Life Story Of Arnold Schwarzenegger- Part 1

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි .




    ඕස්ට්‍රියාවෙන් පිටතට -- පලවෙනි කොටස​


    මම ඉපදුනේ සාගතය තිබුන අවුරුද්දක .ඒ 1947. ඒ කාලේ හිට්ලර් ගේ රාජදානිය පරද්දන්න ආපු මිත්‍ර හමුදා ඔස්ට්‍රියාවේ පිරිලා හිටියේ .මම ඉපදෙන්න මාස දෙකකට කලින් වියෙනා වලයි ස්ටයිරියා වලයි මිනිස්සු බඩගින්න නිසා පාරට බැහැලා කලබල කරලා තිබ්බා .ඒ නගර වලට ගිනිකොන දිශාවෙන් තිබ්බ අපේ ගමෙත් වෙලා තිබ්බේ ඒ ටිකම තමයි .අවුරුදු ගානකට පස්සේ මට කන්න දෙන්න අම්මයි තාත්තයි මහන්සි උන විදිහ අම්මා නිතරම මට මතක් කලා.සමහර විට බටර් පොඩ්ඩක් ඒ වගේම සහල් ,සීනී ටිකක් හොයාගන්න ගෙදර ඉදලා දවස් 3 ක පමන දුර ගොවිපලවල් වලට ගිහින් තියනවා .

    තාල් කියන්නේ අපේ ගම .ඒක සාම්ප්‍රදායික ගොවිපලවල් තියන ගමක් .මුලු ගමේම හිටියේ පවුල් 400 කටත් අඩු ප්‍රමාණයක් .අපේ ගෙවල් සහ අපේ ගොවිපලවල් එකට සම්බන්ධ වෙලා තිබ්බේ අඩිපාරවල් වලින් හා පටු මාර්ග වලින් .ඒ වගේම Gasthaus inn එක තමයි ගමේ තිබ්බ එකම සමාජ ශාලාව .අපි බ්‍රිතානය සොල්දාදුවන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි දැකලා තිබ්බේ ,ඒත් ඉදලා හිටලා අපේ ගම අතරින් ගිය ට්‍රක් එකක හිටපු පිරිසක් විතරයි.ඒත් ගමේ නැගෙනහිර පැත්ත අයිති වෙලා තිබ්බේ රුසියන් හමුදාවට ඒක නිසා අපි ඒ අයගෙන් බොහොම පරිස්සම් වෙලා හිටියේ .සීතල යුද්ධය පටන් ගත්තට පස්සේ අපි ගොඩක් බයෙන් හිටියෙ මොනව වෙලාවක හරි රුසියන් යුද්ධ ටැංකියක් ඇවිත් අපේ ගම විනාශ කරයි කියලා .ඒ පල්ලියෙන් අපිට කියලා තිබ්බ බය හිතෙන කතා නිසා.ඒ රුසියන් හමුදාව අම්මලගෙ අතේ ඉන්න පොඩි ලමයින්ටත් වෙඩි තියනවා කියලා කිව්ව නිසා .

    අපේ ගේ තිබ්බේ ප්‍රධාන පාරට මායිම් වෙලා කන්දක් උඩ.ඉතින් දවසකට කාර් එකක් දෙකක් දකින්න පුලුවන් උනා.ඒ වගේම අපේ ගෙදර ඉස්සර දොරට හරියටම යාර 100 දුරින් පරන ගරාවැටුන මාලිගාවක් තිබ්බා .ඒ වගේම අම්මා අපිව නිතරම පල්ලියේ ඉරිදට තියන මහා පූජාවට සහභාගි කරවනවමයි.

    මට පරණම මතකය වෙන්නේ අම්මා රෙදි සෝදන එකයි තාත්තා ගල්අඟුරු ලිපට දාන එකයි .ඒ කාලෙදී මට වයස අවුරුදු 3 ක් වත් නැතුව ඇති .ඒ උනත් තාත්තගෙ මතකය තමයි මගේ හිතේ ගොඩක්ම කාවැදිලා තියන මතකය .තාත්තා ශරීර ප්‍රමාණයන් ලොකු ක්‍රීඩකයෙකුගේ පෙනුම තිබුන කෙනෙක් .ඒ වගේම තනියම වැඩ ගොඩක් කරන කෙනෙක් .හැම සරත් සමයකම අපිට සීත කාලයට උනුසුම්ව ඉන්න ගල්අඟුරු ලැබෙනවා .හැබයි ට්‍රක් එකෙන් එක දාලා යන්නේ අපේ මිදුල මැද්දෙ .ඒ ගල්අඟුරු කන්ද තාත්තා තනියම ගල්අඟුරු දාලා තියන කාමරයට අදිනවා .සමහර විට මටත් ඒ වගේම මගෙ අයියාටත් තාත්තා උදව් කරන්න ඉඩදෙනවා .


    මගේ තාත්තගෙ නම Gustav Schwarzenegger,අම්මා Aurelia Jadrny.මේ දෙන්නා විවාහ උනා 1945 දී එතකොට තාත්තගෙ වයස 38යි අම්මට 23 යි .1946 මගෙ අයියා Meinhard Schwarzenegger
    ඉපදුනා .එතකොට 1947 මම ඉපදුනා .තාත්තා තාල් කියන අපේ ගමේ ආරක්ශකයෙන් විදිහට රැකියාව කලා.තාත්තාගේ පඩිය අපිට යන්තමින් ජීවත් වෙන්න ඇති උනා .ඒත් ඒ රැකියාව නිසා අපිට වන ආරක්ශක නිලධාරින් ගේ බංගලාවේ නවතින්න පුලුවන් උනා.අපි කලින් හිටපු ගෙදර බොහොම සුළු පහසුකම් සහිත ගලින් හා ගඩොල් වලින් බැදපු ගෙයක් .ඒ ගෙදර තිබ්බේ නිදන කාමර දෙකකුයි කුස්සියකුයි විතරයි .කුස්සියේ තමයි අපි කෑවේ ,සෙල්ලම් කලේ,ගෙදර වැඩ කලේ,ඒ වගේම නෑවේ .ඒ වගේම ගෙදර කිසිම නල පද්ධතියක් තිබ්බේ නෑ .ලගම තියන ලිද තිබ්බෙත් හැතැප්ම කාලකටත් වැඩිය දුරින් .ගෙදර වතුර ඉවර උනහම කොච්චර මම හරි අයියා හරි ගිහින් වතුර ගෙන්න ඕනේ .කොච්චර වැස්සත් කොච්ච්ර හිම වැටුනත් වතුර ගේන්න යන්න ඕනේ .ඒක නිසා අපි සීත කාලෙදි පුලුවන් තරම් වතුර අඩුවෙන් පාවිච්චි කලා .නාන්න උනත් වතුර උනු කරහම මුලින්ම නාන්නේ අම්මා .ඊට පස්සෙ තාත්තා.අන්තිමට තමයි අපි දෙන්නට නාන්න ලැබෙන්නෙ .වතුර පොඩ්ඩක් කලු පාට උනත් අපි නාන්නේ අලුත් වතුර ගෙන්න ගොඩාක් සීතලේ යන්න වෙන නිසා .ඒ වගේම අපිට තිබුනා ගෘහ බාන්ඩ බොහොම සුලු ඒවා කීපයක් .ඒ වගේම විදුලි ලාම්පු කිහිපයක් විතරයි .



    සින්හලුනෙ බුදු ගේමක් දීලා මේ ටික ට්යිප් කරන්නේ ,සතියට 1 ක් වගේ තමයි දාන්න බලපොරොත්තු වෙන්නේ .මගේ බ්ලොග් එකෙත් මන් මේක පෝස්ට් කරනවා .කැමතිනම් ඒකේ බලන්නත් පුලුවන් fitnessinhalaඩොට්blogspotඩොට්com කියන එකෙන් .එලකිරි එක වැඩියෙන් එකේ පොස්ට් update වෙනවා .

    එහෙනම් රෙපක් දීගෙනම ගියානම් නේද හොද .ට්යිප් කරන්නම පිටු 500 එහා තියනවා බොලව්
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පොතේ ස්ක්‍රීන් ෂොට්ස් වගෙ දාපන්! නැත්නම් උඹට පිටු 200 වගේ වෙනකොට එපා වෙලා තියෙයි...........!!!:lol:

    book 1 sinhalen thiyeida? :eek:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පොතේ ස්ක්‍රීන් ෂොට්ස් වගෙ දාපන්! නැත්නම් උඹට පිටු 200 වගේ වෙනකොට එපා වෙලා තියෙයි...........!!!:lol:

    aඅවුලක් නැතිවෙයි බන් .ආමාරුවෙන් හරි ඇදගෙන යනවා .ෆුල්ල් ඉන්ග්ලිශ් වලින් තියෙන්නෙ
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    arnold bump:cool:
    mu ohoma idala California governor unane..:)
    pissu porakne:shocked:
    a must read story:nerd:
    mama hithan hitiye mu US wala salli karayekge puthek wennathi kiyala:sorry:
     

    hilander

    Member
    Jun 7, 2012
    778
    176
    0
    human world
    Terminator-Genisys-poster-final.jpg
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