හොල්මං

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    biggrin9gp.gif
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    oya colombo wala access tower eke holman case ekak thiyenawa neda?
    Dawasak eke staircase eke floors 3k athare yanna dunne naa..lift eka witharay use akranna dunne...higannek wage holmanak indala stair case eke
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    මටත් හරි ආසයි ඔය හොල්මන් කියන ජාතිය එක්ක පොඩ්ඩක් කතා බහ කරලා බලන්න. කොහෙද ... ට්‍රයි කරා ට්‍රයි කරා එකෙක් හොයා ගන්න තාම එකෙක් වත් හම්බුනේ නෑ නේ :(
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මටත් හරි ආසයි ඔය හොල්මන් කියන ජාතිය එක්ක පොඩ්ඩක් කතා බහ කරලා බලන්න. කොහෙද ... ට්‍රයි කරා ට්‍රයි කරා එකෙක් හොයා ගන්න තාම එකෙක් වත් හම්බුනේ නෑ නේ :(

    හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :baffled:

    දවල්ට කියවන්න බුක්මාර්ක් කරගත්තා.
    තෑන්ක්ස් මචන් !!

    එලස් :)

    Ubath Maru welaawatane ban holman kathaa danne, :) aga seethala wunaa
    Repped++

    තෑන්ක්ස් මචං :)

    Me maha ra mama doyi,
    Bye tata :sorry:
    Uden awith balannam :dull:

    රෑට කියවපන් බං :lol:

    ඒක දැන් පොඩ්ඩක් යට ගිය thread එකක්. අනික ඒක දැන් දිග වැඩියි. මම හිතන්නෙ ඔයාගෙ කතා ටික මේ ත්‍රෙඩ් එකේ දාල, අර ත්‍රෙඩ් එකේ මේකෙ link එක දාන්න. නැත්නම් හුඟ දෙනෙක්ට ඔයාගෙ කතා ටික මග හැරෙයි.

    එල. :) එහෙම කරමු :yes:

    එල මචන්.. ලියමු දිගටම..:D

    හොල්මන් කතාවල ඕඩියෝ නැද්ද බං රෑට අහන්න පට්ට ආසයි

    යූ ටියුබ් එකේ ඉන්ග්ලිෂ් එව්වනං ඇති :yes:

    බම්ප් +9

    oya colombo wala access tower eke holman case ekak thiyenawa neda?
    Dawasak eke staircase eke floors 3k athare yanna dunne naa..lift eka witharay use akranna dunne...higannek wage holmanak indala stair case eke

    :shocked: එහෙමද? වෙන්නැති බං ඕවා පරණ සොහොන් පිට්ටනි මුඩුක්කු එහෙම ෆ්ලැට් කරලා හදපුවා හුඟක් වෙලාවට :angry::shocked:

    මටත් හරි ආසයි ඔය හොල්මන් කියන ජාතිය එක්ක පොඩ්ඩක් කතා බහ කරලා බලන්න. කොහෙද ... ට්‍රයි කරා ට්‍රයි කරා එකෙක් හොයා ගන්න තාම එකෙක් වත් හම්බුනේ නෑ නේ :(

    :baffled::eek:

    මයිල් ඉස්මයිල්

    තෑන්ක්ස් කට්ටියටම :):yes::yes::)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: kinkon

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව දාපන් මචං තියේ නම්.. මාත් මේ හෙන ආසාවෙන් ඉන්නෙ හොල්මනක් දකින්න.. තවම දැකල නෑනේ..:(
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සොරි මචන්ලා අද දවසෙම වැඩ තිබ්බා හම්බානෙක. :dull: එපාර රෑ ගියා ජුරාසික් පාක් බලන්න. පට්ට හොඳේ.:D:love::love::love:

    නිදිත් මතයි බං හොඳ ගණන්. ඒකනිසා තනි දිග කතාවක් නැතිව පොඩි පොඩි කතාවක් අදට දාන්නං.:nerd::dull::P

    මේ මුල්ම සිද්ධිය වුනේ කැම්පස් එකේ අපේ බැච් එකේ කෙල්ලෙකුට.

    දවසක් එයා ගිහිං තියෙනවා ටිකක් දුර එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ගෙදර. ටිකක් පරණ තට්ටු දෙකේ ගෙයක්. එයාලට කලින් එහේ වෙන කට්ටියක් ඉඳලත් තියෙනවා.

    ඉතිං මගේ යාළුවා මෙහෙ ගිහිං එහෙ ඉන්න නංගිලා දෙන්නා එක්ක ගිහිං තියෙනවා උඩ තට්ටුවේ එයාලගේ නිදාගන්න කාමරේට. එයාලගේ තව යාලු කෙල්ලෙකුත් එවෙලේ ඉඳල තියෙනව. කෙල්ලෝ ටික දැන් රෑ අර කාමරේ ඇඳ උඩ සෙට් වෙලා කයියක් ගහ ගහ ඉන්නවලු.

    මේ කාමරේ එක බිත්තියක් අයිනෙලු ඇඳ තියෙන්නේ. ඒ කෙලින් එහා පැත්තෙ බිත්තියේ තමයිලු ජනෙල් තියෙන්නෙ. මෙතැනදී මම අඳුරන කෙල්ල විතරයි ඇඳ උඩ වාඩි වුනහම ජනේලේ පේන විදියට ඉඳගෙන ඉඳලා තියෙන්නේ.

    ටික වෙලාවකින් මෙයාට පේනවලු පොඩි කොල්ලෙක්ගේ චායාවක් ජනේලෙන් ඇතුල බලං ඉන්නවා. හැබැයි මුණ පැහැදිලි නෑලු. කලුපාට චායාවක් තමයිලු පේන්නේ. ඌ එබෙනවලු, පහත් වෙනවලු පැත්තෙන් එබෙනවලු යටින් එබෙනවලු. මෙයා ඉස්සෙල්ලා ගණන් අරගෙන නෑ. හිතල තියෙන්නේ ගෙදර පොඩි එකා උඩ බැල්කනිය දිගේ ඇවිල්ලා අක්කලාගේ කාමරේට එබෙනවා කියලා මුගේ ඇට්ටර කමට.

    පස්සේ මේක මහ වාතයක් වේගෙන එන නිසාත් අනික කෙල්ලො ටිකක් ඉන්න කාමරයක් නිසා චාටර් හින්දා මෙයා ජනේලෙට පිටුපාල හිටපු අනිත් එවුන් ටිකට කිව්වලු "අර කව්ද පොඩි කොල්ලෙක් ජනේලෙන් එබෙනවා සැරින් සැරේ කියලා.

    මොකෙද්ද කියල බලන්න අනිත් කෙල්ලෝ ටික ජනේලේ පැත්ත හැරෙනකොටම මු ටකස් ගාල හැන්ගෙනවලු. මෙහෙම දෙතුන් පාරක්ම වෙලා තියෙනවා. අනිත් එවුන් බනිනවලු මේකිට පිස්සු කියලා.

    පස්සෙ ආයෙත් අරූ ජනේලෙන් එබුන ගමන් මේ කෙල්ල දඩ බඩ ගාලා ඇඳෙන් පැනලා දිව්වලු ජනේලේ ගාවට අරූ බැල්කනියේ හැංගිලා ඉන්නවනං පට ගාලා අල්ලගන්න.

    ජනේලේ ගාවට ගිහිං බැලුව ගමන් මේකිගේ තොලකට වේලිලා ගිහිං ඇඟේ මයිල් කෙලින් වුනාලු.

    මොන බැල්කනිද. ජනේලෙන් එළියට බැස්සොත් කෙලින්ම උඩ තට්ටුවේ ඉඳන් පල්ලෙහාටලු. මෙලෝ බැල්කනියක් නෑලු.

    කෙල්ලෝ ටික පණ එපා කියල දිව්වලු පහලට. මගේ යාලුවත් ආයෙ නෙවේලු ඒ නෑදෑය බලන්න ගියේ.

    ඔය කතාව මම ඔය භූත සීන් දන්න තව එකෙක්ට කිව්වම ඌ කිව්වා එහෙම එකෙක් ඉන්නවලු මට්ට කොල්ලා කියල. කෙල්ලොන්ට පේන පොඩි ඇට්ටර කොල්ලෙක්.

    blue_in_rio

    Well-known member
  • සොරි මචන්ලා අද දවසෙම වැඩ තිබ්බා හම්බානෙක. :dull: එපාර රෑ ගියා ජුරාසික් පාක් බලන්න. පට්ට හොඳේ.:D:love::love::love:

    :lol::lol::rofl::rofl: patta yako
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    :shocked::shocked::shocked:

    මේ ඊළඟ කතාව කිව්වෙ මම අඳුරන අංකල් කෙනෙක්.
    ඉස්සර එයා වැඩ කරලා තියෙනවා ඩුබායි වල හොස්ටල් එකක receptionist විදියට.

