අයෙ අප්ඩේට් වෙන්න පටං අරං වගේ. අද රෑ බැරි උනොත් හෙට උදේට එකක් දාන්නං.

වට් ද සෙවන් හෙල්ස් යූ මීන් ?![]()
![]()
![]()

ඒ මනුස්සයෙක් නෙමේ අමුනුස්සයෙක්
සාදය නිමවන විට මද්යම රාත්රියද පසුවී තිබින රමේශ් සහ ඔහුගේ බිරිය මෝටර් රතයට ගොඩ උනේ හෑකි ඉක්මනින් තලවතුගොඩ පිහිටි ඔවුන්ගේ නිවසට යාමටය සාදය ගෑන , එහි සිටි කාන්තාවන්ගේ ඈදුම් ගෑන සමහරුන්ගේ හෑසිරීම පිලිබද රුවන්ති තෝර තෝංචියක් නෑතිව කියවද්දි රමේශ් ඊට හූමිතබමින් තරමක් වේගයෙන් රිය පෑද වූවේ හෑකි ඉක්මනින් ගෙදර ගොස් නින්දට යෑමයටයි
කොල්ලුපිටියේ සිට තලවතුගොඩට යන ඔවුන්ගේ ගමන් මාරගය වූයේ පාර්ලිමේන්තු පාරයි, දහවලට එකක් පසුපස එකක් වාහන ඈදෙන ඉතා කාර්ය බහුල පාර්ලිමේන්තුපාර බෙහෙවින් පාලු මූසල ගතියක් ඉවවුවේය, එම පාලුව ඉද හිට හෝ බිදුනේ ගමන් ගන්නා වාහනයක සද්දයෙන් හෝ උඩුබුරනා සුනකයින් ගේ සද්දයෙනි
මෙසේ රුවන්ති රමේශ් යුවල කාසල් රෝහල පසුකර ආයුර්වේද හන්දියට දෙසට තරමක් වේගයෙන් පෑමිනෙමින් සිටී තවමත් ඈයගේ කතාව නිමවී නෑත ඔවුන් රාජගිරිය ෆෑබ් ආපන ශාලාවපසුකරත්ම රමේශ් දුටුවේ පාරෙ අයිනේසිටි තරමක් වයසක අයෙකු එක් වරම පාර මාරුවන්නට මෙන් පාර මෑද්දට එන බවයි වහාක්රියාත්මක වූ රමේශ් නලාවහඩවමින්ම හෑකි වේගයෙන් වාහනයේ තිරිංග ක්‍රියාත්මක කලේය ඒ සමගම ඔහුට ඈසුනේ රුවන්ති මොනවදෝ කියා කෑ ගසන හඩ්යි
ඊලග තප්පරයේදී අමුත්තා වාහනේ ගටිනි, ඉන් නොනෑවතී වාහ්නයට යටවන බවද වාහනයේ උන් දෙදෙනාටම දෑනිනි, නමිත් පුදුමයකි වාහනයට යටවූ තෑනෑත්තා වහානය නෑවතුනු පසු වාහනය ඉදිරියෙන් නෑගී සිටියේය තම ඈදුමේ තිබූ දූවිලි ගසා දමමින් මොනවදෝ කියයි , රමේශ් වහා එතෑට ගෝස් ඔහුගේ අතකින් අල්ලාගත්තේය ඉය අයිස් මෙන් සීතල බව ඔහු ට එවෙලෙහි තේරුනද ඒ ගෑන වෑඩි තෑකීමක් නොකලේ වුනු වින්නහෙයිය නිසාවෙනි
ඉන්පසු රමේශ් අමුත්තාගෙන් විමසුවේ අංකල් ටක්ගලා හොස්පිටල් යමු කොහෙද තුවාල කියාය ඉන්ප්සු ඔවුන් අතර වූ දෙබස මේසේයනෑ ලමයෝ ඒ හෑටි අමාරුවක් නෑ ඔය ලමයි නවත්වපු එකම මදෑයි පරිස්සමින් යන්න ගිය ගමන යන්න ඒ උනාට අංකල් ඈතුලෙන් තුවාලද දන්නෙ නෑනෙ අපි කෝකටත් ඉස්පිරිතාලෙ යමු නෑ ඕනෙ නෑ ලමයො මට අමාරුවක් නෑ කියු අමුත්තා විගහින් පාර පෑන නොපෙනී ගියේය තවත් එතන සිට පලක් නෑති හෙයින් රමේශ් සහ රුවන්ති යුවල එතනින් නික්මිනි
