මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා.....
දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ ..
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
-නොමැත ඇසක කඳුලක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්...

දකිනු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්...
මල බැඳුනු ගිනිදණ්ඩේ
දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඩ අසනු රිසි දනෝෙ
පුපුරුවති අහෝ රතිඤ්ඤා...
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා...
දස රද දම් නිමිති පැවති
නර පති ඇමති වඩන රුති
සත වෙත පතන මෙත සදති
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
රැකෙයි අකුරට නීතිය..
දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති වී ඇත..
නැත අක්රමිකතා...
වැඩෙයි සුහදතා
සුන්දරතා
සුවතා
අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්...
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරු
සතුටින් රඟති මේ නුවරු
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
නැත බදු බර, පවුල් බර, ජීවන බර...


මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි...
සෝවියට් දේශයේ විසූ ගායිකාවක, කෝන්ග්රාද් හෙවත් කේතුමතී නම් පුරවරයක් අලලා එකල්හී ගැයූ ගීයකි. ගීතය ද ගායිකාව ද ශ්රාවකයා ද යන මේ සියල්ල මේ වන විටත් ඌර්ධවපාතනය වී ඇති නිසා පැරණි රසාංගයක් වශයෙන් Elakiriye පළකරමි දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ ..

මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
-නොමැත ඇසක කඳුලක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්...


දකිනු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්...

මල බැඳුනු ගිනිදණ්ඩේ
දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඩ අසනු රිසි දනෝෙ
පුපුරුවති අහෝ රතිඤ්ඤා...

මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා...
දස රද දම් නිමිති පැවති
නර පති ඇමති වඩන රුති
සත වෙත පතන මෙත සදති
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
රැකෙයි අකුරට නීතිය..

දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති වී ඇත..

නැත අක්රමිකතා...

වැඩෙයි සුහදතා
සුන්දරතා
සුවතා
අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්...
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරු
සතුටින් රඟති මේ නුවරු
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
නැත බදු බර, පවුල් බර, ජීවන බර...



මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි...
උපුටා ගත්තා... බම්ප්
Last edited: