ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක
මේ ටිකත් කියවලාම යන්න
Blog එකකින් ඉස්සුවේ..
මටත් ලේ දෙන්න පුළුවන් ද..?
ඔව්…
ඇත්තට ම ඔබේ සිතේ ඇතිවෙන එවැනි සිතුවිල්ලක් පවා බොහෝ පින් ජනිත කරවනවා. හැබැයි ලේ දන්දීම පිණිස ඔබ යම් අවශ්‍යතාවන් කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.
ඒ සඳහා ඔබ,
ඉහත කරුණු සම්පූර්ණ නම් මූලික වශයෙන් ලේ දන්දීම පිණිස ඔබට ඉදිරිපත් විය හැකි යි. නමුත් එහි දී ඒ සඳහා ඔබ සුදුසු දැ යි තීරණය කිරීමට යම් ප්‍රශ්න මාලාවකට පෞද්ගලිකව පිළිතුරු ලිවීමට ඔබට සිදු වෙනවා.
ඉන් පසු ඒ පිළිබඳ ව පෞද්ගලිකත්වය බොහෝ අගයන වෛද්‍යවරයෙකු සමග සුළු මොහොතක් පෞද්ගලිකව කථා බස් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහි දී අදාළ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ නම් ජීවිතයක් බේරා ගැනීමට තම රුධිරය දන් දෙන ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමේ අවස්ථාව ඔබට උදාවෙනවා.
ඒ ප්‍රශ්නවලට බොරු උත්තර ලිව්වොත්…