    ඒක දකුණු ආසියානු රටවල ඉඳන් එහෙ වැඩකරන්න ඇවිල්ලා ඉන්න පිරිමි අයටම හදපු හෙන විසාල හොස්ටල් සංකීර්ණයක්.

    ඕකෙ ඒ අංකල්ට නයිට් ශිෆ්ට් එකත් අදින්න වෙලා සමහර දවසට. ඉතිං එතන ඉන්න සමහරු කලින්ම වෝනින් එකක් දුන්නලු මෙතන රෑට ඉන්න එච්චර හොඳ තැනක් නෙවෙයි. සමහරු එක එක දේවල් දැකලා තියෙනවා. කොටින්ම කියනවනං හොල්මං. ඒක නිසා නයිට් ශිෆ්ට් එක කරාට කමක් නෑ හැබැයි ඔෆිස් එකෙන් එලියට යන්න එහෙම එපා. එළිමහනේ නං කොහොමටවත් යන්න එපා කියලා.

    එහෙම කිව්වම අංකල් පොඩ්ඩක් බය වෙලා හැබැයි ඉතිං රාජකාරිය නොකර බෑනේ. ඒක නිසා ඔෆිස් එකේම හිටියලු. පුළුවන් තරං රෑ වෙනකං ඉඳලා පස්සේ පුටුවෙම නිදි කිරා වැටෙන්න ගත්තලු.

    ඔහොම යාන්තමට ඇහැ පියවේගෙන එනකොටම එකපාර අංකල්ගේ ෂර්ට් කොලර් එකෙන් අල්ලලා ඇදලා පුටුව ඉස්සරහ බිමටම දෝයි ගාලා වැටුනලු.

    මොකක් වුනාද කියලා හිතාගන්න බැරුව පොර පොඩ්ඩක් කල්පනා කරලා ආයෙත් හිතුවලු සමහරවිට නින්දෙන් ගැස්සිලා ඇහැරිලා ඒ ගැස්සුණු පාර මෙහෙම වැටුනද කියලා.

    වෙලාව පාන්දර එක විතරලු. කමක් නෑ කියලා පොර ආයෙත් පුටුවෙම දිග ඇදිලා යාන්තමට ඇස් පියාගත්තා විතරලු මොකෙද්ද මන්දා ඇද්දලු කොලර් එකෙන්. ඒ ඇද්ද පාර කලින්ටත් වඩා පුටුවෙන් ඉස්සරහට ගිහිං පොර වැටිලා තියෙන්නේ. අනික ඒ පාරනන් හොඳටම දැනුනලු කොලර් එකෙන් ඇද්ද බව.

    එපාර පොර හොඳටම බය වෙලා තව නයිට් ඩියුටි කරන එකෙක් ඔෆිස් එකට එක්කං ඇවිල්ලා පොර එක්ක තමයි රෑ පහන් කරල තියෙන්නේ.

    ආයෙ නෙවේලු පොරනං තනියෙන් නයිට් ඩියුටි කරේ.
    :no::no::no:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම කලින් කිව්ව ඩුබායි වල හොස්ටල් එකක වැඩ කරපු අන්ක්ල්ටම එතනදීම වුන වැඩක් මේ. :shocked::):dull:

    මුලින් එයාට ඉන්න දීලා තියෙන්නේ අනිත් කට්ටියත් එක්ක dormitory වල තට්ටු දෙකේ ඇඳන් වල. හැබැයි පස්සේ එතන මැනේජර් මෙයාට කියලා තනි කාමරේකට යන්න සෙට් කරලා.

    ඒ කාමරේ ටිකක් පරණ තට්ටු හතරක ලොකු බිල්ඩිමක උඩම තට්ටුවේ කෙලවරේ කාමරයක්. අර කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නව වගේ නෙවේ මෙතන ඉතිං රෑ අට පහුවෙද්දී මියට පිම්බා වගේ සද්ද බද්ද නෑලු. හැබැයි හොඳ ඉඩ කඩ තියෙන නිදහස් ප්ලේස් එක.

    රෑ ඉතිං පොර නිදාගන්න ගිහිං ලයිට් ඕෆ් කරලා ඇඳේ හාන්සි වෙලා හරි බරි ගැහිලා ටික වෙලාවකින් මොකද්දෝ අමුත්තක් දැනුනලු. නිදාගන්න මාර අපහසුවක් දැනෙනවලු. නින්ද යන්නෙම නෑලු ඇඳේ දඟල දඟල ඉන්නවා විතරලු.

    කොහොමින් කොහොමහරි එදා රෑම පොරට හරියට නිදාගන්න වෙලා නෑ. සැරින් සැරේ ඇහැරෙනවලු. මොකද්ද හේතුව කියලා හිතාගන්න බැලූ.

    ඔය විදියට ඊට පස්සේ හැමදාම ඔය ආනිසංසේමලු. නිදාගන්නම බැලූ.

    ඉතිං දවසක් පොර ඇඳේ හාන්සි වෙලා පොතක් කියව කියව ඉන්න ගමන් එහෙමම නින්ද ගිහිල්ලා. පුදුමයිලු එදානං කෙලින්ම උදේ තමයි ඇහැරිලා තියෙන්නෙ. ලයිට් එක ඕෆ් කරන්න වෙලත් නෑ. පොරට මේක ගැන පොඩි සැකයක් ආවලු.

    ඊළඟ දවසෙ එයා රෑ දහයමාරට එකොළහට වගේ නිදාගන්න හිතාගෙන, එදා ලයිට් එක ඕෆ් කරලා ඇඳ උඩ වාඩිවෙලා හොඳට බලාගෙන හිටියලු හාන්සි නොවී.

    ඒ කාමරේ ජනේලේ තියෙන්නේ ඇඳට විරුද්ධ පැත්තෙලු. ඒ කියන්නෙ ඇඳ උඩ වාඩි උනහම කාමරේ හරහා ජනේලේ පේන්නේ. මේ ජනේලෙට එළියෙන් වහලේ අගුවේ, ජනේලෙට පොඩ්ඩක් එහාට වෙන්න ලයිට් එකක් දාලා තියෙනවලු. මේකෙන් ඩිම් එළියක් යාන්තමට කාමරේට එනවලු.

    එදා පොර ඇඳේ වාඩි වෙලා කල්පනාවෙන් ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට දැක්ක දෙයින් ඇඟේ හිරිගඩු පිපුනලු.

    අර ජනේලෙට පිටින් එන මද ලයිට් එළියෙන් පොරට පේනවලු කලුපාට ගනකම් දුම් ගුලියක් වගේ දෙයක් එළියෙන් ඇවිල්ලා ජනේලෙන් කාමරේට ඇතුළු වුනාලු. ඒක කාමරේ හරහා ඇඳ ගාවටම ඇවිල්ලා අංකල් ඇඳ උඩ වාඩි වෙලා හිටපු කෙලවරේ නෙවේ අනිත් කෙළවරෙන් ඇඳ උඩට ඇවිත් නැති වුනාලු. ඒත් එක්කම පොරට දැනුනලු මෙට්ටේත් එක්ක ඇඳ බර වෙනවා. ඇඳ පොලු යාන්තමට චිරි චිරි ගානවලු.

    ඒත් එක්කම ඒ අංකල් ඇඳෙන් පැනලා කාමරෙන් පිටවෙලා දඩ බඩ ගාලා දුවල වෙන කොල්ලෙක්ගේ කාමරේක තමයි එදා නිදාගෙන තියෙන්නේ.

    පස්සෙන්දා මැනේජර්ට සීන් එක කිව්වම පොර කිව්වලු කලින් හිටපු කීප දෙනාම ඔය කතාව කිව්වා. ඒකනිසා කාලයක් ඔය කාමරේ නිකං තිබ්බෙ කාටවත් නොදී. ප්‍රශ්නේ ඉවරයි කියල හිතන්ලු මේ අන්කල්ට කාමරේ දුන්නේ කියලා මැනේජර් එයාගෙන් සමාව ගත්තලු.

    කොහොමත් ඒ හොස්ටල් එකේ හැම අවුරුද්දෙම වගේ එකෙක්වත් සිය දිවි හානි කරගන්නවා. එක නිසා ඔය හොල්මං අනංමනං විශ්වාස කරනවානං කෝකටත් කල්පනාවෙන් ඉන්න කියලා මැනේජර් මේ අංකල්ට කිව්වලු. :no::no::no:

    • Like
    Reactions: madusha.stranger