එම සිද්දිය එසේ නිමාවිය ඊටපසු සතියේ තීබූ අවුරුදු පාටියකදී රමේශ් යුවල තමන් මුහුන පෑ සිද්දිය හිතමිතුරන්ට පවසන ලදි, එහි සිටි එක් අයෙකු පෑවසුමේ උබලටත් සෙට් උනාද මටත් පාරක් ඔය වගේම ෆෑබ් එක ලගදි ඔය මනුස්සයව හම්බ වුනා උබලට උන දේම මතත් උනා.. ගෙදර ගිහින් පහුවදා උන දේ ගෑන ටිකක් කල්පනා කරද්දි මට මොකක්දෝ නොගෑලපෙන බවක් දෑනුනා යටවුනු කෙනා කොහොමද වාහය ඉස්සරහින් නෑකිටින්නෙ තුවාලයක්වත් නෑතුව යස අගේට ඉන්නෙ වගේ පශ්න මගෙ ඔලුව්ට ආව පස්සෙ මම හෙව්ව එයා ගෑන
ඈත්තටම ඒ මනුස්සයෙක් නෙමේ අමුනුස්සයෙක් ෆෑබ් එකේ ගාව ඉදන් හදිස්සියේ පාර මාරුවෙද්දි ආපු වාහනයක් ඒ මනුස්සයව යට කරන් නවත්තන් නෑතුව ගිහින් ඒ මනුස්සය එතෙනම මෑරිල ඔය ඉන්නෙ එයාගෙ අවතාරය ඈක්සිඩන්ට් එකෙන් පස්සෙ වාහනය නවත්වන් නෑතුව ගියොත් ඉවරයිලු අනිවාරයයෙන්ම බය කරනවලු...
ඒකාතාව ඈසූ බොහෝදෙනෙකුගේ මෙන්ම මගේ අදහසද වූයේ නෑවත රෑට එම මාර්ගය බාවිතා නකරඉන්න එක හොදයි කියාය නමුත් අපේ තව කට්ටියකගේ සූදානම එය පරික්ශාකර බෑලීමටය
source:http://holmandisti.blogspot.com/sea...:00-07:00&max-results=7&start=7&by-date=false


මටත් එකක් තියෙනව කොටන්න කම්මැලියි බං![]()
![]()






ඩෙන්න ඩෙනා......ඩෙනෝ.......
හාමිනේ නැතිව ඉන්න 4වෙනි දවස...........![]()
එළකිරියෙ සුපර් මෑන්ල.... බැට් මෑන්ල..... හී මෑන්ල බයේ ඉන්න නිසාඕං අද හිනායන එකක්.......... උඹලට හිනායයිද දන්නෑ හැබැයි...
මේ සීන් එකේ නම් ගම් වැඩිය ප්‍රසිද්දකරන්න බෑ......... බුවා මගේ හොඳ යාලුවෙක්.......
කතානායකයගෙ නම අතුල කියමුකො...... *(ඇත්තටම අතුල තමයි යකෝ....ලොල්) හිටියෙ ටිකක් පිටිසර...... පන්නලත් ඉහත්තාවෙ..... හෙන මූකලානක......
මූ කොහොමහරි ඒ එස්/400 ට්‍රේනින් ප්‍රෝග්‍රැමර් කෙනෙක් විදියට ඔෆිස් එකේ වැඩට ආව....... මූකලානෙන් ආවට මොකද දෙන්නෙ පොර ටෝක්ස්...... උඹලට කියන්න මූ සයිවර් කඩ, පෙට්ටි කඩ පැත්තෙ යන්නෑ... ඒ මදිවට බොන්නෙම රුපියල් 50-60 දීල බෝතල් වතුර විතරමයි........ මුලදි මුලදි මූ කිවුවෙ මූ විජේරාමෙ බුවෙක් කියල........ ඒත් පස්සෙ පස්සෙ මුගේ රිලාගති මතුවෙන්නගත්ත, අන්තිමටම මූ කිවුව.... මම පන්නල පැත්තෙ එළ කොල්ලෙක්ය කියල lol
*(මේ..... පන්නලඋන් මාත් එක්ක මලපන්නගන්න එපා මම ඌට පොඩි මඩක් ගැහැවුවෙ......)
ඕන් දැන් කතන්දරේ........
උඹල ඉතින් දන්නවනේ.... කොම්පැනියක අයි ටී සෙට් එක කියන්නෙ අම්බානකට ආන්ඩුවට සල්ලි හොයල දෙන සෙට් එකක් කියල........මුලදි මුලදි "එව්රි ෆ්‍රයිඩේ ඊස් අ ගුඩ් ෆ්‍රයිඩේ
" කියල බොන්න ගත්තත් පස්සෙ පස්සෙ එව්රි මන්ඩේ
.... එව්රි වෙන්ස්ඩේ
......... පස්සෙන් පහුවෙනකොට එව්රිඩේ
ආන්ඩුවට බදු ගෙවන්න ගත්ත....... හිත හදන් බොන් නෑ කියල හිතන් හිටියත් මොකෙක් හරි දේවදත්තයෙක් ඇවිත් "මචන් අද හොඳ දවසක්" කියනව.......... ඉතින් සිල් බිඳෙනව
...... ඔහොම ඉන්නකොට අර ගමෙන් ඇවිත් අපිත් එක්ක සෙට් වෙලා එක ශොට් එකක් දාල අපේ බයිට් ඔක්කෝටම විදින එකා එකපාරටම සෙට්වීම නැවැත්තුව.......
ඩයල් එකට ටිකක් ආත බූත නෑ වගේ....... හොඳ බොක්කක් නිසා මාත් පොඩ්ඩක් අහල බැලුව සීන් එක මොකක්ද කියල........ බලනකොට මූටයි මුගේ පවුලටයි ගමේ සෙට් එකක් කොඩිවින කරලලු
.......ගෙදර වටේ මිනී අලු දාලලු...... තව ටිකක් විස්තර ඇහුවහම මූ ශර්ට් එක ගලවල පෙන්නුව........ කතරගම දෙයියො වගේ..... මුලු බෙල්ලෙම සුර....... ඉනෙත් සුර....අහවල් එකෙත් සුරද මන්ද??
ලොල්
........ අතේ සුදු නූල් කහ නූල් රතු නූල් පිරිල..... මූ අත් දිගට දාල වහගෙන ඉන්නෙ..... පස්සෙ ඌ කිවුව... මචන්, මේ කරපු ඒවයෙ බල බිඳෙන නිසා බොන්න සෙට් වෙන්න බෑ කියල........
මටනම් මේ සීන් එක ඇල්ලුවෙ නෑ....... මොන යෙකෙක්වත් ඔච්චර සුරගොඩක් දාන් නෑ....... අනික ඒව මහ අලි තඩි සුර........ මුන් ටිකව කන එකා හූරගෙනම කාල
......... මම කියල මොනව කරන්නද........ වැඩක් කරගන්න හොඳ තැනක් කියුවහම ඌ පඬි කතා දානව...........
ඔහොම කලක් යනකොට........ බුවා කියපි මචන් අපේ ගෙදර තොවිලයක් තියෙනව සෙනසුරාද රෑ...... වරෙන් කියල........
අම්මට සිරි....... මූ මට විතරයි කිවුවෙ...... මාත් ඉතින් ඔෆ්ෆිස් එකේ එළම බේබද්දො සෙට් එක සෙට්කරගත්ත පන්නලට තොවිලෙ බලන්න ට්‍රිපක් යන්න.......හි හි......
කට්ටියත් වැඩේට හරී උනන්දුයි..... සඳුද ඉඳලම බෝතල් එකතුකරනව....සෙට් එකේ 8ක් 10ක් විතර හිටිය ගොඩක්උන් හෙන දඩ සයිස්.....
ඕන් ඉතින් සෙනසුරාද රෑ තොවිලෙට අපි පන්නල යන්න ගත්තෙ සිකුරාද රෑ වැඩ ඉවරවුන ගමන්මයි......... හෙන කැපවීම......
සෙනසුරාද දවසත් ආව කියමුකෝ.......... අම්මට සිරි...... තොවිලෙ ජයටම කරන්නයි යන්නෙ...... මුන්ව ගොනාට අන්දල මේ වෙනකොට කට්ටඩිය සුරවලටයි තොවිලෙටයි ලක්ශ 2 1/2 - 3ක් විතර තට්ටුත් කරල........
ඕන් ඉතින් හැන්දාවෙ 5ට-6ට විතර පටන්ගත්ත තොවිලෙ....... අපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නව..... ටිකවෙලාවයි ගියේ යකැදුරා දිස්ටි වුනා.....
මල හු#තයි.........කෙලින්ම නාගීන වගේ..... හූ කියනව බල්ටි ගහනව...... එකපාරකට යකාලු
..... තවපාරකට නයාලු
..... තවත් පාරක මැරිච්ච ආච්චිලු
....... (මූට ඔක්කෝම පැටලිලදත් මන්ද....)