එය නම් කිසිසේත් ම සදාචාරාත්මක නැහැ. අවබෝධයෙන් ම බුදු රජාණන් වහන්සේ සරණ ගිය ඔබේ ශ්රාවකත්වයට ගැලපෙන්නෙත් නැහැ. සිල්පදයකුත් බිඳෙනවා. ඒ විතරක් නොවෙයි එසේ කිරීමෙන් රුධිරය ලබා ගන්න අසරණ රෝගියා ගේ ජීවිතයත් අනතුරට ලක් වෙනවා. එම නිසා කිසි ම හේතුවක් මුල් කරගෙන අදාළ පෝරමයේ බොරු ලියන්න එපා.
රුධිරය ඔස්සේ බෝවෙන රෝග ගණනාවක් තිබෙනවා. ඒඩ්ස් වගේ මාරාන්තික රෝග පමණක් නොවෙයි, සෙංගමාලය, මැලේරියාව වගේ ම අනෙකුත් සමාජ රෝගත් රුධිරය ඔස්සේ පැතිරෙනවා. ලේ දෙන කෙනා අදාළ රෝගයකින් යුතු නම්, ලේ ලබා ගන්නා රෝගියාට ත් ඒ රෝගය වැළඳීමේ ඉතා ඉහළ ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා තමයි එම ප්‍රශ්න මඟින් රුධිර දායකයා වන ඔබට එබඳු රෝග පැවතීමේ ඉඩකඩක් තිබෙනවා ද කියා පරීක්ෂා කරන්නේ. එම සමස්ත ක්රියාවලියේම අරමුණ අසරණ රෝගියෙක් ව ජීවත් කරවීම යි. ඒ නිසා කෙසේවත් අදාළ පෝරමයට බොරු උත්තර ලියන්න එපා. එසේ ලබා දෙන රුධිරය පෙර සඳහන් කළ රෝග සඳහා රසායනික ව පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්යයෙන් ම සිදු වන්නක්. ඒ නිසාම බොහෝ දෙනෙක් තමන්ට එබඳු රෝග වැළඳී ඇත්දැ යි පරීක්ෂා කර ගැනීම පිණිස ත් ලේ දන් දෙන්න පෙළඹෙනවා. එය නම් කිසිසේත් ම නො කළ යුත්තක්. එමඟින් එම ලේ ගන්නා රෝගියා ගේ ජීවිතය බරපතළ ලෙස අවදානමකට ලක් වෙනවා.
එම පරීක්ෂාවේ දී අදාළ රෝගය යමෙකුට වැළඳී තිබෙනවා දැ යි නිගමනය කිරීමට නම්, එම රෝග කාරකයට විරුද්ධව රුධිරය තුළ නිපදවෙන ප්‍රතිදේහ ප්‍රමාණය එක්තරා අගයකට වඩා වැඩි විය යුතු යි. උදාහරණයක් ලෙස ඒඩ්ස් ආසාදිතයෙක් ගනිමු. ඔහුට HIV වෛරසය ශරීර ගත වී මාස කිහිපයක් ඇතුළත දී ඒ සඳහා රුධිරය පරීක්ෂා කිරීමෙන් ඒඩ්ස් වැළැඳී ඇද්දැ යි නිගමනය කළ නො හැකි යි. ගත වී තිබෙන්නේ, කෙටි කාලයක් නිසා එහි දී හුදෙක් රුධිර පරික්ෂාවකින් පමණක් එය හසු කරගැනීමේ හැකියාවක් නැහැ. එනිසා ම එබඳු අයෙකු ලේ දුන් විට ඔහු ගේ රුධිරය නිරෝගී අයෙකු ගේ රුධිරය ලෙසට යි, අදාළ රසායනික පරීක්ෂණයෙන් පසු සටහන් වන්නේ. මේ නිසා, එබඳු ලේ ශරීර ගත කිරීම මගින් එම ලේ ලබා ගන්නා රෝගියාට ත් එම රෝගය වැළඳීම සිදු වෙනවා. නමුත්, එම භයානක තත්වය මඟ හරවා ගැනීම පිණිස යි අදාළ පෝරමය තුළ ඔබේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ඇතැම් ප්‍රශ්න අසන්නේ. මේ නිසා ඔබ ලේ දන්දෙන විට එම පෝරමයේ සත්‍යය ම සටහන් කරන්න. සිල්වත් ව තිසරණය රැකගෙන ජීවිතයක් සුරකින්න අවස්ථාව එවිට උදාවේවි.
එතකොට මගේ පෞද්ගලිකත්වය අවදානමට ලක්වෙයි ද..?
ඇත්තෙන්ම නැහැ. මේ නිසයි අදාළ පෝරමය පෞද්ගලිකව ම පිරවීමටත් අදාළ වෛද්‍යවරයා සමඟ පෞද්ගලිකව කථා බස් කිරීමටත් ඔබට අවස්ථාව ලැබෙන්නේ. එම වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියේ මූලික මූලධර්මවලට අනුව ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එම නිසා ඒ සඳහා අදාළ ඕනෑ ම දෙයක් ගැන එම වෛද්‍යවරයා සමඟ සෘජු ව ම කථා බස් කිරීමට පැකිලෙන්න එපා.
අයියෝ..! මම ලේ දෙන්න නුසුදුස්සෙක් වුණොත්….
ඒ ගැන පසුතැවෙන්න එපා. ලේ දන්දෙන්න ඔබට නො හැකි වුණ පළියට ඒ සඳහා යම් දායකත්වයක් ලබා දෙන්න බැහැ කියන එක ඉන් අදහස් වෙන්නේ නැහැ. කරන්න පුළුවන් දේවල් තව ගොඩක් තියෙනවා. උදාහරණයක් ලෙසට ඒ සඳහා අදාළ සුදුසුකම් සම්පූර්ණ යැයි සිතෙන ඔබේ හිතවතුන් ව ලේ දන්දීම පිළිබඳව දැනුවත් කිරීම දැක්විය හැකි යි. ඒ විතරක් නොවෙයි, යාළුවන් පිරිසක් ඉන්නවා නම්, ඒ අයත් එක්ක ම එකතු වෙලා, ලේ දන්දීමක් ඔබේ ගමේ පාසලේ හෝ රැකියා ස්ථානයේ සංවිධානය කරන්නත් පුළුවන්. එවිට ගොඩක් අයට ලේ දන් දෙන්න අවස්ථාව උදාවේවි. එයින් ඔබේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න පුළුවන්.
දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංගමය (Rare Donor Club)
සාමාන්‍යයෙන් හැමෝට ම තිබෙන්නේ එක ම ලේ වර්ගයක් නොවෙයි. ඉතා ම දුර්ලභ ලේ වර්ගත් තිබෙනවා. එබඳු ලේ වර්ගයක් තිබෙනා රෝගියෙකු සඳහා රුධිරය ලබා දීමට සිදු වූ විට, අදාළ ලේ වර්ගය සොයා ගැනීමට ඉතා අපහසු විය හැකි යි. ඒ නිසා එම අපහසුතා මග හැරීම පිණිස ජාතික ලේ දන්දීමේ සේවය මඟින් “දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන් ගේ සංගමය” නමින් සංගමයක් පිහිටුවා තිබෙනවා.
ඔබේ ලේ වර්ගයත් ඕ-නෙගටිව් (O-negative), බී-නෙගටිව් (B-negative), ඒ-නෙගටිව් (A-negative), ඒබී-නෙගටිව් (AB-negative) හෝ ඒබී-පොසිටිව් (AB-positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්. නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙනවා. එවිට කවරෙකුට හෝ හදිසියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිබඳව දැනුම් දෙනවා. එවිට ඔබට එම අසරණ රෝගියා වෙනුවෙන් රුධිරය දන් දිය හැකි යි. ඒ අයුරින් ජීවත් වන්නට වෙරදරනා අයෙකුට ජීවිතය දෙන්න උපකාර කළ හැකි නම්, ඔබ හැබෑ ම වීරයෙක්….

ඔයාලත් අසරණ කෙනෙක්ගේ ජීවිත ආයාචනයට පිහිටක් වෙන්න කැමතිනම් මේකේ තමන්ගේ ලේ වර්ගෙට වෝට් එකක් දෙන්න...

ලේ ඕනා කෙනෙක්ට එතකොට හදිස්සියට හොයාගන්න පුලුවන්නේ

ලේ දෙන්න ගන්න පුලුවන් විදිහ මේ එකේ තියෙනවා

ලේ ඕනා කෙනෙක්ට එතකොට හදිස්සියට හොයාගන්න පුලුවන්නේ

ලේ දෙන්න ගන්න පුලුවන් විදිහ මේ එකේ තියෙනවා

මේ ටිකත් කියවලාම යන්න
Blog එකකින් ඉස්සුවේ.. මටත් ලේ දෙන්න පුළුවන් ද..?
ඔව්…
ඇත්තට ම ඔබේ සිතේ ඇතිවෙන එවැනි සිතුවිල්ලක් පවා බොහෝ පින් ජනිත කරවනවා. හැබැයි ලේ දන්දීම පිණිස ඔබ යම් අවශ්‍යතාවන් කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.
ඒ සඳහා ඔබ,
- වයස 18-55 අතර සිටිනා අයෙකු විය යුතු යි.
- කිලෝග්‍රෑම් 50ට වඩා බරින් වැඩි විය යුතු යි.
- නිරෝගී අයෙකු විය යුතු යි.
- අවසන් වරට ලේ දන් දී මාස හතරක් වත් ගත වී තිබිය යුතු යි.
ඉහත කරුණු සම්පූර්ණ නම් මූලික වශයෙන් ලේ දන්දීම පිණිස ඔබට ඉදිරිපත් විය හැකි යි. නමුත් එහි දී ඒ සඳහා ඔබ සුදුසු දැ යි තීරණය කිරීමට යම් ප්‍රශ්න මාලාවකට පෞද්ගලිකව පිළිතුරු ලිවීමට ඔබට සිදු වෙනවා.
ඉන් පසු ඒ පිළිබඳ ව පෞද්ගලිකත්වය බොහෝ අගයන වෛද්‍යවරයෙකු සමග සුළු මොහොතක් පෞද්ගලිකව කථා බස් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහි දී අදාළ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ නම් ජීවිතයක් බේරා ගැනීමට තම රුධිරය දන් දෙන ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමේ අවස්ථාව ඔබට උදාවෙනවා.
ඒ ප්‍රශ්නවලට බොරු උත්තර ලිව්වොත්…

