ලංකාවේ කොටි
පොන්නම්බලන් අරුනාචලම් කියන දෙමල ජාතික දේශපාලනඥයා ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්උන උසස් දේශපාලන ඉතිහාසයක් ඇති පුද්ගලයෙක්.
වර්ෂ 1919දී සින්හල දෙමළ ජාතින් දෙකම එකට එකතු වී 'ලංකා ජාතික කොන්ග්රසය' අරුනාචලම් ගේ නායකත්වය යටතේ පිහිටුවාගනු ලැබුවා.
මුලික වශයෙන් අරමුණ උනේ පැවතී යටත්විජිත පාලනතන්ත්‍රය වඩාත් ව්‍යවස්ථානුකූල ප්‍රතිසංස්කරණ සඳහා තල්ලු කිරීම. යටත්විජිත පාලනතන්ත්‍රය හැමවෙලාවෙම අවස්ථාවාදී සහ තමන්ගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් පෙනී හිටියා මිසක් දේශපාලන ක්‍රමවේදයක් රට තුල නිර්මාණය කලේ නෑ.
එවකට හිටිය බ්‍රිතාන්‍යය ආණ්ඩුකාර විලියම් හෙන්රි මැනිං [19 July 1863 January 1932] කිසිවිදිහකට මේ ජාතින් දෙකට එකට එක් වෙන්න දුන්නේ නෑ.
සිංහල දෙමළ ජාතින් එක් වුනොත් ලංකාව තමන්ගේ අනසක යටතේ තියාගන්න එක ගැටළු සහගත වෙන බව එයා තෙරුන් ගත්තා. [කොළඹ මැනිං වෙළඳපොල නිර්මාණය වෙන්නේ මෙයා නමින්]
සිංහල දෙමළ ජාතින් අතර දේශපාලන ගැටළු නිර්මාණය කිරීම වෙනුවෙන්ම විලියම් මැනිං, කොළඹ ආසනය බිහිකළා. මෙහිදී මැනිං බලාපොරොත්තු උනේ එක ආසනයකට ජාතින් දෙකක් තරග කරවන්න. ඊට සමගාමිව ඔහු ජාතින් අතර ප්‍රශ්න මතුවෙන ආකාරයේ රහස් සිදුවීම් නිර්මාණය කලා.
1936 රාජ්‍ය මන්ත්‍රණ සභා චන්දයෙන් පස්සේ N M පෙරේරා සහ පිලිප් ගුනවර්දන සිංහල සහ දෙමල භාෂාවන් වලට සාධාරණ තැනක් ඇතිකරන්න උත්සහ කලා.
1948 නිදහස ලැබුණු වහාම 'ලංකා පුරවැසි පනත' ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත වුනා. මෙහිදී ඉන්දියානු දෙමල ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීම අවලංගු කලා. මේ නිසා 700 000 ක පමණ ඉන්දියානු දෙමළ ජාතිකයන් එක් රටකට අයිති නැති මිනිසුන් කොටසක් බවට පත් උනා. ඊට පස්සේ ඉදිරි දශක 3 ඇතුලත 300 000 ක් පමණ ඉන්දියානු දෙමළ ජාතිකයින් නැවත ඉන්දියාවට පිටත් කරනු ලැබුවා.
ඔවුන් ලංකාවට ගෙනාවේ වහලුන් ලෙස යටත් විජිත සේවය සඳහා නිසා එකේ කිසිම වරදක් නෑ.
2003 වර්ෂයේ ඉතිරි වී සිටි සියලු ඉන්දියානු දෙමළ ජාතිකයින්ට පුරවැසි භාවය ලබා දීමට ලංකා රජය කටයුතු කලා. ඒ වෙනකොට ලංකා මුළු ජනගහනයෙන් ඉන්දියානු දෙමළ ජාතිකයින් හිටියේ 5%යි. අනික් හැම දෙමල ජාතිකයම යටත් විජිත පාලනයට කලින් මෙහි හිටපු අයගේ පරම්පරාවල පුරුක්. ඔය කියන දෙමල ජනතාවත් සිංහල ජනතාවත් අතර තියෙන්නේ භාෂාමය වෙනස විතරයි. දෙගොල්ලොම ආවේ ඉන්දියාවේ ඉඳල. කලින් ආපු අය ලංකාවේ මුල් පදිංචි කරුවන් එක්ක එකතු උනා [ඇත්තටම එකතු වෙන්න උනා]. පස්සේ ආපු අය තමන්ට හුරු භාෂාවම භාවිතා කලා.
ඇත්තටම නිදහසින් පසු රාජ්‍යය භාෂාව උනේ ඉංග්‍රීසි.
1956 දී අගමැති බණ්ඩාරනායක සිංහල දෙමල ඉංග්‍රීසි භාෂාවන් තුනෙන්ම ගනුදෙනු කරමින් සිටි ලංකා සමාජයට නව අදහසක් රැගෙන ආව.
ඒ තමයි සිංහල පමණක් කියන අතිශය ජාතිවාදී අදහස.
තමන්ගේ නැතිවෙමින් පවතී ආර්ථිකය සහ දේශපාලන පටු අරමුණු වෙනුවෙන්,
තමන්ට සම්පූර්ණ සිංහල චන්ද ටික කඩා වඩා ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක ජාතිවාදය කියන එක දෙමල සිංහල සියලු ඔලුවලට දැම්මා.
ඒ කියන්නේ ලංකාවේ තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් ජාතිවාදේ භාවිතා කරපු පළමු තක්කඩියා තමයි බණ්ඩාරනායක.
තමන් දන්න භාෂාවෙන් ගනුදෙනු කරමින් සිටි දෙමල සහ මුස්ලිම් ජාතිකයින් මේ නිසා පත් උනේ දැඩි අපහසුතාවයකට.
සියලු දෙමල භාෂාව කතාකරන ශ්‍රී ලාංකිකයන් අසාධාරණයට ලක් උනා. බොහෝ සිවිල් සහ මහජන සේවයේ දී සිටි දෙමල භාෂාව කතාකරන පුද්ගලයන්
තම රැකියාවෙන් නෙරපා දැමුවා, එකම හේතුව උනේ සිංහල දැනුම නැති කම.
රාජ්‍යයේ සියලු ලේඛන සිංහල භාෂාවෙන් නිර්මාණය උනා. දෙමළ විතරක් දන්න පුද්ගලයට තමන්ගේ දරුවාගේ උප්පැන්න සහතිකයවත් දෙමළ භාෂාවෙන් ගන්න හැකියාවක් තිබුනේ නෑ.
මේකේ ප්‍රතිපලයක් විදිහට තමයි 1956 සහ 58 වසරවල කැරලි හටගන්නේ.
උන් ඉල්ලුවේ තමන්ට හැකි භාෂාවකින් රටත් එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව දෙන්න කියල. නමුත් දුන්නේ නෑ.
ජාතියක් විදිහට දෙමලා මර්ධනය වෙන්න පටන්ගත්තේ ඔය විදිහට.
මේ නිසා දෙමල ප්‍රදාන පක්ෂය වන 'ඉලංගෙයි තමිල් ආරසු කච්චි' 1956 අගෝස්තු 20 ත්‍රිකුණාමලේ පවතී සම්මේලනයෙන් තමන්ට තම භාෂාවෙන් කතාකළ හැකි, ගනුදෙනු කල හැකි ස්වයං පාලන ප්‍රදේශ ඇති කරන්න යයි ඉල්ලා සිටිය.
දෙමලාව මේ ෆෙඩරල් ක්‍රමයට තල්ලු කලේ බණ්ඩාරනායකගේ ඊනියා රාජ්‍යය භාෂා පනත.
බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඇතිවෙන්නේ මේ විදිහ වටපිටාවක. එහිදී සාකච්චා වට තුනකින් පස්සේ චෙල්වනායගම් සහ බණ්ඩාරනායක දෙදෙනාම සැහීමකට පත්වෙන පරිදි සාර්ථක ගිවිසුමක් නිර්මාණය වෙනවා.
චෙල්වනායගම් තමන්ගේ ස්වයං පාලන ප්‍රදේශ ක්‍රමය වෙනුවට
සැහීමකට පත්විය හැකි දේශපාලන බලයක් තමන්ට ලැබීම ප්‍රමාණවත් ලෙස සලකනවා. චෙල්වනයගම්ට අවශ්‍ය වෙන්නේ නෑ උතුර දකුණ අතර ජාතිවාදයක් නිර්මාණය කරන්න. බණ්ඩාරනායක එහිදී ප්‍රාදේශීය විධායක සභා වල බලය දෙමල ජතිකයින්ටත් ලැබිය හැකි ලෙසට ව්‍යවස්ථාව වෙනස් කරන්නට එකඟ වෙනවා.
නමුත් ඇතිඋන ජාතිවාදී අදහස් සිංහල දෙමල ඔලු වලින් ඉවත් වෙන්නේ නෑ.
දෙමළා, සිංහලයා දෙසත් සිංහලයා, දෙමළා දෙසත් බැලුවේ ජන්මාන්තර වයිරයකින්.
මේ ජාතින් දෙකටම මධ්‍යස්ථ ගිවිසුමට ජාතින් දෙකේම සමහරුන් අකමැති උනා.
සිංහල මිනිහට හැමදේම ඕනේ උනා. මේක සිංහල විතරක් ඉන්න රටක් කරගන්න ඕනේ උනා. එනිසා ප්‍රාදේශීය විධායක සභා වල බලය දෙමළට යනවට කැමති උනේ නෑ.
දෙමල මිනිහටත් හැමදේම ඕනේ උනා. දෙමළ විතරක් ඉන්න රටක් ශ්‍රී ලංකාව ඇතුලේ වෙනම නිර්මාණය කරගන්න උන්ට ඕනේ උනා.
සමස්තලංකා දෙමල කොන්ග්‍රසයේ නායක C G පොන්නම්බලම් දෙමලාගේ පැත්තෙනුත්, J R ජයවර්දන සිංහලයාගේ පැත්තෙනුත් ගිවිසුමට විරුද්ධව වැඩ කළා. ඒ හැමෝගෙම තිබුනේ පටු දේශපාලන අරමුණු විතරයි.
ආණ්ඩුවට ඕනේ වෙනවා 'ශ්‍රී' අකුර වාහනවලට යොදන්න, දෙමලා එකට අකමැති වෙනවා.
උතුරේ දෙමලා වාහනවල 'ශ්‍රී' අකුරේ කළු තෙල් ගානවා.
දකුණේ සිංහලයා දෙමළට විරුද්ධව උද්ගෝෂණය කරන්න පටන් ගන්නවා.
බණ්ඩාරනායකට සිද්ධවෙනවා ගේ ඉස්සරහම ගිවිසුම ඉරල දාන්න.
එදා සෞම්‍යමූර්ති තොන්ඩමන් දෙමල දේශපාලකයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා මෙහෙම.
"අද තමයි ලංකාවේ ජාතින් අතර ඥාතීතත්වයේ කනගාටුදායකම දවස" [“saddest day in the history of Ceylon’s racial relations”]
කලින් එකම වැඩපලේ එකට ජීවත් වෙච්ච,
තමනට හැකි භාෂාවකින් කතාකරපු ගනුදෙනු කරපු,
තමන්ගේ රට ලංකාවයි කියපු ජාතින් දෙකක්,
දෙකට බෙදුනේ ඔය විදිහට
මේ සියලු අවුල් වලට වගකිවයුතු බණ්ඩාරනායක
ජාතිවාදයෙන් බලය ගත්තු බණ්ඩාරනායක
ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකය දිනන අවස්තාව නැති කරපු බණ්ඩාරනායක
අලුතින් ගෙදරට ගෙනාපු TV එකේ catalog එක කියවගන්න බැරි ජාතියක් බිහිකරපු බණ්ඩාරනායක
1959 වෙඩි කාලා මැරෙනවා.
නමුත් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ. 1960 අගභාගයේ දෙමල ඊළමය කියන දේ භාෂාවට එකතු වෙනවා. වර්ගවාදය බිහිවෙනවා.
ඇන්ටන් බාලසිංහම් ඒ වෙනකොට ඉන්නේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ.
ඔහු සක්‍රීයව වර්ගවාදී ක්‍රියාන්විතයත් එක්ක එකතු වෙනවා.
LTTE සංවිධානය බිහිවෙනවා ඇන්ටන් බාලසිංහම් එකේ න්‍යායාචාර්ය වෙනවා.
1970 දී ජාතිවාදී අදහස් නිර්මාණය වෙමින් පවතිනකොට ඒක අවසන් කරනවා වෙනුවට නියම වැඩක් කරනවා එවකට ආණ්ඩුව.
ඒගොල්ලෝ තීරණය කරනවා විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන දෙමල ජාතික තරුණ තරුණියන් ප්‍රමාණය වැඩියි කියලා.
ඒ නිසා ආණ්ඩුව තීරණය කරනවා ලකුණු මට්ටම වෙනස් කරන්න.
මෙඩිකල් ෆැකල්ටි එකට ඇතුල් වෙන්න දෙමල සිසුන්ගේ ලකුණු මට්ටම 250ත් සිංහල සිසුන්ගේ ලකුණු මට්ටම 229 ත් කරනවා.
මේවා ජාතින් අතර සංහිදියාවක් නිර්මාණය කලේ නෑ. කොහොමත් මේ ක්‍රමය 1977 ද අහෝසි කරනවා.
1983 වෙද්දී කොටි සංවිධානය බිහිවෙලා ඉවරයි.
ඒ සංවිධානය අතිශයින්ම දුප්පත් සුළු අවි ආයුධ සහිත ඉතා සුළු පිරිසකින් සමන්විත උනා. හැබැයි උන්ට ඕනේ උනා තමන්ගේම රටක්
තමන්ගේ භාෂාව කතාකරන්න පුළුවන්,
තමන්ගේ භාෂාවෙන් වැඩකරන්න පුළුවන් රටක්.
ඒ ප්‍රශ්නේ දේශපාලනිකව විසඳන්න පවතී කිසිම රජයක් උත්සහ කරන්නේ නෑ.
1983 ජුලි 23 වෙනිදා යුධ හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් උතුරේදී ඝාතනය කරනවා.
දකුණේ සිංහල අපි මොකද කලේ.
අපි මිනීමරුවෝ හොයන්න රජයට කාලය දුන්නේ නෑ
අපි මිනීමරුවෝ හොයන්න රජයට බල කලේ නෑ.
යුධ හමුදා සොල්දාදුවෝ ඝාතනය කරන්න හැකියාවක් තියෙන පිරිසක් උතුරේ නිර්මාණය වෙන බව රජය හිතුවේ නෑ
එකට අවශ්‍ය භට කණ්ඩායම් යවලා මේ පිරිස මර්ධනය කරන්න නිවැරදි තීරණ රජය ගත්තේ නෑ.
එකට අවශ්‍ය දේශපාලන මැදිහත් වීමට රජය ප්‍රමාද උනා.
අපි මොකද කලේ.
උතුරේ දෙමල ඊලමක් ගැන සිහිනයක් නොතිබුන දකුණේ දෙමල මිනිස්සු ටික මරන්න පටන් ගත්ත.
දවස් 7ක් ඇතුලත දකුණේ සිංහල අපි දෙමල මිනිස්සු 3000 කට ආසන්න ප්‍රමාණයක් කපල කොටලා මරල දැම්ම.
ගිනිබුත් කරපු ගෙවල් ගණන 8000ක් වෙළඳ සැල් 5000ක්
දෙමල පුරවැසියන් 150 000 ආසන්න ප්‍රමාණයක් අවතැන් උනා.
අපි ඇත්තටම කලේ උන්ගේ දේපල කොල්ල කාපු එක.
J R ජයවර්දන අවශ්‍යය මොහොතේ ඇඳිරි නිතිය දාලා තත්ත්වය සමනය කරන්න ප්‍රමාද උනා.
එදා තමයි දෙමල මිනිස්සුන්ට තමන්ටම කියලා රටක් ඕන උන දවස.
එදා වෙනකල් උන්ගේ රට උනේ ලංකාව.
නමුත් උන්ට තේරුණා තමන් වැරදි බව. ඊට පස්සේ ඉතුරු හැම දෙමලම සිංහල මිනිහ දිහා බැලුවේ හතුරෙක් විදිහට.
ඔන්න දෙමල ජාතිවාදේ පටන් ගත්තු තැන.
රට යුද්දෙකට වැටුන. මිනිස්සු මැරුණා
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සියලු දේශපාලන සංවිධාන අතීතයේ වරද්ද ගත්ත.
යුද්ධය ඉවරයි. නමුත් ප්‍රශ්නේ ඉවර නෑ.
දැන් අපි මොකද කරන්න ඕනේ.
ආයෙමත් වර්ගවාදය ඇතිකරන එකද.
ලංකාවේ චන්ද සහ ඊළමේ චන්ද කියල වෙන් කරන එකද.
උතුරේ ඉන්න හැම දෙමලාම කොටියෙක් කරලා වෙන් කරන එකද.
ලංකාවේ කොඩියෙන් සුළුජාතික වර්ණ ඉවත් කරන එකද.
සදාකාලයටම ආමි එකෙන් වටකරවල උන්ව මර්ධනය කරලා තියාගන්න එකද.
කි කාලයක් ඔහොම තියා ගන්න පුළුවන් වෙයිද.
යුද්ධෙන් උන්ට අහිමි වෙච්ච බිම් නැවත උන්ට පාවිච්චි කරන්න දෙන එක වැරදිද.
උන්ගේ අම්මල තාත්තල උන්ව සමරනවා කියන්නේ රට කොටියට දුන්න කියන එකද.
මේ ප්‍රශ්නවලට තිරසාර විසඳුමකුයි ගන්න ඕනේ. එකයි දෙමල ඩයස්පොරවත් එක්ක කතාකරන්නේ
දෙමල ඩයස්පොරව කියන්නේ කොටි ඩයස්පොරව නෙමෙයි. යුද්දේ දැන් ඉවරයි.
මහින්ද රාජපක්ෂ කියන තක්කඩියා පරාද වෙලා ගෙදර ගිහිං කිවුවේ මොකක්ද.
"ඒ ගොල්ලෝ දිනුවේ ඊළමේ චන්ද වලින්" කියලා.
රටක ජනතා නායකයෙක් මේ විදිහේ අපරිනාමිය, අසබ්ය ප්‍රකාශ කරනවද.
සිංහල බෞද්ධ ජන විඥානය ඇතුලේ එයා කරන්න යන්නෙත් එදා බණ්ඩාරනායක කරපු දේ නෙමේද.
නැවත යුද්දෙයක් නොවෙන තැනටයි කටයුතු කරන්න ඕනේ.
එහෙම නැතුව ආයෙමත් සිංහල චන්ද ටික කඩා වඩා ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක කළා වගේ
ජාතිවාදේ රෝපණය කරන එක නෙමේ.
---------------------------------------------------------------------
කතා කරමු.
දිල්වාලේ වැනි නූගතුන්ටද තමන්ගේ බුද්ධියේ වපසරිය පෙන්වීම සඳහා
මේක අවස්ථාවක් කරගන්න පුළුවන්.