ඔහොම ජෝගිදදා ඉන්නකොට යකා (යකැදුරා)එකපාරටම ගේ වටේ දුවන්න ගත්ත...... ආවතේවකාරයොත් දුම්මල කට්ටත් අරන් උගෙ පස්සෙ ...... යකා නැග්ග ගේට්ටුවට...... දැන් මූ ගේට්ටු පදිනව........පැන්න බිමට.......
යකා නයා වුනා.......... පස් කාගෙන..... මිලිටරි ට්‍රේනින් වගේ මූ බඩගාගෙන මුන්ගේ ගේ පිටිපස්සෙ දොර ලඟට ගිහින් අත් දෙකින් දරනෙ ගහන් පොලවට දශ්ට කරන්න ගත්ත........
ලඟ හිටිය එකෙක් කිව්ව........... හාරපිය ඔතන.... හාරපිය ඔතන කියල...... අඩි බාගයක්වත් හෑරුවෙ නෑ පොඩි මිනී ඔලුකට්ටක් මතුවුනා...... (බොරු වෙන්න ඇති බන්...... මුන්ම වලලපුව..... උන්ව හොරු කියල බලපු ගමන් පේනව
......)
ඔය වෙනකොට අපිත් ටිකක් දාගෙන හිටියෙ....... කෝකටත් අතුලය කිව්ව, මචන් මේ සීන් එක අවුල් කරන් නැතිව ඕන දෙයක් කරගනිල්ල කියල....... හැබැයි අපේ සෙට් එකට කට්ටඩියොටික හෙන සැකයි......... අපි ආවතේව කාරයන්ට එක එක පාට් දැම්ම..... මුනුත් ඒව යකාට කියල.......
හූ........හූ...........
ටිකවෙලාවකින් යකා කියපි අර කොළඹින් ආපු උනුත් මේවට සම්භන්දයි...... කොල්ලගෙ දිවුනුවට ඉරිසියාවෙ උනුත් අනං මනං කරනව කියල..........(යකාගෙ අම්මට හු#න්න!!) (අරූගෙ අම්මටත් කට්ටඩිය ආරූඩෙන් දෙයක් කිවුවොත් ආයෙ දෙයක් නෑ......) අන්තිමට හොඳට හිටිය ඒකිත් පුම්බන් හිටියෙ........
අපිටත් මල හොඳ එක..... අරූ අපිට වඳින් නැති ටික විතරයි....... තොවිලෙ කන්න එපා කියල....... මොනව කරන්නද හිතේ තියෙන තරහට ගැහුව බෝතල් ඔක්කෝම
....... කට්ටියට ඩෝප් හොඳ එක..... තොවිලෙ නැගල යනව...... බෙර ගහනව..... ගෑනු ආරූඩෙන් කොන්ඩෙ කඩන් නටනව
...... මිනිස්සු පස්සෙන් දුවනව...... යකා කුකුලගෙ බල්ලෙ කාල ලේ බොනව
......නාට්ටි ගොඩයි.....
ඩෝප් පිටම චුට්ට චුට්ට අපිටත් දැන් බය ඇඟට එනව..........
ඔන්න ඒක අස්සෙ රෑ දොලහට අමුතු සීන් එකක් කරන්න තිබුන.......කට්ටිය තොවිලෙ අහවර කරන්න යකාව කුදලගෙන ලඟ තියෙන පාලු කනත්තට ගියා ...... අපිත් ඉතින් වැනි වැනිම යකත් එක්ක කනත්තට ගියා....... අම්බානට දඟලපු යකා මළා වගේ වුනා..... දැම් මුන් ටික කනත්තෙ හාරල තිබුන වලකට යකාව දැම්ම....... දැන් අරුත් මළා වගේ වලේ.....
ආවතේවකාරයො අපේ දිහා බලල කිව්ව මහත්තයල යකාව හොඳින් බලාගන්න ඕන.... දැක්කනෙ ඌ නටපු නාඩගම....... දැක්කනෙ ඌ කුකුලගෙ බෙල්ල කාල ලේ බීපු හැටි........යකාට පණ ආවොත් බෙල්ල කාල පැනල යයි........ කොහොමහරි වලේම තියාගන්න කියල..... උන් ටික පොඩි කෝචොක් හිනාවකුත් දාල අපිව යකත් එක්ක තනිකරල මහ කලුවරේම කනත්තෙන් යන්න ගියා......
