ඇඟේ ලේ නෑ බොලව්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ඇඟේ ලේ නෑ බොලව්

    gsZwulB.png



    Anaemia

    :love::love::love::love::love::love::love::love:

    එහෙම නැත්තම් :baffled:රක්තහීනතාව/:dull:නීරක්තිය/පාණ්ඩුව:oo:
    කියන්නේ ශරීරයට අවශය කරන ඔක්ෂිජන් පෙනහළු වල සිට ශරීරය පුරා රැගෙන ගොස් බෙදාහැරීමට අවශ්යන නිරෝගී රතු රුධිර සෛල හෝ හිමොග්ලොබින් නොමැති වීම යි ..
    බොහෝ විට මෙය සිදු වන්නේ ලේ වල ඇති රතු රුධිරානු වල අඩංගු හිමොල්ග්ලොබින් ප්‍රමාණය අඩු වීම/ අස්වාභාවික වීම . රතු රුධිර සෛල ඉතා අඩු ප්‍රමාණයක වීම හෝ අස්වාභාවික වූ රතු රුධිර සෛල තිබීම නිසායි ..
    හිමොග්ලොබින් කියන්නේ රතු රුධිර සෛල වල තියෙන ප්‍රෝටීන් අනුවක් ,, එ නිසා තමයි රතු පාට ලැබිලා තියෙන්නේ ..
    හිමොග්ලොබින් තමා ඔක්ෂිජංන් එක්ක බැදිලා ඒවා ප්‍රවාහනය කරන්නේ.




    princ_rm_photo_of_red_blood_cells.jpg


    රක්ත හීනතාවය එහෙම නැත්තම් anaemia තමා අපිට රුධිරය සම්බන්ධයෙන් බහුලවම දකින්න ලැබෙන රෝගී තත්වය
    • සමහර රෝගී තත්වයන් උපතින් ම උරුම වන අතර ( Certain forms are hereditary)බිලිදුන් සහ ළදරුවන් වැඩි වශයෙන් පීඩා විඳියි .
    • දරුවන් ලැබෙන වයස් වල සිටින කාන්තාවන් මේ තත්වයට ගොදුරු වීමේ අවදාන වැඩියි.
      ඒ ආර්ථවයෙදී අධික රුධිර වහනය සහ ගර්භනී අවදියේදී ඉල්ලුම වැඩිවීම නිසයි
    • අනික් වයස් කාණ්ඩ අතරත් මේ රෝගී තත්වය පවතින අතර එය බොහෝ විට දුර්වල ආහාර රටා සහ කල්පවතින රෝගී තත්ත්ව නිසා සිදුවේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113

    රක්ත හීනතාවයේ විවිධ රෝගාකාර ගණනවක් නිසා සිදුවේ
    සෑම එකකටම එකෙනෙකින් වෙනස් වන හේතු සාධක මෙන්ම වෙනස් ම වූ ප්‍රතිකාර ක්‍රම පවතී ...
    යකඩ ඌන තාවය නිසා හට ගන්නා නීරක්තිය බහුලතම රෝගය වන අතර බොහෝ විට ආහාර රටාව වෙනස් කිරීම මගින් හෝ යකඩ පෙති භාවිතයෙන් සුව කල හැකියි
    ගර්භනී අවස්තාවලදී ඇතිවන නීරක්තිය රෝගී තත්වයක් ලෙස නොසලකන නමුත් බොහෝවිට යකඩ පෙති නිර්දේශ කරනු ලබයි​

    mBh7Xom.png




    What Causes Anemia?.... නීරක්තියට හේතු



    1. රුධිර වහනය
    ..........................කාලාන්තරයක් තිස්සේ පවතින සෙමින් සිදුවන රුධිර වහනය ,, අවධානයකට ලක් නොවීම දිගු කලලයක් පැවතිය හැක.
    ආහාර ජීරණ පද්දතියේ ඇතිවන තුවාල , අර්සශ් , ආමාශයික ප්ර්ධාහය සහ පිලිකා ......
    ulcers, hemorrhoids, gastritis (inflammation of the stomach), and cancer​
    මේ නිසා රක්තහීනතාවයකදී ඉහත රෝගී තත්ත්ව නොමැති බව තහවුරු කර ගතන්ගත යුතුයි
    ..........................වේදනා නාශක ඖශධ (Use of nonsteroidal anti-inflammatory drugs) හාවිතය
    උදා - aspirin or ibuprofen, මේවායින් අමාශයේ තුවාලා ඇති වී එමගින් රුධිර වහනය සිදූවීම..​
    ..........................අර්තවයේදී හා දරු උපතකදී සිදුවන රුධිර වහනය.... විශේෂයෙන්ම අධික ලෙස මාස් ශුද්ධිය වීම සහ නිවුන් දරු උපත් වලදී

    2. අසාමාන්යව රතු රුධිර සෛල නිෂ්පාදනය හෝ නිෂ්පාදනය අඩු වීම
    මෙහිදී සිදුවන්නේ ශරීරයේ නිපදෙන රතු රුධිර සෛල අසාමාන්යෝ වීම හෝ නිපදවෙන ප්රමමාණය අවම මට්ටමක පැවතීමයි ..මෙය විටමින් හෝ ඛනිජ ලවන ඌන තාවයක් නිසාත් ඇතිවිය හැක .
    • o Sickle cell anemia
    • o Iron-deficiency anemia
    • o Vitamin deficiency
    • o Bone marrow and stem cell problems
    • o Other health conditions

    1. Sickle cell anemia
    රෝගී තත්වය උපතින් ම උරුම වන්නකි (is an inherited disorder )

    2. Iron-deficiency anemia යකඩ ඌන නීරක්තිය
    ශරීරයේ අඩංගු යකඩ ප්‍රමාණය අඩු වීම නිසා සිදුවේ ..
    ඇට මිදුළු වල හිමොග්ලොබින් නිෂ්පාධනයට යකඩ අත්යාවශ්ය වේ.
    යකඩ ඌනතාව ඇතිවීමට හේතු
    • • යකඩ අඩු ආහාර රටා An iron-poor diet, විශේෂයෙන් කුඩා බිලිඳුන් , ළමයින් , නව යොවුන් පිරිස් , හා නිර්මාන්ෂකයින් ( infants, children, teens, vegans, and vegetarians)
    • • ආර්තවයදී
    • • අවශතාවය (The metabolic demands) වැඩි අවස්තාවලදී - ගර්භනී සහ කිරි දෙන මව් වරුන්ට
    • • නිතර රුධිරය පරිත්‍යාග කිරීමේදී
    • • අධික ව්යාරයාම සහ පුහුණු වලදී
    • • අහාර ජීරණයේ ඇතිවන ගැටලු නිසා
    • • සමහර ඖෂධ
      [*]
      මේක තමා නීරක්තියට ගොඩක් ම බලපාන හේතුව .... එ නිසා මේ නූලේ ප්‍රධානම අරමුණත් මේ ලෙඩේ ගැන කතා කරන එක .. එ නිසා මේක ගැන පස්සේ ගොඩක් කරුණු දැන ගන්න හම්බෙයි

    3. විටමින් ඌන තාවය නිසා ඇතිවන රක්තහීනතාවය
    vitamin B12 and folate ඌනතාවය මින් ප්‍රධානයි
    • Megaloblastic anemia: Vitamin B12 හෝ ෆොලේට් හෝ දෙකම හිඟ වීම නිසා
    • Pernicious anemia: vitamin B12 අවශෝෂණය අඩු වන රෝගී තත්ත්ව Crohn's disease, පණු රෝග , අමාශය හෝ අන්ත්ර වලින් කොටසක් ඉවත් කිරීම , හෝ HIV ආසාධනය
    • මාංශ අනුභව නොකිරීම , එළවලු වැඩි වීලාවක් පිසීම , නිසා ෆොලේට් ඌනතාවය ඇතිවේ
    ( Eating little or no meat may cause a lack of vitamin B12, while overcooking or eating too few vegetables )​
    • ගර්භනී අවස්තාවේදී , සමහර ඖෂධ නිසා මෙන්ම මත්පැන් හා වෙනත් රෝගී තත්ත්ව
    (certain medications, alcohol abuse, intestinal diseases such as tropical sprue and celiac disease)​


    4. Bone marrow and stem cell problems - ඇට මිදුළු වල සහ නිෂ්පාදනයේ ඇතිවන ගැටළු ..

    Aplastic anemia
    can occur when the bone marrow is injured by medications, radiation, chemotherapy, or infection.​
    Thalassemia
    is an inherited condition- මේක උපතින් උරුම වෙන ලෙඩක් ....
    මේකගැන වෙනම නූලක් දාල කතා කරන්න ඕනි .....
    මේක තමා දැනට ලංකාවේ තියෙන හැදුනොත් කරදරේ වැඩිම :no::no: .. එ වුනාට කිසිම මහන්සියක් :dull: වියදමක් :rolleyes: නැතුව ම මුළු රටින්ම අහක් කරන්න පුළුවන් ලෙඩේ :rolleyes:
    Lead එහෙම නැත්තම් ඊයම් විෂ, ඇට මිදුළු වලට බලපෑම නිසා රුධිර සෛල නිපදවීම අඩුවෙනවා ..තීන්ත, ඊයම් වාගේ කර්මාන්තත් එක මේ තත්වය බැඳිලා තියෙනවා .
    ( occurs in adults from work-related exposure and in children who eat paint chips, for example. Improperly glazed pottery can also taint food and liquids with lead)​



