තියෙන්නේ.ඕවගෙන් මොකද්ද :)
    දැනට මාස හතර පහකට කලින් ගාල්ලෙ තව මර්ඩර් එකක් ගියා.. පොරත් හෙන වැඩකාරයෙක්..

    එක දවසක් වෙඩින් එකකට ගිහින්.. ඔතන ඉඳලා තියෙනවා මුගේ අල්ලපු ගමේ කට්ටියත්.. ගම් දෙක වලිලු.. මූ ඉතිං අල්ලපු ගමේ අහිංසක කොල්ලෙක් අල්ලගෙන කින්ඩි දානවලු.. තව එකෙක් එක්ක එකතුවෙලා.. කනට ගහනවලු.. ඌ ඉවසගෙන ඉඳලා.. මොකද ඌ වලි වලට යන පොරක් නෙමෙයි..

    ඌට කන්න දීලත් නෑ.. කරදර කරලා.. ඒත් අර මිනිස්සු මූට මොකුත් කියල නෑ.. වෙඩින් එකේදි වලි දාගන්න බැරි නිසා..

    හැම එකාම වෙඩිම ඉවර වෙලා ගෙදර ගිහින්.. මූ තව එකෙක් එක්ක ප්ලෙශර් එකක ගිහින් බෝතලයක් ගේන්න හැන්දෑවේ.. ඌ බාර් එකට යන්න ඕන අර කනට ගහපු කොල්ලගෙ ගම පාස් කරගෙන.. අර කොල්ලා ත්‍රීවිල් එකකින් මූට එලවගෙන ඇවිත් උරො මරණ කටුවකින් ඇනගෙන ඇනගෙන ගිහින්.. ඌ කවදාවත් මිනිහෙක්ට සෛල දාන එකෙක් නෙමේලු.. :dull:

    ---------------------------

    ඔය හිතන තරම් ලේසි නැහැ බං මනෝජ්ව මරන්න.. පට්ට ගේමක් ගහන්න ඕන.. ඕකා යන යන තැන දහයක් විස්සක් එක්ක යන්නෙ.. කේස් තියෙන බව දන්න නිසා..

    හැම පලාතකම හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා බං.. මේ පලාත හොඳයි අර පලාත නරකයි කියන්න අමාරුයි.. ඒත් උඹ ඔය කියල තියෙන පලාත්වල ඉක්මනට තරහ යන මිනිස්සු ඉන්නෙ.. ඒකයි අවුල.. කතාබහ කරලා ප්‍රශ්න විසඳන්න උන් කැමති නෑ.. තංගල්ල, රත්ගම, දඩැල්ල, බූස්ස බලපිටිය, කොස්ගොඩ පැතිවල මිනිස්සු ටිකක් දරුණුයි.. සාමාන්‍ය එකෙක් ඔය පැත්තක එකෙක් එක්ක වලියක් දාගන්නෙ නෑ.. දැම්මොත් ඉතිං මැරෙන්න බලාගෙන තමා.. මොකද පොලීසියෙන්වත් පිහිට නැති වෙනවා සමහර වෙලාවට.. උනුත් බයයි.. උන් හොඳට හොඳයි.. හොඳ එකාට පණ උනත් දෙනවා..:yes:
     
    nama kiwwoth ahala athi samahara wita marunu eka. man owa paththara wala kiyawanawa.
    manoj maranna lesi na kiyala thama hamoma kiya kiya hitiye. eth kohoma hari wadune podi kollokege athinne ban. stanley thabrevtath(nadunge mamandi) gahuwa kiyanne podi kollek. ambalangoda dammitath gahuwe podi kollek uge yaluwa maruwata. godak loku chandi anthimata marum kanne aluthen apu podi ekege athin ban.
    rathgama vidura, busse ado, kosgoda nadun, kalupe manoj malli(manoj mendis), oya wage set ekaka nam sarin sare kiyawuna paththara wala. balapitiye nan kawuruth wadi kal inne na man hitanne. ikmanatama thawa kagen hari marum kanawa.
    ධනසේකරගේ සගයන් පරලොව යද්දී
    දේශපාලන අනුහසින් ගමේ ඔටුන්න දිනූ විරාඡ්

    blackuyaja.jpg

    ධනසේකරලා සහ විරාඡ් අතර මෙසේ සීතල යුද්ධයක පෙරනිමිති පහළ වෙද්දී රජය මගින් නියම කළ පරිදිම ඉකුත් පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කෙරුණේ විවිධ පාර්ශ්ව වෙතින් රජයට නොයෙකුත් චෝදනා නැගෙමින් තිබියදීය.

    මැතිවරණ සටන ආරම්භ වී ගත වූයේ දින දෙකතුනකි. සුපුරුදු ලෙසම ගම් නගර වල ඇති තාප්ප ගස්‌ ගල් පුරා පාප්ප සමග ගම හදන්නට පොරකන සද් ගුණවතුන්ගේ විවිධ ඉරියව් සහිත මූණත්තහඩු ඇලවී ගියේ තරගයට මෙනි.

    "ගම බාරයි නුඹට පුතේ" - "බුද්ධිමක්‌ එඩිතර නායකත්වය" - "අපේතුමා සභාපති කරමු" - "දූෂණයෙන් තොර දැතක්‌" එකී මෙකී නොකී ආදී වශයෙන් වූ දහසක්‌ වැකිද ඒ අතරේ විය.

    එහෙත් තාප්ප පුරා වැඳ වැටෙමින් දන්තාලේප සිනහවකින් මුව සරසාගෙන ගම හදන්නට පෙළ ගැසී සිටි මේ ඇතැම් සත්ගුණවතුන් බොහොමයකගේ හක්‌කේ ...........රැස්‌ තිබියදී බොක්‌කේ වූයේ දඩමස්‌ බවනම් රටේ ජනතාවට රහසක්‌ නොවිණි.

    එය එසේ වුවද පච්ච සිරාලා, කොච්චි ඇලාලා සහ බාල්දි සෝමෙලා පිරිවරා මෙරට පාතාලයේ ප්‍රාථමික යුගයේ වූ ඩප්පියේ බයිසිකල් ෙච්නයේ සහ යකඩ පොල්ලේ සිට නවීන ගිනි අවිද ඉනතුරේ හෝ යනෙන රථයක සඟවාගෙන මනාප ඉල්ලා සවාරියේ ගිය එකී නරුමයන් හමුවේ රටේ ජනතාව සිටියේ කිසිවක්‌ කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්වය.

    ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ගම හදන්නට තරග කළ පිරිස්‌ අතරින් සැළකිය යුතු පිරිසක්‌ අමු මිනීමරුවන්, කුඩු ජාවාරමුන්, ගංජා හා කසිප්පු ජාවාරමුන් වැනි පාතාල පාදඩයන් වූ බවට රහසක්‌ නොවීම එසේ තක්‌කු ම්ක්‌කු වීමට හේතු වී තිබිණ.

    මෙසේ මනාප පොරය ඇවිලී යද්දී එකම පිලේ වුන් මෙන්ම විරුද්ධවාදීන් අතරද නොයෙකුත් මට්‌ටමින් ගහ මරා ගැනීම් ආදී වශයෙන් විවිධ අයුරින් සටන් ඇවිල යන්නට වූයේ මස්‌ කට්‌ටකට පොරකන සුනඛ රංචුවකගේ රංගනය ජනතාවට සිහිපත් කර දෙමිනි.

    පුංචි මැතිවරණයේ රඟ එසේ වෙද්දී ඉකුත් මාර්තු මාසයේ දිනෙක දකුණු පුරවරයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටි විරාඡ්ගේ සගයන් පිරිසක්‌ රත්ගම ප්‍රදේශයේ විරාඡ්ගේ ප්‍රචාරක පොස්‌ටර් අලවමින් යන්නට වූයේ මේ අතරතුරය.

    එම පිරිස අතරේ එක්‌ සුවිශේෂී චරිත දෙකක්‌ද වූහ. ඉන් එකෙකු වූයේ ඒ වන විටත් පාතලයේ නම රඳවා සිටි බූස්‌සේ අඩෝ"ය. අනෙකා දකුණේ පොලිසියක සක්‍රීය රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ සැරයන්වරයෙකි.

    මේ පිරිස විරාඡ්ගේ ප්‍රචාරක පෝස්‌ටර් අලවන අතරේ තවත් එක්‌ නොහික්‌මුණු කාර්යයක්‌ද කරන්නට වූහ. ඒ රත්ගම ප්‍රදේශයේ අලවා තිබූ අනෙකුත් ඡන්දාපේක්‍ෂකයන්ගේ පොස්‌ටර් විනාශ කිරීමට කටයුතු කිරීමය.

    එහිදී මේ කණ්‌ඩායම විශේෂ අවධනයක්‌ යොමු කරනු ලැබුවේ ධනසේකරගේ පොස්‌ටර් විනාශ කිරීම කෙරෙහිය.

    "ඒයි අන්න අරූ ධනයගෙ තව පෝස්‌ටර් සෙට්‌ එකක්‌... ගහපන්... ගහපන්... ඔය ඔක්‌කොම වැහිල යන්න අපේ බොසාගෙ ඒව උඩින් අලවපන්.. මේ අතරේ කණ්‌ඩායමේ සිටි පොලිස්‌ සැරයන්වරයා අනෙක්‌ සගයන්ට අණ දෙන්නට වූයේ රත්ගම ප්‍රදේශයේ ස්‌ථානයක එකපෙළට අලවා තිබූ ධනසේකරගේ තවත් පෝස්‌ටර් තොගයක්‌ දැකීමෙනි.

    "හරි සර් අපි දෙමු ගේම... හේයි ගාපන් පුතා පාප්ප... මම දෙන්නම් වැඩේ... සැරයන්වරයාගේ කතාවත් සමග බූස්‌සේ අඩෝ එලෙස පවසන්නට වූයේ අනෙක්‌ පිරිස තවත් දිරිමත් කරමිනි.

    එහෙත් මේ අතරේ ඔවුන් නොදන්නා දෙයක්‌ද ඒ මායිමේ සිදුවෙමින් තිබිණි. ඒ විරාඡ්ගේ සගයන් එලෙස ධනසේකරගේ පොස්‌ටර් වසා දමමින් සිටින අතරේ ධනසේකරගේ සොයුරෙකු ඇතුළු තවත් දෙතුන් දෙනකුද තමන්ගේ පෝස්‌ටර් අලවමින් එම ස්‌ථානය වෙත ළඟා වෙමින් සිටීමය.

    ඔවුන් විරාඡ්ගේ පිරිස පෝස්‌ටර් වසා දැමූ ස්‌ථානයට එන විට විරාඡ්ගේ සගයන් සිටියේ එම ස්‌ථානය පසු කර මද දුරක්‌ ගොසිනි.

    එසේ වුවද මේ මොහොතේ එම ස්‌ථානයට පැමිණි ධනසේකරගේ සොයුරා ඇතුළු පිරිසට දකින්නට ලැබුණේ තමන් ඊට ටිකකට පෙර එහි අලවා ගිය ධනසේකරගේ පොස්‌ටර් විරාඡ්ගේ පොස්‌ටර්වලින් වැසී තිබෙන අයුරුය.

    "ඒයි මේ බලපං අපි දැන් ගහපුව ඔක්‌කොම අරූගෙ ගෝතයො ටික වහල ගිහිල්ල... ඊයෙත් මේ වැඩේ වුණා බං... මේක හරියන්නේ නැහැ යකො... වරෙව් යන්න මුං ළඟම ඇති... ගිහින් දෙකෙන් එකක්‌ විසඳ ගමු... එය දුටු වහා කෝපයෙන් වියරු වැටුණු ධනසේකරගේ සොයුරාගෙන් අනෙක්‌ පිරිසට ලැබෙන්නට වූයේ එවන් පැහැදිලි විධානයකි.

    තමන් සමග සිටියවුන්ට එසේ පවසන අතරේම ඊළඟ නිමේෂයේ එය සිදුකළ වුන් සොයා අවට හාත්පස සිසාරා බැල්මක්‌ හෙලූ ධනසේකරගේ සොයුරාට මඳක්‌ ඈතින් පාප්ප බාල්දියක්‌ද රැගෙන විරාඡ්ගේ පොස්‌ටර් අලවමින් ඉදිරියට යන බූස්‌සේ අඩෝ ඇතුළු පිරිස දැක හඳුනාගන්නට ඒ හැටි කාලයක්‌ ගත් නොවිනි.

    ඒ සමගම "ඒයි අන්න අරුන් යනවා... වරෙන් යන්න යෑයි කියමින් ධනසේකරගේ සොයුරා ඒ දෙසට යන්නට වූයේ අවේශ වූවෙකු පරිද්දෙනි.

    "යකෝ තොපි කොහොමද යකෝ අපි ගහන පෝස්‌ටර් වහන්නේ... උඹල කාගෙ හයිය අරගෙනද එහෙම කළේ... ගිය වේගයෙන්ම බූස්‌සේ අඩෝ ළඟට කිට්‌ටු වූ ධනසේකරගේ සොයුරා බූස්‌සේ අඩෝගේ කොළරයෙන් අල්ලා කම්මුල හරහා අතුල්පහරක්‌ එල්ල කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි.

    ඒ සමගම දෙපාර්ශ්වය අතර මහා ගැටුමක්‌ ඇවිල ගියේ අවට සිටියවුන් මුව අයාගෙන ඒ දෙස බලා සිටියදීය. මෙලෙස ගුටි බැට හුවමාරු වන අතරේ ධනසේකර කල්ලියේ එකෙකු විරාඡ් කල්ලියේ සගයකු අත තිබූ පාප්ප බාල්දියක්‌ උදුරා පෝස්‌ටර් ඇලවීමට පැමිණි පොලිස්‌ සැරයන්වරයාගේ හිසේ සිටි නහවනු ලැබුවේ අවටින් නැගුණු හූ හඬද සමගිනි.

    ඒ සමගම ගැටුමද නිමා වන ලකුණු පහල වන්නට විය. ඒ අතරේ වියරුවෙන් හඬ අවදි කළ බූස්‌සේ අඩෝ...." ආ යකෝ උඹල එහෙනම් අපිට ගැහුව.. උඹ එකක්‌ මතක තියාගනින් පරයා.. උඹලගේ අයිය... අර ධනසේකරය... ඌට ගිහින් කියපන් මේ පාර ඡන්දෙට ඉස්‌සෙල්ල ඌට ඉන්න වෙන්නේ පොලොව යට කියලා...

    මෙම සිද්ධිය සිදුව ගතව ගියේ එක්‌දිනක්‌ පමණි. පසුදාම ධනසේකර සොයා පැමිණි රත්ගම පොලිසියේ නිලධාරින් පිරිසක්‌ ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ බූස්‌සේ අඩෝ ඇතුළු පිරිසට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙසිනි.

    ඒ අනුව අධිකරණ නියෝග මත දින 14 කට ගාල්ලේ මහ උළු ගෙදර නවාතැන් ගන්නට ධනසේකරට සිදු වූයේ විරාඡ්ට තිබූ ගාලු දේශපාලනයේ ශක්‌තිය කෙතරම් දැයි කාටත් හොඳින් පැහැදිලි කර දෙමිනි.

    එහෙත් ධනසේකර එලෙස සිරබත් කෑවද ඔහුගේ සොයුරා ඇතුළු පිරිස තමන්ට පහර දීමේ සිද්ධියෙන් පසු ආවේෂ වූවන් පරිද්දෙන් සිටි බූස්‌සේ අඩෝගේ සහ පොලිස්‌ සැරයන්වරයාගේ සිතේ ධනසේකර ඇතුළු සගයන් කෙරෙහි වූ වෛරය නම් නිමා වී නොතිබිණ.

    කාලය දිනෙන් දින ගෙවී ගොස්‌ අධිකරණයෙන් ඇප ලබා දින 14 කට පසු ධනසේකර යළි නිදහස්‌ව නිවසට පැමිණියේ මේ අතරතුරය.

    එසේ පැමිණි ධනසේකර සියල්ල අතහැර යළි ඡන්ද සටනට පිවිසියේ යටි සිතේ වූ පොලිසියෙන් බේරීමේ අරමුණ කෙසේ හෝ ජය ගැනීමේ අදහස ඇතිවය.

    මේ වන විට ධනසේකර කල්ලිය හා විරාඡ් කල්ලිය අතර ඇතිවූ ගැටුමෙන් මදක්‌ උණුසුම් වූ රත්ගම දේශපාලන පිටිය වූයේ බිඳෙන් බිඳ නිවී යමිනි.

    එය එසේ වුවුද මැතිවරණයේ උණුසුම නම් එසේම තිබිණි. මේ අතරේ සිරෙන් නිදහස්‌ව පැමිණ සතියකට පමණ පසු දිනෙක උදැසන සිටම සිය මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූ ධනසේකර හිරු අවරට හැරෙද්දී සිය සොයුරා හා තවත් දෙදෙනකු රථයේ නංවා ගනිමින් නිවසින් පිට වූයේ ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ සිටි ආධාරකරුවකු ධනසේකරගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන්ම සූදානම් කර තිබූ කුඩා රැස්‌වීමකට සහභාගි වීමේ අදහස ඇතිවය.

    එහෙත් මේ ගමන තමන්ගේ සගයන් දෙදෙනකු ජීවිතයෙන් සමුගන්නා මාරයාගේ මුවවිටට යන ගමනක්‌ බව ධනසේකර ඇතුළු කිසිවෙකුටවත් එදින නිකමටවත් නොසිතුනා විය යුතුය.

    නිවසින් පිටත් වූ ධනසේකර ඇතුළු පිරිස පැයකටත් අඩු කාලයකදී තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි නියමිත ස්‌ථානයට ළඟා වූහ. ඒ වන විටත් සිය ආධාරකරුවා අවට පිරිසද රැස්‌ කර තමන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් සිදු විය යුතු වැඩක්‌ මනාව සංවිධානය කර තිබෙන අයුරු එහි ගිය ධනසේකර දුටුවේය.

    ඉන් ප්‍රීතියට පත්වූ ධනසේකර මහා උද්යෝගයකින් යුතුව ඊට සහභාගි වූයේ සිය ආධාරකරුවාටද මුව නොසෑහෙන සේ ස්‌තුතියක්‌ද පිරිනමමිනි.

    මේ අතරේ යතුරු පැදි දෙකක නැගුණු සන්නද්ධ මාර පුත්‍රයන් සිව්දෙනකු අඳුරු මාවතකින් පැමිණ ධනසේකර ඇතුළු පිරිස සිටි මානය දක්‌වා ගොස්‌ මහා දඩයමකට සූදානමින් ගාලු කොළඹ මහ මගේ නතර වූයේ කිසිවෙකුටත් හාන්කවිසියක්‌වත් නොදැනෙන පරිද්දෙනි.

    ඔල්වරසන් හඬ මධ්‍යයේ රැස්‌ව සිටින පිරිස අමතමින් ධනසේකර හඬ අවධි කරමින් සිටී සියල්ලන් තුළ ඇත්තේ සොම්නසකි.

    එහෙත් මේ අතරේ මහ මග රැඳී විටින් විට වියරු බැල්මකින් ඒ දෙස බලමින් ගොදුර ඩැහැ ගන්නා අවසන් හෝරාව පැමිණෙන තුරු අඟිලි ගණින්නට වූ පැමිණි ගහලයෝ සිටියේ ගෙවෙන මොහොතක්‌ පාසා නොඉවසිල්ලෙනි.

    මෙසේ බිඳෙන් බිඳ ගෙවුනු කාලයත් සමග රැස්‌වීමේ කටයුතු අවසන් කළ ධනසේකර හා සොයුරා ඇතුළු පිරිස සියල්ලන්ගෙන් සමුගෙන පැමිණි රථයට ගොඩවන්නට වූයේ යළි රත්ගම බලා යන අටියෙනි.

    එසේ රථයට ගොඩවු ධනසේකර ඇතුළු පිරිස ඒ මාවතේ ඉදිරියට පැමිණ ගාලු කොළඹ මහ මගට වැටී ඉදිරියට ඇදෙන්නට වූහ.

    ඒ අතරේ පැවැති රැස්‌වීමේ සාර්ථකත්වය හා ඉදිරි කරුණු කාරණා පිළිබඳ කතා බහ රැසකි.

    එහෙත් මේ වන විට දඩයම පසුපස සෙමෙන් සෙමෙන් ඇදෙන්නට වූ ගහලයන් යතුරු පැදිවල වේගය අඩු වැඩි කරමින් කුරුමානම ගන්නට වූයේ මාරයාගේ නියම ඉසව්ව ළඟා වන තුරු ඉවසීම උපරිමයෙන් ප්‍රගුණ කරමිනි.

    දැන් දැන් ධනසේකර ඇතුළු පිරිස ගමන් ගන්නා රථය ඉකුත් සුනාමි ෙ€දවාචකයේදී මෙරට ජනතාවට අමතක නොවන බිම් කඩක්‌ වූ තෙල්වත්ත පෑරෑලිය ප්‍රදේශයට සමීප වෙමින් තිබේ.

    එතෙක්‌ තිබූ දිගු වාහන තදබදය මදකට සමනය වෙමින් ඒ වන විට ගාලු කොළඹ මාවතේ වූයේ දැඩි නිසල බවකි.

    ඒ අතරේ සිතූ ලෙසම යක්‍ෂයාගේ හෝරාව ළඟා වූ බව ඉවෙන් මෙන් වටහා ගත් එතෙක්‌ ධනසේකර ඇතුළු පිරිස ගමන් ගත් රථය පසු පස ඇදී එමින් සිටි මාර පුත්‍රයන් එක්‌වරම යතුරු පැදිවල වේගය වැඩි කරමින් ධනසේකරගේ රථය දෙපසින් ඉදිරියට යන්නට මෙන් පැමිණෙන්නට වූයේ එහි සිටි පිරිසට එක්‌වරම සියුම් සැකයක සිතුවිලි මතු වෙමින් තිබියදීය.

    එහෙත් එසේ සැකසංකා මතු වුවද ඒ සිතුවිලි අතරේ සැරිසරා යමක්‌ සිතා ගැනීමටවත් ඊළඟ නිමේෂයේ ධනසේකර ඇතුළු පිරිසට ඉඩක්‌ නොලැබිණි.

    එක්‌වරම රථය දෙපසින් ඉදිරියට එමින් තිබූ යතුරු පැදි දෙකේ පසු පස සිටියවුන් දෙදෙනා එතෙක්‌ සඟවාගෙන සිටි දිලිසෙන ටී 56 ගිනි අවි දෙකක්‌ පිටතට ගන්නා අයුරු ඉදිරි අසුනේ සිටි ධනසේකර දුටුවේ රථයේ සිටි සියල්ලන්ගේ නෙත් භීතියෙන් විසල් වෙමින් තිබියදීය.

    මේ අතරේ මෝටර් රථයේ වේගය එක්‌වරම අඩාල වන්නට වූයේ එහි රියෑදුරාගේ සිතට දැනුන මර බිය නිසාම විය යුතුය. එහෙත් ධනසේකලාට ඒ පමාවේදී මෝටර් රථයේ එක්‌ දොරක්‌වත් විවර කිරීමට නම් අවස්‌ථාවක්‌ නොවීය.

    එලෙස මොටර් රථFය් වෙගය අඩාල වෙත්ම ලැබුණු අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් යතුරු පැදිවල සිටි ගහලයන් කළේ අත රැඳි ගිනි අවිවල උණ්‌ඩ නිමා වන තෙක්‌ම දෙපසින් සිට මෝට රථය දෙසට වෙඩි වරුෂාවක්‌ එල්ල කිරීමය.

    එම ප්‍රහාරයත් සමගම මේ පාලු ඉව්වේ අවට හාත්පස සිසාරා රතිඤ්Æ පුපුරන්නාක්‌ මෙන් නුහුරු දොaංකාරයක්‌ පැතිර යන්නට විය. එය ඇසුණු අවට සිටියවුන් නැවතිල්ලේ මහමග දෙසට දිව එන්නට වූයේ සිදු වූයේ කුමක්‌දැයි දැන ගන්නා අටියෙනි.

    එහෙත් ඔවුන් එසේ පැමිණෙන විටත් දඩයම කළ ගහලයන් සිටියේ මෝටර් රථය තිබූ ඉසව්ව පසුකර යමින් පවනට බඳු වේගයෙන් ඉගිල යමිනි. අවසානයේ මහමගට පැමිණියවුන්ට දැක ගැනීමට ලැබුණේ පාරෙන් ඉවතට පැන ඇති මෝටර් රථයක්‌ පමණි.

    ඔවුහු ඒ වෙත ළඟා වූහ. එහෙත් ඒ වන විටත් ධනසේකරගේ සොයුරා හා තවත් සගයකු කැබලි වූ හිසින් යුතුව රථය තුළම අවසන් ගමන් ගොස්‌ සිටියේ මාර ප්‍රහාරයේ තරම පැමිණි සියල්ලන්ටම අවබෝධ කරවමිනි.

    පොලිසියෙන් ගැලවීමට දේශපාලනයට පැමිණි ධනසේකර සිරුර පුරා විනිවිධ ගිය උණ්‌ඩවලින් ලත් බරපතල තුවාල සමග ඒ තුළ මුනින් වැටී සිටියේය.

    අවසානයේ ධනසේකර සහ ජීවත්ව සිටි අනෙකා රෝහල වෙත ගෙනයැමට එහි රැස්‌වූවෝ කටයුතු කළහ.

    පැවැති මැතිවරණ සටන හමුවේ මෙලෙස රත්ගම පාතාලය ගිනිගනිද්දී සිදුවූ ම්ලේච්ඡ ඝාතන දෙකක්‌ සමග කාලය සෙමෙන් ගෙවී යන්නට විය.

    එහෙත් තමන්ගේ වැයික්‌කියේදී එය සිදු කළෝ කවුරුන්ද යන්න රත්ගම පොලිසියද දැන නොසිටියේය.

    කෙමෙන් මැතිවරණයද පැවැත්විණි. කරපු කෙළි කුමක්‌ වුත් එහිදී විරාඡ් මෙන්ම රත්ගම ධනසේකරද ඉහළින් මනාප ලබා තරගය ජයගෙන තිබුණේ පුදුමාකාර ලෙසිනි. එහිදී විධුර කල්ලියේ අනෙක්‌ සගයා වූ ක්‍රිෂාන්තද තරගයේ ඉදිරියෙන්ම ජයගෙන තිබිණි.

    ඒ සියල්ලට වඩා අරුමය වී තිබුණේ දකුණේ අදටත් වැජඹෙන තවත් නරුම පාදඩයකු වූ යක්‍ෂයෙක්‌ මේ සිදුවීම් පෙළට ආසන්න ප්‍රදේශයකදී මනාප පොරයෙන් ඉහළින්ම ජයගෙන දකුණේ එක්‌ පළාත් පාලන ආයතනයක මහ පුටුව දක්‌වාම ගොස්‌ තිබීමය.

    හේ එසේ මෙසේ යක්‍ෂයකුද නොව අමු අමුවේ මිනිස්‌ බිලි 18 ත් අධික ප්‍රමාණයක්‌ ගෙන අධිකරණය හරහා පෝරකය දක්‌වාම ගොස්‌ පෙර පිනකට ඉන් ගැලවී ආ මහා පාතාල නරුමයකු බව අපට කීවේ එදා ඔහු පෝරකයට යෑවීමට නොබියව රාජකාරි කළ එක්‌තරා පොලිස්‌ නිලධාරියෙකි.

    සියලු නරුමයන් එසේ ගමේ රජ වෙද්දී පූස්‌ පැටියෙකුවත් බෙන්තර ගඟෙන් මෙහාට නොගෙන ආ යුතු යෑයි වූ මහා විඥ්ඥනයක්‌ සහිත බව කතාවට කියෑවෙන දකුණේ ජනතාවගේ අගනගරය වූ ගාලු පුරවරයේ මිනිසුන්ගේ දේශපාලන විඥ්ඥනය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සිල්ලර වූයේ ඒ අයුරිනි.

    සමන් ගමගේ

    divaina
    meke oya anthimata rathu patin liyala thiyenne manoj ganane ban.