එය නම් කිසිසේත් ම සදාචාරාත්මක නැහැ. අවබෝධයෙන් ම බුදු රජාණන් වහන්සේ සරණ ගිය ඔබේ ශ්රාවකත්වයට ගැලපෙන්නෙත් නැහැ. සිල්පදයකුත් බිඳෙනවා. ඒ විතරක් නොවෙයි එසේ කිරීමෙන් රුධිරය ලබා ගන්න අසරණ රෝගියා ගේ ජීවිතයත් අනතුරට ලක් වෙනවා. එම නිසා කිසි ම හේතුවක් මුල් කරගෙන අදාළ පෝරමයේ බොරු ලියන්න එපා.
රුධිරය ඔස්සේ බෝවෙන රෝග ගණනාවක් තිබෙනවා. ඒඩ්ස් වගේ මාරාන්තික රෝග පමණක් නොවෙයි, සෙංගමාලය, මැලේරියාව වගේ ම අනෙකුත් සමාජ රෝගත් රුධිරය ඔස්සේ පැතිරෙනවා. ලේ දෙන කෙනා අදාළ රෝගයකින් යුතු නම්, ලේ ලබා ගන්නා රෝගියාට ත් ඒ රෝගය වැළඳීමේ ඉතා ඉහළ ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා තමයි එම ප්‍රශ්න මඟින් රුධිර දායකයා වන ඔබට එබඳු රෝග පැවතීමේ ඉඩකඩක් තිබෙනවා ද කියා පරීක්ෂා කරන්නේ. එම සමස්ත ක්රියාවලියේම අරමුණ අසරණ රෝගියෙක් ව ජීවත් කරවීම යි. ඒ නිසා කෙසේවත් අදාළ පෝරමයට බොරු උත්තර ලියන්න එපා. එසේ ලබා දෙන රුධිරය පෙර සඳහන් කළ රෝග සඳහා රසායනික ව පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්යයෙන් ම සිදු වන්නක්. ඒ නිසාම බොහෝ දෙනෙක් තමන්ට එබඳු රෝග වැළඳී ඇත්දැ යි පරීක්ෂා කර ගැනීම පිණිස ත් ලේ දන් දෙන්න පෙළඹෙනවා. එය නම් කිසිසේත් ම නො කළ යුත්තක්. එමඟින් එම ලේ ගන්නා රෝගියා ගේ ජීවිතය බරපතළ ලෙස අවදානමකට ලක් වෙනවා.
එම පරීක්ෂාවේ දී අදාළ රෝගය යමෙකුට වැළඳී තිබෙනවා දැ යි නිගමනය කිරීමට නම්, එම රෝග කාරකයට විරුද්ධව රුධිරය තුළ නිපදවෙන ප්‍රතිදේහ ප්‍රමාණය එක්තරා අගයකට වඩා වැඩි විය යුතු යි. උදාහරණයක් ලෙස ඒඩ්ස් ආසාදිතයෙක් ගනිමු. ඔහුට HIV වෛරසය ශරීර ගත වී මාස කිහිපයක් ඇතුළත දී ඒ සඳහා රුධිරය පරීක්ෂා කිරීමෙන් ඒඩ්ස් වැළැඳී ඇද්දැ යි නිගමනය කළ නො හැකි යි. ගත වී තිබෙන්නේ, කෙටි කාලයක් නිසා එහි දී හුදෙක් රුධිර පරික්ෂාවකින් පමණක් එය හසු කරගැනීමේ හැකියාවක් නැහැ. එනිසා ම එබඳු අයෙකු ලේ දුන් විට ඔහු ගේ රුධිරය නිරෝගී අයෙකු ගේ රුධිරය ලෙසට යි, අදාළ රසායනික පරීක්ෂණයෙන් පසු සටහන් වන්නේ. මේ නිසා, එබඳු ලේ ශරීර ගත කිරීම මගින් එම ලේ ලබා ගන්නා රෝගියාට ත් එම රෝගය වැළඳීම සිදු වෙනවා. නමුත්, එම භයානක තත්වය මඟ හරවා ගැනීම පිණිස යි අදාළ පෝරමය තුළ ඔබේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ඇතැම් ප්‍රශ්න අසන්නේ. මේ නිසා ඔබ ලේ දන්දෙන විට එම පෝරමයේ සත්‍යය ම සටහන් කරන්න. සිල්වත් ව තිසරණය රැකගෙන ජීවිතයක් සුරකින්න අවස්ථාව එවිට උදාවේවි.
එතකොට මගේ පෞද්ගලිකත්වය අවදානමට ලක්වෙයි ද..?
ඇත්තෙන්ම නැහැ. මේ නිසයි අදාළ පෝරමය පෞද්ගලිකව ම පිරවීමටත් අදාළ වෛද්‍යවරයා සමඟ පෞද්ගලිකව කථා බස් කිරීමටත් ඔබට අවස්ථාව ලැබෙන්නේ. එම වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියේ මූලික මූලධර්මවලට අනුව ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එම නිසා ඒ සඳහා අදාළ ඕනෑ ම දෙයක් ගැන එම වෛද්‍යවරයා සමඟ සෘජු ව ම කථා බස් කිරීමට පැකිලෙන්න එපා.
අයියෝ..! මම ලේ දෙන්න නුසුදුස්සෙක් වුණොත්….

ඒ ගැන පසුතැවෙන්න එපා. ලේ දන්දෙන්න ඔබට නො හැකි වුණ පළියට ඒ සඳහා යම් දායකත්වයක් ලබා දෙන්න බැහැ කියන එක ඉන් අදහස් වෙන්නේ නැහැ. කරන්න පුළුවන් දේවල් තව ගොඩක් තියෙනවා. උදාහරණයක් ලෙසට ඒ සඳහා අදාළ සුදුසුකම් සම්පූර්ණ යැයි සිතෙන ඔබේ හිතවතුන් ව ලේ දන්දීම පිළිබඳව දැනුවත් කිරීම දැක්විය හැකි යි. ඒ විතරක් නොවෙයි, යාළුවන් පිරිසක් ඉන්නවා නම්, ඒ අයත් එක්ක ම එකතු වෙලා, ලේ දන්දීමක් ඔබේ ගමේ පාසලේ හෝ රැකියා ස්ථානයේ සංවිධානය කරන්නත් පුළුවන්. එවිට ගොඩක් අයට ලේ දන් දෙන්න අවස්ථාව උදාවේවි. එයින් ඔබේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න පුළුවන්.
දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංගමය (Rare Donor Club)
සාමාන්‍යයෙන් හැමෝට ම තිබෙන්නේ එක ම ලේ වර්ගයක් නොවෙයි. ඉතා ම දුර්ලභ ලේ වර්ගත් තිබෙනවා. එබඳු ලේ වර්ගයක් තිබෙනා රෝගියෙකු සඳහා රුධිරය ලබා දීමට සිදු වූ විට, අදාළ ලේ වර්ගය සොයා ගැනීමට ඉතා අපහසු විය හැකි යි. ඒ නිසා එම අපහසුතා මග හැරීම පිණිස ජාතික ලේ දන්දීමේ සේවය මඟින් “දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන් ගේ සංගමය” නමින් සංගමයක් පිහිටුවා තිබෙනවා.
ඔබේ ලේ වර්ගයත් ඕ-නෙගටිව් (O-negative), බී-නෙගටිව් (B-negative), ඒ-නෙගටිව් (A-negative), ඒබී-නෙගටිව් (AB-negative) හෝ ඒබී-පොසිටිව් (AB-positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්. නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙනවා. එවිට කවරෙකුට හෝ හදිසියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිබඳව දැනුම් දෙනවා. එවිට ඔබට එම අසරණ රෝගියා වෙනුවෙන් රුධිරය දන් දිය හැකි යි. ඒ අයුරින් ජීවත් වන්නට වෙරදරනා අයෙකුට ජීවිතය දෙන්න උපකාර කළ හැකි නම්, ඔබ හැබෑ ම වීරයෙක්….

Last edited:
ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර.
eyala nam bayai tikak. wedipura tikak wela thiyagena kalantheda kalantheda kiyala ahanawa 