    5.Anemia associated with other conditions

    වෙනත් රෝග නිසා රුධිර සෛල නිපදීමට අවශ්‍ය හෝමෝන අඩුවීම නිසාත් නීරක්තිය ඇතිවිය hakiyi

    දරුණු වකුගඩු රෝග
    Hypothyroidism- මන්දතයිරෝයිඩතාව
    කල්පවතින වෙනත් රෝග තත්ත්ව
    Other chronic diseases, such as cancer, infection, lupus, diabetes, and rheumatoid arthritis​
    Old age​

    3.රතු රුධිර සෛල ඉක්මනින් විනාශ වීම



    • Inherited conditions, such as sickle cell anemia and thalassemia
    • Stressors such as infections, drugs, snake or spider venom, or certain foods
    • Toxins from advanced liver or kidney disease
    • Inappropriate attack by the immune system (called hemolytic disease of the newborn when it occurs in the fetus of a pregnant woman)
    • Vascular grafts, prosthetic heart valves, tumors, severe burns, exposure to certain chemicals, severe hypertension, and clotting disorders
    • In rare cases, an enlarged spleen can trap red blood cells and destroy them before their circulating time is up.

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ එල ඈ.. :love: වටින ලිපියක් මචං..:D

    දැන් ඔය රෝගය හදුනාගන්නෙ කෙසේද කියා විස්තර කරපං සිංහලයා..:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොහෝම වටිනා විස්තරයක්..බෙදාගත්තට ගොඩක් පිං..මේ තත්වය මගහරවා ගන්න කරන්න පුලුවන් දෙවල් ගැනත් පැහැදිලි කලොත් ගොඩක් වටිනවා..ඒ වගේම මේ තත්වය අපිට අඳුනගන්න පුලුවන් රෝගලක්ෂණ,ගන්න ඕනේ ආහාර පාන වගේ දේවල් ගැනත් කෙටියෙන් හරි විස්තරය කලොත් ගොඩක් වටිනවා..:D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    අඩෝ එල ඈ.. :love: වටින ලිපියක් මචං..:D

    දැන් ඔය රෝගය හදුනාගන්නෙ කෙසේද කියා විස්තර කරපං සිංහලයා..:frown:

    බොහෝම වටිනා විස්තරයක්..බෙදාගත්තට ගොඩක් පිං..මේ තත්වය මගහරවා ගන්න කරන්න පුලුවන් දෙවල් ගැනත් පැහැදිලි කලොත් ගොඩක් වටිනවා..ඒ වගේම මේ තත්වය අපිට අඳුනගන්න පුලුවන් රෝගලක්ෂණ,ගන්න ඕනේ ආහාර පාන වගේ දේවල් ගැනත් කෙටියෙන් හරි විස්තරය කලොත් ගොඩක් වටිනවා..:D

    මෙටික කොටන්ඩ ත් ටිකක් වෙලා ගියා :(
    හවස් වෙලා දාන්නම් :nerd: :):):yes:

    ඔන්න දැම්මා තව ටිකක් http://www.elakiri.com/forum/showthread.php?t=1681800
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Very good post bro.

    Test ekakin kiwwa matath thiyanawa kiyala.
    Wediyen fruits and vegs kanna kiwwa.
    Thats 6 years ago. eta passe check kale ne. Thaama innawa.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    උඹ Singlish වලින් එවහං මං සිංහලට ටයිප් කරල දෙන්න..:dull:
    thanks මචන් ..

    http://www.google.com/inputtools/windows/
    oken sinhala thorala download karaganin.ita passe language bar eken sinhala select karala ginnak nathuva type karahan sinhalen :)
    :rolleyes: එකෙන්තමා type කරන්නේ ,,, :yes:
    හිත හිත type කරන්න යනකොට වෙලාව යනවා මචන්:no:
    ගෙදර වැඩත් තියනවා නේ එ අස්සේ :sorry: