දන්සැල් ....

r runner

Member
May 12, 2015
2,396
780
0
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා.....

දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ ..;)
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

-නොමැත ඇසක කඳුලක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්...:):)
දකිනු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්...:lol:
මල බැඳුනු ගිනිදණ්ඩේ
දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඩ අසනු රිසි දනෝෙ
පුපුරුවති අහෝ රතිඤ්ඤා...:lol:

මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා...

දස රද දම් නිමිති පැවති
නර පති ඇමති වඩන රුති
සත වෙත පතන මෙත සදති
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය..:eek::eek:
දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති වී ඇත..:lol:
නැත අක්‍රමිකතා...;)
වැඩෙයි සුහදතා
සුන්දරතා
සුවතා
අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්...:)

මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරු
සතුටින් රඟති මේ නුවරු
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
නැත බදු බර, පවුල් බර, ජීවන බර...:):):)

මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි...

සෝවියට් දේශයේ විසූ ගායිකාවක, කෝන්ග්‍රාද් හෙවත් කේතුමතී නම් පුරවරයක් අලලා එකල්හී ගැයූ ගීයකි. ගීතය ද ගායිකාව ද ශ්‍රාවකයා ද යන මේ සියල්ල මේ වන විටත් ඌර්ධවපාතනය වී ඇති නිසා පැරණි රසාංගයක් වශයෙන් Elakiriye පළකරමි


උපුටා ගත්තා... බම්ප්
 
Last edited:
  • Like
Reactions: shaminda peiris

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    ඌර්ධවපාතනය.......???

    :eek::eek::eek:


    ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත් නොවී එකවරම වාශ්ප බවට පත් වීම.
    උදා: ඝන කාබන්ඩයොක්සයිඩ් එක වරම වාශ්ප වීම (musical shows වල දුම් ගහන්නෙ එහෙම තමයි)
    මතක විදියට අයඩිනුත් ද්‍රව නොවී එකවරම වාශ්ප වෙනව රත් කරනකොට
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත් නොවී එකවරම වාශ්ප බවට පත් වීම.
    උදා: ඝන කාබන්ඩයොක්සයිඩ් එක වරම වාශ්ප වීම (musical shows වල දුම් ගහන්නෙ එහෙම තමයි)
    මතක විදියට අයඩිනුත් ද්‍රව නොවී එකවරම වාශ්ප වෙනව රත් කරනකොට

    ;););););) කියන්න හද්දිම උබ කිව්ව මචං ... තැන්ක්ස්.....