උඹලට කියන්න ඒ මූකලානෙ කිසි එලියක් නෑ...... මොකෑ ඉතින් මැරිච්ච උන්ට ලයිට් ඕනයැ...... අපිත් ඉතින් පොඩි පන්දම් කොටයක් ගහගෙන වලවටේ ඉන්නව......
මටත් ඉතින් කට පියන් ඉන්න බැරි හින්ද කම්මැලිකම යන්නත් එක්ක සිරාම හොල්මන් සීන් ටිකක් කිය කිය හිටිය.....
හිතපල්ලකො කන්න තියෙන පුලුටු බයිට්ස් ඔක්කෝම කාල කන පැලෙන්න බීල වලලපු මිනියක පෙට්ටියක් උඩ යකෙක් තියන් හොල්මන් කතා කියනකොට තියෙන සනීපෙ......
මගේ කතාත් අහල කට්ටියගෙ පුරුශ වීර්ය බින්දුවට බැහැල...... කට්ටිය ලඟාටම වෙලා හරී ආදරෙන් ඉන්නවlol......... ටිකවෙලාවයි ගියේ .......... වලෙන් හෙන හූවක් ඇහුන
...... හි හි......පට්ට සීන් එක අරූ වලේ හිටගත්ත විතරයි කට්ටිය කොහෙද නෑ......
හි හි........ (පට්ට ආතල් එක මචන්ල කියන්න වචන නෑ... මම තාමත් හිනාවෙනව.....) යකා දැන් හූ තිය තිය පස් හාර හාර වලෙන් ගොඩ එන්න ට්‍රයි එක.......
දැන් ඩෝප්පිට පනබයේ කනත්තෙ වැටි වැටි දුවපු උන් ආයෙ සෙට් වුනා..... අපිත් එක්ක හිටිය හෙන තඩි එකෙක්.... (නම කියන්න බැරියෝ....) ඌ තමයි ඇඟේ හැටියටම බයවුන එකා..... මූටබයටම චූත් ගිහිල්ල......
කොහොම හරි යකා පැනල ගියොත් අපිට අරූගෙන් කතන්දරේ නිසා අපි ආයෙත් වල ලඟට ගියා............
බුදු අම්මෝ.........යකා පැන්න තඩියගෙ ඇඟට (පට්ටම පට්ට සීන් එක........) අරූ මරලතෝනිය
....... කොහොමහරි අරූ පණබයටම යකාව බෙල්ලෙන් අල්ලන් නෙලුව නෙලිල්ලක් ආයෙ හිතාගන්න බැරිවෙන්න....... ඩෝප් පිට අපිටත් මල...... අපිත් නෙලුව නෙලිල්ලක් යකාටම නෙලනව කියල හිතාගෙන......
කාපු කෑමට යකාට සිහි නෑ....... තඩිය යකාව දැම්ම වලට....... පස්සෙ කියපි...... මූ ආයෙ පන ඇවිත් දුවගෙන අයි.... අපි යකාව පස් දාල වහමු කියල.....
කොහොමහරි මේ යකෙක් හින්ද ක්‍රිමිනල් කේස් දාගන් නැතිව අපි තඩියවත් ආම්බාන්කරන් ගෙදර ඇවිත් කිසිදෙයක් වුන් නෑ වගේ සද්දෙ වහල හොඳ පුතාල වගේ නිදාගත්ත.....
අම්මටසිරි එලිවෙලා ඇහැරුනේ හෙන ගෝරියක් යනව ඇහිල.....ඇඩ්‍රෙස් නෑ..... ආවතේවකාරයො යකාවත් ආම්බාන් කරන් ඇවිත් ගෙදර උන්ට අම්බානකට බනිනව
....... උඹලට කියන්න යකා දැක්කහම දුකේ බෑ..... ඌට තිබුනෙ හක්කෙ දත් ටික විතරයි..... ඉස්සරහ ටිකට තඩිය වගකියල
lol.......... අපිත් ගේමට එලියට බැස්සහම කට්ටඩියො ටික මාරුවෙලා ගියා....... එදා ඉතින් අරූගෙ අම්මගෙනුත් කතන්දර ටිකක් අහගෙන අපි හෙමීට ගෙදර ආව.......... මොකවුනත් තොවිලෙ නිසා අපි ගත්ත ෆන්එකනම් මළාට අමතකවෙන් නෑ.........
ඕන් අද එහෙනම් හිනාවෙයල්ල.........
හිනාගියෙනැතිවුන් බුම්මන් නිදාගනිල්ල.......
රොබොට් අයියා............























